සේවා රැස්වීම් වැඩසටහන
අප්‍රියෙල් 12න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 93
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. මෙහි 8වන පිටුවේ සඳහන් 1වන යෝජනාව යොදාගනිමින්, අප්‍රියෙල් 1 මුරටැඹ සහ අප්‍රියෙල් 8 පිබිදෙව්! කලාපය ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. මේ සෑම ඉදිරිපත් කිරීමකදීම කැපීපෙනෙන්න සලස්වන්නේ එක සඟරාවක් වුවත් සඟරා දෙකම ගෙවැසියාට ලබා දිය යුතුය. මේ එක් එක් නිරූපණයේදී, “මට හුඟක් වැඩ තියෙනවා” කියන කෙනෙකුට සාර්ථකව කතා කරන ආකාරය පෙන්වන්න.—රීසනිං පොතේ 19-20 පිටු බලන්න. ඊළඟ සතියේදී විශේෂ එක්දින එක්රැස්වීම් වැඩසටහන පුනරීක්ෂණය කෙරෙන බැවින් එහිදී ගත් සටහන් රැගෙන එන ලෙස සබයට මතක් කරන්න.
විනා. 15: “යෙහෝවාට අපේ හොඳම දේ පූජා කිරීම”a මෙහි 4වන ඡේදය සාකච්ඡා කරන විට, අපගේ දේවසේවයේදී ජනයා උදෙසා ප්‍රේමය අපට පෙන්විය හැකි විශේෂ ක්‍රම ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
විනා. 20: “ඔබත් දිනන පිණිස දුවන්න.” වර්ෂ 2001 ජනවාරි 1 මුරටැඹ කලාපයේ ලිපිය මත පදනම් කතාවක්. සේවා අවේක්ෂක විසින් ඉදිරිපත් කළ යුතුය. වර්ෂ 2001 අප්‍රියෙල් 19 දිනැති සියලු සභාවන්ට යවන ලද ලිපිය සමඟින් යැවූ “නුඹලාට විඳදරාගැනීම ඕනෑය—හෙබ්‍රෙ. 10:36” යන කතාවේ දළසටහනෙන් උපුටාගත් කරුණුද ඇතුළත් කරන්න.
ගීතිකා අංක 91 සහ අවසාන යාච්ඤාව.
අප්‍රියෙල් 19න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 55
විනා. 8: සභා නිවේදන.
විනා. 17: “යේසුස්ගේ මානසික ආකල්පයම ඔබත් තබාගන්න.”b දී තිබෙන ප්‍රශ්න යොදාගන්න. මෙහි 4වන පරිච්ඡේදය සාකච්ඡා කරන විට, උපකාරික පුරෝගාමි සේවය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමන් අද්දැක ඇති ආශීර්වාද ගැන පවසන ලෙසට උපකාරික පුරෝගාමීන්ට ආරාධනා කරන්න.
විනා. 20: “සම්පූර්ණ සිතකින් යෙහෝවාට සේවය කිරීම.” (1 ලේක. 28:9) විශේෂ එක්දින එක්රැස්වීම් වැඩසටහනේ පුනරීක්ෂණය. සබය සමඟ සාකච්ඡාවක්. වැඩසටහනේ ප්‍රධාන කරුණු මත පදනම්ව ප්‍රශ්න පහක් සූදානම් කරන්න. ප්‍රධාන ශුද්ධ ලියවිලි පදවල අදාළත්වය පෙන්වා දෙන්න.
ගීතිකා අංක 80 සහ අවසාන යාච්ඤාව.
අප්‍රියෙල් 26න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 46
විනා. 12: සභා නිවේදන. ගිණුම් වාර්තාව. අප්‍රියෙල් මාසය සඳහා ක්ෂේත්‍ර සේවා වාර්තාව දමන ලෙස ප්‍රචාරකයන්ට මතක් කරන්න. මැයි මාසයේදී බෙදා දෙන පොත් පත් සඳහන් කරන්න. අටවන පිටුවේ සඳහන් දෙවන යෝජනාව යොදාගනිමින්, අප්‍රියෙල් 15 මුරටැඹ සහ අප්‍රියෙල් 8 පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. මේ සෑම ඉදිරිපත් කිරීමකදීම, කැපීපෙනෙන්න සලස්වන්නේ එක සඟරාවක් වුවත්, සඟරා දෙකම බෙදා දිය යුතුය. එක් ඉදිරිපත් කිරීමකදී, රැකියා ස්ථානයේ කෙනෙකුට හෝ පාසැලේ ළමයෙකුට සාක්ෂි දරන ආකාරය නිරූපණය කරන්න.
