යොදාගත හැකි හැඳින්වීම් සමහරක්
◼ ගෙවැසියාට ආචාර කරන්න. [ඔබවම මෙසේ හඳුන්වා දෙන්න: නිදසුනක් වශයෙන්, “මම නිශාන්ත පෙරේරා, වත්තලින්.”]
මෑතකදී මාධ්‍යය තුළ පළ වුණු පුවත්වලින් පේනවා මූලධර්මවාදී ක්‍රිස්තියානි කණ්ඩායම් මේ රටේ ප්‍රධාන ආගම්වලට හානියක් කිරීමට උත්සාහ ගන්නවා කියලා. ඔබ හිතන්නේ මොකක්ද? [පිළිතුරට ඉඩහරින්න.]
යෙහෝවාගේ සාක්ෂිකරුවන්වත් මේ අතරට ඈඳාගෙන තිබෙනවා. මාධ්‍යය සහ ප්‍රසිද්ධ පුද්ගලයන් ඔවුන් ගැන බොහෝ දේවල් කියලා තියෙනවා. ඔබ කැමතිද යෙහෝවාගේ සාක්ෂිකරුවන් වන අපට මේ ගැන කියන්න තියෙන දේ අහන්න? ඔවුන්ගේ විශ්වාසයන්, ඉගැන්වීම් වගේම ඔවුන්ගේ පරමාර්ථයන් ගැන දැනගන්න ඔබ කැමතිද?
[පුද්ගලයා කැමැත්තක් දක්වන්නේ නම්, “යෙහෝවාගේ සාක්ෂිකරුවන් විශ්වාස කරන්නේ කුමක්ද?” නැතහොත් “කවුද මේ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ?” යන පත්‍රිකාවල තිබෙන දේවල් සාකච්ඡා කරන්න.]
◼ ගෙවැසියාට ආචාර කරන්න. [ඔබවම මෙසේ හඳුන්වා දෙන්න. නිදසුනක් වශයෙන්, “මම නිශාන්ත පෙරේරා, වත්තලින්.”]
මේ කාලයේ මේ රටේ යම් ආගමික අර්බුදයක් තියෙන බවක් පේනවා. සමහරු කියන්නේ “සදාචාර විරෝධි විදිහට අන්‍යාගම්වලට හරවාගැනීම” මේකට හේතුව කියලයි. ඔයා හිතන්නේ මොකක්ද? [පිළිතුරට ඉඩහරින්න.]
යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැටියට අපි අසම්මත විදිහට අන්‍යාගම්වලට හරවාගැනීම සම්පූර්ණයෙන්ම හෙළාදකිනවා. අපි නම් ඒ වගේ දේවල් කරන්නේ නැහැ.
අපගේ කැමැත්ත වෙන්නේ යම් කෙනෙක් උනන්දුවක් දක්වනවා නම් බයිබලයේ තිබෙන පණිවුඩය බෙදා දෙන්නටයි. අපිට සවන් දෙන්න කියලා අපි මිනිස්සුන්ට බල කරන්නේ නැහැ. අනික කෙනෙකුගේ ආගමක් තෝරාගැනීමට ඒ තැනැත්තාට ඇති අයිතියට අපි ගරු කරනවා.
[පුද්ගලයා කැමැත්තක් දක්වන්නේ නම්, “යෙහෝවාගේ සාක්ෂිකරුවන් විශ්වාස කරන්නේ කුමක්ද?” නැතහොත් “කවුද මේ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ?” යන පත්‍රිකාවල අඩංගු දේ සාකච්ඡා කරන්න.]