2005 වසර සඳහා දිව්‍යාණ්ඩු සේවා පාසැල් වැඩසටහන
මඟ පෙන්වීම්
වර්ෂ 2005දී දිව්‍යාණ්ඩු සේවා පාසැල පැවැත්වීම සඳහා අනුගමනය කරන විධිවිධානය මතු දැක්වේ.
තොරතුරු මූලාශ්‍ර: ශුද්ධ බයිබලය [bi], මුරටැඹ [w], දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු [be], “මුළු ලියවිල්ල”—විශ්වාසවන්තය, ප්රයෝජනවත්ය [bsi05-SN] සහ මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යය [gt].
නියමිත වේලාවට පාසල ඇරඹිය යුතුය. මුලින්ම ගීතිකාව ගායනා කර යාච්ඤා කළායින් පසු, සියලුදෙනාවම පාසැලට පිළිගෙන මතු දැක්වෙන ආකාරයට පාසැල පැවැත්විය යුතුය.
කථික ගුණාංගය: විනාඩි 5යි. සේවා පාසැල් පාඩම් පොත පදනම් කරගත් කථික ගුණාංගයක් පාසැල් අවේක්ෂක, අමතර උපදේශක හෝ වෙනත් සුදුසුකම් ලත් වැඩිමහල්ලෙකු විසින් සාකච්ඡා කෙරේ. (වැඩිමහල්ලන් සීමිත සංඛ්‍යාවක් සිටින සභාවල සුදුසුකම් ලත් සභා සේවකයෙකුව යොදාගත හැක.) විශේෂයෙන්ම යම් මඟ පෙන්වීමක් ලැබෙන අවස්ථාවලදී හැර, අනික් අවස්ථාවලදී පැවරුමට අයත් පිටුවල දක්නට ඇති කොටු මෙම සාකච්ඡාවලට ඇතුළත් කළ යුතුය. අභ්‍යාස ඇතුළත් කරන්නේ නැත. මෙම අභ්‍යාස ප්‍රධාන ලෙස පිළියෙල කර ඇත්තේ පෞද්ගලික භාවිතය සඳහා හා පෞද්ගලික මට්ටමින් උපදෙස් සැපයීම සඳහාය.
පැවරුම් අංක 1: විනාඩි 10යි. මෙම කොටස හසුරුවනු ලබන්නේ වැඩිමහල්ලෙකු හෝ සභා සේවකයෙකු විසිනි. එය මුරටැඹ, දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු හෝ “මුළු ලියවිල්ල ”—විශ්වාසවන්තය, ප්රයෝජනවත්ය නමැති මූලාශ්‍ර මත පදනම් විය යුතුය. මෙම කොටස ඉදිරිපත් කළ යුත්තේ විනාඩි දහයකට සීමා වූ උපදෙස් කතාවක් ලෙසය. පුනරීක්ෂණයක් වශයෙන් සබයෙන් පිළිතුරු ලබාගන්නේ නැත. මෙහි පරමාර්ථය විය යුත්තේ දක්වා ඇති තොරතුරු පියවීමත් සාකච්ඡා කරනු ලබන තොරතුරුවල ප්‍රායෝගික වටිනාකමට අවධානය දීමත්ය. මෙහිදී සභාවේ සාමාජිකයන්ට විශේෂයෙන්ම උපකාරවත් වන කරුණු උලුප්පා දැක්විය යුතුය. භාවිත කළ යුත්තේ වැඩසටහනේ සඳහන්ව ඇති තේමාවයි. මෙම කතාව දීමේ පැවරුම ලබන සහෝදරයන් නියමිත කාලය තුළ එය ඉදිරිපත් කර අවසන් කිරීම බලාපොරොත්තු වේ. අවශ්‍යතාව පැනනඟින විට පෞද්ගලිකව උපදෙස් දිය හැකිය.
බයිබල් කියවීමේ විශේෂාංග: විනාඩි 10යි. මුල් විනාඩි හයේදී සුදුසුකම් ලත් වැඩිමහල්ලෙකු හෝ සභා සේවකයෙකු සාකච්ඡා කෙරෙන තොරතුරු සභා අවශ්‍යතාවලට අනුව අදාළ කළ යුතුය. සතියට නියමිත බයිබල් කියවීමේ ඕනෑම කොටසක් ගැන අදහස් දැක්වීමට පුළුවන. මෙය නියමිත කියවීමේ සාරාංශයක් විතරක්ම නොවේ. මෙහිදී කථිකයාගේ පරමාර්ථය වන්නේ සලකා බලන තොරතුරු වටින්නේ ඇයි සහ කෙසේද යන්න තේරුම්ගැනීමට සබයට උපකාර කිරීමය. එම මූලික කොටස සඳහා වැය කළ යුතු විනාඩි හය ඉක්මවා නොයෑමට කථිකයා වගබලා ගත යුතුය. එමෙන්ම සබයේ සහභාගිත්වය සඳහා විනාඩි සතරක් වෙන් කිරීමටද ඔහු වගබලා ගත යුතුය. ඊළඟ විනාඩි සතර තුළදී සබයට බයිබල් කියවීමේදී තමන්ගේ සිත්ගත් දේවල් සහ ඒවායින් නෙළාගත් ප්‍රයෝජන පදනම් කරගෙන කෙටි අදහස් (තත්පර 30කට හෝ ඊට අඩුවෙන්) දැක්වීමට අවස්ථාව ලබා දිය යුතුය. අනතුරුව පාසැල් අවේක්ෂක වෙනත් පංති කාමරවල පැවරුම් ලැබ සිටින ශිෂ්‍යයන්ට එම පාසැල්වලට සහභාගි වන ලෙස ආරාධනා කරයි.
පැවරුම් අංක 2: විනාඩි 4යි. මෙය සහෝදරයෙකු විසින් කළ යුතු කියවීමකි. සාමාන්‍යයෙන් එම කියවීමට භාවිත කරන්නේ බයිබලයයි. මෙම කියවීම සඳහා මසකට වරක් මුරටැඹ සඟරාවේ කොටසක් භාවිත කෙරේ. ශිෂ්‍යයා විසින් නියමිත කොටස හැඳින්වීමක් හෝ අවසානයක් නොමැතිව කියවිය යුතු වේ. සතියක් සතියක් පාසා කියවිය යුතු කොටසේ ප්‍රමාණයේ යම් වෙනසක් තිබිය හැකි වුවත්, එය විනාඩි සතරකින් හෝ ඊට අඩු වේලාවකින් පියවිය හැකිය. පැවරුම කාටද භාර දෙන්නේ යන්න තීරණය කිරීමට පෙර, පාසැල් අවේක්ෂක කියවිය යුතු කොටස පරීක්ෂා කර බැලිය යුතුය. එවිට ශිෂ්‍යයාගේ වයස සහ හැකියාවට එකඟ කොටසක් පැවරිය හැකි වේ. පාසැල් අවේක්ෂකගේ පරම ඉලක්කය වන්නේ අර්ථවත් ලෙස, චතුර ලෙස, නිසි ලෙස අර්ථය කාවද්දමින්, හඬ පාලනය කරමින්, යෝග්‍ය විරාම යොදමින් සහ ස්වාභාවික ගතියකින් කියවීමට ශිෂ්‍යයාට උපකාර කිරීමය.
