සේවා රැස්වීම් වැඩසටහන
මැයි 9න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 217
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. අටවන පිටුවේ සඳහන් පළමු යෝජනාව යොදාගනිමින් (ඔබේ බලප්‍රදේශයට ගැළපෙනවා නම්) මැයි 1 මුරටැඹ සඟරාව සහ මැයි 8 පිබිදෙව්! සඟරාව ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. වෙනත් ගැළපෙන ඉදිරිපත් කිරීම්ද යොදාගත හැකියි. එක නිරූපණයකදී ගමනාගමනයේ යෙදෙන විට අවිධිමත් ලෙස සඟරා ඉදිරිපත් කරන අයුරු පෙන්වන්න.
විනා. 15: සිතට කාවැද්දවීමට දේවවචනය යොදාගන්න. වර්ෂ 2005 පෙබරවාරි 1 මුරටැඹ 28-31 දක්වා පිටු මත පදනම් කතාවක්. පේතෘස්ට උපකාර කිරීමට යේසුස් ශුද්ධ ලියවිලි භාවිත කළ ආකාරය ගැන සාකච්ඡා කරන්න. අපගේ දරුවන්ගේ, අපගේ බයිබල් ශිෂ්‍යයන්ගේ සහ අපේම අදහස් සහ හැඟීම් නිවැරදි කරගැනීමට අවශ්‍ය වන අවස්ථාවකදී යේසුස්ගේ ආදර්ශය අනුගමනය කිරීමට අපට හැකි ආකාරය සාකච්ඡා කරන්න.
විනා. 20: “පවුලේ අයට ගැළපෙන කාලසටහනක් සාදාගැනීම.” හැඳින්වීමට විනාඩි දෙකකට වඩා අඩු කාලයක් ගෙන ලිඛිත කාලසටහනක වැදගත්කම හුවා දක්වමින් 6 පිටුවේ ඇති හිස් කාලසටහන පුරවන ආකාරය ගැන සාකච්ඡා කරන්න. “පවුලේ කාලසටහන—සභා රැස්වීම්” යන ලිපිය ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න. සබයේ සිටින අය තම කටයුතු සභා රැස්වීම්වලට සහභාගි වීම සඳහා බාධාවක් කර නොගන්නේ කෙසේද කියා අදහස් දැක්වීමට ආරාධනා කරන්න. පවුලේ කාලසටහනේ අමතර අංග ඉදිරි සතිවලදී සාකච්ඡා කරනු ඇත.
ගීතිකා අංක 176 සහ අවසාන යාච්ඤාව.
මැයි 16න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 201
විනා. 10: සභා නිවේදන.
විනා. 15: “පවුලේ කාලසටහන—පවුලක් ලෙස ක්ෂේත්‍ර සේවයේ යෙදීම”aපවුලක් හැටියට නිතිපතා එකතු වී දේවසේවයේ යෙදීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
විනා. 20: “ප්‍රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම—9වන කොටස”bදෙවන ඡේදය සාකච්ඡා කරන විට 2004 දෙසැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ 8 වන පිටුවේ සඳහන් කරුණක් දෙකක් ගෙනහැර දක්වන්න. බයිබල් පාඩමක් කෙටියෙන් නිරූපණය කරන්න. ඕනෑ කරන්නේ විවරණිකාවේ දෙවන පාඩම අවසන් කළාට පසු බයිබල් පාඩම පවත්වන්නා ශිෂ්‍යයාගෙන් මෙසේ අසයි. “දෙවිගේ නම මොකද්ද කියලා ඔයා යාළුවෙකුට විස්තර කරලා දෙන්නේ කොහොමද?” ගීතාවලිය 83:17 විස්තර කරන ආකාරය ශිෂ්‍යයා පැහැදිලි කරයි. ඉන්පසු පාඩම පවත්වන්නා ඔහුට ප්‍රශංසා කරයි.
ගීතිකා අංක 134 සහ අවසාන යාච්ඤාව.
මැයි 23න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 194
විනා. 12: සභා නිවේදන. ලැබුණ සම්මාදම් ගැන සඳහන් කරමින් ගිණුම් වාර්තාව කියවන්න. අටවන පිටුවේ සඳහන් යෝජනා (ඔබේ බලප්‍රදේශයට ගැළපෙනවා නම්) යොදාගනිමින් මැයි 15 මුරටැඹ සඟරාව සහ මැයි 8 පිබිදෙව්! සඟරාව ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. වෙනත් ගැළපෙන ඉදිරිපත් කිරීම්ද යොදාගත හැකියි.
