සේවා රැස්වීම් වැඩසටහන
ජනවාරි 12න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 224
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. හතරවන පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් ජනවාරි 1 මුරටැඹ සහ ජනවාරි 8 පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. පිබිදෙව්! සඟරාව සඳහා ඊට අදාළ පළමුවන යෝජනාව යොදාගන්න. මේ සෑම නිරූපණයකදීම කැපීපෙනෙන්න සලස්වන්නේ එක සඟරාවක් වුවත් සඟරා දෙකම ඉදිරිපත් කළ යුතුයි. සෑම නිරූපණයකින්ම පසු ඒවායේ ප්‍රායෝගික පැති කැපීපෙනෙන්න සලස්වන්න.
විනා. 15: “දිව්‍ය ප්‍රඥාවේ අතිවටිනා අගය.”a කාලය තිබෙන විදිහට, සඳහන් කර තිබෙන ශුද්ධ ලියවිලි ඇසුරෙන් අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
විනා. 20: අපව ප්‍රීතියට පත් කළ අලුත් ප්‍රකාශන. සබය සමඟ සාකච්ඡාවක්. “දෙවිව මහිමවත් කරන්න” නමැති දිස්ත්‍රික් සමුළුවේදී මුදාහැරිය අලුත් ප්‍රකාශන දෙක අප අතට පත් වූ අවස්ථාවේදී අපට දැනුණේ මහත් ප්‍රීතියකි. ‘ඒ සරුසාර දේශය දැකගනිමු’ නමැති ප්‍රකාශනය අප ළඟ තිබෙන වෙනත් බයිබල් පොත් පත්වලට වඩා වෙනස් වේ. එහි සෑම පිටුවක්ම පෙරළා බලන විට පොරොන්දු දේශය ගැන පුළුල් අවබෝධයක් ලබාගැනීමට උපකාරවත් වන තොරතුරු බොහොමයක් සොයාගත හැකියි. විවිධ සිතියම් කිහිපයක දක්නට තිබෙන තොරතුරු කිහිපයක් සඳහන් කරන්න. මේ ප්‍රකාශනය භාවිත කළ හැකි ප්‍රායෝගික ආකාර ගැන යෝජනා ඉදිරිපත් කරන්න. උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු නමැති අලුත් පොත මගින් අපේ දරුවන්ගේ ආත්මිකත්වය ඉහළ නංවන බව නිසැකයි. මෙහි සඳහන් කාලෝචිත විෂයන් කිහිපයක් සඳහන් කරන්න. මේවායින් දෙමාපියන්ට හා දරුවන්ට ප්‍රයෝජන ගත හැකි ආකාරයද පෙන්වා දෙන්න. මේ අලුත් ප්‍රකාශන හොඳින් පාවිච්චි කරමින් සිටින ආකාරය ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 186 සහ අවසාන යාච්ඤාව.
ජනවාරි 19න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 95
විනා. 5: සභා නිවේදන.
විනා. 10: ප්‍රශ්න පෙට්ටිය. වැඩිමහල්ලෙක් ඉදිරිපත් කරන කතාවක්.
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 15: “සාක්ෂිකරුවන් නොවන කලත්‍රයන්ට උපකාර කිරීමට අපට හැක්කේ කෙසේද?”b තමාට කලින් සත්‍යය පිළිගෙන තිබූ තමන්ගේ විවාහක කලත්‍රයා තැබූ කදිම ආදර්ශය නිසා යෙහෝවාගේ සේවකයන් බවට පත් වූ එක් කෙනෙකුව හෝ දෙදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවට කැඳවන්න.
ගීතිකා අංක 73 සහ අවසාන යාච්ඤාව.
ජනවාරි 26න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 158
විනා. 12: සභා නිවේදන. ගිණුම් වාර්තාව. ජනවාරි මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව ලබා දීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. හතරවන පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් ජනවාරි 15 මුරටැඹ සහ ජනවාරි 8 පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. පිබිදෙව්! සඟරාව සඳහා ඊට අදාළ දෙවන යෝජනාව යොදාගන්න. මේ සෑම නිරූපණයකදීම කැපීපෙනෙන්න සලස්වන්නේ එක සඟරාවක් වුවත් සඟරා දෙකම ඉදිරිපත් කළ යුතුයි. ඔබට මේ සඟරා අසල්වැසියෙකුට ඉදිරිපත් කළ හැකි ආකාරය එක් නිරූපණයකදී පෙන්වන්න.
