ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 10/05 1 පි.
  • අනුන්ට කරුණාව පෙන්වමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අනුන්ට කරුණාව පෙන්වමු
  • 2005 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • කරුණාවන්තකම කතාවෙන් වගේම ක්‍රියාවෙන් පෙන්නන ගුණාංගයක්
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඇයට ජීවිතේ තිත්ත වෙලයි තිබුණේ!
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයා ආදරෙයි කියලා එයාලට කියන්න
    අද්දැකීම්
2005 අපගේ රාජ්‍ය සේවාව
km 10/05 1 පි.

අනුන්ට කරුණාව පෙන්වමු

1 යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන වැරදි මත තිබූ එක්තරා කාන්තාවක් තමාට පළමු වතාවට සාක්ෂිකාරියකව හමු වූ අවස්ථාව සිහිපත් කරමින් මෙසේ කීවා. “අපි කතා කළ දේවල් නම් මට මතක නැහැ. නමුත් මට මතකයි ඇය මට කොතරම් කරුණාවන්තව කොතරම් හොඳට සැලකුවාද කියලා. ඒ වගේම ඇගේ නිහතමානිකමත් කැපීපෙනුණා. මගේ සිත ඇගේ චරිතයට ඇදී ගියා.” මේ අද්දැකීමෙන් පෙන්වන්නේ අප දේශනා කරන අයට කාරුණික සැලකිල්ල දැක්වීම කොතරම් වැදගත්ද යන කාරණයයි.—ෆිලි. 2:4.

2 ප්‍රේමය කරුණාවන්තය: වෙනත් අයට ප්‍රේමය දැක්විය හැකි එක් ක්‍රමයක් නම් කරුණාවන්ත වීමයි. (1 කොරි. 13:4) කරුණාවන්ත පුද්ගලයෙක් කියන්නේ අනුන් ගැන සැලකිලිමත්, ඔවුන්ට උදව් උපකාර කිරීමට ක්‍රම සොයා බලන කෙනෙකුටයි. ඇත්තෙන්ම, දේශනා කිරීමම කාරුණික ක්‍රියාවක්. නමුත් ජනයා කෙරෙහි අවංක සැලකිල්ලක් දක්වන බව පෙන්විය හැක්කේ දේශනා කිරීමෙන් පමණක්ම නොවෙයි. අප ඔවුන්ට සලකන විදිහ, එනම්, මිත්‍රශීලී වීමෙන්, ආචාර සම්පන්න වීමෙන්, ඔවුන්ට සවන් දෙන විදිහෙන්, අප කරන කියන දේවලින් සහ අප ඔවුන් දෙස බලන විදිහෙන්ද පෙන්විය හැකියි.—මතෙ. 8:2, 3.

3 අප ජනයා කෙරෙහි දක්වන උනන්දුව විවිධ ප්‍රායෝගික ක්‍රමවලින්ද පෙන්වන්නට අපට හැකියි. පුරෝගාමි සහෝදරයෙක් ගෙයින් ගෙට සේවයේ යෙදෙන විට, එක්තරා වයස්ගත වැන්දඹු කාන්තාවක් ඔහු සාක්ෂිකරුවෙක් කියා දැනගත් විගස ඔහුව ප්‍රතික්ෂේප කළා. සහෝදරයා ඇගේ නිවසේ සීනුව නාද කරන මොහොතේ තමා කුස්සියේ ඉනිමඟකට නැඟ විදුලි බල්බයක් මාරු කරන්නට උත්සාහ කරමින් සිටි වගක් ඇය කීවා. “අම්ම ඕක කරන්න ගිහිල්ල වැටෙන්න පුළුවන් නේද?” කියා ඔහු ඇසුවේ ඇයට උපකාර කිරීමේ අදහසිනුයි. ඇය ඔහුට ඉඩ දුන් පසුව ඔහු බල්බය මාරු කර ඇගේ නිවසින් පිටව ගියා. පසුව මේ කාන්තාවගේ පුත්‍රයා ඇයව බලන්නට නිවසට පැමිණි විට ඇය සිදු වූ දේ තම පුතුට පැවසුවා. මේ පුරෝගාමියා කළ දේ ඔහුගේ සිතට තදින්ම කාවැදුණු අතර, ඔහු සහෝදරයාව සොයා ගෙන ගොස් ඔහුට ස්තුති කළා. මෙය කදිම සාකච්ඡාවකට මඟ පෑදු අතර, එහි ප්‍රතිඵලය වුණේ පුත්‍රයා බයිබල් පාඩමක් පටන් ගැනීමයි.

4 එසේ නම්, අපි අනුන්ට කරුණාව පෙන්වමු. මෙසේ යෙහෝවාගේ ප්‍රේමය ජනයා කෙරෙහි විදහා පෙන්වා දේවරාජ්‍යය පිළිබඳ පණිවුඩය අලංකාර කරමු. එමනිසා, අපි සෑමවිටම, ‘කරුණාව මාර්ගයෙන්, අපි දෙවිගේ සේවකයෝ බව සෑම ආකාරයකින්ම ඔප්පු කර පෙන්වමු.”—2 කොරි. 6:4, 6.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න