ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 3/04 3 පි.
  • පාලක මණ්ඩලයෙන් ලිපියක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාලක මණ්ඩලයෙන් ලිපියක්
  • 2004 අපගේ රාජ්‍ය සේවාව
2004 අපගේ රාජ්‍ය සේවාව
km 3/04 3 පි.

පාලක මණ්ඩලයෙන් ලිපියක්

ප්‍රිය සහෝදර සහෝදරියනි:

“අපේ පියාණන් වන දෙවිගෙන්ද ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙන්ද මහත් කරුණාවත් සමාදානයත් ඔබ වෙත පැමිණේවා!” (1 කොරි. 1:3, NW) හුස්මගන්නා සෑම ජීවියෙක්ම යෙහෝවාට දිය යුතු මහිමය දෙන කාලය එන තෙක් අපි කොතරම් ආශාවෙන් බලා සිටින්නෙමුද! (ගීතා. 150:6) එම උදාර දවස එන තෙක් අපි බලා සිටිත්ම, දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දිගටම දේශනා කරමින් ගෝලයන් සාදමු.

එවැන්ජලිස්ත දේවසේවය යනු දැනට යෙහෝවාගේ අවධානය යොමු වී තිබෙන පොළොව මත කෙරෙන ප්‍රධාන කාර්යයයි. (මාර්ක් 13:10) යෙහෝවා මෙම කාර්යය කෙරෙහි දක්වන උනන්දුව ගැන අපට තියුණු අවබෝධයක් තිබෙන නිසා, අපි එම වැඩයේදී උපකාර ඉල්ලා ඔහුට යාච්ඤා කරන්නෙමු. තවද එසේ කිරීමෙන් සෑම මිනිසෙකුටම මිදීමේ මිල සැපයුමෙන් ප්‍රයෝජන ගැනීමට ප්‍රස්තාවක් තිබෙන බව අපට වැටහේ. (එළි. 14:​6, 7, 14, 15) අප දුෂ්කර තත්වයන්ට මුහුණ දෙන බව සැබෑය. නමුත් අපගේ දේවසේවය ඉෂ්ට කිරීම සඳහා ‘ඉහළින් පැමිණෙන බලයෙන් අපව සැරසීම’ ගැන අපි කොතරම් කෘතඥ වෙමුද!—ලූක් 24:49, NW.

පසුගිය සේවා වසර දෙස හැරී බලා යෙහෝවා සිය පක්ෂපාත සේවකයන් තුළින් ඉටු කර ඇති දෙය ගැන කල්පනා කර බැලීම කොතරම් තෘප්තියක් ගෙන දේද! ශුද්ධාත්මය මගින් බලවත්වී සිටින දෙවිගේ ජනයා ක්‍රිස්තුස් පෙන්වූ ප්‍රේමයට සමාන ප්‍රේමයක් විදහාපාන්නේ ලෝකය පුරා පැතිර පවතින වෛරයෙන් ජයගනිමිනි. එවන් ප්‍රේමයක් අපගේ සමුළුවල දිස් විය. වර්ෂ 2003 ජූනි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා රටවල් සිය ගණනකට වඩා වැඩි ප්‍රමාණයක නියෝජිතයෝ මහාද්වීප හයක පැවති ජාත්‍යන්තර සමුළු 32කට පැමිණියහ. මිෂනාරිවරුන්, ජාත්‍යන්තර සේවකයන් සහ විදේශීය සේවාවන්හි සිටින බෙතෙල් සාමාජිකයන් දිස්ත්‍රික් සහ ජාත්‍යන්තර සමුළුවලදී සම්මුඛ සාකච්ඡාවලට කැඳවන ලදි.

මෙම සමුළුවලදී, ‘ඒ සරුසාර දේශය දැකගනිමු’ සහ උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු යන ප්‍රකාශන අපි ලබාගතිමු. ඊට අමතරව, 2004 සේවා වසර අවසන් වෙත්ම, සංශෝධිත පුරෝගාමී සේවා පාසැල් පෙළ පොත හඳුන්වා දෙනු ලබන බව නිවේදනය කෙරිණි. මෙම පාසැලට සහභාගි වී සිටින දිගු කලක් සේවය කර ඇති පුරෝගාමීන්ද ක්‍රමානුකූලව පංතිවලට සහභාගි වනු ඇති අතර, නවක පුරෝගාමීහුද ඊට ඇතුළත් වෙති.

