ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 10/01 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2001 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • ඔක්තෝබර් 8න් පටන්ගන්නා සතිය
  • ඔක්තෝබර් 15න් පටන්ගන්නා සතිය
  • ඔක්තෝබර් 22න් පටන්ගන්නා සතිය
  • ඔක්තෝබර් 29න් පටන්ගන්නා සතිය
  • නොවැම්බර් 5න් පටන්ගන්නා සතිය
2001 අපගේ රාජ්‍ය සේවාව
km 10/01 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

ඔක්තෝබර් 8න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 109

විනා. 10: සභා නිවේදන සහ අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. ඔක්තෝබර් 22න් පටන්ගන්නා සතියේ පවත්වන සේවා රැස්වීමේදී කරන සාකච්ඡාවට සූදානම් වීමක් හැටියට දිව්‍ය ඉගැන්වීම් මගින් එක්සත් වී නමැති වීඩියෝ පටය නැරඹීමට සියලුදෙනාවම දිරිමත් කරන්න. අටවන පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් කෙටියෙන් සඟරා ඉදිරිපත් කරන ආකාරය ගැන නිරූපණ දෙකක් කරන්න. එක නිරූපණයක් සඳහා ඔක්තෝබර් 15 මුරටැඹ සඟරාවද අනෙක් නිරූපණය සඳහා නොවැම්බර් 8 පිබිදෙව්! සඟරාවද යොදාගන්න.

විනා. 35: “‘දෙවිගේ වචනය උගන්වන්නෝ’ දිස්ත්‍රික් සමුළුවේදී ඉගෙනගත් දේවල් ඔබ අදාළ කරගනිමින් සිටිනවාද?” සමුළු වැඩසටහන පිළිබඳව සබය සමඟ කෙරෙන සාකච්ඡාවක්. මෙය මෙහෙයවන්නේ මුරටැඹ මෙහෙයවන්නා විසිනුයි. මිනිත්තුවකට සීමා වූ හැඳින්වීමෙන් පසු, වැඩසටහනේ සෑම දවසක් සඳහාම මිනිත්තු 10-12 අතර කාලයක් වෙන් කරන්න. මෙම ලිපියේ උපමාතෘකා යටතේ තිබෙන මූලික කරුණු කෙටියෙන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මතු දැක්වෙන කාරණා සම්බන්ධයෙන් අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න. (1) ඉගෙනගත් දේවල් අදාළ කරගැනීමට මෙතෙක් දරා තිබෙන වෑයම් (2) මෙසේ කිරීමෙන් ලබා තිබෙන ප්‍රයෝජන හා (3) තමන් තවදුරටත් කරන්න අවශ්‍යයි කියා හැඟෙන දේවල්. සාකච්ඡාව ප්‍රාණවත්ව තබාගැනීම සඳහා අදහස් විමසන ප්‍රශ්න යොදාගන්න. තමන් ඉගෙනගත් දේවල් ක්‍රියාත්මක කිරීමේ තිබෙන අවශ්‍යතාව තේරුම්ගැනීමට සියලුදෙනාටම උපකාර කරන්න.

ගීතිකා අංක 151 සහ අවසාන යාච්ඤාව.

ඔක්තෝබර් 15න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 113

විනා. 10: සභා නිවේදන සහ ගිණුම් වාර්තාව.

විනා. 15: ඔබට “කීකරු හෘදයක්” තිබෙනවාද? (1 රාජා. 3:9, NW) වැඩිමහල්ලෙක් 1998 ජූලි 15 මුරටැඹ සඟරාවේ 29-31 දක්වා පිටුවල තිබෙන තොරතුරු පදනම් කරගනිමින් ඉදිරිපත් කරන කතාවක්. සභාව සමඟ සේවය කරද්දී අපට කීකරුකම පෙන්විය හැකි ආකාර සාකච්ඡා කරන්න.