පැවරුම් අංක 3: විනාඩි 5යි. මෙම පැවරුම ලබන්නේ සහෝදරියකි. සේවා පාසැල් පාඩම් පොතේ 82වන පිටුවෙහි දක්නට ලැබෙන ලැයිස්තුවෙන් පසුබිමක් අවේක්ෂක විසින් තෝරා දීමට ඉඩ තිබේ. එසේ නැතහොත් එය පෞද්ගලිකව තෝරාගැනීමට අවස්ථාව පැවරුම ලබන ශිෂ්‍යාවට ලබා දිය හැක. ශිෂ්‍යාව පවරා ඇති තේමාව භාවිත කළ යුතු අතර, සභාවේ ක්ෂේත්‍ර සේවා බලප්‍රදේශයට අදාළ වන පරිදි ප්‍රායෝගික මෙන්ම ස්වාභාවික ආකාරයකින් එය ඉදිරිපත් කළ යුතුය. මූලාශ්‍ර ලෙස කිසිදු යොමු සටහනක් දක්වා නැති අවස්ථාවක, මෙම කොටසට අදාළ තොරතුරු ශිෂ්‍යාව විසින් එක්රැස් කරගත යුත්තේ විශ්වාසවන්ත නුවණැති දාසයා විසින් සපයන ලද ප්‍රකාශන ඇසුරෙන් පර්යේෂණ කිරීමෙනි. නවක ශිෂ්‍යයන්ට යොමු සටහන් සපයා ඇති කොටස් පැවරිය යුතුය. ශිෂ්‍යාව තොරතුරු ගොඩනඟන ආකාරයටත්, ශුද්ධ ලියවිලි ගැන තර්කානුකූලව සිතා බැලීමට හා ඉදිරිපත් කිරීමේ ප්‍රධාන කරුණු තේරුම්ගැනීමට නිවැසියාට උපකාර කරන ආකාරයටත් පාසැල් අවේක්ෂකගේ වැඩි අවධානය යොමු වේ. මෙම කොටස පැවරුමක් ලෙස ලබන ශිෂ්‍යාවන් කියවීමට හැකි අය විය යුතුය. පාසැල් අවේක්ෂක එක සහයකයෙකු එම පැවරුම සඳහා නම් කරයි. මගේ බයිබල් කතන්දර පොත සහ සාකච්ඡා කිරීම සඳහා බයිබල් විෂයන් භාවිත කරන අවස්ථාවන්හිදී ශිෂ්‍යාව විසින් තේමාවක් තෝරාගත යුතු වේ.
පැවරුම් අංක 4: විනාඩි 5යි. ශිෂ්‍යයා විසින් පවරන ලද තේමාව ගොඩනැඟිය යුතුය. මූලාශ්‍ර ලෙස කිසිදු යොමු සටහනක් සඳහන් කර නොමැති අවස්ථාවක, මෙම කොටසට අදාළ තොරතුරු ශිෂ්‍යයා විසින් එක්රැස් කරගත යුත්තේ විශ්වාස නුවණැති දාසයා විසින් සපයන ලද ප්‍රකාශන ඇසුරෙන් පර්යේෂණ කිරීමෙනි. මෙය සහෝදරයෙකුට පවරනු ලබන විට, ඔහු රාජ්‍ය ශාලාවේ රැස්ව සිටින සබය මනසෙහි තබාගෙන එය කතාවක් ලෙස ඉදිරිපත් කළ යුතුය. සහෝදරියක මෙම කොටස ඉදිරිපත් කරන විට, එය සෑම විටකම ඉදිරිපත් කළ යුතු වන්නේ පැවරුම් අංක 3හි දක්වා ඇති ආකාරයටය. පාසැල් අවේක්ෂක තමාට යෝග්‍යයයි පෙනෙන අවස්ථාවන්හිදී පැවරුම් අංක 4 සහෝදරයෙකුට දිය හැක. යම් විෂයක් අසල තරුවක් දක්වා ඇත්නම්, ඒවා කතා වශයෙන් ගොඩනැඟීම සඳහා සහෝදරයන්ට පමණක් පැවරිය යුතු බව කරුණාවෙන් සලකන්න.
ගත කළ යුතු වේලාව: කිසිම කතාවක් නියමිත වේලාව ඉක්මවා නොයා යුතුය. උපදේශක ඉදිරිපත් කරන අදහස් සම්බන්ධයෙන්ද මෙය අදාළ වේ. අංක 2 සිට 4 දක්වා පැවරුම් නියමිත කාලය ඉක්මවා යන විට, ඒවා උපායශීලීව නතර කළ යුතු වේ. කථික ගුණාංගයක් පිළිබඳ ප්රාරම්භක කතාව, පැවරුම් අංක 1 හෝ බයිබල් කියවීමේ විශේෂාංග ඉදිරිපත් කරන සහෝදරයන් නියමිත වේලාව ඉක්මවා යනවා නම්, ඔවුන්ට පෞද්ගලිකව උපදෙස් දිය යුතුය. සියලුදෙනාම තමන්ට පවරා ඇති නියමිත කාල සීමාව ගැන සැලකිලිමත් වීම අවශ්‍යය. ගීතිකාව හා යාච්ඤාව හැර මුළු වැඩසටහන විනාඩි 45කට සීමා වේ.
උපදෙස්: විනාඩියයි. සෑම ශිෂ්‍ය පැවරුමක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, කතාවේ පැසසිය යුතු යම් අංගයක් ගැන ධනාත්මක නිරීක්ෂණ කිහිපයක් ඉදිරිපත් කිරීමට පාසැල් අවේක්ෂක එක විනාඩියකට නොවැඩි වේලාවක් ගනියි. ඔහුගේ ඉලක්කය වන්නේ නිකම්ම “කතාව හොඳයි” කියා කීම නොවේ. එම ඉදිරිපත් කිරීම සාර්ථක වූයේ මන්දැයි පෙන්වීමට ඔහු විශේෂිත කරුණු ගෙනහැර දැක්විය යුතුය. සෑම ශිෂ්‍යයෙකුගේම තත්වය සුවිශේෂ නිසා, එක් එක්කෙනාගේ අවශ්‍යතාවට අනුව රැස්වීමෙන් පසුව හෝ වෙනත් අවස්ථාවක පෞද්ගලිකව ඔවුන්ට ප්‍රයෝජනවත් විය හැකි අමතර උපදෙස් දිය හැක.
