ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 11/03 3 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2003 අපගේ රාජ්‍ය සේවාව
2003 අපගේ රාජ්‍ය සේවාව
km 11/03 3 පි.

නිවේදන

◼ නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: දැනුම පොත හෝ ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කරන්න. මේ වන විටත් ගෙවැසියා ළඟ මෙම ප්‍රකාශන තිබේ නම්, දෙවිට නමස්කාර කරන්න නමැති පොත හෝ පැරණි ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. දෙසැම්බර්: මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා. නැත්නම්, මගේ බයිබල් කතන්දර පොත හෝ පාරාදීස පොළොවක සදාකල් ජීවත් වන්ට ඔබට හැක යන පොත් ඉදිරිපත් කිරීමට ඔබට හැකියි. ජනවාරි: යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු. පෙබරවාරි: යෙහෝවාට ළං වන්න. මේ ප්‍රකාශනය ලබාගත නොහැකි නම් ඔබට පුළුවන්, එළිදරව්ව—එහි උදාර උච්චාවස්ථාව අත ළඟය! නමැති පොත ඉදිරිපත් කරන්න.

◼ මුලසුන භාර අවේක්ෂක හෝ ඔහු විසින් පත් කරනු ලබන කෙනෙකු විසින් දෙසැම්බර් 1වන දා හෝ ඉන්පසු හැකි විගස සභාවේ ගිණුම් විගණනය කළ යුතුයි. අනතුරුව සභාවේ ඊළඟ ගිණුම් වාර්තාව ඉදිරිපත් කරන විට ගිණුම් විගණනය කර තිබෙන බව නිවේදනය කරන්න.

◼ සභාවන් 2003 මුරටැඹ සහ පිබිදෙව්! බැඳි වෙළුම් ඊළඟ පොත් පත් ඉල්ලුම සමඟ ඇණවුම් කිරීමට පටන්ගත යුතුයි. මේවා ලබාගත හැකි භාෂා ගැන ලැයිස්තුවක් සෑම මාසයකම සියලුම සභාවලට යවනු ලබන “සියලුම සභා වෙත කෙරෙන නිවේදනය” යන්නෙහි සඳහන් වේ. බැඳි වෙළුම් සභාවලට ලැබෙන තුරු ඒවා ඇසුරුම් ලැයිස්තුවේ සඳහන් වන්නේ “ලැබීමට නියමිත” [Pending] කියායි. බැඳි වෙළුම් විශේෂ අයිතමවලට අයත් වේ.

◼ ලෝක ව්‍යාප්ත සේවය සඳහා හා රාජ්‍ය ශාලා අරමුදල සඳහා රාජ්‍ය ශාලාවල තිබෙන සම්මාදම් පෙට්ටිවලට චෙක්පත්වලින් සම්මාදම් දමන විට, එම චෙක්පත්වල මුදල් ලැබිය යුත්තා ලෙස “Watch Tower Bible and Tract Society of Lanka” කියා සඳහන් විය යුතුයි. දිස්ත්‍රික් සමුළුවලදී චෙක්පත්වලින් පරිත්‍යාග කරන විටද, චෙක්පත් සමිතියට එවන විටද, ඒවායේ මුදල් ලැබිය යුත්තා ලෙස “Watch Tower Bible and Tract Society of Lanka” යනුවෙන් සඳහන් විය යුතුයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න