2006 වසර සඳහා දිව්‍යාණ්ඩු සේවා පාසැල් වැඩසටහන
මඟ පෙන්වීම්
වර්ෂ 2006දී දිව්‍යාණ්ඩු සේවා පාසැල පැවැත්වීම සඳහා අනුගමනය කරන විධිවිධානය මතු දැක්වේ.
තොරතුරු මූලාශ්‍ර: ශුද්ධ බයිබලය [bi], මුරටැඹ [w], දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු [be], “මුළු ලියවිල්ල”—විශ්වාසවන්තය, ප්රයෝජනවත්ය [bsi06-SN] සහ මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යය [gt].
නියමිත වේලාවට පාසල ඇරඹිය යුතුය. මුලින්ම ගීතිකාව ගායනා කර යාච්ඤා කළායින් පසු, සියලුදෙනාවම පාසැලට පිළිගෙන මතු දැක්වෙන ආකාරයට පාසැල පැවැත්විය යුතුය.
කථික ගුණාංගය: විනාඩි 5යි. සේවා පාසැල් පාඩම් පොත පදනම් කරගත් කථික ගුණාංගයක් පාසැල් අවේක්ෂක, අමතර උපදේශක හෝ වෙනත් සුදුසුකම් ලත් වැඩිමහල්ලෙකු විසින් සාකච්ඡා කෙරේ. (වැඩිමහල්ලන් සීමිත සංඛ්‍යාවක් සිටින සභාවල සුදුසුකම් ලත් සභා සේවකයෙකුව යොදාගත හැක.)
පැවරුම් අංක 1: විනාඩි 10යි. මෙම කොටස හසුරුවනු ලබන්නේ වැඩිමහල්ලෙකු හෝ සභා සේවකයෙකු විසිනි. එය මුරටැඹ, දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු හෝ “මුළු ලියවිල්ල”—විශ්වාසවන්තය, ප්රයෝජනවත්ය නමැති මූලාශ්‍ර මත පදනම් විය යුතුය. මෙම කොටස ඉදිරිපත් කළ යුත්තේ විනාඩි දහයකට සීමා වූ උපදෙස් කතාවක් ලෙසය. පුනරීක්ෂණයක් වශයෙන් සබයෙන් පිළිතුරු ලබාගන්නේ නැත. මෙහි පරමාර්ථය විය යුත්තේ දක්වා ඇති තොරතුරු පියවීමත් සාකච්ඡා කරනු ලබන තොරතුරුවල ප්‍රායෝගික වටිනාකමට අවධානය දීමත්ය. මෙහිදී සභාවේ සාමාජිකයන්ට විශේෂයෙන්ම උපකාරවත් වන කරුණු උලුප්පා දැක්විය යුතුය. භාවිත කළ යුත්තේ වැඩසටහනේ සඳහන්ව ඇති තේමාවයි. මෙම කතාව දීමේ පැවරුම ලබන සහෝදරයන් නියමිත කාලය තුළ එය ඉදිරිපත් කර අවසන් කිරීම බලාපොරොත්තු වේ. අවශ්‍යතාව පැනනඟින විට පෞද්ගලිකව උපදෙස් දිය හැකිය.
බයිබල් කියවීමේ විශේෂාංග: විනාඩි 10යි. මුල් විනාඩි පහේදී සුදුසුකම් ලත් වැඩිමහල්ලෙකු හෝ සභා සේවකයෙකු සාකච්ඡා කෙරෙන තොරතුරු සභා අවශ්‍යතාවලට අනුව අදාළ කළ යුතුය. සතියට නියමිත බයිබල් කියවීමේ ඕනෑම කොටසක් ගැන අදහස් දැක්වීමට පුළුවන. මෙය නියමිත කියවීමේ සාරාංශයක් විතරක්ම නොවේ. මෙහිදී කථිකයාගේ පරමාර්ථය වන්නේ සලකා බලන තොරතුරු වටින්නේ ඇයි සහ කෙසේද යන්න තේරුම්ගැනීමට සබයට උපකාර කිරීමය. එම මූලික කොටස සඳහා වැය කළ යුතු විනාඩි පහ ඉක්මවා නොයෑමට කථිකයා වගබලා ගත යුතුය. එමෙන්ම සබයේ සහභාගිත්වය සඳහා විනාඩි පහක් වෙන් කිරීමටද ඔහු වගබලා ගත යුතුය. බයිබල් කියවීමේදී තමන්ගේ සිත්ගත් දේවල් සහ ඒවායින් නෙළාගත් ප්‍රයෝජන පදනම් කරගෙන කෙටි අදහස් දැක්වීම සඳහා (තත්පර 30කට හෝ ඊට අඩුවෙන්) සබයට අවස්ථාව ලබා දිය යුතුය. අනතුරුව පාසැල් අවේක්ෂක වෙනත් පංති කාමරවල පැවරුම් ලැබ සිටින ශිෂ්‍යයන්ට එම පාසැල්වලට සහභාගි වන ලෙස ආරාධනා කරයි.
පැවරුම් අංක 2: විනාඩි 4යි. මෙය සහෝදරයෙකු විසින් කළ යුතු කියවීමකි. ශිෂ්‍යයා විසින් නියමිත කොටස හැඳින්වීමක් හෝ අවසානයක් නොමැතිව කියවිය යුතු වේ. පාසැල් අවේක්ෂකගේ පරම ඉලක්කය වන්නේ අර්ථවත් ලෙස, චතුර ලෙස, නිසි ලෙස අර්ථය කාවද්දමින්, හඬ පාලනය කරමින්, යෝග්‍ය විරාම යොදමින් සහ ස්වාභාවික ගතියකින් කියවීමට ශිෂ්‍යයාට උපකාර කිරීමය.
