සේවා රැස්වීම් වැඩසටහන
නොවැම්බර් 10න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 212
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. හතරවන පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් නොවැම්බර් 1 මුරටැඹ සහ නොවැම්බර් 8 පිබිදෙව්! සඟරා ඔබේ සභා බලප්‍රදේශයේදී ඉදිරිපත් කළ හැකි ආකාරය තාත්විකව නිරූපණය කරන්න. නොවැම්බර් 8 පිබිදෙව්! සඟරාව සඳහා පළමු යෝජනාව යොදාගන්න. මේ සෑම නිරූපණයකදීම කැපීපෙනෙන්න සලස්වන්නේ එක සඟරාවක් වුවත් සඟරා දෙකම යුගළයක් හැටියට ඉදිරිපත් කළ යුතුයි. මේ එක් නිරූපණයකදී අප ලෝක ව්‍යාප්තව කරන සේවයට මුදල් ලැබෙන ආකාරය ගැන පැහැදිලි කිරීමක් කරන්න.—මුරටැඹ සඟරාවේ 2වන පිටුව හෝ පිබිදෙව්! සඟරාවේ 5වන පිටුව බලන්න.
විනා. 15: “ඔබ සූදානමින් සිටින බව පෙන්වන්න.”a ආත්මික ක්‍රියාකාරම්වල නිරත වීම සඳහා වඩාත් ඵලදායක ලෙස යෙදවිය හැකි කාලය සොරාගැනීමට, වත්මන් සමාජ ක්‍රමයේ කරදරවලට හා සිත වෙනතකට යොමු කරවන දේවලට ඉඩ නොහැරීමට තමන්ට උපකාරවත් වන දේවල් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
විනා. 20: ඔබේ ආශ්‍රිතයන්ව ඔබ තෝරාගන්නේ කෙසේද? දෙවිට නමස්කාර කරන්න නමැති පොතේ 47-9 පිටුවල සඳහන් තොරතුරු පදනම් කරගනිමින් සබය සමඟ කරන සාකච්ඡාවක්. දහතුන්වන ඡේදයේ ප්‍රශ්න හා ශුද්ධ ලියවිලි පාඨ යොදාගනිමින් අපේ ආශ්‍රිතයන්ව තෝරාගැනීමේදී අපට මඟ පෙන්වීමක් ලබා දෙන බයිබල් ප්‍රතිපත්ති ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 127 සහ අවසාන යාච්ඤාව.
නොවැම්බර් 17න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 96
විනා. 12: සභා නිවේදන. මේ මාසයේ ඉදිරිපත් කරන ප්‍රකාශන යොදාගැනීමෙන් ක්ෂේත්‍ර සේවයේදී ලැබූ සිත්ගන්නා අද්දැකීම් ගැන පැවසීමට ප්‍රචාරකයන් දෙතුන්දෙනෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. සමහරුන්ට බයිබල් පාඩම් පටන්ගැනීමට හැකි වී තිබෙන්නට පුළුවනි.
විනා. 15: දීමේ ස්වභාවයක් වර්ධනය කරගන්න. වර්ෂ 2003 නොවැම්බර් 1 මුරටැඹ සඟරාවේ 27-30 දක්වා පිටුවල තොරතුරු පදනම් කරගනිමින් වැඩිමහල්ලෙක් ඉදිරිපත් කරන කතාවක්.
විනා. 18: “ප්‍රශංසාව ප්‍රාණවත්බවක් ඇති කරවයි.”b පවුලේ සන්තෝෂය පොතේ 49-50 දක්වා පිටුවල තිබෙන 21වන ඡේදයෙන් ගත් අදහස්ද ඇතුළත් කරන්න. අනිත් අය තමන්ව ප්‍රශංසාවට ලක් කරමින් පැවසූ වදන්වලින් දිරිගැන්වීමක් ලැබූ අයට ඒ ගැන කෙටියෙන් අදහස් දැක්වීමට ආරාධනා කරන්න.
ගීතිකා අංක 58 සහ අවසාන යාච්ඤාව.
නොවැම්බර් 24න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 213
විනා. 12: සභා නිවේදන. ගිණුම් වාර්තාව. නොවැම්බර් 15 මුරටැඹ සහ නොවැම්බර් 8 පිබිදෙව්! සඟරා ඉදිරිපත් කිරීමේදී හතරවන පිටුවේ තිබෙන යෝජනා යොදාගත හැකි ආකාරය වෙන වෙනම නිරූපණය කරන්න. නොවැම්බර් 8 පිබිදෙව්! සඟරාව සඳහා දෙවන යෝජනාව යොදාගන්න. හතරවන පිටුවේ යෝජනා කර තිබෙන ශුද්ධ ලියවිලි පාඨය හැර වෙනත් පාඨයක් යොදාගත හැකියි. මේ සෑම නිරූපණයකදීම කැපීපෙනෙන්න සලස්වන්නේ එක සඟරාවක් වුවත් සඟරා දෙකම යුගළයක් හැටියට ඉදිරිපත් කළ යුතුයි. බස් රියෙන් නැත්නම් දුම්රියෙන් ගමන් කරන විට හෝ බලප්‍රදේශයට යෝග්‍ය වෙනත් අවස්ථාවකදී අවිධිමත් ආකාරයට සඟරා ඉදිරිපත් කිරීම මේ එක් නිරූපණයකදී පෙන්වන්න.
