ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 8/05 7 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2005 අපගේ රාජ්‍ය සේවාව
2005 අපගේ රාජ්‍ය සේවාව
km 8/05 7 පි.

නිවේදන

◼ අගෝස්තු මාසයේදී ඉදිරිපත් කරන පොත් පත්: පිටු 32කින් යුත් ඕනෑම විවරණිකාවක් බෙදා දිය හැකියි. පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, ජීවිතයේ අරමුණ කුමක්ද—ඔබට එය දැනගත හැක්කේ කෙසේද?, ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට, සියලු ජාතීන් සඳහා පොතක්, මළ අයගේ ආත්ම—ඔබට උපකාර හෝ හානි කිරීමට ඔවුන්ට හැකිද? ඔවුන් සැබවින්ම පවතීද? සහ සතුටින් පිරි ජීවිතයකට මඟ. සැප්තැම්බර්: ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? ඇතැම් අය පොත ලබාගන්නේ නැත්නම්, සෝදිසියෙන් සිටින්න! විවරණිකාව බෙදා දිය හැකියි. ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! කලාප සමඟ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—ඔවුහු කවරහුද? ඔවුන් විශ්වාස කරන්නේ මොනවාද? යන විවරණිකාව බෙදා දෙන්න. සභා බොහොමයක මෙම විවරණිකාවේ පිටපත් ඇති තරම් තිබේ. උනන්දුව දක්වන ඕනෑම අයෙකුට ප්‍රයෝජන ගත හැකි පරිද්දෙන් මෙම විවරණිකාවේ පිටපත් බෙදාහැරීමට උත්සාහ කළ යුතුයි. සැලකිල්ලට ගන්න: ඔක්තෝබර් 1වන සෙනසුරාදා සහ ඔක්තෝබර් 2වන ඉරිදා, විශේෂ සඟරා දවස් ලෙස නම් කර ඇත. මුරටැඹ සහ පිබිදෙව්! සඟරා සමඟින් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ යන විවරණිකාව සහ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ පිළිතුරු දෙති යන පත්‍රිකාව බෙදාහැරීමට නියමිතය. නොවැම්බර්: උතුම් ගුරවරයාගෙන් ඉගෙනගනිමු යන පොත බෙදාහැරේ. තමාට දරුවන් නැතැයි කියා ගෙවැසියා පවසන්නේ නම්, දැනුම පොත හෝ බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? යන පත්‍රිකාව බෙදා දෙන්න.

◼ ඔක්තෝබර් මාසයේදී සති අන්ත පහක් තිබේ. උපකාරික පුරෝගාමි සේවය කිරීමට එය කදිම මාසයකි.

◼ මුලසුන භාර අවේක්ෂක හෝ ඔහු විසින් පත් කරනු ලබන කෙනෙක් සැප්තැම්බර් 1වනදා හෝ ඊටපසුව හැකි විගස සභා ගිණුම් විගණනය කළ යුතුයි. නඩත්තුවට හෝ ගොඩනැඟිලි කටයුතු සඳහා වෙනම ගිණුමක් තිබේ නම්, එයද විගණනය කිරීමට කටයුතු යෙදිය යුතුයි. අනතුරුව සභාවේ ඊළඟ ගිණුම් වාර්තාව ඉදිරිපත් කරන විට ගිණුම් විගණනය කර තිබෙන බව නිවේදනය කරන්න.