පැවරුම් අංක 3: විනාඩි 5යි. මෙම පැවරුම ලබන්නේ සහෝදරියකි. සේවා පාසැල් පාඩම් පොතේ 82වන පිටුවෙහි දක්නට ලැබෙන ලැයිස්තුවෙන් පසුබිමක් අවේක්ෂක විසින් තෝරා දීමට ඉඩ තිබේ. එසේ නැතහොත් එය පෞද්ගලිකව තෝරාගැනීමට අවස්ථාව පැවරුම ලබන ශිෂ්‍යාවට ලබා දිය හැක. ශිෂ්‍යාව පවරා ඇති තේමාව භාවිත කළ යුතු අතර, ක්ෂේත්‍ර සේවා බලප්‍රදේශයට අදාළ වන පරිදි ප්‍රායෝගික මෙන්ම ස්වාභාවික ආකාරයකින් එය ඉදිරිපත් කළ යුතුය. මූලාශ්‍ර ලෙස කිසිදු යොමු සටහනක් දක්වා නැති අවස්ථාවක, මෙම කොටසට අදාළ තොරතුරු ශිෂ්‍යාව විසින් එක්රැස් කරගත යුත්තේ අපගේ ප්‍රකාශන ඇසුරෙන් පර්යේෂණ කිරීමෙනි. නවක ශිෂ්‍යයන්ට යොමු සටහන් සපයා ඇති කොටස් පැවරිය යුතුය. ශිෂ්‍යාව තොරතුරු ගොඩනඟන ආකාරයටත්, ශුද්ධ ලියවිලි ගැන තර්කානුකූලව සිතා බැලීමට හා ඉදිරිපත් කිරීමේ ප්‍රධාන කරුණු තේරුම්ගැනීමට නිවැසියාට උපකාර කරන ආකාරයටත් පාසැල් අවේක්ෂකගේ වැඩි අවධානය යොමු වේ. පාසැල් අවේක්ෂක එක සහයකයෙකු එම පැවරුම සඳහා නම් කරයි.
පැවරුම් අංක 4: විනාඩි 5යි. ශිෂ්‍යයා විසින් පවරන ලද තේමාව ගොඩනැඟිය යුතුය. මූලාශ්‍ර ලෙස කිසිදු යොමු සටහනක් සඳහන් කර නොමැති අවස්ථාවක, මෙම කොටසට අදාළ තොරතුරු ශිෂ්‍යයා විසින් එක්රැස් කරගත යුත්තේ අපගේ ප්‍රකාශන ඇසුරෙන් පර්යේෂණ කිරීමෙනි. මෙය සහෝදරයෙකුට පවරනු ලබන විට, ඔහු රාජ්‍ය ශාලාවේ රැස්ව සිටින සබය මනසෙහි තබාගෙන එය කතාවක් ලෙස ඉදිරිපත් කළ යුතුය. සහෝදරියක මෙම කොටස ඉදිරිපත් කරන විට, එය සෑම විටකම ඉදිරිපත් කළ යුතු වන්නේ පැවරුම් අංක 3හි දක්වා ඇති ආකාරයටය. පාසැල් අවේක්ෂක තමාට යෝග්‍යයයි පෙනෙන අවස්ථාවන්හිදී පැවරුම් අංක 4 සහෝදරයෙකුට දිය හැක. යම් විෂයක් අසල තරුවක් දක්වා ඇත්නම්, ඒවා කතා වශයෙන් ගොඩනැඟීම සඳහා සහෝදරයන්ට පමණක් පැවරිය යුතු බව කරුණාවෙන් සලකන්න.
ගත කළ යුතු වේලාව: කිසිම කතාවක් නියමිත වේලාව ඉක්මවා නොයා යුතුය. උපදේශක ඉදිරිපත් කරන අදහස් සම්බන්ධයෙන්ද මෙය අදාළ වේ. අංක 2 සිට 4 දක්වා පැවරුම් නියමිත කාලය ඉක්මවා යන විට, ඒවා උපායශීලීව නතර කළ යුතු වේ. කථික ගුණාංගයක් පිළිබඳ ප්රාරම්භක කතාව, පැවරුම් අංක 1 හෝ බයිබල් කියවීමේ විශේෂාංග ඉදිරිපත් කරන සහෝදරයන් නියමිත වේලාව ඉක්මවා යනවා නම්, ඔවුන්ට පෞද්ගලිකව උපදෙස් දිය යුතුය. සියලුදෙනාම තමන්ට පවරා ඇති නියමිත කාල සීමාව ගැන සැලකිලිමත් වීම අවශ්‍යය. ගීතිකාව හා යාච්ඤාව හැර මුළු වැඩසටහන විනාඩි 45කට සීමා වේ.
උපදෙස්: විනාඩියයි. පැවරුම් අංක 2, 3 සහ 4 ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, කතාවේ පැසසිය යුතු යම් අංගයක් ගැන ධනාත්මක නිරීක්ෂණ කිහිපයක් ඉදිරිපත් කිරීමට පාසැල් අවේක්ෂක එක විනාඩියකට නොවැඩි වේලාවක් ගනියි. ඔහුගේ ඉලක්කය වන්නේ නිකම්ම “කතාව හොඳයි” කියා කීම නොවේ. එම ඉදිරිපත් කිරීම සාර්ථක වූයේ මන්දැයි පෙන්වීමට ඔහු විශේෂිත කරුණු ගෙනහැර දැක්විය යුතුය. සෑම ශිෂ්‍යයෙකුගේම තත්වය සුවිශේෂ නිසා, එක් එක්කෙනාගේ අවශ්‍යතාවට අනුව රැස්වීමෙන් පසුව හෝ වෙනත් අවස්ථාවක පෞද්ගලිකව ඔවුන්ට ප්‍රයෝජනවත් විය හැකි අමතර උපදෙස් දිය හැක.
අමතර උපදේශක: පාසැල් අවේක්ෂකට අමතරව තවත් දක්ෂ වැඩිමහල්ලෙක් සිටී නම්, අමතර උපදේශක නමැති පැවරුම ඉටු කිරීම සඳහා එවන් කෙනෙකුව වැඩිමහල් මණ්ඩලය විසින් තෝරාගත හැකිය. සභාවේ වැඩිමහල්ලන් කිහිපදෙනෙකු ඇත්නම්, සෑම අලුත් වසරකදීම වෙනත් සුදුසුකම් ලත් වැඩිමහල්ලෙකුට මෙම පැවරුම භාර දිය හැකිය. පැවරුම් අංක 1 සහ බයිබල් විශේෂාංග ඉදිරිපත් කරන සහෝදරයන්ට පෞද්ගලික උපදෙස් අවශ්‍ය නම්, එය ලබා දීම අමතර උපදේශකගේ වගකීම වේ. සෙසු වැඩිමහල්ලන් හෝ සභා සේවකයන් විසින් දෙනු ලබන මෙවැනි සෑම කතාවකින් අනතුරුව උපදෙස් ලබා දිය යුතුමයි යන්න මින් අදහස් නොකෙරේ.
උපදෙස් පෝරමය: පාඩම් පොතෙහි ඇත.