විනා. 10: ප්‍රශ්න පෙට්ටිය. වැඩිමහල්ලෙක් ඉදිරිපත් කරන කතාවක්.
විනා. 23: “යෙහෝවා සමඟ කුලුපග මිත්‍රත්වයක් ගොඩනඟා ගැනීම.”c සපයා තිබෙන ප්‍රශ්න යොදාගන්න. මෙහි සඳහන් ශුද්ධ ලියවිලි පාඨ අදාළ වන ආකාරය ගැන සබයෙන් අදහස් ලබාගන්න. තමන් පෞද්ගලිකව කරන බයිබල් අධ්‍යයනයේ ගුණය දියුණු කරගැනීම සඳහා ඔවුන්ට උපකාරවත් වී තිබෙන දේවල් ගැන අදහස් දැක්වීමට එක් කෙනෙකුව හෝ දෙදෙනෙකුව කලින් සූදානම් කරවන්න.
ගීතිකා අංක 202 සහ අවසාන යාච්ඤාව.
දෙසැම්බර් 1න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 138
විනා. 10: සභා නිවේදන. “අපේ සරල කරන ලද පොත් පත් බෙදාහැරීමේ විධිවිධානය” නමැති කොටසද සාකච්ඡා කරන්න. නොවැම්බර් මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව ලබා දීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. දෙසැම්බර් මාසයේ ඉදිරිපත් කරන පොත් පත් ගැන සඳහන් කරන්න. මීට අදාළව යෝජනා කර තිබෙන ඉදිරිපත් කිරීම් එකක් හෝ දෙකක් කෙටියෙන් සලකා බලන්න. ඉදිරිපත් කිරීම් සොයාගැනීම සඳහා ප්‍රචාරකයන්ට මුරටැඹ ප්‍රකාශන සූචිය (Watch Tower Publications Index) භාවිත කළ හැකි ආකාරය පැහැදිලි කරන්න.—අපගේ රාජ්‍ය සේවාව 2001 සැප්තැම්බර් කලාපයේ 2වන පිටුව බලන්න.
විනා. 15: සභා නිවේදන.
විනා. 20: අන් අයට ඉගැන්වීම සඳහා ප්‍රමාණවත් සුදුසුකම් ලැබීම. වර්ෂ 2000 ජූනි 1 මුරටැඹ සඟරාවේ 16-17 දක්වා පිටුවල තිබෙන 9-13 ඡේදවල තොරතුරු පදනම් කරගනිමින් සබය සමඟ කරන සාකච්ඡාවක්. අපේ දේවසේවයේදී තබාගත යුතු ප්‍රධානතම ඉලක්කයක් වන්නේ බලපෑමෙන් යුක්තව ඉගැන්වීමේ හැකියාව දියුණු කරගැනීමයි. බැටළු ගුණැති අයට උපකාර කිරීමේදී අප ලබන සාර්ථකත්වය රඳා පවතින්නේ ඔවුන් දැනුවත් කරන හා ක්‍රියාවට පොලඹවන ආකාරයෙන් ශුභාරංචිය ඉදිරිපත් කිරීමට තිබෙන අපේ හැකියාව මතයි. පහත සඳහන් ප්‍රශ්න සාකච්ඡා කරන්න. (1) දේශනා කිරීම හා ඉගැන්වීම අතර තිබෙන වෙනස කුමක්ද? (2) සමහර අය බයිබල් පාඩමක් පැවැත්වීමට අදිමදි කරන්නේ මන්ද? (3) අපේ ඉගැන්වීමේ හැකියාව දියුණු කරගැනීමට අපට හැක්කේ කෙසේද? (4) අප උගන්වන ශිෂ්‍යයා ඉගෙනගනිමින් සිටින දේවල් තේරුම්ගන්න බවට සහතික වීමට අපට හැක්කේ කෙසේද? (5) අප ශිෂ්‍යයාට උපකාර කළ යුත්තේ කුමන ඉලක්කය තබාගැනීමටද?
ගීතිකා අංක 70 සහ අවසාන යාච්ඤාව.
[Footnotes]
a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.