නිවේදන
◼ ඔක්තෝබර් 1-17 දක්වා ඉදිරිපත් කරන පොත් පත්: මුරටැඹ හා පිබිදෙව්! සඟරා. උනන්දුවක් පෙන්වන්නේ නම් ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කර බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ වෑයමක් දරන්න. ඔක්තෝබර් 18–නොවැම්බර් 14: සෝදිසියෙන් සිටින්න! යන විවරණිකාව බෙදාහැරීමේ විශේෂ වැඩ පිළිවෙළ. නොවැම්බර් 15-30: උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු. යමෙක් තමන්ට දරුවන් නැතැයි කියන්නේ නම් ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කරන්න. විවරණිකාව යොදාගන්නා විට නිවාස බයිබල් පාඩම් පටන්ගැනීමට උත්සාහ කරන්න. දෙසැම්බර්: මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා හෝ මගේ බයිබල් කතන්දර පොත. ජනවාරි: සභාවේ පොත් තොගයේ ඇති 1990ට කලින් පළ කළ පිටු 192කින් යුත් ඕනෑම පොතක්. එවන් ප්‍රකාශන පොත් තොගයේ නැත්නම් ළඟපාත සභාවක පැරණි ප්‍රකාශනවල අතිරික්තයක් තිබේ නම් ඒවා ලබාගන්න. පැරණි පොත් නැති සභාවලට හැකියි යෞවනයන් අසන ප්‍රශ්න - ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු නමැති පොත ඉදිරිපත් කරන්න.
◼ මෙම අපගේ රාජ්‍ය සේවාව සමඟ ඇති අතිරේකය “2005 වසර සඳහා දිව්‍යාණ්ඩු සේවා පාසැල් වැඩසටහන” වේ. වර්ෂ 2005 පුරාවටම එය ළඟ තබාගත යුතුවේ.
◼ ශාඛා කාර්යාලයෙන් පෞද්ගලිකව පොත් පත් ඉල්ලුම් කර ලබාගත නොහැක. සභාවේ මාසික පොත් පත් ඉල්ලුම සමිතියට යවන්න කලින් සෑම මාසයකම නිවේදනයක් ඉදිරිපත් කිරීමට මුලසුන භාර අවේක්ෂක කටයුතු පිළියෙල කළ යුතුයි. මෙමගින් පෞද්ගලිකව අවශ්‍ය කරන පොත් පත් ලබා ගැනීමට උවමනා කරන සියලුදෙනාටම ඒ බව පොත් පත් අංශය භාර සහෝදරයාට දැනුම් දීමට හැකි වේ. විශේෂ ඉල්ලුම් අයිතමවලට අයත් ප්‍රකාශන මොනවාද කියා කරුණාකර මතක තබාගන්න.
◼ Annual Congregation Property Documents Review Work Sheet (T-33-E) යන ඉංග්‍රීසි පෝරමය රාජ්‍ය ශාලා ඉඩම් ඔප්පුව භාරව සිටින සභා ලේකම් විසින් සැප්තැම්බර් මාසයේදී සම්පූර්ණ කළ යුතුව ඇත. එම ඉඩම පාවිච්චි කරන සෑම සභාවකටම සම්පූර්ණ කරන ලද මෙම පෝරමයෙහි පිටපතක් නොපමාව ලැබීමට සැලැස්විය යුතුයි. යම් දෙයක් පිළිසකර කිරීමට සිදු වේ නම්, සභාවේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සඳහා වැඩිමහල්ලන් ක්‍රියාමාර්ග ගත යුතුයි. චාරිකා අවේක්ෂක සභාව බැහැදකින විට, ඔහු සභා දේපළ පිළිබඳ ලියකියවිලි සහ Safety Inspection Work Sheet (T-34-E) යන පෝරමය පරීක්ෂා කර බලනු ඇත.