අමතර උපදේශක: පාසැල් අවේක්ෂකට අමතරව තවත් දක්ෂ වැඩිමහල්ලෙක් සිටී නම්, අමතර උපදේශක නමැති පැවරුම ඉටු කිරීම සඳහා එවන් කෙනෙකුව වැඩිමහල් මණ්ඩලය විසින් තෝරාගත හැකිය. සභාවේ වැඩිමහල්ලන් කිහිපදෙනෙකු ඇත්නම්, සෑම අලුත් වසරකදීම වෙනත් සුදුසුකම් ලත් වැඩිමහල්ලෙකුට මෙම පැවරුම භාර දිය හැකිය. පැවරුම් අංක 1 සහ බයිබල් විශේෂාංග ඉදිරිපත් කරන සහෝදරයන්ට පෞද්ගලික උපදෙස් අවශ්‍ය නම්, එය ලබා දීම අමතර උපදේශකගේ වගකීම වේ. සෙසු වැඩිමහල්ලන් හෝ සභා සේවකයන් විසින් දෙනු ලබන මෙවැනි සෑම කතාවකින් අනතුරුව උපදෙස් ලබා දිය යුතුමයි යන්න මින් අදහස් නොකෙරේ. මෙම විධිවිධානය 2005 වසරේදී දිගටම ක්‍රියාත්මක වන අතර, පසුව යම් සකස්වීමක් කිරීමට ඉඩ කඩ ඇත.
උපදෙස් පෝරමය: පාඩම් පොතෙහි ඇත.
වාචික පුනරීක්ෂණය: විනාඩි 30යි. සෑම මාස දෙකකට වරක් පාසැල් අවේක්ෂක විසින් වාචික පුනරීක්ෂණයක් මෙහෙයවනු ලැබේ. ඊට පෙරාතුව කථික ගුණාංගයක් සලකා බලනු ලබන අතර, ඉහත දක්වා ඇති පරිද්දෙන් බයිබල් කියවීමෙන් විශේෂාංගද ඉදිරිපත් කෙරේ. වාචික පුනරීක්ෂණය පදනම් වන්නේ පසුගිය මාස දෙක තුළදී පාසැලේදී සලකා බැලූ තොරතුරු මතය. පුනරීක්ෂණය පවත්වන සතියේ දීමට නියමිත කතාවල තොරතුරුද ඊට ඇතුළත් වේ. වාචික පුනරීක්ෂණය පැවැත්වෙන සතියේ ඔබේ සභාවට චාරිකා එක්රැස්වීම හෝ චාරිකා අවේක්ෂකගේ පැමිණීම වැටී ඇත්නම්, 2003 දෙසැම්බර් අපගේ රාජ්‍ය සේවාව 6වන පිටුව බලන්න.
වැඩසටහන
ජන. 3 බයිබල් කියවීම: යෝෂුවා 16-20 ගීතිකා අංක 6
කථික ගුණාංගය: අන් අයට තේරුම්ගත හැකිවීම (be 226 පි. ¶1–227 පි. ¶1)
අංක 1: සැබෑ දෙවිට භයවන්න (be 272 පි. ¶1–273 පි. ¶1)
අංක 2: යෝෂුවා 16:1-17:4
අංක 3: මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා හඳුනාගැනීම (gt හැඳින්වීම ¶1-4)
අංක 4: අද දින සැබෑ දේවභක්තියට ලකුණ වන්නේ ධනවත්කමද? දිලිඳුකමද?
ජන. 10 බයිබල් කියවීම: යෝෂුවා 21-24 ගීතිකා අංක 100
කථික ගුණාංගය: නුහුරු යෙදුම් පැහැදිලි කරන්න (be 227 පි. ¶2–228 පි. ¶1)
අංක 1: දෙවිගේ නාමය පිළිබඳව දැනුවත් කිරීම (be 273 පි. ¶2–274 පි. ¶1)
අංක 2: යෝෂුවා 23:1-13
අංක 3: යේසුස් සැබවින්ම ජීවත් වූවාද? (gt හැඳින්වීම ¶5-11)
අංක 4: යේසුස්ට නමස්කාර කිරීම සුදුසුද?
ජන. 17 බයිබල් කියවීම: විනිශ්චයකාරයෝ 1-4 ගීතිකා අංක 97
කථික ගුණාංගය: අවශ්‍ය වූ පැහැදිලි කිරීම ලබා දීම (be 228 පි. ¶2-3)
අංක 1: නාමය පිටුපස සිටින පුද්ගලයා (be 274 පි. ¶2-5)
අංක 2: විනිශ්චයකාරයෝ 2:1-10
අංක 3: ඇත්තටම යේසුස් කවුද? (gt හැඳින්වීම ¶12-15)
අංක 4: ඔබට හානිකර දර්ශන ඇතුළත් ගීතවලින් ආරක්ෂා විය හැක්කේ කෙසේද?
ජන. 24 බයිබල් කියවීම: විනිශ්චයකාරයෝ 5-7 ගීතිකා අංක 47
කථික ගුණාංගය: සිත සම්බන්ධ වී ඇති අන්දම (be 228 පි. ¶4—229 පි. ¶1)
අංක 1: දෙවිගේ නාමය “බලකොටුවක්ය” (be 274 පි. ¶6—275 පි. උපමාතෘකාව)
අංක 2: විනිශ්චයකාරයෝ 6:25-35
අංක 3: අපේ තේරීමේ නිදහසට බයිබලය බලපාන්නේ කෙසේද?
