ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 6/02 3 පි.
  • ප්‍රශ්න පෙට්ටිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රශ්න පෙට්ටිය
  • 2002 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • ප්‍රශ්න පෙට්ටිය
    2008 අපගේ රාජ්‍ය සේවාව
  • අපි අඳින පලඳින විදිහ ගැන හිතන එක වැදගත්ද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • සාදර ඇරයුමයි!
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපි කරන සේවය දෙවියන් අමතක කරන්නේ නැහැ
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2002 අපගේ රාජ්‍ය සේවාව
km 6/02 3 පි.

ප්‍රශ්න පෙට්ටිය

◼ බෙතෙල් නිවාස සහ ශාඛා කාර්යාල ගොඩනැඟිලි බලන්න යන විට අප ඇඳ පැළඳ සිටිය යුතු ආකාරය ගැන තිබෙන ප්‍රමිතිය කුමක්ද?

අපි බෙතෙල් නිවස බලන්න යන විට හෝ බෙතෙල් පවුලේ සාමාජිකයන්ව හමුවීමට යන විට ‘අපගේ වස්ත්‍ර හා ඇඳුම් පැළඳුම් මෙන්ම හැසිරීම, නමස්කාරය සඳහා රාජ්‍ය ශාලාවේ රැස්වීමකට සහභාගි වන විට අපේක්ෂා කරනු ලබන ආකාරයටම සමාන විය යුතුයි.’ (අපගේ දේවසේවය, [om] 131) කෙසේවෙතත් ශාඛා කාර්යාලවලට එන විට සමහර සහෝදර සහෝදරියන් ඉතාමත් නොසැලකිලිමත් විදිහට ඇඳ පැළඳ සිටීමට නැඹුරුවාවක් දක්වන බව පෙනී ගොස් තිබෙනවා. මෙය සුදුසු දෙයක් නොවෙයි. අපේ පෙනුම ආදර්ශවත් තත්වයක තිබිය යුතුයි. පිළිවෙළකට විනීත ලෙස ඇඳ පැළඳ සිටීම අවශ්‍යයි. අප ඇඳ පැළඳ සිටින ආකාරය යෙහෝවා දෙවිගේ සේවකයන්ට සුදුසු තත්වයක තිබිය යුතු අතර, එයින් ගෞරවාන්විත බවක් පිළිබිඹු විය යුතුයි.—1 තිමෝ. 2:9, 10.

බෙතෙල් නිවාසවලට යන විට මෙසේ ඇඳ පැළඳ සිටීම විශේෂයෙන්ම වැදගත් වන්නේ එම ස්ථානවලට පැමිණෙන අයව සාක්ෂිකරුවන් නොවන බොහෝදෙනෙකුගේ අවධානයට යොමු වන නිසයි. එසේ බලා සිටින අය දෙවිගේ සෙනඟ ගැනත් ඔහුගේ සංවිධානය ගැනත් විවිධ නිගමනවලට පැමිණෙන්නේ ඔවුන් දකින දේවල් පදනම් කරගෙනයි. බයිබල් ශිෂ්‍යයන් හෝ වෙනත් අය බෙතෙල් නිවාස බලන්න එන්න කැමති නම් ඔවුන් ඇඳ පැළඳගෙන එන ආකාරය ගැන අවධානය යොමු කිරීමේ වැදගත්කම ඔවුන් සමඟ කතා කිරීම සුදුසුයි. මෙහිදී ඔබ කරන දෙය බෙතෙල් පවුල අගය කරනවාට සැකයක් නැහැ.

ක්‍රිස්තියානි දේවසේවකයන් වශයෙන් අපි කිසිම ආකාරයකින්වත් අපේ පෙනුම නිසා කිසිවෙකුව බාධාවට පත්වීමට ඉඩ නොතැබිය යුතුයි. (2 කොරි. 6:3, 10ආ) එසේ නොකර අපි සැමවිටම ගෞරවාන්විත ලෙස සැරසී සිටීමෙන් ‘සියලු කාරණාවලදී අපේ ගැළවුම්කාර දෙවිගේ ධර්මය අලංකාර’ කරමු.—තීත. 2:9.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න