ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 අගෝස්තු 8 පි.
  • අපි කරන සේවය දෙවියන් අමතක කරන්නේ නැහැ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපි කරන සේවය දෙවියන් අමතක කරන්නේ නැහැ
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • මෙය ඔබට තෝරාගත හැකි හොඳම ජීවිත මඟ විය හැකිද?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබටත් ඉදිරිපත් විය හැකිද?
    2001 අපගේ රාජ්‍ය සේවාව
  • “දෙවියන්වහන්සේගේ ගෘහය” දෙස අගය කිරීමෙන් යුක්තව බැලීම
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සාදර ඇරයුමයි!
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 අගෝස්තු 8 පි.
සහෝදරියක් බෙතෙල් එකේ කුස්සියේ වැඩ කරමින්

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

අපි කරන සේවය දෙවියන් අමතක කරන්නේ නැහැ

ආදරණීය දෙමාපියන් දරුවන් කරන හොඳ දේවල් කවදාවත් අමතක කරන්නේ නැහැ. යෙහෝවා දෙවියනුත් ඒ වගේ. අපි කරන සේවයත් ඔහුගේ නාමයට පෙන්වන ප්‍රේමයත් ඔහු කවදාවත් අමතක කරන්නේ නැහැ. (මතෙ 6:20; හෙබ්‍රෙ 6:10) දෙවියන් කැමති විදිහට ඔහුට සේවය කරන්න අපි හැමෝටම පුළුවන්. අපි එක් එක් කෙනාගේ තත්වයන්, අපිට තියෙන හැකියාවන් වෙනස් තමයි. ඒත් අපි අපේ උපරිමයෙන් දෙවියන්ට සේවය කරනවා නම් අපිට සතුටු වෙන්න පුළුවන්. (ගලා 6:4; කොලො 3:23) අවුරුදු ගාණක් තිස්සේ හුඟක් අය බෙතෙල් එකේ සේවය කරන්න තෝරගෙන තියෙනවා. බෙතෙල් එකේ සේවය කරන්න ඔයාටත් පුළුවන්ද? එහෙම බැරි නම් වෙන කෙනෙක්ව ඒකට දිරිගන්වන්න නැත්නම් බෙතෙල් සේවකයෙක්ට දිගටම ඒ සේවය කරගෙන යන්න උදව් කරන්න ඔයාට පුළුවන්ද?

‘බෙතෙල් සේවයට කැමැත්තෙන්ම ඉදිරිපත් වෙමු’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • බෙතෙල් සේවය කරන්න කෙනෙක් පෙලඹෙන්න ඕනෙ ඇයි?

  • බෙතෙල් එකේ සේවය කරන්න ලැබිලා තියෙන වරප්‍රසාදය ගැන සමහර අය කියන්නේ මොනවාද?

  • බෙතෙල් එකේ සේවය කරන්න කෙනෙක්ට තියෙන්න ඕන සුදුසුකම් මොනවාද?

  • බෙතෙල් සේවයට අයදුම් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

බෙතෙල් සාමාජිකයන් තුන්දෙනෙක් එකට එකතු වෙලා කොම්පියුටරයෙන් වැඩක් කරමින්; සහෝදරයෙක් පෙට්ටිවලට පොත් පත් දමමින්; සහෝදරයෙක් බෙතෙල් එකේ වඩු වැඩ කරමින්

බෙතෙල් සේවය කරන්න තියෙන්න ඕන සුදුසුකම්

  • යෙහෝවා දෙවියන් ගැනත් ඔහුගේ සංවිධානය ගැනත් ලොකු ආදරයක් තියෙන්න ඕනේ

  • දෙවියන් ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් තියෙන, සදාචාර ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕනේ

  • ක්‍රිස්තියානීන්ට සුදුසු විදිහට අඳින පළඳින කෙනෙක් වෙන්න ඕනේ

  • විනෝද වෙන්න ක්‍රිස්තියානීන්ට සුදුසු දේවල් විතරක් තෝරගන්න කෙනෙක් වෙන්න ඕනේ

  • වයස අවුරුදු 19ට වැඩි 35ට අඩු කෙනෙක් වෙන්න ඕනේ

  • හොඳ මානසික සෞඛ්‍යයකුත් හොඳ ශරීර සෞඛ්‍යයකුත් තියෙන්න ඕනේ

  • ශාඛා කාර්යාලයේ පාවිච්චි වෙන ප්‍රධාන භාෂාව කතා කරන්න, ලියන්න, කියවන්න පුළුවන් වෙන්න ඕනේ

  • අඩුම තරමින් අවුරුද්දක්වත් සේවය කරන්න කැමැත්තක් තියෙන්න ඕනේ

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න