අංක 4: යේසුස් ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා වීමට හේතු (gt හැඳින්වීම ¶16-19)
ජන. 31 බයිබල් කියවීම: විනිශ්චයකාරයෝ 8-10 ගීතිකා අංක 174
කථික ගුණාංගය: සබය දැනුවත් කරවන තොරතුරු (be 230 පි. ¶1-6)
අංක 1: යේසුස් ගැන සාක්ෂි දැරීම (be 275 පි. උපමාතෘකාව සිට 276 පි. ¶1)
අංක 2: w03 1/15, 19-20 පිටු ¶16-18
අංක 3: යේසුස් ගැන ඉගෙනගැනීමට හේතුව හා අපට එය කළ හැකි අයුරු (gt හැඳින්වීම ¶20-23)
අංක 4: ද්‍රව්‍යවාදය යනු දේපළ රැස් කිරීමට වඩා වැඩි දෙයකි
පෙබ. 7 බයිබල් කියවීම: විනිශ්චයකාරයෝ 11-14 ගීතිකා අංක 209
කථික ගුණාංගය: පර්යේෂණය මගින් දැනුවත් කරවනසුලු තොරතුරු සොයාගෙන කතාවක් සෑදීම (be 231 පි. ¶1-3)
අංක 1: මිදුම්කරු ලෙස යේසුස් සතු කාර්යභාරය අවධාරණය කිරීම (be 276 පි. ¶2-3)
අංක 2: විනිශ්චයකාරයෝ 12:1-15
අංක 3: යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්සත්ව සිටින්නේ මන්ද?
අංක 4: සෙකරියා සහ මරියාට ගාබ්‍රියෙල් දර්ශනය වීම (gt 1 පරි.)
පෙබ. 14 බයිබල් කියවීම: විනිශ්චයකාරයෝ 15-18 ගීතිකා අංක 105
කථික ගුණාංගය: බයිබල් පද පැහැදිලි කිරීම (be 231 පි. ¶4-5)
අංක 1: උත්තම පූජකයෙකු හා සභාවේ හිස වශයෙන් යේසුස්ගේ කාර්යභාරය අවධාරණය කිරීම (be 277 ¶1-2)
අංක 2: විනිශ්චයකාරයෝ 15:9-20
අංක 3: උපදින්ට පෙර ගෞරවය ලැබූ යේසුස් (gt 2 පරි.)
අංක 4: මෝහනය ක්‍රිස්තියානීන්ට සුදුසු නොවන්නේ මන්ද?
පෙබ. 21 බයිබල් කියවීම: විනිශ්චයකාරයෝ 19-21 ගීතිකා අංක 53
කථික ගුණාංගය: යෙදුම්වල තේරුම පැහැදිලි කිරීම (be 232 පි. ¶1)
අංක 1: රජු ලෙස පාලනය කරමින් සිටින යේසුස්ගේ කාර්යභාරය (be 277 පි. ¶3-4)
අංක 2: w03 2/1, 17-18 පිටු ¶18-21
අංක 3: යොහන්ගේ උපත (gt 3 පරි.)
අංක 4: ‘දෙවිගේ ඇතැම් ගැඹුරු දේවල්’ මොනවාද? (1 කොරි. 2:10)
පෙබ. 28 බයිබල් කියවීම: රූත් 1-4 ගීතිකා අංක 120
කථික ගුණාංගය: බයිබල් පද තර්කානුකූලව පැහැදිලි කිරීම (be 232 පි. ¶2-4)
වාචික පුනරීක්ෂණය
මාර්. 7 බයිබල් කියවීම: 1 සාමුවෙල් 1-4 ගීතිකා අංක 221
කථික ගුණාංගය: ඔබේ සබයට ප්‍රයෝජන වන්නාවූ තොරතුරු තෝරාගැනීම (be 233 පි. ¶1-5)
අංක 1: ක්‍රිස්තුස්ව අත්තිවාරමක් ලෙස දැමීම (be 278 පි. ¶1-4)
අංක 2: 1 සාමුවෙල් 2:1-11
අංක 3: යෝසෙප් ගැබිනි මරියාව විවාහ කරගනී (gt 4 පරි.)
අංක 4: සැබෑ ක්‍රිස්තියානීන් කේන්දර නොබැලීමට හේතුව
මාර්. 14 බයිබල් කියවීම: 1 සාමුවෙල් 5-9 ගීතිකා අංක 151
කථික ගුණාංගය: නියමිත තොරතුරු මූලාශ්‍ර පමණක් භාවිත කිරීම (be 234 පි. ¶1—235 පි. ¶3)
අංක 1: රාජ්‍යයේ මේ ශුභාරංචිය (be 279 පි. ¶1-4)
අංක 2: 1 සාමුවෙල් 5:1-12
අංක 3: යේසුස්ගේ උපත සිදු වන්නේ කොතැනද? කවදාද? (gt 5 පරි.)
අංක 4: දෙවි සමඟ අපේ මිත්‍රත්වය ශක්තිමත් කරගත හැකි අයුරු
මාර්. 21 බයිබල් කියවීම: 1 සාමුවෙල් 10-13 ගීතිකා අංක 166
කථික ගුණාංගය: බලපෑමෙන් යුතුව ප්‍රශ්න යොදාගැනීම (be 236 පි. ¶1-5)
අංක 1: රාජ්‍යය ගැන පහදා දීම (be 280 පි. ¶1-5)
අංක 2: 1 සාමුවෙල් 10:1-12
අංක 3: ක්‍රිස්තියානීන් තම ඇදහිල්ලට අයිති නොවන ඥාතීන්ට සහ හිත මිතුරන්ට සැලකිය යුත්තේ කෙසේද?
අංක 4: පොරොන්දු කරන ලද දරුවා (gt 6 පරි.)
මාර්. 28 බයිබල් කියවීම: 1 සාමුවෙල් 14-15 ගීතිකා අංක 172
කථික ගුණාංගය: වැදගත් අදහස් හඳුන්වා දීම සඳහා ප්‍රශ්න (be 237 පි. ¶1-2)
අංක 1: රාජ්‍යය අපගේ ජීවිතවලට බලපාන්නේ කෙසේද කියා පැහැදිලි කිරීම (be 281 පි. ¶1-4)
අංක 2: w03 3/15, 19-20 පි. ¶17-21
අංක 3: ක්‍රිස්තියානීන් බදු ගෙවීමට හේතුව
අංක 4: යේසුස් සහ ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයෝ (gt 7 පරි.)
අප්‍රි. 4 බයිබල් කියවීම: 1 සාමුවෙල් 16-18 ගීතිකා අංක 27
කථික ගුණාංගය: යම් විෂයක කරුණු තර්කානුකූලව ගෙනහැර දැක්වීමට ප්‍රශ්න භාවිතය (be 237 පි. ¶3—238 පි.¶ 2)
අංක 1: ක්‍රිස්තියානීන් අධ්‍යාපනය ලැබීම වැදගත් වීමට හේතුව (w03 3/15, 10 පි. ¶1–11 පි. ¶5)
අංක 2: 1 සාමුවෙල් 17:41- 51
අංක 3: කෲර පාලකයෙක් වෙතින් පලා යෑම (gt 8 පරි.)