විනා. 15: සභා අවශ්‍යතා නැතහොත් දේවසේවයට ඇති වන විරුද්ධවාදිකම් සම්බන්ධයෙන් 2003 දෙසැම්බර් 22 දිනැතිව සියලු සභාවලට එවන ලද ලිපිය මත පදනම් කතාවක් වැඩිමහල්ලෙකු විසින්. ප්‍රායෝගික නිරූපණයක් ඇතුළත් කරන්න.
විනා. 18: සභා අද්දැකීම්. මාර්තු මාසයේදී වැඩිමනත් ක්‍රියාකාරකම්වල යෙදීමෙන් ලද අද්දැකීම් සඳහන් කිරීමට ආරාධනා කරන්න. ඔවුන්ගේ කදිම ප්‍රයත්නවලට ප්‍රශංසා කරන්න. අප්‍රියෙල් මාසයේදී වැඩියෙන් පූර්ණ ලෙස හවුල් වීමට සියල්ලන්ව දිරිගන්වන්න. අප්‍රියෙල් මාසයේදී උපකාරික පුරෝගාමි සේවය කිරීමට දිරිගන්වන්න.
ගීතිකා අංක 38 සහ අවසාන යාච්ඤාව.
මැයි 3න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 48
විනා. 10: සභා නිවේදන. අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී සැලසුම් කර ඇති ක්‍රියාකාරකම් ගැන කෙටියෙන් අදහස් දක්වන්න. ඒවා නම්, දිස්ත්‍රික් සමුළුවට යෑම, උපකාරික පුරෝගාමි සේවයේ නිරත වීම, නිවසේ යම් අලුත්වැඩියාවන් කිරීම, සමහරවිට විනෝදය සඳහා යම් දේවල් සැලසුම් කිරීම. සභා ප්‍රදේශය තුළ කලාතුරකින් වැඩ කෙරෙන යම් ප්‍රදේශයක් තිබේ නම්, එය ආවරණය කිරීම සඳහා යොදනු ලබමින් තිබෙන සැලසුම් පිළිබඳව නිවේදනය කරන්න. දුර ගමනක් යෑමට හා පවුලේ වෙනත් කටයුත්තක් කිරීමට සැලසුම් කර තිබෙන විට, ඒවා හොඳින් සැලසුම් කරන්න. එවිට පවුලේ පාඩම, සභා රැස්වීම් සහ ක්ෂේත්‍ර සේවය අතපසු කෙරෙන්නේ නැත. (හිතෝ. 21:5) තමන් නිවසේ සිටියත් නිවාඩුවට වෙනත් ප්‍රදේශයකට ගමන් කළත්, තම ක්ෂේත්‍ර සේවා වාර්තාවන් ලැබීමට සලස්වන මෙන් සිහිගන්වන්න.
විනා. 15: “යෞවනයෙනි, දෙවිගේ වචනය කියවන්න!”c බයිබලය කියවමින් සිටින යෞවන දරුවන් එය කියවන ආකාරය ගැනත් ඉන් ප්‍රයෝජන ලබමින් සිටින අන්දම ගැනත් අදහස් දැක්වීමට ඔවුන්ව කලින්ම සූදානම් කරන්න. මුළු බයිබලයම කියවීමට ඉලක්කයක් තබාගන්නා ලෙසට යෞවනයන්ව දිරිගන්වන්න. සේවා පාසැල් පොතේ 10වන පිටුවේ 4වන ඡේදයෙන් අදහස් ඇතුළත් කරන්න.
විනා. 20: “යෙහෝවාගේ අනර්ඝ බැටළුවන්ව මුදු මොළොක්කමින් යුතුව රැකබලා ගැනීම.” වර්ෂ 1993 ජූලි 15 මුරටැඹ කලාපය මත පදනම් වූ කතාවක්. හොඳින් සුදුසුකම් ලත් වැඩිමහල්ලෙක් මෙම කොටස මෙහෙයවයි.
ගීතිකා අංක 164 සහ අවසාන යාච්ඤාව.
[Footnotes]
a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.