විනා. 15: දේවවචනය ඔබේ ජීවිතයට සෑම දවසකම අදාළ කරගන්න. කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම—2004 නමැති පොත් පිංචයෙන් ප්‍රයෝජන ගැනීමට සියලුදෙනාවම දිරිමත් කරන්න. මෙහි 3-4 දක්වා පිටුවල තිබෙන පෙරවදනෙන් ගත් කරුණුද සාකච්ඡා කරන්න. දිනපදය සලකා බැලීම සඳහා හොඳම වේලාව හැටියට තමන් වෙන් කර තිබෙන්නේ කුමන වේලාවද කියා සබයෙන් අසන්න. අද දවසේ දිනපදය හා එහි සඳහන් කොටස සභාව සමඟ සාකච්ඡා කරන්න. අදට නියමිත දිනපදයේ සඳහන් තොරතුරු අපට ප්‍රායෝගිකව අදාළ කරගත හැකි ආකාරය ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න. සෑම දවසකම දිනපදය සාකච්ඡා කරන විට එම තොරතුරු අදාළ කරගත හැකි ආකාරය ගැන කෙටියෙන් සිතා බැලීමට සියලුදෙනාවම දිරිමත් කරන්න.
විනා. 18: සෙසු නමස්කාරකයන් සමඟ මිත්‍රත්වයන් ගොඩනඟා ගැනීම. (හිතෝ. 18:24; 27:9) වසර 2000 දෙසැම්බර් 1 මුරටැඹ සඟරාවේ 22-3 දක්වා පිටුවල තිබෙන තොරතුරු පදනම් කරගනිමින් ඉදිරිපත් කරන කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. සැබෑ නමස්කාරයෙන් ලැබෙන එක ප්‍රයෝජනයක් වන්නේ සැබෑ මිතුරන් ඇති කරගන්න අවස්ථාවක් ලැබීමයි. රැස්වීම්වලදී, ක්ෂේත්‍ර සේවයේදී හා වෙනත් අවස්ථාවලදී අපි සෙසු නමස්කාරකයන් සමඟ ගොඩනඟා ගෙන තිබෙන මිතුරුකම්වලින් මහත් දිරිගැන්වීමක් ලබන්නෙමු. සභාවේ සිටින අනිත් අය සමඟත් මිත්‍රත්වයක් ගොඩනඟා ගැනීමට අප හැක්කේ කෙසේද? “සදා නොවෙනස් වන මිතුදමකට යෝජනා හයක්” නමැති කොටුව සලකා බලා, අප සෙසු සහෝදරයන් සමඟ කටයුතු කරන විට ඒ එක් එක් කරුණ අදාළ කරගත හැකි ආකාරය ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 177 සහ අවසාන යාච්ඤාව.
පෙබරවාරි 2න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 204
විනා. 10: සභා නිවේදන. පෙබරවාරි මාසයේ ඉදිරිපත් කරන පොත් පත් සඳහන් කරන්න. වසර 2003 ජනවාරි මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ 3වන පිටුවේ තිබෙන යෙහෝවාට ළං වන්න නමැති පොත ඉදිරිපත් කිරීම ගැන තිබෙන යෝජනා සලකා බලන්න.
විනා. 20: “ඔබ කාලය පාවිච්චි කරන ආකාරය ගැන හොඳින් විමසා බලන්න.”c ජීවිතයේ අත්‍යවශ්‍ය නොවන දේවල් තමන්ගේ ආත්මික ක්‍රියාකාරකම්වලට බාධාවක් කර නොගැනීම සඳහා ඔවුන් කරන දේවල් සබයෙන් අසන්න.
විනා. 15: පාවුල් ක්‍රිස්තුස්ව අනුකරණය කළාක් මෙන් ඔබත් පාවුල්ව අනුකරණය කරන්න. (1 කොරි. 11:1) සබය සමඟ සාකච්ඡාවක්. යේසුස් මෙන් පාවුල්ද ‘දිනපතා වෙළඳපොළට පැමිණි අයට’ සාක්ෂි දැරීමට ලැබුණු අවස්ථාවලින් ප්‍රයෝජන ගත්තේය. (ක්‍රියා 17:17) අපේ බලප්‍රදේශයේදී මේ දෙය කිරීම සඳහා තිබෙන අවස්ථා මොනවාද? අප සාප්පු යන විට හෝ රැකියා ස්ථානයේදී හෝ පාසැලේදී හෝ පොදු ප්‍රවාහන මාධ්‍යවලින් ගමන් කරන විට හෝ අපට සම්බ වෙන්නේ මොන වගේ අයවද? අප නිවසේ සිටින විට සාක්ෂි දැරීම සඳහා අපට සම්බ වෙන අය කවුද? එදිනෙදා කටයුතුවල නියැලෙන අවස්ථාවලදී හමු වන අයට සාක්ෂි දැරීමෙන් ලබා තිබෙන අද්දැකීම් ගැන පැවසීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 151 සහ අවසාන යාච්ඤාව.
[Footnotes]
a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.