වාචික පුනරීක්ෂණය: විනාඩි 30යි. සෑම මාස දෙකකට වරක් පාසැල් අවේක්ෂක විසින් වාචික පුනරීක්ෂණයක් මෙහෙයවනු ලැබේ. ඊට පෙරාතුව කථික ගුණාංගයක් සලකා බලනු ලබන අතර, ඉහත දක්වා ඇති පරිද්දෙන් බයිබල් කියවීමෙන් විශේෂාංගද ඉදිරිපත් කෙරේ. වාචික පුනරීක්ෂණය පදනම් වන්නේ පසුගිය මාස දෙක තුළදී පාසැලේදී සලකා බැලූ තොරතුරු මතය. පුනරීක්ෂණය පවත්වන සතියේ දීමට නියමිත කතාවල තොරතුරුද ඊට ඇතුළත් වේ. වාචික පුනරීක්ෂණය පැවැත්වෙන සතියේ ඔබේ සභාවට චාරිකා එක්රැස්වීම වැටී ඇත්නම් පුනරීක්ෂණය (සහ සතියේ ඉතිරි වැඩසටහන) ඉදිරි සතියට දැමිය හැකි අතර ඉදිරි සතියට නියමිත වැඩසටහන එක්රැස්වීමේ සතිය සඳහා යොදාගත යුතුයි. චාරිකා අවේක්ෂක ඔබේ සභාවට පැමිණෙන සතියේදී වාචික පුනරීක්ෂණය යෙදී ඇත්නම් ගීතිකාව, කථික ගුණාංගය සහ බයිබල් විශේෂාංග, වැඩසටහනේ තිබෙන පරිදි ඉදිරිපත් කළ යුතුයි. උපදෙස් කතාව (කථික ගුණාංග කොටසෙන් පසුව) සඳහා ඊළඟ සතියට නියමිත කොටස යොදාගත යුතුයි. ඊළඟ සතියේ දිව්‍යාණ්ඩු සේවා පාසැල සඳහා ඒ සතියට නියමිත කථික ගුණාංග කොටස සහ බයිබල් විශේෂාංග යොදාගෙන ඉන්පසු වාචික පුනරීක්ෂණය පැවැත්විය හැකියි.
වැඩසටහන
ජන. 2 බයිබල් කියවීම: 2 ලේකම් 29-32 ගීතිකා අංක 91
කථික ගුණාංගය: දිව්‍යාණ්ඩු සේවා පාසැලෙන් පූර්ණ ප්‍රයෝජන ගැනීම (be5 පි. ¶1–8 පි. ¶1)
අංක 1: දේවවචනයෙන් ඉමහත් ප්‍රීතියක් ලබන්න (be 9 පි. ¶1–10 පි. ¶1)
අංක 2: 2 ලේකම් 30:1-12
අංක 3: සැබෑ ක්‍රිස්තියානීන් අසභ්‍ය භාෂාව භාවිතයෙන් වැළකීමට හේතුව
අංක 4: යේසුස් වැන්දඹුවගේ ශෝකය පහ කරයි (gt 37වන පරි.)
ජන. 9 බයිබල් කියවීම: 2 ලේකම් 33-36 ගීතිකා අංක 144
කථික ගුණාංගය: නිවැරදි කියවීම (be 83 පි. ¶1–5)
අංක 1: 2 ලේකම්—ප්‍රයෝජනවත් වීමට හේතුව (bsi06 7-9 ඡේද)
අංක 2: 2 ලේකම් 34:1-11
අංක 3: යොහන්ට ඇදහිල්ලේ ඌනතාවක් තිබුණාද? (gt 38වන පරි.)
අංක 4: හරි වැරැද්ද පිළිබඳ බයිබලයේ ප්‍රමිති පිළිපැදීමට පසුබට නොවන්න
ජන. 16 බයිබල් කියවීම: එස්රා 1-5 ගීතිකා අංක 137
කථික ගුණාංගය: නිවැරදිව කියවන ආකාරය (be 84 පි. ¶1–85 පි. ¶3)
අංක 1: එස්රා පොතේ හැඳින්වීම (bsi06 1-7 ඡේද)
අංක 2: එස්රා 1:1-11
අංක 3: අවංක හෘදය සාක්ෂියක් තිබීමෙන් ලැබෙන ප්‍රයෝජන
අංක 4: a උඩඟු සහ යටහත් පහත් අය (gt 39වන පරි.)
ජන. 23 බයිබල් කියවීම: එස්රා 6-10 ගීතිකා අංක 106
කථික ගුණාංගය: වචන පැහැදිලිව ශබ්ද කිරීම (be 86 පි. ¶1-6)
අංක 1: එස්රා ප්‍රයෝජනවත් වීමට හේතුව (bsi06 8-12 ඡේද)
අංක 2: එස්රා 6:1-12
අංක 3: දයාව පිළිබඳ පාඩමක් (gt 40වන පරි.)
අංක 4: b විවාහය පිළිබඳ දෙවිගේ දෘෂ්ටිය
ජන. 30 බයිබල් කියවීම: නෙහෙමියා 1-4 ගීතිකා අංක 161
කථික ගුණාංගය: පැහැදිලිව කතා කරන ආකාරය (be 87 පි. ¶1–88 පි. ¶3)
අංක 1: නෙහෙමියා පොතේ හැඳින්වීම (bsi06 1-5 ඡේද)
අංක 2: නෙහෙමියා 2:1-10
අංක 3: අත්‍යවශ්‍යම ආරක්ෂාව කුමක්ද?
අංක 4: මත භේදයට තුඩු දුන් යේසුස් (gt 41වන පරි.)
පෙබ. 6 බයිබල් කියවීම: නෙහෙමියා 5-8 ගීතිකා අංක 40
කථික ගුණාංගය: නිවැරදි උච්චාරණය—සලකා බැලිය යුතු සාධක (be 89 පි. ¶1–90 පි. ¶2)
අංක 1: දිනපතා බයිබලය කියවන්න (be 10 පි. ¶1–12 පි. ¶4)
අංක 2: නෙහෙමියා 5:1-13
අංක 3: යේසුස් පරිසිවරුන්ට තරවටු කරයි (gt 42වන පරි.)
අංක 4: ‘සිත ආරක්ෂා කරගන්න’ (හිතෝ. 4:23)
පෙබ. 13 බයිබල් කියවීම: නෙහෙමියා 9-11 ගීතිකා අංක 159
කථික ගුණාංගය: උච්චාරණය දියුණු කරගත හැකි ක්‍රම (be 90 පි. ¶3–92 පි.)