අංක 4: ප්‍රතිවිපාක ගැන කල්පනා කර බැලීම යහපතට ඇලුම් කිරීමට සහ නපුරට වෛර කිරීමට අපට උපකාරවත් විය හැකියි
අප්‍රි.11 බයිබල් කියවීම: 1 සාමුවෙල් 19-22 ගීතිකා අංක 73
කථික ගුණාංගය: ඇතුළාන්ත හැඟීම් පිටතට ඇදගැනීම සඳහා ප්‍රශ්න (be 238 පි. ¶4—6)
අංක 1: ආත්මික ප්‍රගතියක් ලැබීමට යෞවනයන්ට හැකි අන්දම (w03 4/1, 8-10 පි.)
අංක 2: 1 සාමුවෙල් 20:24-34
අංක 3: සැබෑ නිහතමානිකම සිත්ගන්නා ගුණාංගයක් වීමට හේතුව
අංක 4: aයේසුස්ගේ ළමා කාලය (gt 9 පරි.)
අප්‍රි. 18 බයිබල් කියවීම: 1 සාමුවෙල් 23-25 ගීතිකා අංක 61
කථික ගුණාංගය: අමතර අවධාරණය සඳහා ප්‍රශ්න (be 239 පි. ¶1-2)
අංක 1: ඔබේ මුළු සිතින් යෙහෝවාව විශ්වාස කරන්න (w03 11/1, 4-7 පි.)
අංක. 2: w03 5/1, 17 පි. ¶11-14
අංක. 3: වයස අවුරුදු 12දී යෙරුසලමෙහි (gt 10 පරි.)
අංක. 4: ආබ්‍රහම් සමඟ ගිවිසුමක් ඇති කිරීමට හේතුව
අප්‍රි. 25 බයිබල් කියවීම: 1 සාමුවෙල් 26-31 ගීතිකා අංක 217
කථික ගුණාංගය: වැරදිසහගත සිතුවිලි හෙළි කිරීමට ප්‍රශ්න (be 239 පි. ¶3-5)
වාචික පුනරීක්ෂණය
මැයි 2 බයිබල් කියවීම: 2 සාමුවෙල් 1-3 ගීතිකා අංක 91
කථික ගුණාංගය: ඉගැන්වීම සඳහා උපමා සහ නිදර්ශන (be 240 පි. ¶1—241 පි.¶ 1)
අංක 1: අධ්‍යාපනයේ මූලික පරමාර්ථය රැකියාවක් කිරීමම නොවේ (w03 3/15, 11 පි. ¶6–14 පි. ¶6)
අංක 2: 2 සාමුවෙල් 2:1-11
අංක 3: යොහන් යේසුස්ට මාර්ගය පිළියෙල කරයි (gt 11 පරි.)
අංක 4: අවංක වීමෙන් බොහෝ ප්‍රයෝජන ලැබේ
මැයි 9 බයිබල් කියවීම: 2 සාමුවෙල් 4-8 ගීතිකා අංක 183
කථික ගුණාංගය: උපමා භාවිත කිරීම (be 241 පි. ¶2-4)
අංක 1: යෙහෝවා යෞවන අය කෙරෙහි අව්‍යාජ උනන්දුවක් පෙන්වයි (w03 4/15, 29 පි. ¶3–31 පි. ¶4)
අංක 2: 2 සාමුවෙල් 5:1-12
අංක 3: මෝසෙස්ගේ නීතික ගිවිසුම මගින් ඉටු වූයේ කුමක්ද?
අංක 4: bයේසුස් බව්තීස්ම වන විට සිදු වන්නේ කුමක්ද? (gt 12 පරි.)
මැයි 16 බයිබල් කියවීම: 2 සාමුවෙල් 9-12 ගීතිකා අංක 66
කථික ගුණාංගය: ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් නිදර්ශන (be 242 පි. ¶1-2)
අංක 1: යෙහෝවා ඔබ කරන දේවල් සැලකිල්ලට ගන්නවාද? (w03 5/1, 28-31 පි.)
අංක 2: 2 සාමුවෙල් 9:1-13
අංක 3: යේසුස්ගේ පරීක්ෂාවලින් ඉගෙනගැනීම (gt 13 පරි.)
අංක 4: දෙවිගේ වචනය ජීවමාන වන්නේ කුමනාකාරවලින්ද? (හෙබ්‍රෙ. 4:12)
මැයි 23 බයිබල් කියවීම: 2 සාමුවෙල් 13-15 ගීතිකා අංක 103
කථික ගුණාංගය: එය තේරුම්ගත හැකි වේවිද? (be 242 පි. ¶4–243 පි. ¶1)
අංක 1: නෝවාගේ සටහන් පොත—එයින් අපට ගත හැකි යමක් ඇද්ද? (w03 5/15, 4-7 පි.)
අංක 2: 2 සාමුවෙල් 13:10-22
අංක 3: යොහන් 11:25, 26හි තේරුම කුමක්ද?
අංක 4: යේසුස්ගේ පළමු ගෝලයෝ (gt 14 පරි.)
මැයි 30 බයිබල් කියවීම: 2 සාමුවෙල් 16-18 ගීතිකා අංක 132
කථික ගුණාංගය: හුරුපුරුදු පසුබිම්වලින් ගත් නිදර්ශන (be 244 පි. ¶1-2)
අංක 1: නිරවුල්ව සිතන්න නැණවත්ව ක්‍රියා කරන්න (w03 7/15, 21-3 පි.)
අංක 2: w03 5/15, 16-17 පි. ¶8-11
අංක 3: යේසුස්ගේ පළමු ප්රාතිහාර්යය (gt 15 පරි.)
අංක 4: නිහතමානිකම දුර්වලකමක් නොවීමට හේතුව
ජූනි 6 බයිබල් කියවීම: 2 සාමුවෙල් 19-21 ගීතිකා අංක 224
කථික ගුණාංගය: ඔබේ සබයට හුරු නිදර්ශන භාවිතය (be 244 පි. ¶3–245 පි. ¶4)
අංක 1: හික්මවීමේ අරමුණ අවබෝධ කරගැනීම (w03 10/1, 20 පි. ¶1–21 පි. ¶5)
අංක 2: 2 සාමුවෙල් 19:1-10
අංක 3: දෙවිගේ විශ්‍රාමයට ක්‍රිස්තියානියෙකුට ඇතුල් විය හැක්කේ කෙසේද?
අංක 4: cයෙහෝවාගේ නමස්කාරය සඳහා ජ්වලිතය (gt 16 පරි.)