◼ කිසිම කෙනෙක් තමන්ගේ පෞද්ගලික ලිපි බහාලන ලිපි කවරවල ආපසු ලැබෙන ලිපිනය වශයෙන් කිසිම විටෙක ශාඛා කාර්යාලයේ ලිපිනය සඳහන් නොකළ යුතු බව මතක් කරමු. උනන්දුව දක්වන පුද්ගලයන්ට, නිවෙස්වල නොසිටි අයට හෝ යා නොහැකි නිවෙස්වල සිටින පුද්ගලයන්ට ලිපි හා වෙනත් පොත් පත් යවද්දී ශාඛා කාර්යාලයේ ලිපිනය සඳහන් කරන්නට එපා. යම් ප්‍රචාරකයෙකුට, කැමති නම් තමන්ගේ පෞද්ගලික ලිපිනය සඳහන් කිරීමට හැකියි. මන්ද ඔහු කරන සේවය ඔහු පෞද්ගලිකව දෙවිට කරන සේවයක් නිසා. (මතෙ. 28:19, 20; රෝම 10:14, 15) කෙසේවෙතත්, ලිපි යවන විට ආපසු ලැබෙන ලිපිනය වශයෙන් තමන්ගේ පෞද්ගලික ලිපිනය සඳහන් කිරීමට යමෙක් අකමැති නම් ඔහුට ඔහුගේ නම සහ රාජ්‍ය ශාලාවේ ලිපිනය යොදාගත හැකියි.—2002 මැයි අපගේ රාජ්‍ය සේවාවේ ප්‍රශ්න පෙට්ටිය බලන්න.

◼ සභාව සතු සියලුම පොත් පත්වල හා සඟරාවල වාර්ෂික තොග ගණන් ගැනීම 2005 අගෝස්තු 31වන දින හෝ එදිනට ආසන්න දිනකදී කළ යුතුයි. මෙම තොග ගණන් ගැනීම, පොත් පත් සම්බන්ධීකරණ සේවක විසින් මාසිකව කරනු ලබන පොත් පත් ගණන් ගැනීමට සමාන වන අතර, මුළු එකතුව පොත් පත් තොග ලේඛනයට (S-18) ඇතුළත් කළ යුතුයි. අතැති සඟරාවල මුළු එකතුව පොත් පත් සේවක(යන්)ගෙන් දැනගත හැකියි. සම්බන්ධීකරණ සභාවේ ලේකම් පොත් පත් තොගය අධීක්ෂණය කළ යුතුයි. සම්බන්ධීකරණ සභාවේ මුලසුන භාර අවේක්ෂක සහ ලේකම් මෙම පෝරමයට අත්සන් තැබිය යුතුයි. සෑම සම්බන්ධීකරණ සභාවකටම පොත් පත් තොග ලේඛන පෝරම (S-18) තුනක් ඉදිරියේදී ලැබෙනු ඇත. කරුණාකර, සැප්තැම්බර් 6වනදාට කලින්, මුල් පිටපත ශාඛා කාර්යාලයට තැපැල් කරන්න. පිටපතක් ඔබේ සභාවේ ලිපි ගොනුවේ තබාගන්න. තුන්වන පිටපත පොත් පත් තොගය ගණන් කරන විට සටහන් කිරීමට යොදාගත හැකියි.

◼ සිහි කිරීමේ ආරාධනා පත් අයදුම් කිරීමකින් තොරව සභාවන් වෙත එවන්නේ නැත. සෑම සභාවක්ම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් තමන්ට අවශ්‍ය ආරාධනා පත් කොපමණදැයි තීරණය කළ යුතු අතර, ඒවා පොත් පත් ඉල්ලුම් පෝරමයේ (S-14) සඳහන් කර එවන්න. වර්ෂ 2006 සඳහා සිහි කිරීමේ ආරාධනා පත් 2005 සැප්තැම්බර් 6දාට පෙර සමිතියට එවිය යුතුයි. මෙම ආරාධනා පත් මුද්‍රණය කරනු ලබන්නේ සමිතියට මේ දිනයට ලැබෙන අයදුම්වලට අනුව පමණි. මෙම අයදුම නියමිත දිනට නොලැබුණොත්, සිහි කිරීමේ කාලයේදී යොදාගැනීමට සභාවන්ට මෙම ආරාධනා පත් නොතිබෙනු ඇත. ඒ නිසා, මෙම අයදුම නියමිත දිනට පෙර එවීමට සභා සේවා කමිටු වගබලා ගත යුතුයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න