අංක 1: යුද්ධය වෙනුවට සාමය ඉගෙනගැනීම (w04 1/1, 6 පි. ¶8–7 ¶5)
අංක 2: නෙහෙමියා 10:28-37
අංක 3: යෙහෝවා අපට ප්‍රේම කරන බවට සාක්ෂි
අංක 4: බෝට්ටුවේ සිටියදී උපමා පහක් (gt 43 පරි. 1-8 ඡේද)
පෙබ. 20 බයිබල් කියවීම: නෙහෙමියා 12-13 ගීතිකා අංක 118
කථික ගුණාංගය: චතුර කථිකත්වය (be 93 පි. ¶1–94 පි. ¶3)
අංක 1: නෙහෙමියා—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi06 6-9 ඡේද)
අංක 2: නෙහෙමියා 13:1-14
අංක 3: යේසුස්ගේ ඉගැන්වීම්වලින් ගෝලයන් ප්‍රයෝජන ලබන අයුරු (gt 43 පරි. 9-19 ඡේද)
අංක 4: c ප්රචණ්ඩත්වය පිරි වීඩියෝ ක්‍රීඩා ක්‍රිස්තියානීන්ට නුසුදුසුයි
පෙබ. 27 බයිබල් කියවීම: එස්තර් 1-5 ගීතිකා අංක 215
කථික ගුණාංගය: චතුර කථිකත්වය දියුණු කරගත හැකි ආකාරය (be 94 පි. ¶4–96 පි. ¶3, 95 පි. කොටුව හැර)
වාචික පුනරීක්ෂණය
මාර්. 6 බයිබල් කියවීම: එස්තර් 6-10 ගීතිකා අංක 74
කථික ගුණාංගය: ගොතගැසීමේ ප්‍රශ්නයට මුහුණ දීම (be 95 පි. කොටුව)
අංක 1: එස්තර් පොතේ හැඳින්වීම සහ ප්‍රයෝජනවත් වීමට හේතු (bsi06 1-6, 7-9 ඡේද)
අංක 2: එස්තර් 6:1-10
අංක 3: මෘදු උත්තරය උදහස පහ කරයි
අංක 4: d ගෝලයන්ට යේසුස්ගෙන් තවත් උපදෙස් (gt 43 පරි. 20-31 ඡේද)
මාර්. 13 බයිබල් කියවීම: යෝබ් 1-5 ගීතිකා අංක 160
කථික ගුණාංගය: විරාම ලකුණු ඇති විට සහ අදහස වෙනස් වන විට විරාම යෙදීම (be 97 පි. ¶1–98 පි. ¶5)
අංක 1: යෝබ් පොතේ හැඳින්වීම (bsi06 1-6 ඡේද)
අංක 2: යෝබ් 2:1-13
අංක 3: යේසුස් බිහිසුණු කුණාටුවක් නිසල කරයි (gt 44 පරි.)
අංක 4: සැබෑ ක්‍රිස්තියානීන් මැසිවිලි නැඟීමෙන් වැළකීමට හේතුව
මාර්. 20 බයිබල් කියවීම: යෝබ් 6-10 ගීතිකා අංක 214
කථික ගුණාංගය: අවධාරණයට සහ ප්‍රතිචාරයට විරාම යෙදීම (be 98 පි. ¶6–100 පි. ¶4)
අංක 1: අධ්‍යාත්මික සාරධර්මවල වැදගත්කම (w04 10/15, 4 පි. ¶1–5 පි. ¶3)
අංක 2: යෝබ් 7:1-21
අංක 3: නිර්මල සිත් ඇතිව සිටීම යන්නෙන් අදහස් වන දේ
අංක 4: භූතාවේශ වූ මනුෂ්‍යයෙක් ගෝලයෙක් වෙයි (gt 45 පරි.)
මාර්. 27 බයිබල් කියවීම: යෝබ් 11-15 ගීතිකා අංක 8
කථික ගුණාංගය: අර්ථය නිසි ලෙස කාවැද්දීම (be 101 පි. ¶1–102 පි. ¶3)
අංක 1: ‘අසන්නේ කෙසේද කියා බලාගන්න’ (be 13 පි. ¶1–14 පි. ¶4)
අංක 2: යෝබ් 12:1-25
අංක 3: ඇය ඔහුගේ වස්ත්‍රයට අත තැබුවාය (gt 46 පරි.)
අංක 4: දේවසේවයෙන් අපට ප්‍රීතිය ලැබීමට හේතුව
අප්‍රි. 3 බයිබල් කියවීම: යෝබ් 16-20 ගීතිකා අංක 50
කථික ගුණාංගය: අර්ථය කාවැද්දීම දියුණු කිරීම (be 102 පි. ¶4–104 පි. ¶4)
අංක 1: අප දෙවිට ප්‍රේම කරන බව පෙන්වන අයුරු (w04 3/1, 19-21 පි.)
අංක 2: යෝබ් 16:1-22
අංක 3: යෙහෝවා තමාට නමස්කාර කිරීම සඳහා ජනයාව තමා වෙතට ඇදගනියි
අංක 4: කඳුළු ඉමහත් ප්‍රීති ප්රමෝදයට හැරෙයි (gt 47 පරි.)
අප්‍රි. 10 බයිබල් කියවීම: යෝබ් 21-27 ගීතිකා අංක 119
කථික ගුණාංගය: ප්‍රධාන අදහස් අවධාරණය කිරීම (be 105 පි. ¶1–106 ¶1)
අංක 1: ආත්මික සාරධර්මවලින් මහත් විපාක ලැබෙයි (w04 10/15, 5 පි. ¶4–7 පි. ¶2)
අංක 2: යෝබ් 24:1-20
අංක 3: යෙහෝවා සාමාන්‍ය ඉක්ම වූ බලය දෙයි
අංක 4: ප්රාතිහාර්යයන් කළත් යේසුස්ව ප්‍රතික්ෂේප කරයි (gt 48 පරි.)
අප්‍රි. 17 බයිබල් කියවීම: යෝබ් 28-32 ගීතිකා අංක 100
කථික ගුණාංගය: සබයට සුදුසු ශබ්දය (be 107 පි. ¶1–108 ¶4)
අංක 1: රැස්වීම්වලදී හා එක්රැස්වීම්වලදී කතාවලට සවන් දීම (be 15 පි. ¶1–16 පි. ¶5)
අංක 2: යෝබ් 29:1-25
අංක 3: ගලීලයේ තුන්වන දේශනා සංචාරයක් (gt 49 පරි.)
