ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 2/05 7 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2005 අපගේ රාජ්‍ය සේවාව
2005 අපගේ රාජ්‍ය සේවාව
km 2/05 7 පි.

නිවේදන

◼ පෙබරවාරි: යෙහෝවාට ළං වන්න පොත නැතහොත් සභා ගබඩාවේ ඇත්නම් එළිදරව්ව එහි උදාර උච්චාවස්ථාව පොත ඉදිරිපත් කරන්න. මාර්තු: සෝදිසියෙන් සිටින්න විවරණිකාව ඉදිරිපත් කරන්න. පුද්ගලයෙක් අවංක උනන්දුවක් දක්වන්නේ නම්, නිවාස බයිබල් පාඩමක් ඇරඹීමේ අරමුණින් දැනුම පොත හඳුන්වා දෙන්න. අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! යන සඟරා දෙකේම පිටපත බැගින් ඉදිරිපත් කරන්න. සිහි කිරීමට පැමිණි අය හෝ වෙනත් දිව්‍යාණ්ඩු කටයුත්තකට සහභාගි වූ නමුත් සභා රැස්වීම්වලට දිගටම නොපැමිණි අය ඇතුළු ඕනෑම කෙනෙකුව නැවත බැලීමට යන විට දෙවිට නමස්කාර කරන්න යන පොත තැබීමට උනන්දු වන්න. දැනටමත් දැනුම පොත හා ඕනෑ කරන්නේ විවරණිකාව පාඩම් කර තිබෙන අය සමඟ නිවාස බයිබල් පාඩමක් ඇරඹීමට වෑයම් කරන්න.

◼ මුලසුන භාර අවේක්ෂක හෝ ඔහු විසින් පත් කරනු ලබන යමෙක් මාර්තු 1වන දා හෝ ඊට පසුව හැකි විගස සභා ගිණුම් විගණනය කළ යුතුය. නඩත්තු කිරීම්වලට හෝ ගොඩනැඟීමේ කටයුතුවලට වෙනම ගිණුම් වාර්තාවක් තබා ඇත්නම් එයද විගණනය කිරීමට කටයුතු යෙදිය යුතුයි. විගණනය කිරීම් අවසන් වූ පසු සභාවේ ඊළඟ ගිණුම් වාර්තාව ඉදිරිපත් කරන විට ගිණුම් විගණනය කර තිබෙන බව නිවේදනය කරන්න.

◼ ලේකම් සහ සේවා අවේක්ෂක සියලුම ස්ථාවර පුරෝගාමීන්ගේ සේවා ක්‍රියාකාරකම් සලකා බැලිය යුතුයි. පැය අවශ්‍යතාව සපුරාලීමට යමෙකුට අමාරු නම් වැඩිමහල්ලන් එවැනි අයට උපකාර කිරීම සඳහා සැලසුම් යෙදිය යුතුයි. මේ සම්බන්ධයෙන් යෝජනා සඳහා S-201 නමැති වාර්ෂික ලිපි බලන්න.

◼ වසර 2005 සිහි කිරීම පවත්වනු ලබන කාලයේ ඉදිරිපත් කරන විශේෂ ප්‍රසිද්ධ කථාවේ තේමාව වන්නේ “යේසුස් දුක් විඳ මිය ගියේ ඇයි?” මේ සම්බන්ධ නිවේදනය සඳහා 2004 සැප්තැම්බර් මාසයේ අපගේ රාජ්‍ය සේවාව බලන්න.

◼ ශාඛා කාර්යාලයෙන් පෞද්ගලිකව පොත් පත් ඉල්ලුම් කළ නොහැක. සභාවේ මාසික පොත් පත් ඉල්ලුම ශාඛා කාර්යාලයට යවන්න කලින් සෑම මාසයකම නිවේදනයක් ඉදිරිපත් කිරීමට මුලසුන භාර අවේක්ෂක කටයුතු පිළියෙල කළ යුතුයි. මෙමගින් පෞද්ගලිකව අවශ්‍ය කරන පොත් පත් ලබාගැනීමට උවමනා කරන සියලුදෙනාටම ඒ බව පොත් පත් අංශය භාර සහෝදරයාට දැනුම් දීමට හැකි වේ. විශේෂ ඉල්ලුම් අයිතමවලට අයත් ප්‍රකාශන මොනවාද කියා කරුණාකර මතක තබාගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න