දිව්‍ය අනුබලය සහ මිනිස් ත්‍යාගශීලිත්වය හේතුකොටගෙන විශේෂයෙන්ම සීමිත සම්පත් ඇති රටවල, තවත් බොහෝ රාජ්‍ය ශාලාවල් ඉදි කිරීමට හැකි වී තිබේ. ලොව වටා ආත්මික ආහාර සඳහා අවශ්‍යතාව එන්ට එන්ටම වැඩි වන හෙයින්, බොහෝ රටවල ශාඛා කාර්යාල ව්‍යාපෘති දැන් ඉදි වෙමින් පවතී. පොළොව මත ජීවිතය සදහටම භුක්ති විඳින්න යන විවරණිකාව දැන් භාෂා 299කින් නිකුත් වී ඇති අතර, එහි මුළු මුද්‍රණය පිටපත් මිලියන 139කි. සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොත භාෂා 161කින් පිටපත් මිලියන 93ක් ඉක්මවා ඇති අතර, දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන විවරණිකාව භාෂා 267කින් පිටපත් මිලියන 200කට වඩා මුද්‍රණය කොට තිබේ.

පසුගිය සේවා වසරේදී වතුර බව්තීස්මය මගින් තම කැපවීම සංකේතවත් කළාවූ 2,58,845දෙනාව අපි ඉතා උණුසුම් ලෙස පිළිගනිමු! ඔබ දෙවිගේ රාජ්‍යයට අනුබලය දැක්වීම හේතුවෙන් සාතන්ගේ වෛරයේ විශේෂ ඉලක්කයක් බවට පත්ව තිබුණද, ඔබ ඉදිරියේ තබා තිබෙන තරඟයේ යෙදෙන කල යෙහෝවාගේ ආශීර්වාද සහ ආත්මික ආරක්ෂාව ලබන විශේෂ පුද්ගලයන් බවට පත් වේ. (හෙබ්‍රෙ. 12:​1, 2; එළි. 12:17) එසේය, ‘ඔබව ආරක්ෂා කරන තැනැත්තා නොනිදන’ බවට සහතික වන්න.—ගීතා. 121:3.

“සෝදිසියෙන් සිටින්න. . . . සූදානමින් සිටින බව පෙන්වන්න” යන 2004 වාර්ෂික පාඨය බොහෝ සෙයින් කාලෝචිතය. (මතෙ. 24:42, 44, NW) ක්‍රිස්තියානීන්ව දේවවචනයේ විස්තර කර ඇත්තේ මිය යමින් තිබෙන මේ සමාජ ක්‍රමයේ තාවකාලික පදිංචිකරුවන් ලෙසටයි. (1 පේතෘ. 2:​11; 4:7) මෙබැවින්, අප ආත්මික දේවල මනස තබාගනිමින්, අපගේ ඇස සරලව තබාගනිමින්, අපගේ සිත් හොඳින් සෝදිසි කර බැලිය යුතුයි. “මහත් මකරා” වන යක්ෂයාට වුවමනා වන්නේ අපව ගිල දමමින් ඔහුගේ සමාජ ක්‍රමය තුළට අපව ජීර්ණය කරගැනීමටය.—එළි. 12:9, NW.

අප සුපරීක්ෂාකාරීව සිටීමට අත්‍යවශ්‍ය වන දෙයක් නම් දිනපතා බයිබලය කියවීමයි. අපගේ කැපවීම සම්බන්ධයෙන් ‘එසේය නම් එසේය කියා’ පැවසීමටද, ‘මුලදී අපට තිබුණු නිසැකකම අවසානය දක්වා තදින් අල්ලාගෙන සිටීමටද’ එය අපට මහෝපකාරී වේ. (යාකො. 5:​12; හෙබ්‍රෙ. 3:​14, NW) දිනපතා අප බයිබලය කියවත්ම, අපට එය සිහිගන්වන්නේ මෙම ලෝකය දෙවිගේ වෙනස් නොවන ප්‍රමිතිවලින් කොතරම් පහතට ඇදී ගොස් තිබෙනවාද යන්නයි. (මලා. 3:6; 2 තිමෝ. 3:​1, 13) “සූක්ෂ්ම ලෙස ගෙතූ අසත්‍ය කතාවලින් ” වැළකී සිටීමටත්, යෙහෝවාට විශ්වාසවන්තව සිටීමටත් බයිබල් දැනුම අපට උපකාර කරයි.—2 පේතෘ. 1:​16; 3:​11, NW.