ජූනි 13 බයිබල් කියවීම: 2 සාමුවෙල් 22-24 ගීතිකා අංක 74
කථික ගුණාංගය: දෘශ්‍යාධාරක බලපෑමෙන් යුතුව භාවිත කිරීම (be 247 පි. ¶1-2)
අංක 1: ඉගෙනගැනීමට කැමති කෙනෙකු වන්න, ඔබේ දිව රැකගන්න! (w03 9/15, 21 පි. ¶1–22 පි. ¶3)
අංක 2: 2 සාමුවෙල් 24:10-17
අංක 3: නිකදේමස්ට ඉගැන්වීම (gt 17 පරි.)
අංක 4: ක්‍රිස්තියානියෙකු ලෝකයෙන් වෙන් විය යුත්තේ කුමනාකාරවලින්ද?
ජූනි 20 බයිබල් කියවීම: 1 රාජාවලිය 1-2 ගීතිකා අංක 2
කථික ගුණාංගය: යේසුස් දෘශ්‍යාධාරක උපයෝගි කරගත් අන්දම (be 247 පි. ¶3)
අංක 1: සෑහීමට පත්වීමේ රහස ඉගෙනීම (w03 6/1, 8-11 පි.)
අංක 2: w03 6/1, 12-13 පි. ¶1-4
අංක 3: දසවන පනතේ තිබූ විශේෂ වැදගත්කම කුමක්ද?
අංක 4: යොහන් අඩු වේ, යේසුස් වර්ධනය වේ (gt 18 පරි.)
ජූනි 27 බයිබල් කියවීම: 1 රාජාවලිය 3-6 ගීතිකා අංක 167
කථික ගුණාංගය: දෘශ්‍යාධාරක උපයෝගි කරගත හැකි ආකාර (be 248 පි. ¶1-3)
වාචික පුනරීක්ෂණය
ජූලි 4 බයිබල් කියවීම: 1 රාජාවලිය 7-8 ගීතිකා අංක 194
කථික ගුණාංගය: සිතියම්, එක් රැස්වීමක මුද්‍රිත වැඩසටහන, වීඩියෝ පටි භාවිත කිරීම (be 248 පි. ¶4–249 පි. ¶2)
අංක 1: ඔබ ඇදහිලිවන්ත මහලු අයව ඉතා අගේ කොට සලකනවාද? (w03 9/1, 30 සහ31 පි.)
අංක 2: 1 රාජාවලිය 8:1-13
අංක 3: යේසුස් ලෝකය ජයගත්තේ කෙසේද?
අංක 4: සමරිතානු ස්ත්‍රියකට ඉගැන්වීම (gt 19 පරි. 1-14 ඡේ.)
ජූලි 11 බයිබල් කියවීම: 1 රාජාවලිය 9-11 ගීතිකා අංක 191
කථික ගුණාංගය: වඩාත් විශාල පිරිසක් වෙනුවෙන් දෘශ්‍යාධාරක භාවිත කිරීම (be 249 පි. ¶3–250 පි. ¶1)
අංක 1: යේසුස් ක්‍රිස්තුස් මිහිතලයේ ජීවත් වූ බවට සාක්ෂි (w03 6/15, 4-7 පි.)
අංක 2: 1 රාජාවලිය 9:1-9
අංක 3: සමරිතානුවන් බොහෝදෙනෙක් විශ්වාස කිරීමට හේතුව (gt 19 පරි. 15-21 ඡේ.)
අංක 4: බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමෙන් ගොඩ ආ හැකියි
ජූලි 18 බයිබල් කියවීම: 1 රාජාවලිය 12-14 ගීතිකා අංක 162
කථික ගුණාංගය: තර්කානුකූල වීම වැදගත් වීමට හේතුව (be 251 පි. ¶1-3)
අංක 1: සිතුවිලිවලින් ක්‍රියා, ක්‍රියාවලින් ප්‍රතිඵල (w03 1/15, 30 පි. ¶1-3)
අංක 2: 1 රාජාවලිය 12:1-11
අංක 3: පීඩාවලට සාර්ථකව මුහුණ දීම සඳහා ඇදහිල්ල අපට උපකාරවත් විය හැක්කේ කෙසේද?
අංක 4: කානාහි සිදු කරන දෙවන ප්රාතිහාර්යය (gt 20 පරි.)
ජූලි 25 බයිබල් කියවීම: 1 රාජාවලිය 15-17 ගීතිකා අංක 158
කථික ගුණාංගය: පටන්ගන්නා අන්දම (be 252 පි. ¶1-4)
අංක 1: ‘යෙහෝවාගේ කැමැත්ත කුමක්දැයි වටහාගත’ හැකි අයුරු (w03 12/1, 21 පි. ¶3–23 පි. ¶3)
අංක 2: w03 7/15, 19 පි. ¶15-17
අංක 3: යේසුස් තම ගමේ දේශනා කරයි (gt 21 පරි.)
අංක 4: ශුද්ධාත්මය ක්‍රිස්තියානීන්ව සනසවන්නේ කෙසේද?
අගෝ. 1 බයිබල් කියවීම: 1 රාජාවලිය 18-20 ගීතිකා අංක 207
කථික ගුණාංගය: නම්‍යශීලී විය යුතු අවස්ථාව (be 252 පි. ¶5–253 පි. ¶2)
අංක 1: යෞවනයෙනි, යෙහෝවාට ඔබින ලෙස ගමන් කරන්න (w03 10/15, 23 පි. ¶1–24 පි. ¶1)
අංක 2: 1 රාජාවලිය 18:1-15
අංක 3: බොහෝ පල දැරීමට සියලු ක්‍රිස්තියානීන්ට හැකියි
අංක 4: ගෝලයන් සතරදෙනෙකුව කැඳවීම (gt 22 පරි.)
අගෝ. 8 බයිබල් කියවීම: 1 රාජාවලිය 21-22 ගීතිකා අංක 92
කථික ගුණාංගය: ප්‍රශ්න අසන්න, හේතු දක්වන්න (be 253 පි. ¶3–254 පි. ¶2)
අංක 1: දුප්පත්කම සඳහා ස්ථිර විසඳුමක් (w03 8/1, 4-7 පි.)
අංක 2: 1 රාජාවලිය 21:15-26
අංක 3: කපර්ණවුමේදී තවත් ප්රාතිහාර්යයන් (gt 23 පරි.)
අංක 4: අප තුළ ධෛර්යය තිබිය යුත්තේ මන්ද? එය වර්ධනය කරගත හැක්කේ කෙසේද?
අගෝ. 15 බයිබල් කියවීම: 2 රාජාවලිය 1-4 ගීතිකා අංක 16
කථික ගුණාංගය: දෙවිගේ වචනය මත හොඳ පදනමක් ඇති තර්ක (be 255 පි. ¶1–256 පි. ¶2)
අංක 1: ඔබට නොමිලේ ලැබුණේය, නොමිලේ දෙන්න (w03 8/1, 20-2 පි.)
