දිව්‍යාණ්ඩු සේවා පාසැලේ පුනරීක්ෂණය
මතු දැක්වෙන ප්‍රශ්න 2005 පෙබරවාරි 28වන දා සිට පටන්ගන්නා සතියේදී දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී වාචිකව සලකා බලනු ලැබේ. පාසැල් අවේක්ෂක විසින් 2005 ජනවාරි 3වන දා සිට පෙබරවාරි 28වන දා දක්වා වූ සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 30කට දිවෙන පුනරීක්ෂණයක් මෙහෙයවනු ලබයි. [සැලකිල්ලට ගන්න: ප්‍රශ්නයෙන් පසු යොමුසටහනක් දක්වා නැති අවස්ථාවලදී, පිළිතුරු සෙවීම සඳහා පෞද්ගලිකව පර්යේෂණය කිරීමට ඔබට සිදු වේ.—සේවා පාසැල් පොතේ 36 සහ 37 පිටු බලන්න.]
කථික ගුණාංග
1. තේරුම්ගැනීමට පහසු ආකාරයෙන් අපට කතා කළ හැක්කේ කෙලෙසද? [be 226 පි. 1 ඡේ.–227 පි. 2 ඡේ.]යේසුස් කන්ද උඩ දේශනාවේදී කළාක් මෙන් සරල භාෂා ශෛලියක් භාවිත කිරීමෙනි. කෙටි වාක්‍ය භාවිත කිරීමත්, මූලික කරුණු කිහිපයකට සීමාවීමත්, අපගේ තොරතුරු නිසි ලෙස පෙළගැස්වීමත්, නුහුරු යෙදුම් පැහැදිලි කිරීමත්, ශුද්ධ ලියවිලි පද රාශියක් වේගයෙන් කියවනවා වෙනුවට ඒවා පැහැදිලිව විස්තර කිරීමට කාලය ගැනීමත් අවශ්‍යය.
2. විස්තර සහිතව පැහැදිලි කළ යුත්තේ කවර යෙදුම්ද? [be 227 පි. 3 ඡේ.–228 පි. 1 ඡේ.] (1 ) යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විශේෂ වූ “පුරෝගාමියා,” “චාරිකා අවේක්ෂක” සහ “සිහි කිරීම” වැනි යෙදුම්; (2 ) “ආත්මය,” “අර්මගෙදොන් ” සහ “වේශ්‍යාකම” වැනි පොදු භාවිතයේ ඇති නමුත්, නිවැරදිව තේරුම්ගෙන නැති යෙදුම්; (3 ) “රියන” වැනි පුරාණයේ භාවිත කළ මිනුම් ඒකක සහ යම් සිරිත් විරිත් ආශ්රිත යෙදුම්.
3. අපට සවන් දෙන අයව සැබවින්ම දැනුවත් කරවන තොරතුරු ඉදිරිපත් කිරීමට උපකාරවත් වන්නේ කවර දේවල් සිතෙහි තබාගැනීමද? [6, be 231 පි. 1-3 ඡේ.]අදාළ තොරතුරු විමර්ශනය කරද්දී කුමක්ද, ඇයි, කවදාද, කොහේද, කවුද සහ කෙසේද යන ප්‍රශ්න අසමින් අපගේ කල්පනා ශක්තිය අවදි කරගත යුතුයි. ඔබේ මනසට නිරායාසයෙන්ම නැඟෙන තොරතුරු ඇතුළත් නොකරන්න. සබය දැනටමත් දන්නා තොරතුරු ඔවුන් ඉදිරියේ තැබීමෙන්ද වළකින්න. ඒ වෙනුවට පර්යේෂණ කිරීමෙන් විෂය පිළිබඳ අපගේ අවබෝධය පුළුල් කරගත යුතුය.
4. හුරුපුරුදු බයිබල් පදයක් සබය දැනුවත් කරවන අන්දමකින් සාකච්ඡා කිරීම සඳහා කුමක් කළ හැකිද? [be 231 පි. 4-5 ඡේ.]එම පදය කොටස් කිහිපයකට බෙදා, එම කොටස්වලින් අපගේ තේමාවට සම්බන්ධ වන කොටස් හඳුන්වා දිය හැකියි. නිදසුනකට, මීකා 6:8 කියවද්දී “යුක්තිය” නැතහොත් “යුතු දේ” යනු කුමක්දැයි ඇසිය හැක. මෙහිදී සාකච්ඡා කෙරෙන්නේ යුක්තිය පිළිබඳ කාගේ ප්‍රමිතියද? ‘යුතු දේ කිරීම’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ඉන්පසුව එම පදය අපගේ තේමාවට, පරමාර්ථයට සහ සබයට අදාළ වන අයුරින් විස්තර කළ හැකිය.