අංක 4: යේසුස් ඉගැන්වූ ආකාරය ගැන සෙනඟ මවිත වීමට හේතුව
අප්‍රි. 24 බයිබල් කියවීම: යෝබ් 33-37 ගීතිකා අංක 94
කථික ගුණාංගය: ඔබේ ශබ්දය දියුණු කරගත හැකි අන්දම (be 108 පි. ¶5–110 පි. ¶2)
වාචික පුනරීක්ෂණය
මැයි 1 බයිබල් කියවීම: යෝබ් 38-42 ගීතිකා අංක 154
කථික ගුණාංගය: හඬ පාලනය—ඔබේ ශබ්දය සකස් කරගන්න (be 111 පි. ¶1–112 ¶2)
අංක 1: යෝබ්—ප්‍රයෝජනවත් වීමට හේතුව (bsi06 7-11 ඡේද)
අංක 2: යෝබ් 38:1-24
අංක 3: අද දින යෙසායා 60:22 ඉටු වන්නේ කෙසේද?
අංක 4: e පීඩාවලට මුහුණ දීමට තම ගෝලයන්ව සූදානම් කිරීම (gt 50 පරි.)
මැයි 8 බයිබල් කියවීම: ගීතාවලිය 1-10 ගීතිකා අංක 168
කථික ගුණාංගය: හඬ පාලනය—කතා කරන වේගය වෙනස් කරන්න (be 112 පි. ¶3–6)
අංක 1: ගීතාවලිය පොතේ හැඳින්වීම—1වන කොටස (bsi06 1-5 ඡේද)
අංක 2: ගීතාවලිය 4:1–5:12
අංක 3: උපන් දින උත්සවයකදී මිනී මැරුමක් (gt 51 පරි.)
අංක 4: “සුවදායී වචනවල රටාවට” ඇලී සිටීම
මැයි 15 බයිබල් කියවීම: ගීතාවලිය 11-18 ගීතිකා අංක 217
කථික ගුණාංගය: හඬ පාලනය—ඔබේ කටහඬේ තාරතාව වෙනස් කරන්න (be 113 පි. ¶1–114 පි. ¶3)
අංක 1: ගීතාවලිය පොතේ හැඳින්වීම—2වන කොටස (bsi06 6-11 ඡේද)
අංක 2: ගීතාවලිය 14:1–16:6
අංක 3: සැබෑ ක්‍රිස්තියානීන් ලෝකයේ කොටසක් නොවන්නේ කිනම් ආකාරවලින්ද?
අංක 4: යේසුස් දහස් ගණනකට ආශ්චර්යවත් ලෙස කන්න දෙයි (gt 52 පරි.)
මැයි 22 බයිබල් කියවීම: ගීතාවලිය 19-25 ගීතිකා අංක 23
කථික ගුණාංගය: හැඟීමකින් යුතුව කතා කරන්න (be 115 පි. ¶1–116 පි. ¶4)
අංක 1: තීක්ෂ්ණ බුද්ධිය නිසා කරුණාව ලැබේ (w04 7/15, 27 පි. ¶4–28 පි. ¶4)
අංක 2: ගීතාවලිය 22:1-22
අංක 3: යේසුස් වතුර මත ඇවිදියි (gt 53 පරි.)
අංක 4: f දෙවිගේ සිහිගැන්වීම් මොනවාද? අප ඒවාට අවනත විය යුත්තේ මන්ද?
මැයි 29 බයිබල් කියවීම: ගීතාවලිය 26-33 ගීතිකා අංක 203
කථික ගුණාංගය: තොරතුරුවලට ඔබිනා උද්යෝගයක් (be 116 පි. ¶5–117 පි. ¶4)
අංක 1: ඔබේ මතකය දියුණු කිරීමට ඔබට හැක (be 17 පි. ¶1–19 පි. ¶2)
අංක 2: ගීතාවලිය 30:1–31:8
අංක 3: සත්‍යය කෙනෙකුව නිදහස් කරන්නේ කුමන දේවලින්ද?
අංක 4: ස්වර්ගයෙන් ආහාර කවරෙකුගේ ත්‍යාගයක්ද? (gt 54 පරි.)
ජූනි 5 බයිබල් කියවීම: ගීතාවලිය 34-37 ගීතිකා අංක 167
කථික ගුණාංගය: උණුසුම්භාවය පළ කිරීම (be 118 පි. ¶1–119 පි. ¶5)
අංක 1: යාච්ඤාවේ බලය (w04 8/15, 18 පි. ¶6–19 පි. ¶10)
අංක 2: ගීතාවලිය 34:1-22
අංක 3: බොහෝදෙනෙක් යේසුස්ව අතහැර යෑමට හේතුව (gt 55 පරි.)
අංක 4: අප වැළකිය යුත්තේ රූප වන්දනාවට අයත් කුමන දේවලින්ද?
ජූනි 12 බයිබල් කියවීම: ගීතාවලිය 38-44 ගීතිකා අංක 216
කථික ගුණාංගය: හැඟීම් පළ කිරීම (be 119 පි. ¶6–120 පි. ¶5)
අංක 1: මතකයට නඟාගැනීමට දෙවිගේ ශුද්ධාත්මයෙන් ඉටු වන කාර්යභාරය (be 19 පි. ¶3–20 පි. ¶3)
අංක 2: ගීතාවලිය 40:1-17
අංක 3: විද්‍යාව බයිබලයට පටහැනි නොවෙයි
අංක 4: මනුෂ්‍යයෙකු අපවිත්‍ර වන්නේ කුමකින්ද? (gt 56 පරි.)
ජූනි 19 බයිබල් කියවීම: ගීතාවලිය 45-51 ගීතිකා අංක 104
කථික ගුණාංගය: අභිනය සහ මුහුණේ ඉරියව්වල වැදගත්කම (be 121 පි. ¶1-4)
අංක 1: යේසුස් එන්නේ කවදාද? (w04 3/1, 16 පි. කොටුව)
අංක 2: ගීතාවලිය 46:1–47:9
අංක 3: යේසුස් පීඩිත වූවන්ට අනුකම්පාව දක්වයි (gt 57 පරි.)
අංක 4: ක්‍රිස්තියානියෙකුට දුර්වලව සිටියත් බලවත්ව සිටිය හැක්කේ කෙසේද? (2 කොරි. 12:10)
ජූනි 26 බයිබල් කියවීම: ගීතාවලිය 52-59 ගීතිකා අංක 103
කථික ගුණාංගය: අභිනය හා මුහුණේ ඉරියව් යොදාගැනීම (be 122 පි. ¶1–123 පි. ¶2)
වාචික පුනරීක්ෂණය
ජූලි 3 බයිබල් කියවීම: ගීතාවලිය 60-68 ගීතිකා අංක 45
කථික ගුණාංගය: දේවසේවයේදී දෘෂ්ටි සම්බන්ධය (be 124 පි. ¶1–125 පි. ¶3)
අංක 1: යෙහෝවාගේ යටහත් පහත්කමෙන් අපට ලැබෙන ප්‍රයෝජන (w04 11/1, 29-30 පි.)