අංක 2: 2 රාජාවලිය 3:1-12
අංක 3: ජලගැල්මට පෙර මිනිසුන් දිගු කලක් ජීවත් වූයේ මන්ද?
අංක 4: dයේසුස් පොළොවට පැමිණි හේතුව (gt 24 පරි.)
අගෝ. 22 බයිබල් කියවීම: 2 රාජාවලිය 5-8 ගීතිකා අංක 193
කථික ගුණාංගය: අමතර සාක්ෂිවලින් තර්කයන් තහවුරු කිරීම (be 256 පි. ¶3-5)
අංක 1: උපා නැණ පාවිච්චි කිරීමේ කලාව ඉගෙනගැනීම (w03 8/1, 29-31 පි.)
අංක 2: w03 8/1, 19 පි. ¶18-22
අංක 3: ලාදුරු රෝගියෙකුට දැක්වූ අනුකම්පාව (gt 25 පරි.)
අංක 4: අප අනුගමනය කළ යුත්තේ යෝනාගේ කිනම් හොඳ ගුණාංගද?
අගෝ. 29 බයිබල් කියවීම: 2 රාජාවලිය 9-11 ගීතිකා අංක 129
කථික ගුණාංගය: ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කිරීම (be 257 පි. ¶1-4)
වාචික පුනරීක්ෂණය
සැප්. 5 බයිබල් කියවීම: 2 රාජාවලිය 12-15 ගීතිකා අංක 175
කථික ගුණාංගය: හදවතට ළඟාවීමට වෑයම් කිරීම (be 258 පි. ¶1-5)
අංක 1: ඔබ යෙහෝවාව සොයන්නේ ඕනෑකමින්ද? (w03 8/15, 25-28 පි.)
අංක 2: 2 රාජාවලිය 12:1-12
අංක 3: මෘදුකම ලුහුබැඳිය යුත්තේ මන්ද?
අංක 4: යේසුස් පාපවලට සමාව දෙයි, සුව කරයි (gt 26 පරි.)
සැප්. 12 බයිබල් කියවීම: 2 රාජාවලිය 16-18 ගීතිකා අංක 203
කථික ගුණාංගය: සිතේ ඇති දේ ඉවතට ගන්න (be 259 පි. ¶1-3)
අංක 1: යේසුස් ගැන ජනයාගේ මතකයේ රැඳුණේ මොනවාද? (w03 8/15, 6 පි. ¶6–8 පි. ¶6)
අංක 2: 2 රාජාවලිය 16:10-20
අංක 3: මතෙව්ව කැඳවීම හා ප්‍රිය සාදයක් පැවැත්වීම (gt 27 පරි.)
අංක 4: ස්වාමීන්ට ප්‍රසන්න දේ කුමක්දැයි තහවුරු කරගැනීමට අපට හැක්කේ කෙසේද?
සැප්. 19 බයිබල් කියවීම: 2 රාජාවලිය 19-22 ගීතිකා අංක 89
කථික ගුණාංගය: ප්‍රයෝජනදායක හැඟීම් කැලතීම (be 259 පි. ¶4–260 පි. ¶1)
අංක 1: ‘සුවදායී වදන්වල රටාව අල්ලාගෙන සිටින්න’ (w03 1/1, 29 පි. ¶3–30 පි. ¶4)
අංක 2: 2 රාජාවලිය 19:20-28
අංක 3: නිරාහාරව සිටීම ගැන ප්‍රශ්න කිරීම (gt 28 පරි.)
අංක 4: පුරාණ ස්මර්ණයේ සිටි අපේ ක්‍රිස්තියානි සහෝදරයන්ගෙන් අපට උගත හැක්කේ කුමක්ද?
සැප්. 26 බයිබල් කියවීම: 2 රාජාවලිය 23-25 ගීතිකා අංක 84
කථික ගුණාංගය: අන්‍යයන්ට දේවභය වගා කරගැනීමට උපකාර කිරීම (be 260 පි. ¶2-3)
අංක 1: බයිබලය සහ එහි සම්මත ග්රන්ථ සමූහය (1වන කොටස) (bsi05 පාඩම් අංක 4 ¶1-6)
අංක 2: w03 8/15, 20 පි. ¶6-10
අංක 3: අනාගතය දෙස අප බලන්නේ ශුභවාදී හැඟීමක් ඇතුවයි
අංක 4: සබත් දවසේදී යහපත් වැඩ කිරීම (gt 29 පරි.)
ඔක්. 3 බයිබල් කියවීම: 1 ලේකම් 1-4 ගීතිකා අංක 51
කථික ගුණාංගය: අපේ හැසිරීම දෙවිට වැදගත් වේ (be 260 පි. ¶4–261 පි. ¶1)
අංක 1: බයිබලය සහ එහි සම්මත ග්රන්ථ සමූහය (2වන කොටස) (bsi05 පාඩම් අංක 4 ¶7-16)
අංක 2: 1 ලේකම් 4:24-43
අංක 3: යේසුස් චෝදනා කරන්නන්ට උත්තර දීම (gt 30 පරි.)
අංක 4: යෙහෝවා ප්‍රේම කරන්නේ අප එක් එක් පුද්ගලයාටයි
ඔක්. 10 බයිබල් කියවීම: 1 ලේකම් 5-7 ගීතිකා අංක 195
කථික ගුණාංගය: සෝදිසියක් කිරීමට අන් අයට උපකාර කිරීම (be 261 පි. ¶2-4)
අංක 1: බයිබලය හා එහි සම්මත ග්රන්ථ සමූහය (3වන කොටස) (bsi05 පාඩම් අංක 4 ¶17-26)
අංක 2: 1 ලේකම් 5:18-26
අංක 3: “යෙහෝවාගේ දවස” ගැන අප දන්නා දේ
අංක 4: සබත් දවසේදී ධාන්‍ය කරල් කැඩීම නීතියට එකඟද? (gt 31 පරි.)
ඔක්. 17 බයිබල් කියවීම: 1 ලේකම් 8-11 ගීතිකා අංක 201
කථික ගුණාංගය: හද පත්ලෙන්ම කීකරු වන්න (be 261 පි. ¶5-262 පි. ¶1-3)
අංක 1: හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ල (1වන කොටස) (bsi05 පාඩම් අංක 5 ¶1-5)
අංක 2: 1 ලේකම් 10:1-14
අංක 3: සබත් නීතියට එකඟ වන්නේ කුමක්ද? (gt 32 පරි.)
අංක 4: උපා නැණ ඇතුව අප කටයුතු කළ යුත්තේ කා සමඟද?
