අපේ සරල කරන ලද පොත් පත් බෙදාහැරීමේ විධිවිධානය
සේවයේ කටයුතුවලට සහයෝගය දැක්වීමට තමන්ට පෞද්ගලිකව තිබෙන වගකීම තේරුම්ගැනීමට සභාවේ සිටින අයට උපකාර කිරීම සඳහා වැඩිමහල්ලන්ට හා සභා සේවකයන්ට කුමක් කළ හැකිද?
අප සියලුදෙනාටම දේවල් අමතක විය හැකි නිසා සම්මාදම් කිරීමෙන් ලෝක ව්‍යාප්ත සේවයට සහයෝගය දැක්වීමේ කාර්යයට හවුල් වීමට අපට ලැබී තිබෙන වරප්‍රසාදය ගැන සභාවට කාරුණිකව මතක් කිරීම් කළ හැකියි.
මූල්‍යමය සහයෝගය දැක්වීමේදී මූලිකත්වය ගනු ලබන්නේ යෙහෝවාගේ කැප වූ සේවකයන්ය. ඉතාමත් හදිසිතාවකින් කළ යුතු රාජ්‍යය ගැන ප්‍රකාශ කිරීමේ කාර්යයට මූල්‍යමය සහයෝගය ලබාගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් මහජනයා දෙස බලන්නේ නැත. මහජනයාගෙන් මුදල් එකතු කිරීමේ කාර්යයක අප කෙදිනකවත් හවුල් වී නැත. දැනුත් එසේ කරන්නේ නැත. අපට දේවසේවයේදී හමු වන උනන්දුව දක්වන අයගේ කුඩා පරිත්‍යාග අගය කිරීමෙන් යුතුව පිළිගනු ලැබුවද අපි සේවය හා බැඳි කටයුතුවලට දිගටම සම්මාදම් ලබා දීමෙන් උපකාර කරන්නෙමු.
පොත් පත් සඟරා බෙදාහැරීම සිදු කරනු ලබන වැඩිමහල්ලන් හා සභා සේවකයන් ප්‍රචාරකයන් ලබාගන්නා දේවල් ගැන සැලකිලිමත් විය යුතු වුවද, එක් එක් ප්‍රචාරකයා පරිත්‍යාග කරනවා නැද්ද කියා පරීක්ෂා කර නොබැලිය යුතුයි. පරිත්‍යාග කළ යුත්තේ තමන්ගේම කැමැත්තෙනි.