ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 1/03 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2003 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • ජනවාරි 13න් පටන්ගන්නා සතිය
  • ජනවාරි 20න් පටන්ගන්නා සතිය
  • ජනවාරි 27න් පටන්ගන්නා සතිය
  • පෙබරවාරි 3න් පටන්ගන්නා සතිය
2003 අපගේ රාජ්‍ය සේවාව
km 1/03 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

ජනවාරි 13න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 69

විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. මෙහි 4වන පිටුවේ සඳහන් පළමු යෝජනාව යොදාගනිමින්, ජනවාරි 1 මුරටැඹ සහ ජනවාරි 8 පිබිදෙව්! කලාප ඉදිරිපත් කරන අන්දම වෙන වෙනම නිරූපණ දෙකකින් පෙන්වන්න. මේ එක් එක් නිරූපණයේදී හුවා දැක්වෙන්නේ එක් කලාපයක් වුවත්, කලාප දෙකම යුගළයක් හැටියට ඉදිරිපත් කළ යුතුයි.

විනා. 15: වචනය නැතුව දිනාගැනීම. කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. යහපත් ක්‍රිස්තියානි හැසිරීම ප්‍රබල සාක්ෂියකි. එය ඇතැම් නොඇදහිලිකාර කලත්‍රයන්ව යෙහෝවාගේ නමස්කාරකයන් බවට පත්වීමට පොලඹවා තිබේ. (1 පේතෘ. 3:1, 2) වර්ෂ 1999 ජනවාරි 1 මුරටැඹ කලාපයේ 4වන පිටුවේ සහ 1995 ඔක්තෝබර් 1 මුරටැඹ කලාපයේ 10-11 දක්වා පිටුවල සඳහන් අද්දැකීම් සඳහන් කරන්න. මේ ක්ෂේත්‍රය තුළ බයිබල් උපදෙස් අනුගමනය කිරීමෙන් තමන් ලබා ඇති ඒකාන්ත ප්‍රතිඵල ගැන කතා කිරීමට දෙදෙනෙකුව හෝ තුන්දෙනෙකුව සූදානම් කරන්න.

විනා. 20: “අපේ කැපවීමට අනුව ජීවත් වීම.”a මෙහි 3වන ඡේදය සලකා බැලුවායින් පසුව, බව්තීස්ම ලත් යෞවන වැඩිහිටියෙකුව හෝ නහඹරයෙකුව කෙටි සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. බව්තීස්ම වූ දා පටන් ඔහුට මුහුණ දීමට සිදු වී තිබෙන අභියෝග මොනවාද? එම අභියෝගවලට මුහුණ දීමට ඔහුට උපකාරවත් වූයේ කුමක්ද? යෙහෝවාට තම ජීවිතය කැප කිරීමෙන් ඔහු ප්‍රයෝජන ලබා ඇත්තේ කෙසේද?

ගීතිකා අංක 22 සහ අවසාන යාච්ඤාව.

ජනවාරි 20න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 44

විනා. 8: සභා නිවේදන. ගිණුම් වාර්තාව.

විනා. 15: ඔබ දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කරන්නෙහිද? කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම—2003 හොඳින් භාවිත කිරීමට සියලුදෙනාවම දිරිගන්වන්න. පිටු 3-4 දක්වා පෙරවදනේ සඳහන් අදහස් සාකච්ඡා කරන්න. පවුල්වලට දිනපදය එක්ව සාකච්ඡා කළ හැකි ආකාරය ගැන යෝජනා ඉදිරිපත් කරන්න. එක් එක් දවසේ පදය සලකා බැලීමෙන් ලැබෙන ප්‍රයෝජන පෙන්වීමට, ඊළඟ මාසයේදී සලකා බැලීමට තිබෙන දින දෙකකට හෝ තුනකට අදාළ පද සහ විස්තර සාකච්ඡා කරන්න. සැමියෙක් සහ බිරිඳක් දිනපදය හා විස්තරය එකට සාකච්ඡා කරන ආකාරය පෙන්වන කෙටි නිරූපණයක් ඇතුළත් කරන්න.

විනා. 22: “අන්‍යයන්ට පවිත්‍ර භාෂාව උගන්වන්න.”b මෙහි 6වන ඡේදය සලකා බැලුවායින් පසු, දක්ෂ ප්‍රචාරකයෙකු නැවත බැලීමක් කරන විට, 2002 ජනවාරි අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයේ 4වන පිටුවේ සඳහන් ඉදිරිපත් කිරීම්වලින් එකක් යොදාගෙන ගෙවැසියාගේ දොරකඩ අසල සිට බයිබල් පාඩමක් පටන්ගන්නා ආකාරය නිරූපණය කරන්න. ඕනෑ කරන්නේ විවරණිකාවේ පළමු ඡේදය සලකා බලන සැටි මීට ඇතුළත් කරන්න. ප්‍රචාරකයා විසින් ඊළඟ ඡේදයට අදාළ ප්‍රශ්නයක් නඟා නැවත වරක් පැමිණ ඊට පිළිතුරු සැපයීමට වේලාවක් වෙන් කරගනිමින් මෙම නිරූපණය අවසන් කිරීමට සලස්වන්න. මේ ආකාරයෙන් බයිබල් පාඩමක් පටන්ගැනීමට තමන් බැහැදකින්නට යන යම් කෙනෙකු කැමති වන්නේදැයි අත්හදා බලන ලෙස සියල්ලන්ට දිරිගන්වන්න.

ගීතිකා අංක 68 සහ අවසාන යාච්ඤාව.

