සේවා රැස්වීම් වැඩසටහන
ජූනි 14න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 168
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. මෙහි 4වන පිටුවේ සඳහන් යෝජනා යොදාගනිමින් (ඔබේ බලප්‍රදේශයට ගැළපේ නම්), ජූනි 1 මුරටැඹ සහ ජූනි 8 පිබිදෙව්! කලාප ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. පිබිදෙව්! සඟරාව සඳහා පළමුවන යෝජනාව යොදාගන්න. එක් ඉදිරිපත් කිරීමකදී, යම් ප්‍රචාරකයෙක් ව්‍යාපාරික ප්‍රදේශයක සාක්ෂි දරන ආකාරය පෙන්වන්න. ගැළපෙන වෙනත් ඉදිරිපත් කිරීම්ද යොදාගත හැකියි.
විනා. 20: “යෙහෝවා තමන් කෙරෙහි විශ්වාස කරන අයට උපකාර කරයි.”a මෙහි 4වන ඡේදය සාකච්ඡා කරන විට, 1999 දෙසැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ 6වන පිටුවේ 8-9 ඡේදවලින් සහ සේවා පාසැල් පොතේ 67වන පිටුවේ 2වන ඡේදයෙන් තොරතුරු ඇතුළත් කරන්න.
විනා. 15: මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකිය යුත්තේ මන්ද? යෞවන අය අසති පොතේ 272-7 දක්වා පිටුවල සහ 278 පිටුවේ කොටුවේ සඳහන් තොරතුරු මත පදනම්ව සබය සමඟ කතාවක්. “විනෝදයට” මත්ද්‍රව්‍ය භාවිතය අද සාමාන්‍ය දෙයක් වී තිබේ. එලෙස මත්ද්‍රව්‍ය භාවිතය හානිකර දෙයක් නොවන බවට බොහෝදෙනෙක් තදින් කියා සිටින අතර, ඇතැම්හු එය නීතිගත කළ යුතු බවක්ද කියා සිටිති. එවන් අය සමඟ අපට කාරණා තර්කානුකූලව පැහැදිලි කළ හැකි ආකාරය සාකච්ඡා කරන්න. වර්ෂ 1999 නොවැම්බර් 8 පිබිදෙව්! කලාපයේ 10වන පිටුවේ කොටුවේ සඳහන් අදහස් ඇතුළත් කරන්න.
ගීතිකා අංක 179 සහ අවසාන යාච්ඤාව.
ජූනි 21න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 29
විනා. 10: සභා නිවේදන.
විනා. 15: “දේවදූතයන්ගේ උපකාරය අපට තිබේ.”b කාලය තිබෙන ආකාරයට, සඳහන් කර ඇති ශුද්ධ ලියවිලි පද ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
විනා. 20: ඉහළින් පැමිණෙන ප්‍රඥාව සාධාරණය. (යාකො. 3:17) සේවා පාසැල් පොතේ 251 සහ 252 පිටු මත පදනම්ව කතාවක් සහ සබය සමඟ කරන සාකච්ඡාවක්. සාධාරණ වෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? එය අපේ දේවසේවයට වැදගත් වන්නේ මන්ද? ප්‍රේරිත පාවුල්ගේ ආදර්ශයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? තමන්ගේ ප්‍රදේශයේ ජනයාගේ පසුබිම ගැන සැලකිල්ල දැක්වීමට ප්‍රචාරකයන්ට හැක්කේ කෙසේද? තවද, සාධාරණකම පෙන්වීම සඳහා බයිබල් ශිෂ්‍යයන්ට උපකාර කිරීමට අපට හැක්කේ කෙසේද? පුද්ගලයෙකු වෙත එළඹීමේදී සාධාරණකම පෙන්වන අද්දැකීමක් හෝ දෙකක් ඉදිරිපත් කිරීමට කලින්ම සූදානම් කරන්න.
ගීතිකා අංක 53 සහ අවසාන යාච්ඤාව.
