ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 11/03 3 පි.
  • ප්‍රශ්න පෙට්ටිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රශ්න පෙට්ටිය
  • 2003 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • ප්‍රශ්න පෙට්ටිය
    2008 අපගේ රාජ්‍ය සේවාව
  • ශුභාරංචිය දේශනා කිරීම
    යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
  • පවුලේ කාලසටහන—පවුලේ පාඩම
    2005 අපගේ රාජ්‍ය සේවාව
  • සභා පොත් පාඩම් අවේක්ෂක පෞද්ගලික සැලකිල්ල පෙන්වන අයුරු
    2002 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2003 අපගේ රාජ්‍ය සේවාව
km 11/03 3 පි.

ප්‍රශ්න පෙට්ටිය

◼ පවුලේ අය සමඟ කරන බයිබල් පාඩමක් සභාවට වාර්තා කළ යුතුද?

ක්‍රිස්තියානි දෙමාපියෙකු තම පවුලේ අය සමඟ පාඩමක් කරනවා නම් හා එයට බව්තීස්ම නොලත් දරුවන් සහභාගි වෙනවා නම් සතියකට උපරිම වශයෙන් පැයක්ද සතියකට එක නැවත බැලීමක්ද මාසයකට එක නිවාස බයිබල් පාඩමක්ද ඒ දෙමාපියාට වාර්තා කළ හැකියි. මෙම පාඩම පැයකට වඩා කළත්, සතියකට එක වතාවකට වැඩිය කළත් එක් එක් දරුවා සමඟ වෙන වෙනම පාඩම් කළත් වාර්තා කළ යුත්තේ ඉහත සඳහන් කළ ආකාරයටයි.—අපේ දේවසේවය පොතේ 104වන පිටුව බලන්න.

නිවසේ සිටින සියලුදෙනාම බව්තීස්ම ලත් සාක්ෂිකරුවන් නම්, එවැනි අවස්ථාවකදී (දරුවෙක් බව්තීස්ම වීමෙන් පසුව දෙවන පොතක් පාඩම් කරන්නේ නැත්නම්) පාඩමේ කාලයවත් පාඩමවත් ක්ෂේත්‍ර සේවා වාර්තාවට ඇතුළත් නොකළ යුතුයි. මෙයට හේතුව වන්නේ සභාවේ ක්ෂේත්‍ර සේවා වාර්තාවෙන් මූලිකව පෙන්වන්නේ යෙහෝවාගේ කැප වූ බව්තීස්ම ලත් සේවකයන් නොවන අයට ශුභාරංචිය දේශනා කිරීමේදී හා බයිබලයේ සඳහන් සත්‍යයන් ඉගැන්වීමේදී ඉටු කරගනු ලබමින් තිබෙන දේවල්ය. (මතෙ. 24:14; 28:19, 20) කෙසේවෙතත්, මෙමගින් පවුලේ පාඩමක් නිතිපතා පැවැත්වීමේ වැදගත්කම කිසිම ආකාරයකින්වත් අවතක්සේරුවට ලක් කරන්නේ නැත.

තම දරුවන් සමඟ පාඩම් කිරීම ක්‍රිස්තියානි දෙමාපියන්ගේ වගකීමකි. පවුලේ පාඩමක් පටන්ගැනීමට හෝ එහි ගුණය තවත් දියුණු කරගැනීමට සහය අවශ්‍ය කරන අයට වැඩිමහල්ලන්ගෙන් උපකාර ඉල්ලා සිටිය හැකියි. වෙනත් ප්‍රචාරකයෙකු ක්‍රිස්තියානි පවුලක සිටින බව්තීස්ම නොලත් පුතෙකු හෝ දුවෙකු සමඟ බයිබල් පාඩමක් පැවැත්වීම ඇතැම් තත්වයන් නිසා යෝග්‍යයි කියා පෙනී යන්නේ නම්, ඒ ගැන මුලසුන භාර අවේක්ෂක හෝ සේවා අවේක්ෂක සමඟ කතා කළ යුතුයි. එවැනි පාඩමකට අනුමැතිය ලැබුණොත් එය පවත්වනු ලබන තැනැත්තාට වෙනත් බයිබල් පාඩම් වාර්තා කරන්නාක් මෙන් එයද වාර්තා කළ හැකියි.

යෙහෝවා දෙන මඟ පෙන්වීම්වලට අනුව දරුවන්ව පුහුණු කිරීමේදී ක්ෂේත්‍ර සේවා වාර්තාවෙන් දැකිය හැකි ප්‍රමාණයට වඩා වැඩි කාලයක් හා වෑයමක් දැරීම අවශ්‍ය වේ. (ද්වි. 6:6-9; හිතෝ. 22:6) “යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද” තමන්ගේ දරුවන්ව ඇති දැඩි කිරීමේ බාරදූර වගකීම ඉටු කරමින් සිටින ක්‍රිස්තියානි දෙමාපියන්ව පැසසුමට ලක් කිරීම වටී.—එෆී. 6:4, NW.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න