අංක 2: ගීතාවලිය 60:1–61:8
අංක 3: ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල යෙදුණු පමණින් දෙවිගේ නීති උල්ලංගනය කළ හැකිද?
අංක 4: වරදවා වටහාගැනීමක් යේසුස් නිවැරදි කරයි (gt 58 පරි.)
ජූලි 10 බයිබල් කියවීම: ගීතාවලිය 69-73 ගීතිකා අංක 225
කථික ගුණාංගය: කතාවක් දෙන විටදී දෘෂ්ටි සම්බන්ධය (be 125 පි. ¶4–127 පි. ¶1)
අංක 1: ඔබ කියවීමට අවධානය යොමු කළ යුත්තේ මන්ද? (be 21 පි. ¶1–23 පි. ¶3)
අංක 2: ගීතාවලිය 71:1-18
අංක 3: යේසුස් සැබෑවටම කවරෙක්ද? (gt 59 පරි.)
අංක 4: g ක්‍රිස්තියානීන් අපක්ෂපාතී විය යුත්තේ මන්ද?
ජූලි 17 බයිබල් කියවීම: ගීතාවලිය 74-78 ගීතිකා අංක 28
කථික ගුණාංගය: ක්ෂේත්‍ර සේවයේදී ස්වාභාවික ගතිය (be 128 පි. ¶1–129 පි. ¶1)
අංක 1: යටහත් පහත්කම වර්ධනය කරගෙන දෙවිගේ ප්‍රසාදය ලබන්න (w04 8/1, 11 පි. ¶15–13 පි. ¶18)
අංක 2: ගීතාවලිය 75:1–76:12
අංක 3: යෙහෝවාව සෙවීමට ඇතුළත් වන්නේ කුමක්ද? (ශෙප. 2:3)
අංක 4: ක්‍රිස්තුස්ගේ රාජ්‍ය මහිමයේ පෙර දර්ශනයක් (gt 60 පරි.)
ජූලි 24 බයිබල් කියවීම: ගීතාවලිය 79-86 ගීතිකා අංක 112
කථික ගුණාංගය: වේදිකාවේදී ස්වාභාවික ගතිය (be 129 පි. ¶2–130 පි. ¶1)
අංක 1: “ප්‍රතිපත්ති ගරුක පුද්ගලයන්ගේ කූඩාරම සපල වන්නේය” (w04 11/15, 26 පි. ¶1–28 පි. ¶2)
අංක 2: ගීතාවලිය 82:1–83:18
අංක 3: ඇදහිල්ලේ බලය (gt 61 පරි.)
අංක 4: දෙවිව සතුටු කිරීමට අසම්පූර්ණ මිනිසාට හැකිද?
ජූලි 31 බයිබල් කියවීම: ගීතාවලිය 87-91 ගීතිකා අංක 57
කථික ගුණාංගය: ප්‍රසිද්ධියේ කියවන විටදී ස්වාභාවික ගතිය (be 130 පි. ¶2-4)
අංක 1: ‘දැනුම ලබාගැනීම’ පහසු දෙයක් වන විට සහ ප්‍රඥාව අපට මඟ පෙන්වන විට (w04 11/15, 28 පි. ¶3–29 පි. ¶7)
අංක 2: ගීතාවලිය 89:1-21
අංක 3: බයිබලය අධ්‍යයනය කිරීම අපේ නමස්කාරයේ අංගයක්
අංක 4: h යටහත් පහත්කම පිළිබඳ පාඩමක් (gt 62 පරි.)
අගෝ. 7 බයිබල් කියවීම: ගීතාවලිය 92-101 ගීතිකා අංක 190
කථික ගුණාංගය: පෞද්ගලික පිරිසිදුකම පණිවිඩය අලංකාර කරයි (be 131 පි. ¶1-3)
අංක 1: අධ්‍යයනය කළ යුතු අයුරු (be 27 පි. 1–31 පි. ¶2)
අංක 2: ගීතාවලිය 92:1–93:5
අංක 3: අන් අයව බාධාවට පත් කිරීමෙන් වළකින්න (gt 63 පරි.)
අංක 4: සදාචාර ප්‍රමිතිවලට ඇලී සිටීමේ වැදගත්කම
අගෝ. 14 බයිබල් කියවීම: ගීතාවලිය 102-105 ගීතිකා අංක 1
කථික ගුණාංගය: විනීතකම සහ සිහි බුද්ධිය කෙනෙකුගේ ඇඳුම් පැළඳුම් හා සැරසීමට දායක වන අයුරු (be 131 පි. ¶4–132 පි. ¶3)
අංක 1: ‘යෙහෝවා ඔබගේ කර්මාන්ත කොතරම් නානාප්‍රකාරද!’ (w04 11/15, 8-9 පි.)
අංක 2: ගීතාවලිය 104:1–24
අංක 3: අප සෝදිසියෙන් සිටිය යුතු වීමට හේතුව
අංක 4: සමාව දීම පිළිබඳ පාඩමක් (gt 64 පරි.)
අගෝ. 21 බයිබල් කියවීම: ගීතාවලිය 106-109 ගීතිකා අංක 201
කථික ගුණාංගය: මනා පිළිවෙළකින් යුත් ඇඳුම්වලින් සැරසීමේ වැදගත්කම (be 132 පි. ¶4–133 පි. ¶1)
අංක 1: යෞවනයෙනි අනුවණ ලෙස ඔබේ මිතුරන්ගේ බලපෑමට අසු නොවන්න (w04 10/15, 22 පි. ¶4–24 පි. ¶5)
අංක 2: ගීතාවලිය 107:20-43
අංක 3: යෙරුසලමට රහස් ගමනක් (gt 65 පරි.)
අංක 4: කිනම් ක්‍රමවලින් අපට දෙවිව අනුකරණය කළ හැකිද?
අගෝ. 28 බයිබල් කියවීම: ගීතාවලිය 110-118 ගීතිකා අංක 125
කථික ගුණාංගය: මනා පෞද්ගලික පෙනුම බාධාවට පත් නොකරයි (be 133 පි. ¶2-4)
වාචික පුනරීක්ෂණය
සැප්. 4 බයිබල් කියවීම: ගීතාවලිය 119 ගීතිකා අංක 59
කථික ගුණාංගය: සුදුසු ඉරියව් සහ භාවිත කරන දේ පිළිවෙළකට තබාගැනීම (be 134 පි. ¶1-5)
අංක 1: අධ්‍යයනය මහඟු ඵලවිපාක ලබා දෙයි (be 31 පි. ¶3–32 පි. ¶4)
අංක 2: ගීතාවලිය 119:25-48
අංක 3: බලධාරීන්ට අප ගෞරව කිරීමට හේතුව
අංක 4: කූඩාරම් මංගල්‍යයේදී අනතුරක් (gt 66 පරි.)
