දිව්‍යාණ්ඩු සේවා පාසැලේ පුනරීක්ෂණය
මතු දැක්වෙන ප්‍රශ්න 2005 අප්‍රියෙල් 25වන දා සිට පටන්ගන්නා සතියේදී දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී වාචිකව සලකා බලනු ලැබේ. පාසැල් අවේක්ෂක විසින් 2005 මාර්තු 7 සිට අප්‍රියෙල් 25 දක්වා වූ සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 30කට දිවෙන පුනරීක්ෂණයක් මෙහෙයවනු ලබයි. [සැලකිල්ලට ගන්න: ප්‍රශ්නයෙන් පසු යොමුසටහනක් දක්වා නැති අවස්ථාවලදී, පිළිතුරු සෙවීම සඳහා පෞද්ගලිකව පර්යේෂණය කිරීමට ඔබට සිදු වේ.—සේවා පාසැල් පොතේ 36 සහ 37 පිටු බලන්න.]
කථික ගුණාංග
1. කතාවක් සූදානම් කිරීමේදී අපට පවරා ඇති තොරතුරු මූලාශ්‍රය හොඳින් යොදාගන්නේ කෙසේද? එය වැදගත් වන්නේ මන්ද? [be 234 පි. 1-3 ඡේ., කොටු]අප නියමිත තොරතුරු මූලාශ්‍රය හොඳින් යොදාගන්නේ, පවරා ඇති විෂය, ශුද්ධ ලියවිලි සහ ප්‍රධාන කරුණු වටා අපේ කතාව ගොඩනැඟීමෙන්. මෙසේ කිරීමෙන් විශ්වාස වූ නුවණැති දාසයා මගින් සපයා ඇති ආත්මික ආහාර ලබා දීමේ වැඩසටහන අපි අගය කරනවා. (මතෙ. 24:45)
2. කතාවකදී නියමිත තොරතුරුවලින් අප පියවිය යුත්තේ කොතරම් ප්‍රමාණයක්ද? [be 234 පි. 4 ඡේ.–235 පි. 1 ඡේ.]නියමිත කාලය තුළදී බලපෑමෙන් යුතුව හැසිරවිය හැකි තොරතුරු පමණක් අප පියවිය යුතුයි. එසේ කළ යුත්තේ කතාවේ පරමාර්ථය ඉටු කරගැනීමට වැඩි අවධානයක් දෙමින්. අපි හොඳ ඉගැන්වීමේ ක්‍රම සහ වැදගත් කරුණු ගොඩනැඟීම පසෙක ලා තොරතුරු රැසක් උඩින් පල්ලෙන් සාරාංශ නොකළ යුතුයි.
3. ක්ෂේත්‍ර සේවයේදී සාකච්ඡාවක් දිගටම කරගෙන යෑමට ප්‍රශ්න යොදාගන්න අපිට හැක්කේ කෙසේද? (ක්‍රියා 8:30) [be 236 පි. 2-5 ඡේ.]“ඔබ කවදා හරි . . . කල්පනා කර තිබෙනවාද?” නැතහොත් “ . . . ගැන ඔබ හිතන්නේ කුමක්ද?” එවන් ප්‍රශ්න ඇසීමෙන් බොහෝ සාක්ෂිකරුවන් ජනයාට තම අදහස් ප්‍රකාශ කිරීමට දිරිගන්වනවා. තම අදහස් උදහස් දැක්වීමට අවස්ථාවක් දුන් විට අපට සවන් දීමට බොහෝදෙනෙක් වැඩි කැමැත්තක් දක්වාවි.
4. තම ‘බුද්ධිය’ හෝ ‘ඥානය’ භාවිත කිරීමට බයිබල් ශිෂ්‍යයන්ට උපකාර කිරීම සඳහා අප ප්‍රශ්න යොදාගන්නේ කෙසේද? (රෝම 12:1) [be 238 පි. 2 ඡේ.]ප්‍රධාන කරුණු සාකච්ඡා කරන විට, නිකම්ම මුද්‍රිත පිළිතුරු කටපාඩමින් නොදීමට ශිෂ්‍යයාට උපකාර කිරීම සඳහා කාරුණික ස්වරයකින් ප්‍රශ්න අසන්න අපිට පුළුවන්. ඔවුන්ගෙන් මෙසේ ඇසිය හැකියි. “අප දැන් සාකච්ඡා කරන මෙම කාරණය අප කලින් සාකච්ඡා කළ අනෙක් කරුණට අදාළ වන්නේ කෙසේද? එය වැදගත් වන්නේ මන්ද? එය අපගේ ජීවිතවලට බලපෑ යුත්තේ කෙසේද?” යම් කාරණයක් සම්බන්ධයෙන් අපට තිබෙන විශ්වාසය පළ කරනවා වෙනුවට ප්‍රශ්න ඇසීම ශිෂ්‍යයන්ට තමන්ගේම ‘බුද්ධිය’ හෝ ‘ඥානය’ භාවිත කිරීමට උපකාර වෙනවා.
