ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 4/03 5 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2003 අපගේ රාජ්‍ය සේවාව
2003 අපගේ රාජ්‍ය සේවාව
km 4/03 5 පි.

නිවේදන

◼ අප්‍රියෙල් සහ මැයි මාසවල ඉදිරිපත් කරන පොත් පත්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා දෙකෙන්ම පිටපත් ඉදිරිපත් කරන්න. සිහි කිරීමට හෝ වෙනත් විශේෂ ආත්මික කටයුත්තකට පැමිණියත් සභාව සමඟ ක්‍රියාශීලීව ඇසුරු නොකරන අයද ඇතුළුව උනන්දුවක් දක්වන අයව නැවත බැලීමට යන විට එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න නමැති පොත ඉදිරිපත් කිරීමට වෑයම් කරන්න. විශේෂයෙන්ම දැනුම පොත හා ඕනෑ කරන්නේ විවරණිකාව දැනටමත් පාඩම් කර තිබෙන පුද්ගලයන් සමඟ නිවාස බයිබල් පාඩමක් පටන්ගැනීම සඳහා හැකි සෑම උත්සාහයක්ම දැරිය යුතුයි. ජූනි: දැනුම පොත හෝ ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කරන්න. දැනටමත් මෙම ප්‍රකාශන ගෙවැසියන් ළඟ තිබේ නම් සභාවේ පොත් පත් තොගයෙහි තිබෙන සුදුසු විවරණිකාවක් ඉදිරිපත් කරන්න. ජූලි: පිටු 32කින් යුත් පහත සඳහන් ඕනෑම විවරණිකාවක්: පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, ජීවිතයේ අරමුණ කුමක්ද?—ඔබට එය දැනගත හැක්කේ කෙසේද? සහ ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට.

◼ වසර 2003 දිස්ත්‍රික් සමුළුවේදී පළඳින බැජ් කාඩ්පත් අප්‍රියෙල් මාසයේ පටන් ඉල්ලුමකින් තොරව සභාවේ පොත් පත් සැපයුම සමඟ එවීමට නියමිතයි. බැජ් කාඩ්පත් ඉල්ලුම් කිරීම අවශ්‍ය නැත. මේවා එවන්නේ එක් එක් සභාවේ ප්‍රමාණය අනුව 25 බැගින් වූ බණ්ඩල වශයෙනි. සභාවලට අමතර බැජ් කාඩ්පත් අවශ්‍ය නම් පොත් පත් ඉල්ලුම් පෝරමය (S-14) යොදාගනිමින් ඒවා ඉල්ලුම් කළ යුතුයි. ප්ලාස්ටික්වලින් සාදා තිබෙන බැජ් කාඩ් රඳවනයන් සභාවේ යම් කෙනෙකුට අවශ්‍ය නම් ඒවාද ඉල්ලුම් කළ යුතුයි.

◼ සියලුම මුලසුන භාර අවේක්ෂකයන්ගේ හා ලේකම්වරුන්ගේ ලිපිනයන් හා දූරකථන අංක ඇතුළත් අලුත් වාර්තාවක් තබාගන්න සමිතියට අවශ්‍ය වී ඇත. ඉහත කී අයගේ ලිපිනයන්වල වෙනසක් සිදු වන සෑමවිටම සභා සේවා කමිටුව Presiding Overseer/Secretary Change of Address (S-29) නමැති පෝරමය සම්පූර්ණ කර ඊට අත්සන් තබා හැකි විගස ශාඛා කාර්යාලයට එවිය යුතුයි. දූරකථන අංකයට අදාළ ප්‍රාදේශීය අංකයේ (code) සිදු වන වෙනස්කම්ද දැනුම් දිය යුතුයි.

◼ ස්ථාවර පුරෝගාමී සේවය (S-205) සහ උපකාරික පුරෝගාමී සේවය (S-205b) සඳහා නියමිත පෝරම ප්‍රමාණවත් තරම් තබාගැනීමට සභා ලේකම්වරුන් වගබලා ගත යුතුයි. පොත් පත් ඉල්ලුම් පෝරමය (S-14) යොදාගනිමින් ඒවා ඉල්ලුම් කළ හැකියි. අඩුම තරමින් අවුරුද්දකටවත් ප්‍රමාණවත් සැපයුමක් තබාගන්න. සියලුම ස්ථාවර පුරෝගාමී අයදුම් පත් නිවැරදිව සම්පූර්ණ කර තිබේද කියා බැලීම සඳහා ඒවා නැවත පරීක්ෂා කර බලන්න. අයදුම්කරුවන්ට ඔවුන් බව්තීස්ම වූ දිනය මතක නැත්නම් ඔවුන් කළ යුත්තේ ආසන්න දිනය සොයා බලා එය ලියාගැනීමයි.

◼ වෙනත් රටක සංචාරය කිරීමට සැලසුම් කරන සහෝදරයෙකු ඒ රටේ සභා රැස්වීම්වලට හෝ එක්රැස්වීමකට හෝ දිස්ත්‍රික් සමුළුවකට යන්න කැමති නම් අදාළ දිනයන්, වේලාවන් හා ස්ථාන ගැන ඔහු තොරතුරු විමසිය යුත්තේ ඒ රටේ තිබෙන ශාඛා කාර්යාලයෙනි. ශාඛා කාර්යාලවල ලිපිනයන් අලුත් වාර්ෂික පොතේ අවසාන පිටුවේ සඳහන් වේ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න