සරල කරන ලද අපේ පොත් පත් බෙදාහැරීමේ විධිවිධානය
යෙහෝවාගේ සාක්ෂිකරුවන් පවතින අවශ්‍යතාවන්ට හා තත්වයන්ට අනුව දේශනා කිරීමේදී යොදාගන්න ක්‍රමවල විවිධ සකස් කිරීම් හා වැඩි දියුණු කිරීම් රැසක් අවුරුදු 100කට වඩා වැඩි කාලයක් පුරා කර තිබේ. මෙම අභියෝගයට ඔවුන් සාර්ථකව මුහුණ දී ඇත. මේ කාලයේ අවශ්‍ය කරන්නේ කුමක්ද? ශුභාරංචිය පතුරුවාහැරීමේදී පොත් පත් මගින් වැදගත් කාර්යභාරයක් අඛණ්ඩව ඉටු කෙරේ. පොත් පත් සම්බන්ධයෙන් සරල කර තිබෙන විධිවිධානය පිළිබඳව පහත සඳහන් කරුණු වැදගත් බව අප මතක තබාගත යුතුයි. (1) පොත් පත් නැණවත් ලෙස පාවිච්චි කරන්න. (2) ක්ෂේත්රයේදී ජනයාට ප්‍රකාශන ලබා දෙනවාද නැද්ද යන්න තීරණය කිරීමේ එකම එක කොන්දේසිය වන්නේ ඔවුන් දක්වන උනන්දුවේ තරම බව වටහාගන්න. (3) නිවැරදි වචන මාලාව භාවිත කරන්න. අපේ සේවය ගැන නිවැරදි චිත්‍රයක් ජනයා තුළ ඇති වන්නේ එසේ කිරීමෙනි. මතු දැක්වෙන ප්‍රශ්න අසා ඇත.
ප්‍රශ්න අංක 1: අප ගෙවැසියෙකුව හමු වන සෑම වතාවකදීම ලෝක ව්‍යාප්ත සේවය සඳහා කුඩා පරිත්‍යාගයක් බාරගැනීමට අප කැමති බව සඳහන් කළ යුතුද?
නැත. මේ කාරණයේදී ස්ථානෝචිත ප්‍රඥාව පාවිච්චි කිරීම අවශ්‍යයි. ඇත්තෙන්ම අප කරන්නේ බයිබල් අධ්‍යාපනික සේවයක් බවත් එය කොහොමටවත් ව්‍යාපාරික කටයුත්තක් නොවන බවත් ජනයා පැහැදිලිව තේරුම්ගන්නවා දැකීමයි අපට අවශ්‍ය කරන්නේ. අප පරිත්‍යාග එකතු කරමින් ගෙයක් ගෙයක් පාසා යන අය නොවේ.
අප උනන්දුව දක්වන කෙනෙකුට මුල් වතාවට පොත් පත් ලබා දෙන විට අපේ සේවයට ස්වේච්ඡාවෙන් කරනු ලබන පරිත්‍යාගවලින් මූල්‍යමය අනුග්‍රහය ලැබෙන ආකාරය හොඳින් පැහැදිලි කිරීම සුදුසුයි. අප පොත් පත් ලබා දෙන්නේ උනන්දුව දක්වන අයට හා ඒවා කියවීමට තමන් ආශා බව ප්‍රකාශ කරන අයට පමණයි කියා මතක තබා ගෙන සිටිනවා නම්, පරිත්‍යාගයන් ගැන සඳහන් කිරීම ප්‍රශ්නයක් හෝ ගැටලුවක් බවට පත් වන්නේ නැත.
උනන්දුව දක්වන බොහෝදෙනෙකු පසු අවස්ථාවල කරන බැහැදැකීම්වලදී සිය කැමැත්තෙන්ම පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වනු ඇත. පොතක් හෝ සඟරාවක් කීයක් වෙනවාද කියා සමහරුන් අසන්න ඉඩ තිබේ. අප උනන්දුව දක්වන අයට අය කිරීමකින් තොරව අපේ පොත් පත් ලබා දෙන බව පැහැදිලි කරමින්, අප කරන්නේ ව්‍යාපාරික කටයුත්තක් නොවන බව කෙටියෙන් පැහදා දීමට අපට හැකියි. අප කරන ලෝක ව්‍යාප්ත සේවයට සහයෝගය දක්වන්න කැමති ඕනෑම කෙනෙකුට තමන්ගේ කැමැත්තෙන්ම කුඩා පරිත්‍යාගයක් කළ හැකි බව ඔවුන්ට පැවසීමටද හැකියි. අප නැවත බැලීමට යන තැනැත්තා ක්‍රිස්තියානි සභාව විසින් කරනු ලබන සේවයට සහයෝගය දක්වන්නේ නැත්නම් කලින් කලට සුදුසු අවස්ථාවලදී මේ කාරණය ගැන ඒ තැනැත්තාට මතක් කර දිය හැකියි.