5. රෝම 8:31, 32 සහ යෙසායා 14:27හි නඟා ඇති ප්‍රශ්නවලින් කුමන බලපෑමක් ඇති කරන්නේද? [be 239 පි.1-2 ඡේ.]ආනුභාවය ලත් බයිබල් ලේඛකයන් එම අවස්ථා දෙකේදීම, තම විශ්වාසය පළ කිරීමට ප්‍රශ්න යොදාගත්තා. මෙම පදවල ඇති ප්‍රශ්න තනා තිබෙන ආකාරයෙන් පැහැදිලි වන්නේ ඒ තුළ තිබෙන අදහස ප්‍රතික්ෂේප කළ නොහැක්කක් බවයි. අප පවසන දේ අවධාරණයෙන් යුතුව පැවසීමට මෙවැනි ප්‍රශ්න යොදාගැනීමට අපිට හැකියි.
පැවරුම් අංක 1
6. ගෝලයන් සෑදීමේ කාර්ය සඳහා අප ‘ක්‍රිස්තුස්ව අත්තිවාරමක් ලෙස දමන්නේ’ කෙසේද? (1 කොරි. 3:11) [be 278 පි. 1-2 ඡේ.]‘ක්‍රිස්තුස්ව අත්තිවාරමක් ලෙස’ දැමීම සඳහා යේසුස්ගේ මිදීමේ මිල පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීමට අපි ජනයාට උපකාර කළ යුතුයි. එය ගැලවීම සඳහා පදනමයි. සුවිශේෂවල තිබෙන වාර්තා අනුව තමන්ගේ ජීවිත හැඩගස්වාගනිමින් යේසුස්ගේ ආදර්ශය කිට්ටුවෙන් අනුගමනය කිරීමට ශිෂ්‍යයන්ට ඉගැන්විය යුතුයි. (1 පේතෘ. 2:21) අපේ ශිෂ්‍යයන්ට තීරණගැනීමට සිදු වන අවස්ථාවලදී මෙවැනි ප්‍රශ්න තමාගෙන්ම අසාගැනීමට අපි ඔවුන්ව දිරිගැන්විය යුතුයි. ‘මෙවැනි තත්වයකදී යේසුස් මොනවා කරයිද? මා ගන්නා ක්‍රියාමාර්ගය තුළින් ඔහු මා වෙනුවෙන් කර ඇති දේ සඳහා නිසි අගයක් පිළිබිඹු වේවිද?’ (යොහ. 14:15, 21)
7. වර්ෂ 1914දී යෙහෝවා තම පුත්‍රයාට පාලන බලය පවරා දුන් බැවින් “ඔබගේ රාජ්‍ය පැමිණේවා” කියමින් යාච්ඤා කිරීමේදී අප අදහස් කරන්නේ කුමක්ද? (මතෙ. 6:9, 10) [be 279 පි. 4 ඡේ.] “ඔබගේ රාජ්‍ය පැමිණේවා” කියමින් අප යාච්ඤා කරන්නේ දානියෙල් 2:44 සහ එළිදරව් 21:2-4 වැනි අනාවැකි ඉටු කිරීමට එම ස්වර්ගික රාජ්‍ය විසින් ගත යුතු තීරණාත්මක පියවර මනසේ පෙරදැරි කරගෙනය. දෙවිගේ රාජ්‍ය පාලනය තුළින් ළඟදී ලබා දෙන ආශීර්වාද ගැන ප්‍රකාශ කිරීමට අපට පවරා ඇත. (මතෙ. 24:14)
8. කියවීමේ හැකියාව කෙරෙහි සියලුම ක්‍රිස්තියානීන් උනන්දුවක් දැක්විය යුත්තේ මන්ද? මේ සම්බන්ධයෙන් යේසුස් ආදර්ශයක් තැබුවේ කෙසේද? [w03 3/15, 10 පි. 5 ඡේ.; 12 පි. 2 ඡේ.]දෙවි ඔහුගේ වචනය ලිඛිතව ලබා දීමේදී බලාපොරොත්තු වූයේ ඔහුට නමස්කාර කරන්නන් හැකි පමණින් සාක්ෂරතා හැකියාව දියුණු කරගැනීමයි. ශුද්ධ ලියවිලි හා බයිබලය මත පදනම් පොත් අවබෝධයෙන් යුතුව කියවීමෙන් දෙවිගේ උපදෙස් අදාළ කරගැනීමට සහ ‘සත්‍යයේ වචනය හරියාකාරව හැසිරවීමට’ පහසු වේ. (2 තිමෝ. 2:15) යේසුස්ට වයස අවුරුදු 12දී, හොඳ සාක්ෂරතා හැකියාවක් තිබුණ බව පෙනී යන්නේ ඔහු දේවමාලිගාවේදී උගත් මිනිසුන් සමඟ කළ අර්ථවත් සංවාදය නිසයි. (ලූක් 2:46, 47)