දෙමාපියෙනි, ඔබ ඔබේ දරුවන් යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද ඇති දැඩි කරමින්, ආත්මික ඉලක්ක තබාගෙන ‘සෝදිසියෙන් සිටීමට’ ඔවුන්ට උපකාර කරමින් සිටිනවාද? (එෆී. 6:4, NW) මේ පොළොව මත විසූ ප්‍රඥාවන්තම පුද්ගලයා බැලූ ආකාරයට ඔවුන්ගේ අනාගතය දෙස බැලීමට ඔබ ඔවුන්ව පුහුණු කරමින් සිටිනවාද? යේසුස්ට, හොඳම වඩුවෙකු වීමට, නිර්මාණකරුවෙකු වීමට හෝ පොළොව මත විසූ හොඳම වෛද්‍යවරයා වීමට හැකිකම තිබුණි. නමුත් ඔහු ඒ වෙනුවට ලුහුබැන්දේ පූර්ණ කාලීන දේවසේවයයි. ඔබගේ දරුවන්ට ඔවුන්ගේ ජීවිතය තුළ රාජ්‍ය කාරණා මුල් තැනට තැබීම සඳහා ඔහුගේ ආදර්ශය ඔවුන්ව පොලඹවනු ලැබේවා!

පාලක මණ්ඩලය මගින් නියෝජනය වන විශ්වාසවන්ත දාස පන්තිය, ‘රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කිරීම’ සඳහා අපට ඇති වගකීම ඉෂ්ට කිරීමට උපකාර කිරීම ගැන ‘මහත් සමූහය’ කෙරෙහි මුළු හදවතින්ම ස්තුතිවන්ත වෙයි. (එළි. 7:9; මතෙ. 24:14, 45, NW) ප්‍රේමවන්ත ඔබට යෙහෝවාගේ සහතිකය තිබෙන අතර, ‘ඔබ කළ සේවයද, ඔහුගේ නාමයට පෙන්වූ ප්‍රේමයද, . . . ඔබ ශුද්ධ තැනැත්තන්ට කළ උපස්ථානයද, කරමින් සිටින දේද’ ඔහු සිහි කරයි. (හෙබ්‍රෙ. 6:​10, NW) ඔබ ඉතා කුතුහලය දනවන අද්දැකීම් කියවත්ම සහ ඔබගේ එක්සත් ප්‍රයත්නවල ප්‍රතිඵල ගැන වාර්ෂික පොතේ පිටුවල ඇති දේවල් දකින කල, මෙම ලෝක ව්‍යාප්ත සාක්ෂි දැරීමට ඔබ මහත් කාර්යභාරයක් ඉටු කර ඇති බව දැනගනු ඇත.

කිසිම මිනිසෙකුට හෝ කිසිම භූතයෙකුට ඔබගේ ත්‍යාගය අහිමි කිරීමට ඉඩ නොදී, ‘ලැබීමට තිබෙන විපාකය දෙස ඕනෑකමින් බලමින්’ අනාගතය දෙස ධෛර්යයෙන් යුක්තව දිගටම බලා සිටීමට ඔබට හැකි වේවා! (හෙබ්‍රෙ. 11:26, NW; කොලො. 2:​18) එසේය, යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන්න. ඔහු තමන්ට ප්‍රේම කරන අයට ජීවිතයේ පූර්ණත්වය අත් කරගැනීමට උපකාර කරන බවට සහතික වන්න.—යොහ. 6:​48-​54.

යෙහෝවාගේ මහිමයට ප්‍රශංසා දීම පිණිස ඔබ සමඟ සේවය කිරීමෙහිලා අප ඔබ සමඟ ප්‍රීති වෙන බවට සහතික වන්න.

ඔබගේ සහෝදරයෝ,

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න