සැප්. 11 බයිබල් කියවීම: ගීතාවලිය 120-134 ගීතිකා අංක 65
කථික ගුණාංගය: කතාවක් දීමේදී කාන්සාව අඩු කරගත හැකි අන්දම (be 135 පි. ¶1–137 පි. ¶2)
අංක 1: පර්යේෂණ කළ යුතු අන්දම (be 33 පි. ¶1–35 පි. ¶2)
අංක 2: ගීතාවලිය 121:1–123:4
අංක 3: නිලධාරීන් යේසුස්ව අත්අඩංගුවට ගැනීමට අසමත් වීමට හේතුව (gt 67 පරි.)
අංක 4: අතිශයෝක්තිය යනු කුමක්ද? යේසුස් එය යොදාගත්තේ කෙසේද?
සැප්. 18 බයිබල් කියවීම: ගීතාවලිය 135-141 ගීතිකා අංක 97
කථික ගුණාංගය: තැන්පත් ස්වභාවයක් ඇති කරගත හැකි අන්දම (be 137 පි. ¶3–138 පි. ¶5)
අංක 1: ගීතාවලිය ප්‍රයෝජනවත් වීමට හේතු—1වන කොටස (bsi06 12-16 ඡේද)
අංක 2: ගීතාවලිය 136:1-26
අංක 3: සිහි කිරීම හවුලේ භුක්ති විඳින භෝජනයක් වන්නේ කිනම් ආකාරයෙන්ද?
අංක 4: මනුෂ්‍යයෙකු වීමට පෙර යේසුස්ගේ ජීවිතය සහ පසුව ඔහුගේ ස්වර්ගික ජීවිතය (gt 68 පරි. 1-11 ඡේද)
සැප්. 25 බයිබල් කියවීම: ගීතාවලිය 142-150 ගීතිකා අංක 5
කථික ගුණාංගය: ශබ්ද විකාශනවල වැදගත්කම (be 139 පි. ¶1–140 පි. ¶1)
අංක 1: ගීතාවලිය—ප්‍රයෝජනවත් වීමට හේතුව—2වන කොටස (bsi06 17-21 ඡේද)
අංක 2: ගීතාවලිය 142:1–143:12
අංක 3: මනුෂ්‍යයන්ව නිදහස් කරන සත්‍යය (gt 68 පරි. 12-16 ඡේද)
අංක 4: අපගේ අවශ්‍යතාවලට වඩා අන්‍යයන්ගේ අවශ්‍යතාවලට මුල් තැන දිය හැකි ක්‍රම මොනවාද?
ඔක්. 2 බයිබල් කියවීම: හිතෝපදේශ 1-6 ගීතිකා අංක 111
කථික ගුණාංගය: මයික්‍රෝෆෝන නිසි ලෙස භාවිත කිරීම (be 140 පි. ¶2–142 පි. ¶2)
අංක 1: හිතෝපදේශ පොතේ හැඳින්වීම—1වන කොටස (bsi06 1-5 ඡේද)
අංක 2: හිතෝපදේශ 5:1-23
අංක 3: පිතෘත්වය පිළිබඳ ප්රශ්නය (gt 69 පරි.)
අංක 4: i ප්‍රබන්ධ කථා ප්‍රචාරය කිරීමෙන් වළකින්න (2 තිමෝ. 4:4)
ඔක්. 9 බයිබල් කියවීම: හිතෝපදේශ 7-11 ගීතිකා අංක 73
කථික ගුණාංගය: පිළිතුරු දෙන විට බයිබලය භාවිත කිරීම (be 143 පි. ¶1-3)
අංක 1: හිතෝපදේශ පොතේ හැඳින්වීම—2වන කොටස (bsi06 6-11 ඡේද)
අංක 2: හිතෝපදේශ 7:1-27
අංක 3: ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය සහෝදරයන්ගේ එකමුතුකමට දායක වෙයි
අංක 4: උපතෙන්ම අන්ධ වූ කෙනෙකුව සුව කිරීම (gt 70 පරි.)
ඔක්. 16 බයිබල් කියවීම: හිතෝපදේශ 12-16 ගීතිකා අංක 180
කථික ගුණාංගය: බයිබලය භාවිත කිරීමේදී දියුණු විය හැකි අන්දම (be 144 පි. ¶1-4)
අංක 1: පර්යේෂණය සඳහා වෙනත් මෙවලම් භාවිත කිරීමට ඉගෙනීම (be 35 පි. ¶3–38 පි. ¶4)
අංක 2: හිතෝපදේශ 14:1-21
අංක 3: සිඟන්නෙක් පරිසිවරුන්ව ව්‍යාකූල කරයි (gt 71 පරි.)
අංක 4: රැස්වීම්වලදී කිට්ටු අවධානයක් දීමට අපට කුමක් උපකාර වෙයිද?
ඔක්. 23 බයිබල් කියවීම: හිතෝපදේශ 17-21 ගීතිකා අංක 131
කථික ගුණාංගය: බයිබලය භාවිත කිරීමට දිරිගැන්වීම (be 145-6 පි.)
අංක 1: හිතෝපදේශ—ප්‍රයෝජනවත් වීමට හේතු—1 කොටස (bsi06 12-21 ඡේද)
අංක 2: හිතෝපදේශ 17:1-20
අංක 3: ක්‍රිස්තියානීන් මහලු අයට සැලකිය යුතු අන්දම
අංක 4: j යේසුස් 70දෙනාව පිටත් කර යවයි (gt 72 පරි.)
ඔක්. 30 බයිබල් කියවීම: හිතෝපදේශ 22-26 ගීතිකා අංක 9
කථික ගුණාංගය: ශුද්ධ ලියවිලි පද බලපෑමෙන් යුතුව හඳුන්වා දීම (be 147 පි. ¶1–148 පි. ¶2)
වාචික පුනරීක්ෂණය
නොවැ. 6 බයිබල් කියවීම: හිතෝපදේශ 27-31 ගීතිකා අංක 51
කථික ගුණාංගය: ශුද්ධ ලියවිලි හඳුන්වා දීම සඳහා පැවසිය යුතු දේ තෝරා බේරාගන්න (be 148 පි. ¶3–149 පි. ¶2)
අංක 1: හිතෝපදේශ—ප්‍රයෝජනවත් වීමට හේතු—2 කොටස (bsi06 22-31 ඡේද)
අංක 2: හිතෝපදේශ 281-18
අංක 3: ඇත්තටම අපේ අසල්වැසියා වන්නේ කවුද? (gt 73 පරි.)