ඔක්. 24 බයිබල් කියවීම: 1 ලේකම් 12-15 ගීතිකා අංක 80
කථික ගුණාංගය: ජනයාගේ හදවත්වලට ළඟාවීමේදී යෙහෝවාට සහයෝගය දැක්වීම (be 262 පි. ¶4)
අංක 1: හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ල (2වන කොටස) (bsi05 පාඩම් අංක 5 ¶6-9)
අංක 2: w03 11/1, 10-11 පි. ¶10-13
අංක 3: යෙහෝවාගේ නාමයෙන් ගමන් කිරීම යන්නෙහි සැබෑ තේරුම
අංක 4: යෙසායාගේ අනාවැකිය ඉටු කිරීම (gt 33 පරි.)
ඔක්. 31 බයිබල් කියවීම: 1 ලේකම් 16-20 ගීතිකා අංක 129
කථික ගුණාංගය: නියමිත වේලාවට කිරීම (be 263 පි. ¶1–264 පි. ¶4)
වාචික පුනරීක්ෂණය
නොවැ. 7 බයිබල් කියවීම: 1 ලේකම් 21-25 ගීතිකා අංක 215
කථික ගුණාංගය: බලපෑමෙන් යුත් අවවාදානුශාසනා (be 265 පි. ¶1-3)
අංක 1: හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ල (3වන කොටස) (bsi05 පාඩම් අංක 5 ¶10-16)
අංක 2: 1 ලේකම් 22:1-10
අංක 3: ඔහුගේ ප්‍රේරිතයන්ව තෝරාගැනීම (gt 34 පරි.)
අංක 4: eවිවාහ බැම්ම ශක්තිමත් කළ හැකි අන්දම
නොවැ. 14 බයිබල් කියවීම: 1 ලේකම් 26-29 ගීතිකා අංක 35
කථික ගුණාංගය: ප්‍රේමය නිසා අවවාදානුශාසනා (be 266 පි. ¶1-4)
අංක 1: හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ල (4වන කොටස) (bsi05 පාඩම් අංක 5 ¶17-25)
අංක 2: 1 ලේකම් 29:1-9
අංක 3: යෙහෝවාගේ සේවකයන්ට පීඩා කිරීමට හේතුව
අංක 4: මෙතෙක් කර ඇති සුප්‍රකටම දේශනය (gt 35 පරි. ¶1-6)
නොවැ. 21 බයිබල් කියවීම: 2 ලේකම් 1-5 ගීතිකා අංක 46
කථික ගුණාංගය: අවවාදානුශාසනා ශුද්ධ ලියවිලි මත පදනම් වී ඇත (be 267 පි. ¶1-2)
අංක 1: හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ල (5වන කොටස) (bsi05 පාඩම් අංක 5 ¶26-31)
අංක 2: 2 ලේකම් 2:1-10
අංක 3: හික්මවීමේ පරමාර්ථය තේරුම්ගැනීම
අංක 4: සැබෑ සන්තෝෂය අද්දකින්නේ කවුද? (gt 35 පරි. ¶7-17)
නොවැ. 28 බයිබල් කියවීම: 2 ලේකම් 6-9 ගීතිකා අංක 106
කථික ගුණාංගය: “නිදහසේ කතා කිරීමට හැකියාව” තිබීම (be 267 පි. ¶3-4)
අංක 1: ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ල (1වන කොටස) (bsi05 පාඩම් අංක 6 ¶1-7)
අංක 2: w03 12/1, 15-16 පි. ¶3-6
අංක 3: අප යෙහෝවා කෙරෙහි ප්‍රීතිවන බව පෙන්වීමට අපට හැකි අයුරු
අංක 4: තම අනුගාමිකයන් උදෙසා උසස් ප්‍රමිතියක් (gt 35 පරි. ¶18-27)
දෙසැ. 5 බයිබල් කියවීම: 2 ලේකම් 10-14 ගීතිකා අංක 116
කථික ගුණාංගය: දිරිගැන්වීම වැදගත් වීමට හේතුව (be 268 පි. ¶1-3)
අංක 1: ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ල (2වන කොටස) (bsi05 පාඩම් අංක 6 ¶8-16)
අංක 2: 2 ලේකම් 12:1-12
අංක 3: දෙවිගේ මහත් කරුණාව අපට අවශ්‍ය වීමට හේතුව
අංක 4: යාච්ඤාව සහ දෙවි කෙරෙහි විශ්වාසය (gt 35 පරි. ¶28-37)
දෙසැ. 12 බයිබල් කියවීම: 2 ලේකම් 15-19 ගීතිකා අංක 182
කථික ගුණාංගය: යෙහෝවා කර ඇති දේ සිහියට නංවාගැනීම (be 268 පි. ¶4–269 පි. ¶2)
අංක 1: ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ල (3වන කොටස) (bsi05 පාඩම් අංක 6 ¶17-25)
අංක 2: 2 ලේකම් 19:1-11
අංක 3: ජීවනයට යන මඟ (gt 35 පරි. ¶38-49)
අංක 4: යේසුස්ගේ පවුලේ අයගෙන් අපට ඉගෙනගත හැකි දේ
දෙසැ. 19 බයිබල් කියවීම: 2 ලේකම් 20-24 ගීතිකා අංක 186
කථික ගුණාංගය: යෙහෝවා තම සෙනඟට උපකාර කර ඇති අන්දම පෙන්වීම (be 269 පි. ¶3-5)
අංක 1: ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ල (4වන කොටස) (bsi05 පාඩම් අංක 6 ¶26-32)
අංක 2: w03 12/15, 16-17 පි. ¶13-15
අංක 3: සෑහීමට පත්වීමේ රහස ඉගෙනීමෙන් ප්‍රයෝජන
අංක 4: හමුදා නිලධාරියෙකුගේ මහත් ඇදහිල්ල (gt 36 පරි.)
දෙසැ. 26 බයිබල් කියවීම: 2 ලේකම් 25-28 ගීතිකා අංක 137
කථික ගුණාංගය: දෙවි දැන් කරමින් සිටින දේ සම්බන්ධයෙන් ප්‍රීතිය පෙනෙන්න සලස්වන්න (be 270 පි. ¶1–271 පි. ¶2)
වාචික පුනරීක්ෂණය
[Footnotes]
a සහෝදරයන්ට පමණක් පැවරිය යුතුයි.
b සහෝදරයන්ට පමණක් පැවරිය යුතුයි.
c සහෝදරයන්ට පමණක් පැවරිය යුතුයි.
d සහෝදරයන්ට පමණක් පැවරිය යුතුයි.
e සහෝදරයන්ට පමණක් පැවරිය යුතුයි.