අප උනන්දුව දක්වන අයට අය කිරීමකින් තොරව පොත් පත් ලබා දුන්නත් ඒවා ප්‍රකාශයට පත් කිරීමේදී හා බෙදාහැරීමේදී යම් වියදමක් දැරීමට සිදු වන බව අප මතක තබාගත යුතුයි. ලෝක ව්‍යාප්ත සේවයට අයත් සියලුම කාර්යයන් ඉටු කිරීමේදී දැරීමට සිදු වන වියදම් පියවාගැනීම සඳහා ස්වේච්ඡාවෙන් පරිත්‍යාග කිරීමට දෙවි ඔහුගේ සේවකයන්ව මෙන්ම උනන්දුව දක්වන අයවද පොලඹවයි කියා අපට නිසැක විය හැකියි.
ප්‍රශ්න අංක 2: අප පොත් පත් ලබාගන්න අවස්ථාවේදී පරිත්‍යාගයක් කරන විටත් ක්ෂේත්රයේදී ලැබුණු පරිත්‍යාග ලෝක ව්‍යාප්ත සේවය සඳහා සම්මාදම් යනුවෙන් නම් කර තිබෙන පෙට්ටිවලට දමන විටත් අපි දෙවරක් පරිත්‍යාග කරනවා නොවේද?
නැත. සමිතිය විසින් සිදු කරනු ලබන සේවය සඳහා සම්මාදම් පෙට්ටිවලට දමන පරිත්‍යාග වැය කරන්නේ පොත් පත් සඳහා පමණක් නොවේ. ප්‍රචාරකයන් මෙන්ම ක්ෂේත්රයේදී අවංකව උනන්දුවක් දක්වන අය පොත් පත් ලබාගන්නේ අය කිරීමකින් තොරවයි. ප්‍රචාරකයන් කරන පරිත්‍යාග යොදවන්නේ යේසුස් ඔහුගේ ගෝලයන්ට දුන් පැවරුමට අයත් සියලුම දේවල් ඉටු කිරීම සඳහා අවශ්‍ය කරන ශාඛා කාර්යාල, බෙතෙල් නිවාස, මිෂනාරි හා දේවසේවා පාසැල්, මිෂනාරිවරුන්, සංචාරක අවේක්ෂකයන් හා වෙනත් උපකාරක සේවා ගණනාවක් සඳහාය. පොත් පත් ප්‍රකාශයට පත් කිරීම එම පැවරුමේ කුඩා අංගයක් පමණයි.
එමනිසා ක්ෂේත්රයේදී අපට හමු වන උනන්දුව දක්වන අය පරිත්‍යාග කරන විට, එම පරිත්‍යාග යොදවන්නේ “පොත් පත් සඳහා” කියා නොපැවසිය යුතුයි. අප ඔවුන්ට පවසන ආකාරයට අපේ පොත් පත් කියවීමට අවංක ආශාවක් දක්වන අය ඒවා ලබාගන්නේ අය කිරීමකින් තොරවයි. එවැනි අය දෙන ඕනෑම පරිත්‍යාගයක් යොදවන්නේ ලෝක ව්‍යාප්ත සේවය සඳහා වැය වන වියදම් පියවාගැනීමටයි. ප්‍රචාරකයන් කරන පරිත්යාගන්ද යොදවන්නේ ඒ සඳහායි.
ප්‍රශ්න අංක 3: පොත් පත් මුද්‍රණය කිරීමට හා බෙදාහැරීමට යන වියදම් පියවාගැනීම සඳහා තමන් පෞද්ගලිකව සම්මාදම් කර තිබෙන නිසා අපේ සේවයට මූල්‍යමය අනුග්‍රහය ලැබෙන්නේ ස්වේච්ඡාවෙන් කරනු ලබන පරිත්‍යාග මගින් කියා ගෙවැසියන්ට පැවසීම අවශ්‍ය නැහැ කියා ඇතැම් ප්‍රචාරකයන්ට හැඟී යා හැකියි. එසේ සිතීම සුදුසුද?