9. යොෂියා සහ යේසුස්ගේ ආදර්ශ මගින් යෞවනයන්ට ආත්මික දියුණුවක් ලබාගැනීමට හැකි වන්නේ කෙසේද? [w03 4/1 8 පි. 3-4 ඡේ; 10 පි. 3 ඡේ.] තරුණ යොෂියා රජ දෙවිගේ වචනය තමාට ඇසෙන සේ කියවීමට සැලැස්සුවා. ඔහුගේ සවනට වැකුණ දේ ඔහුගේ හදවතට තදින්ම බලපෑවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් යෙහෝවාට සේවය කිරීමට සහ පරිශුද්ධ නමස්කාරය ප්‍රවර්ධනය කිරීමේ ලා වැඩි මෙහෙයක් ඉටු කිරීමට ඔහු පෙලඹුණා. (2 ලේක. 34:14-21, 33) යේසුස් යෙහෝවාට සේවය කිරීම ගැන සැලකුවේ ඉටු කිරීමට තිබූ ඉලක්කයක් පමණක් නොව ඉටු කළ යුතු මෙහෙයක් ලෙසයි. ඔහු දෙවිගේ කැමැත්ත කිරීමෙන් ඉමහත් ප්‍රීතියක් හා තෘප්තියක් අද්දැක්කා. (යොහ. 4:34) මැවුම්කරුවා ගැන දැනගැනීමෙන් ලබන ආත්මික දියුණුව සඳහා යෞවනයන් හරි නැඹුරුවාවක් ඇති කරගත යුතුයි.
10. අපට අපගේ විශ්වාසය දෙවි කෙරෙහි තැබිය හැක්කේ මන්ද? (හිතෝ. 3:5, 6) [w03 11/1 4 පි, 6-7 ඡේ.]යෙහෝවා දෙවි ශුද්ධව සිටින නිසාත් ඔහු දූෂිත පුද්ගලයෙකු හෝ කර්කශ ලෙස ක්‍රියා කරන්නෙකු නොවන නිසාත් ඔහු කෙරෙහි විශ්වාසය තබන්න අපට හැකියි. (යෙසා. 6:3) එපමණක්ද නොව, දෙවි කරන සෑම දෙයකදීම ඔහුව ක්‍රියාවට පොලඹවන්නේ ඔහුගේ අසමසම ප්‍රේමයයි. (1 යොහ. 4:8) ඊට අමතරව, වෙන කවරෙකුටවත් වඩා හොඳින් ඔහු අපව තේරුම්ගනියි. (ගීතා. 139:1, 6)
සතිපතා බයිබල් කියවීම
11. ඊශ්‍රායෙල් ජාතිය පාලනය කිරීමට ඔවුන් අතර රජෙකු නොසිටි අවස්ථාවේදී “ස්වකීය රජ්ජුරුවන්ට ශක්තිය” දෙන්න කියා හන්නා යෙහෝවාට යාච්ඤා කළේ මන්ද? (1 සාමු. 2:10)ඊශ්‍රායෙල්වරුන්ට ඉදිරියේදී රජෙකු සිටියි කියා මෝසෙස්ට දෙන ලද නීතියෙහි පුරෝකථනය කර තිබුණා. (ද්වි. 17:14-18) මරණාසන්නව සිටියදී යාකොබ් මෙසේ පුරෝකථනය කළා. ‘යූදා කෙරෙන් ජයකොන්තය [රාජකීය අධිකාරිත්වයේ සංකේතය ] පහ නොවන්නේය.’ (උත්. 49:10) එපමණක්ද නොව, ඊශ්‍රායෙල්වරුන්ගේ මුතුන් මිත්තණියක වන සාරා ගැන යෙහෝවා මෙසේ පැවසුවා. “වර්ගයන්ගේ රජවරු ඇගෙන් වන්නෝය.” (උත්. 17:16) මේ අනුව හන්නා යාච්ඤා කරමින් සිටියේ අනාගතයේ සිටිනු ඇති රජෙකු ගැනයි. [1, w05 3/15 “යෙහෝවාගේ වචනය ජීවමානය––1වන සාමුවෙල් පොතෙන් විශේෂාංග”]