ජූනි 28න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 139
විනා. 12: සභා නිවේදන. ගිණුම් වාර්තාව. ජූනි මාසය සඳහා ක්ෂේත්‍ර සේවා වාර්තාව දමන ලෙස ප්‍රචාරකයන්ට මතක් කරන්න. මෙහි 4වන පිටුවේ සඳහන් යෝජනා යොදාගනිමින් (ඔබගේ බල ප්‍රදේශයට ගැළපේ නම්), ජූනි 15 මුරටැඹ සහ ජූනි 8 පිබිදෙව්! කලාප ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. පිබිදෙව්! සඟරාව සඳහා දෙවන යෝජනාව යොදාගන්න. මේ එක් එක් නිරූපණය ආරම්භයේදීම, ප්‍රචාරකයා විසින් මිත්‍රශීලීභාවය පෙන්වන යමක් කෙටියෙන් කියන අන්දම පෙන්වීමට සලස්වන්න. මෙසේ කිරීමෙන් ගෙවැසියාට පහසු බවක් දැනෙන්න සැලැස්විය හැකි බව සඳහන් කරන්න.
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 18: “සභා පොත් පාඩම අපට අවශ්‍ය වීමට හේතුව.”c දී තිබෙන ප්‍රශ්න යොදාගන්න. වර්ෂ 2002 නොවැම්බර් මස අපගේ රාජ්‍ය සේවාවේ 1වන පිටුවේ සඳහන් “ඔබේ පොත් පාඩම් අවේක්ෂකට සහාය වන්න” යන ලිපියේ අදහස්ද ඇතුළත් කරන්න.
ගීතිකා අංක 20 සහ අවසාන යාච්ඤාව.
ජූලි 5න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 3
විනා. 10: සභා නිවේදන.
විනා. 15: ඔබ කියන්නේ කුමක්ද? කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. ජූලි සහ අගෝස්තු මාසවලදී, අප විවරණිකා ඉදිරිපත් කරනවා ඇත. සභා බලප්‍රදේශයේ ඉදිරිපත් කිරීමේදී වඩාත් බලපෑමෙන් යුක්ත බවට ප්‍රචාරකයන් තේරුම්ගෙන ඇත්තේ කිනම් විවරණිකාද? වර්ෂ 1998 ජූලි මස අපගේ රාජ්‍ය සේවාවේ, 6වන පිටුවේ හෝ ඊට ඉහත වෙනත් කලාපවල ඉදිරිපත් කර ඇති යෝජනා සලකා බලන්න. මේ එක් එක් ඉදිරිපත් කිරීම්වලදී (1) ප්‍රශ්නයක්, (2) ශුද්ධ ලියවිලි පදයක් සහ (3) ප්‍රකාශනයකින් යම් කරුණක් හුවා දක්වන්න. මෙම ඉදිරිපත් කිරීම් එකක් හෝ දෙකක් නිරූපණය කරන්න. ශුභාරංචිය ඉදිරිපත් කිරීමේදී බයිබලය යොදාගැනීමට සියල්ලන්වම දිරිගන්වන්න.
විනා. 20: දරුවන්ට දෙමාපියන්ගෙන් අවශ්‍ය දෙය. උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු පොතේ 6-7 පිටු මත පදනම්ව කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. දරුවන් සැබෑ නමස්කාරය හා බැඳි බයිබල් ප්‍රතිපත්ති ඉගෙනගැනීමත්, ඔවුන්ව පුහුණු කිරීමේදී දෙමාපියන් විසින් ඉටු කිරීමට තිබෙන මූලිකම කාර්යභාරය දරුවන් විසින් තේරුම්ගනු ලැබීමත් අතිශයින් වැදගත්ය. මෙම පොත පාඩම් කිරීමට දී ඇති යෝජනා සාකච්ඡා කරන්න. මෙම අධ්‍යයන ආධාරකය තමන් විසින් පාවිච්චි කර තිබෙන්නේ කෙසේදැයි යන්න ගැන අදහස් දැක්වීමට දෙමාපියන්ට ආරාධනා කරන්න. තමන් මෙම ප්‍රකාශනය අගය කරන්නේ මන්දැයි දරුවන් එක් කෙනෙකුගෙන් හෝ දෙදෙනෙකුගෙන් අදහස් විමසන්න.
ගීතිකා අංක 65 සහ අවසාන යාච්ඤාව.
[Footnotes]
a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.