ලෝක ව්‍යාප්ත සේවය සඳහා මූල්‍යමය අතින් සහයෝගය දැක්වීමේදී තමන්ට තිබෙන වගකීම ගැන ප්‍රචාරකයන් සැලකිලිමත් වීම ප්‍රශංසනීය දෙයකි. රාජ්‍ය කටයුතුවලින් වැඩි ප්‍රමාණයකට මූල්‍යමය අනුග්‍රහය ලැබෙන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් බව සැබෑවකි. කෙසේවෙතත්, ක්ෂේත්රයේදී අපට හමු වන පුද්ගලයෙක් රාජ්‍ය පණිවිඩය ගැන උනන්දුවක් දක්වමින් අපේ පොත් පත් ලබාගැනීමට කැමති බව ප්‍රකාශ කරයි නම්, ඒවා කියවනවා කියා පවසයි නම්, සුදුසු අවස්ථාවකදී පරිත්‍යාගයක් කිරීමට ඔහුට ප්‍රස්තාවක් ලබා දිය යුතුයි. මේ සඳහා දීර්ඝ සාකච්ඡාවක් අවශ්‍ය නැත. ප්‍රචාරකයෙකුට සරලව මෙසේ පැවසිය හැකියි. “අපේ පොත් පත් ඉදිරිපත් කරන්නේ අය කිරීමකින් තොරව වුණත් අපේ ලෝක ව්‍යාප්ත සේවය සඳහා ලබා දෙන කුඩා පරිත්‍යාග අපි සතුටින් බාරගන්නවා.”
දෙවි ඔහුගේ කැමැත්ත ඉටු කිරීමේදී යොදාගන්න දිව්‍යාණ්ඩු සංවිධානය කෙරෙහි අගය පෙන්වීමට උනන්දුව දක්වන තැනැත්තෙකු පටන්ගන්න එක් මාර්ගයක් වන්නේ සම්මාදමක් කිරීමයි. (මතෙ. 24:14) විනිශ්චය ක්‍රියාත්මක වන මේ කාලයේ පුද්ගලයන් ‘බැටළුවන් ’ හැටියට තමන්ව හඳුන්වා දෙන්නේ ක්‍රිස්තුස්ගේ ‘සහෝදරයන්ට’ සහයෝගය දැක්වීමෙන් බව මතක තබාගන්න. ස්වර්ගික රාජ්‍යයේ මේ තානාපතීන්ට උපකාර කිරීම සඳහා දෙවිට සහ ක්‍රිස්තුස්ට තිබෙන ප්‍රේමය ඔවුන්ව පොලඹවනු ඇද්ද? (මතෙ. 25:31-46) යෙහෝවා ඔහුගේ වැඩයට සහයෝගය දැක්වීම සඳහා ලෝකයේ පුද්ගලයන්ව පොලඹවන්න තීරණය කළහොත්, එයද කිරීමට ඔහුට පුළුවන.
ප්‍රශ්න අංක 4: ගෙවැසියෙක් ලොකු මුදලක් පරිත්‍යාග කළොත් ඔහු ලබාගන්න පොත් පත්වලට අමතරව තවත් පොත් පත් ලබා දීමට අප පෙලඹිය යුතුද?
අවශ්‍යම නැත. අපේ පොත් පත් කියවීම සඳහා දක්වන උනන්දුව සැලකිල්ලට ගනිමින් ස්ථානෝචිත ප්‍රඥාව පාවිච්චි කිරීමට ඔබට හැකියි. පසු අවස්ථාවලදී එම ගෙවැසියාව හමු වන විට, ඒ තැනැත්තා දැනගැනීමට කැමති කාරණා ඇතුළත් පොත් පත් ලබා දිය හැකියි. එම ගෙවැසියා තවදුරටත් පරිත්‍යාග කිරීමට මුල් පියවර ගෙන ඉදිරිපත් වෙයි නම්, එම පරිත්‍යාගයද කාරුණිකව බාරගත හැකියි.