ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yc 8 පාඩම 18-19 පි.
  • යොෂියාට හොඳ යාළුවෝ හිටියා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යොෂියාට හොඳ යාළුවෝ හිටියා
  • දූපුතුන්ට කියා දෙන්න
  • සමාන තොරතුරු
  • කුඩා කාලයේ සිට හරි දේ කළ යොෂියා
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආයෙත් යෙහෝවාට ළං වෙන්න එයා සෙනඟට උදව් කළා
    දෙවියන් එක්ක ධෛර්යවන්තව ගමන් කරන්න
  • යොෂියා යෙහෝවාගේ නීතිය පිළිපැද්දා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • යෙහෝවාගේ අනුග්‍රහය ලැබූ යටහත් යොෂියා
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
දූපුතුන්ට කියා දෙන්න
yc 8 පාඩම 18-19 පි.
යෙරෙමියා කියන දේට යොෂියා රජ ඇහුම්කන් දෙනවා

8වෙනි පාඩම

යොෂියාට හොඳ යාළුවෝ හිටියා

හොඳ දේවල් කරන එක ලේසි දෙයක්ද?— හුඟක් අය හිතන්නෙත් ඒක අමාරු දෙයක් කියලයි. යොෂියා කියන පිරිමි ළමයාටත් හරි දේ කරන්න හුඟක් අමාරු වුණා. ඒත් එයාට උදව් කරන්න හොඳ යාළුවෝ හිටියා. යොෂියා ගැනත් එයාගේ යාළුවෝ ගැනත් දැන් අපි බලමු.

යොෂියාගේ තාත්තාගේ නම ආමොන්. එයා රූපවලට වැඳපු, නරක දේවල් හුඟක් කරපු රජ කෙනෙක්. එයා මැරුණට පස්සේ යොෂියා රජ වුණා. එතකොට එයාට වයස අවුරුදු අටයි. ඔයා හිතන්නේ යොෂියාත් එයාගේ තාත්තා වගේ නරක දේවල් කළා කියලද?— නැහැ, එයා එහෙම කළේ නැහැ.

ශෙපනියා, යුදයේ ඉන්න අයට යෙහෝවා දෙවිගේ පණිවිඩය කියනවා

රූපවලට වඳින්න එපා කියලා ශෙපනියා මිනිසුන්ට කිව්වා

පුංචි කාලේ ඉඳන්ම යොෂියාට ඕන වුණේ යෙහෝවා දෙවි කියන දේ කරන්න. ඒ නිසා එයා යාළුවෝ විදිහට තෝරගත්තේ යෙහෝවා දෙවිට ආදරේ කරපු අයව විතරයි. ඒ අය හොඳ දේවල් කරන්න යොෂියාට උදව් කළා.

යොෂියාට හිටපු එක යාළුවෙක්ගේ නම ශෙපනියා. දෙවි උදව් කරපු නිසා ශෙපනියාට පුළුවන් වුණා ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන කලින්ම කියන්න. එයා මිනිසුන්ට කිව්වා ‘රූපවලට වඳින්න එපා. එහෙම කළොත් දෙවි දඬුවම් කරයි’ කියලා. යොෂියා ශෙපනියා කියපු දේ අහලා යෙහෝවා දෙවිට විතරයි නමස්කාර කළේ.

යෙරෙමියාත් යොෂියාට හිටපු තව යාළුවෙක්. ඒ දෙන්නා එකම වයසේ. හැදුණේ වැඩුණෙත් එකම පළාතක. ඒ දෙන්නා කොච්චර හොඳ යාළුවෝ වෙලා හිටියද කියනවා නම් යොෂියා මැරුණු වෙලාවේ යෙරෙමියා එයා ගැන විශේෂ සිංදුවක් ලිව්වා. ඒකේ එයා ලිව්වේ යොෂියා නැතුව එයාට කොච්චර පාළුවක්, දුකක් දැනෙනවද කියලයි. හරි දේ කරන්නත් දිගටම යෙහෝවා දෙවි කියන විදිහට වැඩ කරන්නත් ඒ දෙන්නට දෙන්නා උදව් කරගත්තා.

යොෂියායි යෙරෙමියායි හරි දේ කරන්න දෙන්නට දෙන්නා උදව් කරගත්තා

යොෂියාගෙන් ඔයාට මොනවද ඉගෙනගන්න පුළුවන්?— පොඩි කාලේ ඉඳන්ම එයාට ඕන වුණේ හරි දේ කරන්න. යෙහෝවා දෙවිට ආදරේ කරන අයව විතරයි එයා යාළුවෝ කරගත්තේ. ඔයාත් එයා වගේද? ඔයාත් යෙහෝවා දෙවිට ආදරේ කරන, හොඳ දේවල් කරන්න ඔයාට උදව් කරන අයව විතරක් ඔයාගේ යාළුවෝ කරගන්න.

බයිබලයෙන් කියවන්න

  • 2 ලේකම් 33:21-25; 34:1, 2; 35:25

ප්‍රශ්න:

  • යොෂියාගේ තාත්තාගේ නම මොකක්ද? එයා හොඳ දේවල් කළාද?

  • පුංචි කාලේ ඉඳලම යොෂියාට ඕන වුණේ මොනවා කරන්නද?

  • යොෂියාගේ යාළුවෝ දෙන්නෙක්ව ඔයාට මතකද?

  • යොෂියාගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න