විනා. 18: “යෙහෝවාගේ මහත් දවස ළඟය”cමෙම කොටස සූදානම් වෙද්දී දානියෙල්ගේ අනාවැකිය නම් පොතේ 59 පිටුවේ 28 ඡේදය බලන්න.
විනා. 15: “පවුලේ කාලසටහන—පවුලේ පාඩම”dපවුලේ පාඩමට කාලය වෙන් කරන ආකාරය ගැනත් නිතිපතා එයට ඇලී සිටීමට දරන වෑයම ගැනත් අදහස් දැක්වීමට එක්කෙනෙකුව හෝ දෙන්නෙකුව කලින් සූදානම් කරන්න.
ගීතිකා අංක 152 සහ අවසාන යාච්ඤාව.
මැයි 30න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 190
විනා. 10: සභා නිවේදන. මැයි සේවා වාර්තාව දමන්න කියා ප්‍රචාරකයන්ට සිහිගන්වන්න. ජූනි මාසයේ ඉදිරිපත් කිරීම ගැන සඳහන් කරන්න. වර්ෂ 2005 අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයේ තිබෙන ඉදිරිපත් කිරීමට යෝජනා නමැති කොටසෙන් උපුටාගත් යෝජනාවක් දෙකක් (ඔබේ බල ප්‍රදේශයට ගැළපේ නම්) ඉදිරිපත් කරන්න. වෙනත් ප්‍රායෝගික ඉදිරිපත් කිරීම්ද යොදාගත හැකියි.
විනා. 20: “පවුලේ කාලසටහන—දිනපදය”eපවුලක් වශයෙන් එකට එකතු වී දිනපදය සලකා බැලීමෙන් ලද ප්‍රයෝජන ගැන හා එසේ කිරීමට ප්‍රායෝගික වූයේ කිනම් වෙලාවද යන්න ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
විනා. 15: මාර්තු, අප්‍රියෙල් සහ මැයි මාසවලදී ක්ෂේත්‍ර සේවයේ යෙදෙද්දී ලද අද්දැකීම් ගැන විස්තර කිරීමට සහ නිරූපණය කිරීමට සලස්වන්න. සිහිකිරීමේ කාලයේදී වැඩියෙන් දේවසේවයේ හවුල් වීමට දැරූ වෑයම් ගැනත් ඉන් ලද ආශීර්වාද ගැනත් අදහස් දැක්වීමට එක්කෙනෙකුව හෝ දෙදෙනෙකුව කලින් සූදානම් කරන්න.
ගීතිකා අංක 115 සහ අවසාන යාච්ඤාව.
ජූනි 6න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 155
විනා. 10: සභා නිවේදන.
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 20: “සඟරා මාර්ගයකදී උනන්දුව වර්ධනය කිරීම”fතුන්වන ඡේදය සාකච්ඡා කරන විට දේවරාජ්‍ය මගින් සිදු කරන දේවල් ගැන සලකා බලන්න: මිනිසා තුළ තිබෙන යුද බිය මුළුමනින්ම නැති වෙයි (යෙසා. 2:4), දූෂිත පාලකයන් හා හිංසා පීඩා කිරීම් පොළොවෙන් තුරන් වී යයි (ගීතා. 72:12-14), සියලු ආකාරයේ ලෙඩ සහ අබල දුබලතා ඉවත් කෙරෙයි (ලූක් 7:22; 9:11), යෙහෝවාගේ නාමය විශුද්ධ වන අතර පරමාධිපත්‍ය තහවුරු වෙයි (එස. 38:23). දේවරාජ්‍යයෙන් ඉටු කෙරෙන දේ පිළිබඳව එක බයිබල් පදයකින් සාකච්ඡාවන් පෙළක් කරගෙන යෑමට මෙම කොටස යොදාගත හැකියි. ප්‍රචාරකයෙකුට සඟරා මාර්ගයකදී හමු වෙන පුද්ගලයෙක් සමඟ බයිබල් පදයකින් සාකච්ඡාවක් කළ හැකි අයුරු පෙන්වන නිරූපණයක් ඇතුළත් කරන්න. ගෙවැසියාට බයිබල් පදයක අදහස නිවැරදිව තේරුම්ගැනීමට සහ තමන්ගේ ජීවිතයට එය අදාළ කරගත හැකි ආකාරය දැකගැනීමට උපකාර කිරීම සඳහා ප්‍රචාරකයා කෙටි සාකච්ඡාවක් කරමින් එහි අදාළත්වය නිදර්ශනය කරයි.
ගීතිකා අංක 107 සහ අවසාන යාච්ඤාව.
[Footnotes]
a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
d හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
e හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
f හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.