යටහත් පහත්කම අවශ්‍ය කරවන වැඩක්
1 දෙවිගේ වචනය අපට අවවාද කරන්නේ “යටහත් පහත් මනසක් ඇතිව සිටින්න. හානියට හානිය . . . නොකර, ඒ වෙනුවට ආශීර්වාද කරන්න” කියායි. (1 පේතෘ. 3:8, 9, NW) මේ උපදෙස සහතික ලෙසම දේශනා වැඩයේදී අදාළ වෙයි. ඇත්තෙන්ම, අපගේ ක්‍රිස්තියානි දේවසේවය යටහත් පහත්කමේ පරීක්ෂණයක් විය හැකියි.
2 යටහත් පහත්කම, අප්‍රසන්න තත්වයන් විඳදරා ගැනීමට අපට උපකාරවත් වන ගුණාංගයකි. අප දේශනා කරන විට, ආරාධනාවක් නැතිව අමුත්තන්ව ගොස් හමු වන්නේ ඇතමුන් අකරුණාවන්ත ලෙස අපට ප්‍රතිචාර දක්වන බව දැනගෙනමය. එවැනි ප්‍රතිචාර මැද දේශනා සේවය කරගෙන යෑමට යටහත් පහත්කම අවශ්‍ය කරයි. එක්තරා දුෂ්කර බල ප්‍රදේශයක පුරෝගාමී සහෝදරියන් දෙදෙනෙකු වසර දෙකක් පුරා දිනපතා ගෙයින් ගෙට ගියේ කිසිම කෙනෙකුගෙන් වචනයකවත් ප්‍රතිචාරයක් නොලබමිනි! කෙසේවෙතත්, ඔවුන් අත්හැරියේ නැත. අද එම ප්‍රදේශයේ සභා දෙකක් තිබේ.
3 සැර පරුෂකම්වලට මුහුණ දීම: වෙනත් අය අකරුණාවන්ත ලෙස කටයුතු කරන හෝ ආචාර සම්පන්න නොවන අවස්ථාවලදී යේසුස්ව අනුකරණය කිරීමට අපට උපකාර කරනු ඇත්තේ යටහත් පහත්කමයි. (1 පේතෘ. 2:21-23) එක්තරා සහෝදරියකට එක් නිවසකදී පළමුව එම නිවසේ සැමියා සහ දෙවනුව බිරිඳ තදින් බැණ වැදී, වත්තෙන් පිට වන ලෙස අණ කළහ. සුහද සිනහවක් පෑ මෙම සහෝදරිය වෙනත් වේලාවක පැමිණ ඔවුන්ට කතා කිරීමට බලාපොරොත්තු වන බව පැවසුවාය. මෙය මෙම යුවළගේ හිත්වලට කොතරම් තදින් කා වැදුණාද කියනවා නම්, ඊළඟ වතාවේ ඔවුන්ව හමුවීමට ගිය සාක්ෂිකාරියකට සවන් දුන් ඔවුහු, රාජ්‍ය ශාලාවේ රැස්වීමකට පැමිණෙන ලෙස කළ ආරාධනාව පිළිගත්හ. මුල් වතාවේ පරුෂ ලෙස බැණවැදීමට ලක් වූ සහෝදරිය එහිදී ඔවුන්ට ආචාර කොට ඔවුන්ව පිළිගත් අතර, ඔවුන්හට තවදුරටත් සාක්ෂියක් දුන්නාය. එසේම අපටත් “මෘදු ගුණය සහ ගැඹුරු ගෞරවය” විදහාපෑමෙන් ප්‍රතිචාරයක් නොදක්වන අයගේ සිත් මොළොක් කළ හැකියි.—1 පේතෘ. 3:5, NW; හිතෝ. 25:15.
4 උද්ධච්චකමින් වළකින්න: අපට තිබෙන බයිබල් දැනුම, ජනයාව පහත් කොට සැලකීමටවත් ඔවුන් ගැන පහත් අන්දමින් කතා කිරීමටවත් කිසිදු පදනමක් ලබා දෙන්නේ නැත. (යොහ. 7:49) ඒ වෙනුවට, දේවවචනය අපට උපදෙස් දෙන්නේ, ‘කිසිවෙකු ගැන අගුණ නොකියන’ ලෙසයි. (තීත. 3:2) අප යේසුස් මෙන් නිහතමානී සිතක් ඇතුව සිටින විට, අපි අනුන්ට ප්රබෝධයක් ගෙන දෙමු. (මතෙ. 11:28, 29, NW) යටහත් පහත් ලෙස කෙනෙකු වෙතට ළඟාවීමෙන් සිදු වෙන්නේ අපගේ පණිවුඩය ඔහුගේ සිතට තවත් තදින් කාවැදීමයි.
5 එසේය, දුෂ්කර ප්‍රදේශවල සේවය අත්නෑර කරගෙන යෑමට අපට උපකාර කරන්නේ යටහත් පහත්කමයි. ප්‍රතිචාර නොදක්වන අයගේ හදවත් මොළොක් කිරීමට ඊට හැකි වන අතර, වෙනත් අයව එය මගින් රාජ්‍ය පණිවුඩය වෙතට ආකර්ෂණය කරයි. ඒ සියල්ලටම වඩා, “යටහත් අයට මහත් කරුණාව දෙන” යෙහෝවාව එමගින් සතුටු කළ හැක.—1 පේතෘ. 5:5, NW.