ජනවාරි 27න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 92

විනා. 10: සභා නිවේදන. ක්ෂේත්‍ර සේවා වාර්තා ඉදිරිපත් කරන ලෙස ප්‍රචාරකයන්ට මතක් කරන්න. සතරවන පිටුවේ සඳහන් යෝජනා යොදාගනිමින්, ජනවාරි 15 මුරටැඹ සහ ජනවාරි 8 පිබිදෙව්! කලාපය සඳහා දී ඇති දෙවන යෝජනාවන් යොදාගනිමින් වෙන වෙනම නිරූපණ දෙකක් ඉදිරිපත් කිරීමට සලස්වන්න. මේ එක් එක් නිරූපණයේදී, ප්‍රචාරකයා ගෙවැසියාට බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? නමැති පත්‍රිකාව බෙදා දෙමින් අවසන් කරන අතර, එකකදී ගෙවැසියා සඟරා පිළිගනී. අනෙකේදී සඟරා පිළිනොගනී. අප විසින් පත්‍රිකාවක් දී ආ අය වෙත නැවත ගොස් සඟරා ඉදිරිපත් කළ හැකි අන්දම කෙටියෙන් පැහැදිලි කරන්න.—2001 දෙසැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ 4 පි. 10 ජේ. බලන්න.

විනා. 15: සභා අවශ්‍යතා.

විනා. 20: යෙහෝවාට ළං වන්න අන්‍යයන්ට උදව් කරන්න. කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. අප පෙබරවාරි මාසයේදී මෙම නව පොත බෙදා දෙන්නෙමු. මෙහි 3වන පිටුවේ සඳහන් පාඨකයන්හට සටහන සාකච්ඡා කරන්න. තවද මෙම පොතේ විශේෂාංග කිහිපයක් කැපීපෙනෙන්නට සලස්වන්න. මේ සෑම කොටසකම යෙහෝවාගේ ප්‍රධාන ගති ලක්ෂණයකට විශේෂ අවධානයක් දී ඇත. යේසුස් එම ගුණාංගය විදහාපෑ අන්දම ගැන එක් පරිච්ඡේදයක පෙන්වන අතර, තවත් පරිච්ඡේදයක සාකච්ඡා කෙරෙන්නේ එය පෙන්වීමට අපට හැකි අන්දමයි. බයිබල් ජවනිකා දක්වන සම්පූර්ණ පිටුවකම තිබෙන පින්තූරු 17ක් මෙහි අඩංගුය. “මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න” යන කොටස යම් විෂයක වෙනත් වැදගත් අංගයන් ගැන මෙනෙහි කර බැලීමට අපට උපකාර කරයි. “යෙහෝවාට ළං වන්න ඉදිරිපත් කිරීම සඳහා යෝජනා” යන කොටුව පුනරීක්ෂණය කරන්න. අනතුරුව දක්ෂ ප්‍රචාරකයෙකු ලවා එක් ඉදිරිපත් කිරීමක් නිරූපණය කරවන්න.

ගීතිකා අංක 124 සහ අවසාන යාච්ඤාව.

පෙබරවාරි 3න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 9

විනා. 15: සභා නිවේදන. ප්‍රශ්න පෙට්ටිය පුනරීක්ෂණය කරන්න. වෙනත් භාෂාවක් කතා කරන මිනිසුන් හමු වන විට, නැවත හමුවීම සඳහා වූ (S-43) පෝරමය භාවිත කරන මෙන් ප්‍රචාරකයන්ට දිරිගන්වන්න.

විනා. 12: ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කරන්න. වසර ගණනාවක් පුරා යටහත් පහත් ලෙස සහ විශ්වාසවන්ත ලෙස සේවය කළ වැඩිමහල්ලෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. (හෙබ්‍රෙ. 13:7) ඔහු සත්‍යය ඉගෙනගත්තේ කෙසේද? ස්ථාවරයක් ගැනීමේදී ඔහුට ජයගැනීමට තිබුණු බාධක මොනවාද? ප්‍රගතිය ලැබීමට ඔහුට උපකාරවත් වූ ආත්මික සැපයුම් හෝ දිරිගැන්වීම් මොනවාද? සභාවේ වැඩිමහල්ලෙකු වීම සඳහා වීර්යය කිරීමට ඔහු කළේ කුමක්ද? (1 තිමෝ. 3:1) සභා වගකීම් තම බාහිර රැකියාව සහ පවුල් වගකීම් සමඟ සමබර කරගැනීමට ඔහුට උපකාරවත් වූයේ කුමක්ද? (1 තිමෝ. 5:8) සභාවේ අනුන්ට සහය වීමේ වරප්‍රසාදය ගැන ඔහුට හැඟෙන්නේ කෙසේද?

විනා. 18: “යටහත් පහත්කම අවශ්‍ය කරවන වැඩක්.”c මෙහි 3වන ඡේදය සාකච්ඡා කරන විට, බල ප්‍රදේශයේ යම් කෙනෙකු අපට සරදම් කළහොත් හෝ පරුෂ වචනයෙන් බැණ වැදුණහොත්, රණ්ඩුවට පැටලෙන්න උත්සාහ කළොත් හෝ කෝප වුණොත් ඊට ප්‍රතිචාර දැක්විය යුතු අන්දම ගැන යෝජනා ඉදිරිපත් කිරීමට සබයට ආරාධනා කරන්න. මෙහි 4වන ඡේදය සාකච්ඡා කරන විට, 1 කොරින්ති 9:19-22න් අදහස් ඇතුළත් කරන්න. මෙය කිරීමට සැබවින්ම යටහත් පහත්කම අවශ්‍ය කරයි.

ගීතිකා අංක 133 සහ අවසාන යාච්ඤාව.

[Footnotes]

a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

c හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න