දේවදූතයන්ගේ උපකාරය අපට තිබේ
1 “බලන්න! සමාජ ක්රමයේ අවසාන කාල පරිච්ඡේදය දක්වා මම ඔබ සමඟ සැමදා සිටිමි.” එසේනම්, “ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න” යන ආඥාවට අවනත වෙමින් සිටින අයට ඒවා මොන තරම් දිරිගැන්වෙන වචනද! (මතෙ. 28:18-20, NW) යේසුස් සැබෑ ක්‍රිස්තියානීන් සමඟ සිටින එක් විශේෂ ක්‍රමයක් නම් දේවදූතයන් මාර්ගයෙන් ක්‍රියා කිරීමයි. (මතෙ. 13:36-43) මෙම විශ්වාසවන්ත ආත්ම මැවිලි සමඟ සහයෝගයෙන් යුතුව “සදාකාල ශුභාරංචිය” ප්‍රකාශ කිරීම මොන තරම් සතුට දනවන දෙයක්ද!—එළි. 14:6, 7.
2 අපගේ දේවසේවයේදී: “ගැලවීම උරුම වීමට යන අය උදෙසා සේවය කිරීම පිණිස” දේවදූතයන්ව යවනු ලැබ ඇති බව බයිබලය හෙළි කරයි. (හෙබ්‍රෙ. 1:14, NW) පළමු සියවසේදී, යේසුස්ගේ අනුගාමිකයන් සුදුස්සන්ව සොයා යෑමේදී දේවදූතයෝ ඔවුන්ට සහය වූහ. (ක්‍රියා 8:26) අද දින, දෙවිගේ සේවකයෝ දේවදූතයන්ගේ මඟ පෙන්වීම් තිබෙන බවට නිරතුරුවම සාක්ෂි අද්දකිති. බොහෝ අවස්ථාවලදී, ගෙවැසියන් කියා ඇත්තේ තමන් උපකාරය පතා යාච්ඤා කරමින් සිටින විටම, සාක්ෂිකරුවෙක් තමන්ගේ නිවසට පැමිණි බවයි. එවන් අය රාජ්‍ය පණිවුඩයට ප්‍රතිචාර දක්වන විට, අපි දේවදූතයන් සමඟ කොතරම් සතුටු වන්නෙමුද!—ලූක් 15:10.
3 විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන විට: බොහෝ පරීක්ෂා අද්දැක ඇති දානියෙල්, ඔහුගේ තරුණ හෙබ්‍රෙව් මිත්‍රයන් තිදෙනා, ප්‍රේරිත පේතෘස් සහ තවත් බොහෝදෙනෙකු යෙහෝවාගේ ආරක්ෂාව අද්දැක ඇත්තේ, “ශක්තියෙන් බලවත්” දේවදූතයන් මාර්ගයෙනි. (ගීතා. 103:20; දානි. 3:28; 6:21, 22; ක්‍රියා 12:11) ඇතැම් අවස්ථාවලදී අප විරුද්ධවාදිකම් හමුවේ අසරණ වී ඇති බවක් දැනෙන්නට පුළුවන. එහෙත්, එලිෂාගේ සේවකයා “ඔවුන් සමඟ සිටින්නන්ට වඩා අප සමඟ සිටින්නෝ බොහෝයයි” දැනගත් විට ධෛර්යය ලැබුවාක් මෙන්ම අපටත් ධෛර්යය ලැබිය හැකියි. (2 රාජා. 6:15-17) අපව අපේ ක්‍රිස්තියානි සහෝදරයන්ගෙන් බලහත්කාරයෙන් වෙන් කරනු ලැබුවද, අපට ඒ ගැන අධෛර්යය වෙන්නට අවශ්‍ය නැත. දෙවිගේ වචනය මෙසේ සහතික කරයි. “යෙහෝවාගේ දූතයා ඔහුට භය ඇත්තන් හාත්පස කඳවුරු බැඳ” සිටියි.—ගීතා. 34:7.
4 වැඩි කල් යන්නට මත්තෙන්, දේවදූත අශ්වාරෝහක හමුදාව ක්‍රිස්තුස්ගේ රාජකීයත්වයට විරුද්ධ වන්නාවූ සියලු විරුද්ධවාදිකම් ඉවත් කර දැමීමට පැමිණෙනු ඇත. (එළි. 19:11,14, 15) අපි එම දවස එන තෙක් බලා සිටින අතරේදී, දිගටම යෙහෝවාට ප්‍රශංසා කරමු. එසේ කරද්දී ක්‍රිස්තුස්ගේ අණ යටතේ සිටින්නාවූ ස්වර්ගික හමුදාවන්ගේ බලවත් සහයෝගය ලැබෙන බවට වූ පූර්ණ නිසැකකමෙන් යුතුව අභීතව සිටිමු.—1 පේතෘ. 3:22.