5. හුරුපුරුදු බයිබල් වාර්තාවක් සවිස්තරව සලකා බැලීමට සවන් දෙන අයට උනන්දු කිරීමේ ප්‍රතිඵලය කුමක් විය හැකිද? [be 232 පි. 2-4 ඡේ.]යම් බයිබල් පදයක අවට පාඨ සම්බන්ධය, එහි වචන පවසන තැනැත්තා ගැන සහ එය ලිවීමට හේතු වූ සිද්ධීන් ගැන අදහස් දැක්වීමෙන් අපට සවන්දෙන්නන් දැනුවත් කළ හැකිය. දේවවචනය වඩාත් පරෙස්සමින් කියවීමටත්, බයිබලයේ සඳහන් සිදුවීම්වල වැදගත්කම වඩාත් පැහැදිලිව තේරුම්ගැනීමටත් මෙය ඔවුන්ට උපකාර කළ හැකිය. (මතෙ. 22:41-45; ලූක් 20:37, 38 )
පැවරුම් අංක 1
6. ‘සැබෑ දෙවිට භය වෙමින් ඔහුගේ ආඥාවන් රක්ෂා කරන්න’ කියා ඉගැන්වීමේදී ඇතුළත් වන්නේ මොනවාද? (දේශ. 12:13) [be 272 පි. 3-4 ඡේ.]අහසේ සහ පොළොවේ මැවුම්කරු එකම සැබෑ දෙවි බව ඉගෙනීමට ප්‍රස්තාවක් ජනයාට දිය යුතුය. අනාගතය නිවැරදිව පුරෝකථනය කිරීමටත්, අතීතයේ සිදු කළාක් මෙන් තමන් පොරොන්දු වී ඇති දේ ඉටු කිරීමටත් ඔහුට පුළුවන. සියලුදෙනාම ඔහුට ගණන් දිය යුතුය. (යෙසා. 45:18, 21, 22; 55:10, 11; ක්‍රියා 17:30, 31)
7. යෙහෝවාගේ නාමය පමණක් නොව එම නාමයෙන් හඳුන්වනු ලබන පුද්ගලයා වෙතටත් අවධානය දීමට අපට හැක්කේ කෙලෙසද? (යෝවෙ. 2:32) [ be 274 පි. 2-4 ඡේ.]මැවුම්කරුට නාමයක් ඇති බව උගන්වනවාට අමතරව ඔහුගේ පෞද්ගලිකත්වය ගැන විස්තර සැපයීමටද අපට පුළුවන. (නික්. 34:6, 7 ) රාජ්‍යය තුළින් ලැබෙන ආශීර්වාද ගැන, දෙවිගේ ආඥා ගැන, ඔහු අපගෙන් බලාපොරොත්තු වන දේ ගැන කතා කරන විට ඒවා තුළින් යෙහෝවාගේ ගුණාංග පිළිබිඹු වන අයුරු ගැන කතා කිරීමට පුළුවන. අපගේ අනාගත බලාපොරොත්තු රඳා පවතින්නේ දෙවි මතය. එම නිසා අපගේ ඉලක්කය වන්නේ ජනයා තුළ දෙවි සඳහා නිසි ගරුබියක් ඇති කිරීමය. (ගීතා. 89:7; රෝම 14:12)
8. යේසුස් ගැන දැනුම ලබාගැනීමත්, ඔහු ගැන සාක්ෂි දැරීමත් කොතරම් වැදගත්ද? (යොහ. 17:3) [be 276 පි. 1 ඡේ.]සදාකාල ජීවනය ලබාගැනීම සඳහා යේසුස් ක්‍රිස්තුස් පිළිබඳව නිවැරදි දැනුමක් අත්‍යවශ්‍යය. දෙවිගේ කැමැත්ත නම් ‘යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් බව සියලුදෙනා පිළිගැනීමය.’ (ෆිලි. 2:9-11) අප දෙවිගේ පක්ෂපාත සේවකයන් වන හෙයින්, යේසුස් ගැන සාක්ෂි දැරීමේ වගකීම පැහැරහැරීමට අපට නුපුළුවන. (1 තිමෝ. 2:3-7 )
