ක්ෂේත්‍ර සේවයේදී සඟරා ඉදිරිපත් කරන්න
1, 2. මුරටැඹ සහ පිබිදෙව්! සඟරා ජනයාගේ ජීවිතවලට බලපා ඇත්තේ කෙසේද?
1 “උනන්දුව ඇති කරන ලිපි තියෙනවා. ඒ වගේම කාලෝචිතයි. දිරිගන්වනසුලුයි.” “මම කියවලා තියෙන සඟරා අතුරින් හුඟක් ආශාවෙන් කියෙව්වේ මේ සඟරාවයි.” ඉහත අදහස්වලින් පැහැදිලි වන්නේ ලොව පුරා සිටින අය මුරටැඹ හා පිබිදෙව්! සඟරාව අගය කරන ආකාරයයි. “සියලු ආකාර මිනිසුන්” වෙත ශුභාරංචිය රැගෙන යෑමේදී අපගේ සඟරා වටිනා මෙවලමක් වී ඇති බව නොකිවමනාය.—1 තිමෝ. 2:4.
2 එක් ව්‍යාපාරිකයෙක් තමන්ගේ සිත් ගත් විෂයක් සහිත පිබිදෙව්! කලාපයක් ලබාගත්තේය. පසුව ඒ සමඟ ලැබුණ මුරටැඹ කලාපයද ඔහු කියෙව්වේය. ඒ කලාපය කියවීමෙන් පසුව ඒ වන තුරු ත්‍රිත්වය සම්බන්ධයෙන් තමන්ට තිබුණු විශ්වාසය ගැන ඔහු නැවත ඉතා හොඳින් පරීක්ෂා කර බැලුවේය. එසේ කිරීමෙන් ඔහු තුළ උනන්දුවක් ඇති විය. හය මසකට පසුව ඔහු බව්තීස්ම විය. තවත් කෙනෙක් නිතිපතා සඟරා ලබාගත් නමුත් කවදාවත් කියෙව්වේ නැත. ඔහුගේ බිරිඳ සාක්ෂිකාරයන්ව මඟ හැරිය නමුත් තම ස්වාමිපුරුෂයා ලබාගත් සඟරා කියෙව්වාය. ධර්මිෂ්ඨ මිනිසුන් පමණක් වාසය කරන පාරාදීස පොළොවක් ගැන දෙන බයිබල් පොරොන්දුව ගැන දැනගැනීමෙන් ඇයගේ හෘදය ප්‍රීතියෙන් උතුරා ගියාය. කාලය ගෙවෙද්දී ඇයත්, ඇයගේ පුතාත්, ඇගේ නැඟණියත් යෙහෝවාගේ සේවකයෝ බවට පත් වූහ.
3. සඟරා දෙකම ඉදිරිපත් කිරීමේ ප්‍රයෝජන මොනවාද?
3 සඟරා දෙකම ඉදිරිපත් කරන්න: ඉහත උදාහරණවලින් පෙන්වන ආකාරයට, අපගේ සඟරා කියවන්නේ කවුදැයි කියා හෝ උනන්දුව ඇති කරන්නේ කුමක්දැයි කියා හෝ අපි නොදනිමු. (දේශ. 11:6) සාමාන්‍යයෙන් අපි හඳුන්වා දෙන්නේ එක සඟරාවක් පමණක් වුවත්, මුරටැඹ හා පිබිදෙව්! යන සඟරා දෙකම ඉදිරිපත් කිරීම ප්රයෝජනවත්ය. ඒත් සමහර අවස්ථාවලදී, කලාප කිහිපයක් ඉදිරිපත් කිරීම සුදුසු විය හැකියි.
4. සඟරා සේවය සඳහා කාලය වෙන් කරන්නේ කෙසේද?
4 සෑම සතියකම එක දවසක් සඟරා බෙදා දීම සඳහා වෙන් කිරීම ප්රයෝජනවත්ය. වර්ෂ 2005 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිනදර්ශනයෙහි සෑම සෙනසුරාදාවක්ම “සඟරා දවස” ලෙස නම් කර ඇත. ප්‍රදේශයේ තත්වයන් හා පෞද්ගලික තත්වයන් වෙනස් වන නිසා සමහරුන් සඟරා ඉදිරිපත් කිරීමට වෙනස් දවසක් වෙන් කළ හැක. මෙය ඔබගේ සතිපතා කාලසටහනේ කොටසක්ද?
5. සඟරා ඉදිරිපත් කිරීම සඳහා අපි අවදියෙන් සිටිය යුත්තේ කුමන අවස්ථා ගැනද? එසේ කිරීමට අපට උපකාර කරනු ඇත්තේ කුමක්ද?
5 පෞද්ගලිකව ඉලක්කයක් තබන්න: සඟරා බෙදාහැරීමට සෑම මසකම පෞද්ගලික ඉලක්කයක් තබාගැනීම ඒ සඳහා අවධානයෙන් සිටීමට අපට රුකුලක් වේ. ඔබට සඟරා මාර්ගයක් තිබේද? ක්ෂේත්‍ර සේවයේදී හමුවන අයට ඔබ සඟරා ඉදිරිපත් කරන්නෙහිද? වීදි සේවයේදී, ව්‍යාපාරික ප්‍රදේශවලදී මෙන්ම පොදු ස්ථානවලදී ඔබට සඟරා ඉදිරිපත් කිරීමට හැකිද? ගමනාගමනයේ යෙදෙන විට, සාප්පු සවාරි යන විට මෙන්ම වෙනත් ස්ථානවලට යන විට ඔබ සඟරා රැගෙන යනවාද? මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවලින් අනිත් අයට ප්‍රයෝජන ලබාගැනීමට උපකාර කිරීම සඳහා සෑම සුදුසු අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්න.
6. පැරණි සඟරා අපිට හොඳින් භාවිත කළ හැක්කේ කෙසේද?
6 අපේ අතේ තියෙන පැරණි කලාප ඉදිරිපත් කිරීමටත් අපට ඉලක්කයක් තබාගත හැකියි. සඟරාව නිකුත් වී මසකින් හෝ දෙකකින් බෙදාහැරීමට නොහැකි වුවත් එහි ඇති තොරතුරුවල වටිනාකම අඩු වන්නේ නැත. උනන්දුමත් අයට ඒවා ලබා දෙන්න. මිලියන ගණන් ජනයාට මුරටැඹ සහ පිබිදෙව්! සඟරා “නිසි කලට කී වචනයක්” මෙන් වී ඇත. (හිතෝ. 25:11) මිලියන ගණනකට යෙහෝවා ගැන දැනගෙන ඔහුට සේවය කිරීමට උපකාර කිරීම සඳහා අපි ඒවා භාවිත කරමු.