අංක 4: දේවසේවයේදී අපට මුණගැසෙන අයව ඔවුන්ගේ පිටාතර පෙනුම අනුව විනිශ්චය නොකළ යුතු හේතුව
නොවැ. 13 බයිබල් කියවීම: දේශනාකාරයා 1-6 ගීතිකා අංක 25
කථික ගුණාංගය: නිසි අවධාරණයට හැඟීම් මුසු කළ යුතුය (be 150 පි. ¶1-2)
අංක 1: දේශනාකාරයා පොතේ හැඳින්වීම (bsi06 1-8 ඡේද)
අංක 2: දේශනාකාරයා 5:1-15
අංක 3: ප්‍රඥාවන්තයන්ගෙන්ද බුද්ධිමතුන්ගෙන්ද බයිබල් සත්‍ය සඟවා තිබෙන්නේ කෙසේද? (මතෙ. 11:25)
අංක 4: යේසුස්ගෙන් මාර්තාට උපදෙස් (gt 74 පරි. 1-5 ඡේද)
නොවැ. 20 බයිබල් කියවීම: දේශනාකාරයා 7-12 ගීතිකා අංක 37
කථික ගුණාංගය: නිවැරදි වචන අවධාරණය කරන්න (be 150 පි. ¶3–151 පි. ¶2)
අංක 1: දේශනාකාරයා—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi06 9-13 ඡේද)
අංක 2: දේශනාකාරයා 9:1-12
අංක 3: නොකඩවා යාච්ඤා කිරීමේ අවශ්‍යතාව (gt 74 පරි. 6-9 ඡේද)
අංක 4: ඊර්ෂ්‍යාව නුසුදුසු වන්නේ මන්ද?
නොවැ. 27 බයිබල් කියවීම: සලමොන්ගේ ගීතිකාව 1-8 ගීතිකා අංක 11
කථික ගුණාංගය: අවධාරණය කිරීමට ක්‍රම (be 151 පි. ¶3–152 පි. ¶5)
අංක 1: සලමොන්ගේ ගීතිකාව පොතේ හැඳින්වීම සහ එය ප්‍රයෝජනවත් වීමට හේතු (bsi06 1-4, 5-7 ඡේද)
අංක 2: සලමොන්ගේ ගීතිකාව 7:1–8:4
අංක 3: ක්‍රිස්තියානීන් මනා පිළිවෙළකින්, පිරිසිදුව හා විනීතව ඇඳ පැළඳ සිටිය යුත්තේ මන්ද?
අංක 4: යේසුස්ගේ ප්රාතිහාර්යන්වලට නිසි ප්‍රතිචාරය (gt 75 පරි.)
දෙසැ. 4 බයිබල් කියවීම: යෙසායා 1-5 ගීතිකා අංක 90
කථික ගුණාංගය: ශුද්ධ ලියවිලි පද නිවැරදිව අදාළ කිරීම (be 153 පි. ¶1–154 පි. ¶3)
අංක 1: යෙසායා පොතේ හැඳින්වීම (bsi06 1-8 ඡේද)
අංක 2: යෙසායා 3:1-15
අංක 3: යේසුස් පරිසිවරුන්ගේ හා නීතිය උගන්වන්නන්ගේ වැරදි හෙළි කරයි (gt 76 පරි.)
අංක 4: k ‘ක්‍රිස්තියානීන් උදහස් වීමට ප්‍රමාද’ විය යුතු හේතුව (යාකො. 1:19)
දෙසැ.11 බයිබල් කියවීම: යෙසායා 6-10 ගීතිකා අංක 204
කථික ගුණාංගය: ශුද්ධ ලියවිලි අදාළ වීම පැහැදිලි කිරීම (be 154 පි. ¶4–155 පි. ¶4)
අංක 1: දළ සටහනක් පිළියෙල කිරීම (be 39-42 පි.)
අංක 2: යෙසායා 10:1-14
අංක 3: සමාව දීම අත්‍යවශ්‍ය මන්ද?
අංක 4: යේසුස් උරුමය පිළිබඳ ප්රශ්නය විසඳයි (gt 77 පරි.)
දෙසැ.18 බයිබල් කියවීම: යෙසායා 11-16 ගීතිකා අංක 47
කථික ගුණාංගය: ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන තර්කානුකූලව කතා කරන්න (be 155 පි. ¶5–156 පි. ¶5)
අංක 1: යෞවනයෙනි ඔබේ ජීවිතය නමැති නෞකාව තනිවම යාත්‍රා කරන්න එපා! (w04 10/15, 20 පි. ¶1–22 පි. ¶3)
අංක 2: යෙසායා 11:1-12
අංක 3: තමාගේ නැවත පැමිණීම සඳහා සූදානමින් සිටින්න කියා යේසුස් තම ගෝලයන්ට පවසයි (gt 78 පරි.)
අංක 4: හර්–මගෙදොන් යුද්ධයට සැබෑ ක්‍රිස්තියානීන් සහභාගි නොවෙයි
දෙසැ. 25 බයිබල් කියවීම: යෙසායා 17-23 ගීතිකා අංක 53
කථික ගුණාංගය: ප්‍රායෝගික වටිනාකම පැහැදිලිව දැක්වීම (be157 පි. ¶1–158 පි. ¶1)
වාචික පුනරීක්ෂණය
[Footnotes]
a සහෝදරයන්ට පමණක් පැවරිය යුතුයි.
b සහෝදරයන්ට පමණක් පැවරිය යුතුයි.
c සහෝදරයන්ට පමණක් පැවරිය යුතුයි.
d සහෝදරයන්ට පමණක් පැවරිය යුතුයි.
e සහෝදරයන්ට පමණක් පැවරිය යුතුයි.
f සහෝදරයන්ට පමණක් පැවරිය යුතුයි.
g සහෝදරයන්ට පමණක් පැවරිය යුතුයි.
h සහෝදරයන්ට පමණක් පැවරිය යුතුයි.
i සහෝදරයන්ට පමණක් පැවරිය යුතුයි.
j සහෝදරයන්ට පමණක් පැවරිය යුතුයි.
k සහෝදරයන්ට පමණක් පැවරිය යුතුයි.