9. යේසුස්ට පවරා ඇති කාර්යභාරය තේරුම්ගැනීමට නම් දෙවි සමඟ හොඳ සම්බන්ධයක් පවත්වාගැනීම සහ බයිබලය පිළිබඳව නිවැරදි අවබෝධයක් තිබීම අවශ්‍ය වන්නේ මන්ද? [be 276 පි. 2 ඡේ.]යාහන් 14:6ට අනුව දෙවි සමඟ හොඳ සම්බන්ධයක් ඇති කරගැනීමට සහ ඔහුට ළං වීමට අපට හැක්කේ යේසුස් ක්‍රිස්තුස් තුළින් පමණයි. යෙහෝවා තම අරමුණු සියල්ල ඉටු කිරීම සඳහා ප්‍රධාන තැනැත්තා ලෙස තම ඒකජාතක පුත්‍රයාව පත් කළේය. (කොලො. 1:17-20 ) බයිබල් අනාවැකි එම කාරණය වටා ගෙතී ඇත. (එළි. 19:10 )
10. යේසුස් ක්‍රිස්තුස් රජු බව අප ඇත්තටම විශ්වාස කරන බව අපට ඔප්පු කළ හැක්කේ කෙලෙසද? [be 277 පි. 4 ඡේ.]දේවරාජ්‍යය හා සම්බන්ධ කටයුතුවලට මුල් තැන දීමෙන් උද්යෝගයෙන් දේශනා කිරීමෙන් හා ගෝලයන් කිරීමෙන් අපගේ විශ්වාසයට සාක්ෂි සැපයිය හැක. (මතෙ. 6:19-34; 24:14; 28:19, 20 ) යේසුස්ව අනුකරණය කරමින් යොහන් 13:34, 35හි සඳහන් ‘අලුත් ආඥාවට’ එකඟව සැබෑ ප්‍රේමයක් අප තුළින් පිළිබිඹු විය යුතුය.
සතිපතා බයිබල් කියවීම
11. ආබ්‍රහම්ගේ පියා වූ තේරා රූප නමස්කාරකයෙක් වීද? (යෝෂු. 24:2) තේරා මුලදී යෙහෝවා දෙවිට නමස්කාර කළ කෙනෙක් නොවීය. පෙනෙන හැටියට ඔහු නමස්කාර කළේ ඌර් දේශයේ ප්‍රසිද්ධ දෙවියෙකු වූ සින් නමැති සඳ දෙවියාටය. යුදෙව් සම්ප්‍රදායට අනුව තේරා රූප සාදන්නෙකුවද සිටියා විය හැකියි. [2, w04 12/1 “යෝෂුවා පොතෙන් විශේෂාංග”]
12. යෙහෝවා ගිඩියොන්ට පැවරූ වැඩය කිරීමට අවශ්‍ය ධෛර්යය ඔහුට තිබුණේ නැද්ද? ඔබේ පිළිතුරට හේතු දක්වන්න. (විනි. 6:25-27) [w00 8/1, 17 පි. 12 ඡේ]ගිඩියොන් ධෛර්යයෙන් ක්‍රියා කළ අයෙකු බව හෙබ්‍රෙව් 11:32-38 දක්වා වාර්තාවෙන් සනාථ වේ. ‘යුද්ධයේදී එඩිතර වූවෙකු’ ලෙස ඔහුගේ නමද එහි සඳහන් වේ. මීට අමතරව ඔහු සිය පැවරුම ඉටු කළ ආකාරය දෙස බලද්දී තමාගේ සීමාවන් අවබෝධ කරගනිමින්ද හොඳ සිහි නුවණ භාවිත කරමින්ද ඔහු ක්‍රියා කළේය. ඔහු තම කාර්යය ඉටු කළේ වැඩිදෙනෙකුට දැකිය නොහැකි ලෙස රාත්‍රී කාලයේදීය. එපමණක්ද නොව ඔහු තමාට පැවරූ වැඩය කළේ ඉතා කල්පනාකාරීවයි. මෙහිදී ඔහු සේවකයන් දසදෙනෙකුව එම වැඩයට හවුල් කරගත්තේය. ඇතැම්විට මෙසේ කළේ ඔවුන්ගෙන් කිහිපදෙනෙකුගේ උපකාරය ඇතුව පූජාසනය හා ශුද්ධ කණුව විනාශ කරමින් සිටියදී ඉතිරි අය විසින් ඔවුන්ට ආරක්ෂාව සපයා දීම සඳහා විය හැකිය. [4, w00 8/1, 17 පි. 12 ඡේ.]
