ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 3/04 3 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2004 අපගේ රාජ්‍ය සේවාව
2004 අපගේ රාජ්‍ය සේවාව
km 3/04 3 පි.

නිවේදන

◼ මාර්තු මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම. මෙයින් නිවාස බයිබල් පාඩම් ආරම්භ කිරීමට විශේෂ වෑයමක් දරනු ලැබේ. දැනටමත් මෙම පොත ගෙවැසියන් ලබාගෙන තිබේ නම් දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! නමැති පොත ඉදිරිපත් කළ හැකියි. අප්‍රියෙල් සහ මැයි: එක පිටපතක් කැපීපෙනෙන්න සලස්වමින් මුරටැඹ සහ පිබිදෙව්! සඟරා දෙකම ඉදිරිපත් කරන්න. උනන්දුව දක්වන අයව නැවත බැලීමට යන විට සිහි කිරීමට පැමිණි අය හා වෙනත් ආත්මික ක්‍රියාකාරකම්වලට පැමිණ ඇති මුත් සංවිධානය සමඟ ක්‍රියාශීලීව ඇසුරු නොකරන අයවද බැලීමට යන්න. එවිට දෙවිට නමස්කාර කරන්න නමැති පොත ඉදිරිපත් කිරීම ගැන සිතා බලන්න. විශේෂයෙන්ම දැනටමත් දැනුම පොත හා ඕනෑ කරන්නේ විවරණිකාව පාඩම් කර තිබෙන අය සමඟ බයිබල් පාඩමක් පටන්ගැනීමට හැකි සෑම වෑයමක්ම දැරිය යුතුයි. ජූනි: උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු. තමන්ට දරුවන් නැහැ කියා යම් අය පවසයි නම් ඔවුන්ට ඕනෑ කරන්නේ විවරණිකාව දෙන්න. මේ විවරණිකාව යොදාගන්න විට නිවාස බයිබල් පාඩම් ආරම්භ කිරීමට විශේෂ සැලකිල්ලක් දක්වන්න.

◼ ශාඛා කාර්යාලයෙන් පෞද්ගලිකව පොත් පත් ඉල්ලුම් කර ලබාගත නොහැක. සභාවේ මාසික පොත් පත් ඉල්ලුම සමිතියට යවන්න කලින් සෑම මාසයකම නිවේදනයක් ඉදිරිපත් කිරීමට මුලසුන භාර අවේක්ෂක කටයුතු පිළියෙළ කළ යුතුයි. මෙමගින් පෞද්ගලිකව අවශ්‍ය කරන පොත් පත් ලබාගැනීමට වුවමනා කරන සියලුදෙනාටම ඒ බව පොත් පත් අංශය භාර සහෝදරයාට දැනුම් දීමට හැකි වේ. විශේෂ ඉල්ලුම් අයිතමවලට අයත් ප්‍රකාශන මොනවාද කියා කරුණාකර මතක තබාගන්න.

◼ ශාඛා කාර්යාලය බැලීමට අදහස් කරන අය, එසේ පැමිණීමේදී නිසි ලෙස ඇඳ පැළඳ ආ යුතු ආකාරය ගැන 2002 ජූනි මස අපගේ රාජ්‍ය සේවාවේ ප්‍රශ්න පෙට්ටියේ සඳහන් කරුණු සලකා බැලීම වැදගත්ය.

◼ වර්ෂ 2003 දෙසැම්බර් 22දා සියලු සභාවලට යවන ලද ලිපියේ සිහිගැන්වීමක් වශයෙන්, අප නිර්දේශ කරන්නේ ක්ෂේත්‍ර සේවය සඳහා පවත්වන රැස්වීම්, ප්‍රසිද්ධ ස්ථානවල පවත්වනවා වෙනුවට නිවෙස්වල සහ රාජ්‍ය ශාලාවල පවත්වන ලෙසටයි. වැඩ කිරීමට ඇති ප්‍රදේශ හා නගර ගැන සැලකිල්ලට ගැනීමේදී, විශාල කණ්ඩායම් වශයෙන් යනවාට වඩා කුඩා කණ්ඩායම් ලෙස වැඩ කිරීමට අපි දිරිගන්වමු. රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය අන්‍යයන්ට බෙදා දීමේදී සුපරීක්ෂාවෙන් හා විචාර බුද්ධියෙන් යුතුව එසේ කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න