12. ඊශ්‍රායෙල්වරුන් අතරේ ගිවිසුම් පෙට්ටිය තිබුණත් ඔවුන් පරාජය වුණා. ඉන් අපට උගත හැක්කේ කුමක්ද? (1 සාමු. 4:3, 4, 10)යම් භෞතික වස්තුවකට දේවබලයක් ඇතැයි කියා සලකා ඒ කෙරෙහි විශ්වාසය තැබීමෙන් විනාශකාරී ප්‍රතිඵල ඇති විය හැකියි. යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය වැනි ශුද්ධ වස්තුවක් තිබූ පමණින් ඔවුන්ට ආරක්ෂාවක් ලැබුණේ නැහැ. අප ‘දේවතා රූපවලින්’ ආරක්ෂා විය යුතුයි. (1 යොහ. 5:21 ) [1, w05 3/15 “ යෙහෝවාගේ වචනය ජීවමානය––1වන සාමුවෙල් පොතෙන් විශේෂාංග”; w02 7/1, 6-8 පි.]
13. පළමුවෙනි ලේකම් 2:13-15හි දාවිත්ව යෙස්සේගේ සත්වෙනි පුත්‍රයා ලෙස හඳුන්වා දෙන නමුත් ඔහු අටවෙනි පුත්‍රයා බව 1 සාමුවෙල් 16:10, 11හි දක්වා තිබෙන්නේ මන්ද?යෙස්සේට පුත්‍රයන් අටදෙනෙක් සිටි බව ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙනවා. (1 සාමු. 17:12 ) ඔහුගේ එක පුත්‍රයෙක් විවාහ වී දරුවන් ජනිත කිරීමට පෙර මිය ගියා කියා නිගමනය කරන්න පුළුවන්. දරුවන් නොසිටි නිසා ගෝත්‍රික උරුමයට අයිතිවාසිකම් කියාපෑමට ඔහුට නොහැකි වුණා. ඒ වගේම යෙස්සේගේ පවුලේ පෙළපත් වාර්තාවට ඔහුව ඇතුළත් කර තිබුණේ නෑ. [5, w02 9/15, 31 පි.]
14. සාවුල්ව භය කළ “නපුරු ආත්මය” කුමක් වීද? (1 සාමු. 16:14)සාවුල්ගේ මානසික සුවය ඔහුට අහිමි කළ නපුරු ආත්මය වූයේ ඔහුගේ මනසේ සහ හදවතේ තිබූ නපුරු නැඹුරුවාවයි. එනම් වැරදි දේ කිරීමට ඔහු තුළ තිබූ ඇතුළාන්ත පෙලඹීමයි. යෙහෝවා සිය ශුද්ධාත්මය සාවුල්ගෙන් ඉවත් කළ විට ඔහුගේම නපුරු ස්වභාවය හෙවත් ආත්මය ඔහු තුළ බලපවත්වන්න පටන්ගත්තා. දෙවිගේ ආත්මය වෙනුවට එම නපුරු ස්වභාවය සාවුල් තුළ බලපැවැත්වීමට දෙවි ඉඩ දුන් නිසා එය “යෙහෝවාගෙන් පැමිණි නපුරු ආත්මයක් ” ලෙස හැඳින්විය හැකියි. [5, w05 3/15 “යෙහෝවාගේ වචනය ජීවමානය––1වන සාමුවෙල් පොතෙන් විශේෂාංග”]
15. ඒන්දොර්හිදී ආත්ම බන්ධනකාරියක් තුළින් “සාමුවෙල්” පුරෝකථනය කළ දේ නිවැරදිද? (1 සාමු. 28:16-19)නැහැ. පිලිස්තියයන් සමඟ සාවුල් කළ සටනේදී ඔහු බරපතළ ලෙස තුවාල ලැබුවත් ඔහු මැරුණේ සිය දිවි නසාගැනීමෙනුයි. (1 සාමු. 31:1-4) සාවුල් සමඟ ඔහුගේ සියලු පුත්‍රයන් මිය යන බවට පුරෝකථනය කර තිබුණත් ඔහුගේ පුත් ඊෂ්බොෂෙත් දිවි ගලවාගත්තා. [8, w88 1/15 3 පි. 3-4 ඡේ.]