13. ගිඩියොන් ඒෆ්රායිම් ගෝත්‍රයට කතා කළ අයුරින් අපට උගත හැක්කේ කුමක්ද? (විනි. 8:1-3)ගිඩියොන් හොඳින් තෝරා බේරා සන්සුන් ලෙස වචන හැසිරවීමෙන් එහිදී ඇතිවීමට ගිය විනාශකාරී අන්තර් ගෝත්‍රික ගැටුමක් වළක්වාගන්නා ලදි. ඒෆ්රායිම් ගෝත්‍රිකයන්ට මමත්වය හා උඩඟුකම තිබුණත් සාමකාමී තත්වයක් ඇති කිරීමට ගිඩියොන් එය බාධාවක් කර නොගත්තේය. අද දිනද අන් අය අපට වෛරය කළ හැකියි. අප ඔවුන්ගේ හැඟීම් වටහාගෙන ඔවුන්ගේ ආකල්ප තේරුම්ගැනීමට උත්සාහ කළ යුතුය. [5, w00 8/15, 25 පි. 3-4 ඡේ.]
14. ගිබියාහි වැසියන් ආගන්තුක සත්කාරශීලී වීමට මැළි වීමෙන් පැහැදිලි වන්නේ කුමක්ද? (විනි. 19:14, 15)සාමාන්‍යයෙන් ඊශ්‍රායෙල් නුවරක් එවැනි මැළිකමක් දක්වයි කියා සිතීම පවා උගහටය. මෙයින් පැහැදිලි වන්නේ ඔවුන්ගේ ගුණ යහපත්කම දරුණු ලෙස පිරිහී තිබුණු බවයි. ඒ දවස ගෙවී යද්දී එම දෝෂසහගත තත්වය තව තවත් පැහැදිලි විය. ක්‍රිස්තියානීන්ට උනන්දු කර තිබෙන්නේ “ආගන්තුක සත්කාරය දැක්වීමෙහි යෙදී සිටින්න” කියාය. (රෝම 12:13) [8, w05 1/15 “විනිශ්චයකාරයෝ පොතෙන් විශේෂාංග”]
15. ‘එක එක මනුෂ්‍යයා තම තමාට හොඳව පෙනුණ ලෙස’ කළා නම් යන ප්‍රකාශයෙන් අදහස් කරන්නේ නීතිය තමන් අතට ගෙන ක්‍රියා කිරීමට මිනිසුන්ට දිරිගැන්වූ බවද? (විනි. 21:25)නැත. යෙහෝවා තම සෙනඟට ඇති තරම් මඟ පෙන්වීම් සපයා තිබිණ. තමා බලාපොරොත්තු වන දේ ගැන දැනුවත් කිරීම සඳහා ඔහු නීතියද පූජක තන්ත්රයද පිහිටුවීය. වැදගත් කාරණා සම්බන්ධයෙන් දෙවිගේ තීන්දුව දැනගැනීමට උත්තම පූජකයා, ඌරීම් සහ තුම්මීම් භාවිත කළේය. (නික්. 28:30) සෑම නුවරකම හොඳ උපදෙස් දීමට සමත් වැඩිමහල්ලෝ සිටියෝය. ඕනෑම ඊශ්‍රායෙල් වැසියෙකු මෙම සැපයුම්වලින් ප්‍රයෝජන ගත් විට ඔහු “තමාට හොඳව පෙනුණු” ලෙස ක්‍රියා කළේ හොඳ ප්‍රතිඵල ලබමිනි. [8, w05 1/15 “විනිශ්චයකාරයෝ පොතෙන් විශේෂාංග”]