සාක්ෂිකරුවන් නොවන කලත්‍රයන්ට උපකාර කිරීමට අපට හැක්කේ කෙසේද?
1 යෙහෝවාගේ සේවකයන්ගෙන් බොහෝදෙනෙකු සමඟ විවාහ වී සිටින පුද්ගලයෝ සභාවේ සහෝදරයන්ට හිතවත් අය වන අතර, සභාව කෙරෙහිද යම් උනන්දුවක් දක්වති. නමුත් ඔවුහු දෙවිගේ සේවකයන් බවට පත්වීමට පසුබට වෙති. එක් ස්වාමිපුරුෂයෙක් මෙසේ පිළිගත්තේය. “ගෙයින් ගෙට යනවා කියන අදහස නම් මට ලොකු බාධකයක් වුණා.” තවත් අයට ශුද්ධ ලියවිල්ලට පටහැනි යම් චාරිත්‍ර වාරිත්‍ර නවතා දැමීම අසීරුය. නැතහොත් තමන්ගේ කලත්‍රයා මෙන් කාර්යබහුල දිව්‍යාණ්ඩු කාලසටහනකට ඇලී සිටීමට කවදාකවත් නොහැකි වේයයි ඇතමුන්ට හැඟේ. එවන් අයට උපකාර කිරීමට අපට හැක්කේ කෙසේද?
2 පෞද්ගලික උනන්දුවක් දක්වන්න: අනුන් කෙරෙහි පෞද්ගලික උනන්දුවක් දැක්වීම සහ ඔවුන්ගේ සිත්තැවුල් කරදර කෙරෙහි යම් උනන්දුවක් පෙන්වීම මගින් ඔවුන්ට බයිබල් සත්‍යයට යම් ප්‍රතිචාරයක් දැක්වීමට මඟ පෑදිය හැකියි. (ෆිලි. 2:4, NW) තමන්ගේ කලත්‍රයන්ගේ ආගමික විශ්වාසයන් කලින් නොදැරූ අය බොහෝවිට සඳහන් කරන්නේ තමන් කෙරෙහි අනෙක් අය දැක්වූ ප්‍රේමණීය උනන්දුව ගැනයි. “සභාවේ වැඩිමහල්ලෙකු වන හොසේ, මා කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්වුවා,” යයි මීට පෙර සඳහන් කරන ලද ස්වාමිපුරුෂයා පැහැදිලි කළේය. “මම හිතන්නේ ඔහු දුන් දිරිගැන්වීම නිසා තමයි, මං බයිබල් පාඩම බැරෑරුම් ලෙස සලකන්න පටන්ගත්තේ.” තමාව බැහැදකින්නට ආ සහෝදරයන් තමා උනන්දුව දැක්වූ දේවල් ගැන කතා කිරීමට වෑයම් කළ අන්දම ගැන තවත් ස්වාමිපුරුෂයෙක් මතක් කරයි. “මම [මගේ භාර්යාවගේ] ආගම දෙස සම්පූර්ණයෙන්ම වෙනත් දෘෂ්ටිකෝණයකින් බලන්නට පටන්ගත්තා. ඇගේ මිතුරන් හරිම බුද්ධිමත් අය. විවිධ විෂයන් ගැන කතා කරන්නට ඔවුන්ට පුළුවන්” යයි ඔහු පැවසුවේය.—1 කොරි. 9:20-23.
3 ප්‍රායෝගික උපකාරය දෙන්න: සාක්ෂිකරුවන් නොවන කලත්රයන්ටද දක්වන කාරුණික සැලකිල්ල ඔවුන්ගේ සිතට තදින් කාවදින්නට පුළුවන. (හිතෝ. 3:27; ගලා. 6:10) එක් නොඇදහිලිවන්ත ස්වාමිපුරුෂයෙකුගේ කාර් එකක් අබලන් වූ අවස්ථාවක, එක් සාක්ෂිකාර තරුණයෙක් ඔහුට උදව් කරන්නට ඉදිරිපත් වුණේය. “එය මගේ සිතට තදින් කාවැදුණා” යයි එම තැනැත්තා සිහියට නංවයි. තවත් සහෝදරයෙක් සහෝදරියකගේ නොඇදහිලිවන්ත ස්වාමිපුරුෂයෙකුට ඔහුගේ වත්තේ වැටක් තැනීමට දවස පුරාම උපකාර කළේය. වැඩ කරමින් කතා කරන අතරතුර ඔවුහු මිත්‍රත්වයක් ගොඩනඟා ගත්හ. සති දෙකකට පසුව, එම තැනැත්තා සහෝදරයා කරා පැමිණ, “දැන් මගේ ජීවිතයේ යම් වෙනස්කම් කරන්න කාලය ඇවිල්ලා. ඔයා මාත් එක්ක බයිබලය පාඩම් කරන්න කැමතිදැයි” ඇසීය. ශීඝ්‍ර ප්‍රගතියක් ලැබූ ඔහු දැන් බව්තීස්ම ලත් සාක්ෂිකරුවෙකි.
4 අපි අපගේ බලප්‍රදේශයේ සුදුස්සන්ව සොයමින් යන අතරතුර, අපගේ සෙසු ඇදහිලිවන්තයන් හා විවාහ වී සිටින අයටද උපකාර කිරීමට අදිටන් කරගනිමු.—1 තිමෝ. 2:1-4.