විනා. 20: අපේ සඟරා හොඳින් භාවිත කරන්න. සේවා අවේක්ෂක සහ සඟරා සේවක සභාවේ සඟරා බෙදාහැරීම ගැන සාකච්ඡා කරයි. සෑම මාසයකම සභාවට ලැබෙන සඟරා ගණන හා බෙදාහරින ගණන සසඳා බලයි. සඟරා බොහොමයක් ගොඩගැසී තිබෙන බව හෝ පැත්තකට දමා තිබෙන බව පෙනෙයි. ප්‍රචාරකයන්ට මීට වඩා හොඳින් සඟරා භාවිත කළ හැක්කේ කෙසේද? “සඟරා ගැන සැලකිලිමත් වන්න!” යනුවෙන් 1999 ඔක්තෝබර් 4න් පටන්ගන්නා සතියේ සේවා රැස්වීම් කොටසේ තිබූ කරුණු හත මේ සහෝදරයන් දෙදෙනා සාකච්ඡා කරයි. ඔවුන් 1998 පෙබරවාරි 15 මුරටැඹ සඟරාවේ 28-9 දක්වා පිටුවල සඳහන් අද්දැකීම සලකා බලා, එහි සඳහන් යෝජනා සභා බලප්‍රදේශයට ගැළපෙන ආකාරයෙන් යොදාගත හැකි ක්‍රම ගැන සාකච්ඡා කරයි. අපගේ රාජ්‍ය සේවාවේ සෑම මාසයකම කැපී පෙනෙන්න සලස්වන ආදර්ශ ඉදිරිපත් කිරීම් අත්හදා බැලීමට සියලුදෙනාවම දිරිමත් කෙරේ.

ගීතිකාව 156 සහ අවසාන යාච්ඤාව.

ඔක්තෝබර් 22න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 120

විනා. 10: සභා නිවේදන. අටවන පිටුවේ සඳහන් යෝජනා යොදාගනිමින් කෙටියෙන් සඟරා ඉදිරිපත් කරන ආකාරය ගැන නිරූපණ දෙකක් ඉදිරිපත් කරන්න. එක නිරූපණයක් සඳහා නොවැම්බර් 1 මුරටැඹ හා අනෙක සඳහා ‘බැට කන කාන්තාවන්ට උපකාර’ නමැති ලිපිය සඳහන් නොවැම්බර් 8 පිබිදෙව්! සඟරාව යොදාගන්න.

විනා. 10: ඔබ ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? “යෙහෝවාගේ සාක්ෂිකරුවන් බයිබලය පිළිබඳව පැහැදිලි කිරීම් කරන්නේ කෙසේද?” යන ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් දී තිබෙන රීසනිං පොතේ (සිංහලෙන් නැත) 204-5 දක්වා පිටුවල සඳහන් කරුණු කෙටියෙන් පෙන්වා දෙන්න. මතු දැක්වෙන කරුණු පියවන්න. බයිබලය දෙවිගේ වචනය බව අපි විශ්වාස කරන්නෙමු. එනිසා අප දාර්ශනික මතිමතාන්තර මත රඳා සිටින්නේ නැත. සංකේත භාෂාවෙන් සඳහන් ඇතැම් වගන්තිවල අර්ථය වෙනත් වගන්ති පරීක්ෂා කිරීමෙන් බොහෝ අවස්ථාවලදී පැහැදිලි කරගත හැක. බයිබල් අනාවැකි හා සම්බන්ධ සිද්ධීන් ගැන අපි සාවධානව සිටින්නෙමු. අමාරු ප්‍රශ්න විසඳිය හැක්කේ දෙවිගේ ශුද්ධාත්මයේ උපකාරය ඇතුව ‘විශ්වාස වූ නුවණ ඇති දාසයාට’ බව අපි පිළිගන්නෙමු. නැවත බැලීමකදී මෙම ප්‍රශ්නයට උත්තර දෙන ආකාරය ගැන හොඳින් සූදානම් කරන ලද නිරූපණයක් ඉදිරිපත් කරන්න. සභා රැස්වීම්වලට පැමිණීම සඳහා උණුසුම් ලෙස ගෙවැසියාට ආරාධනා කරන ආකාරයද නිරූපණයට ඇතුළත් කරන්න.

විනා. 25: “දිව්‍ය ඉගැන්වීම් මගින් එක්සත් වී—සැබෑ සහෝදරත්වයේ එකමුතුකම දකින්න.” සබය සමඟ සාකච්ඡාවක්. හැඳින්වීම සඳහා පළමුවන ඡේදයද අවසානය සඳහා අන්තිම ඡේදයද යොදාගන්න. වීඩියෝ පටය ගැන උද්‍යෝගිමත් ලෙස කරුණු සාකච්ඡා කරමින් දී තිබෙන සෑම ප්‍රශ්නයක්ම අසන්න. ඔබේ සභාවේ යම් කෙනෙක් වෙනත් රටවල පැවැත්වූ සමුළුවලට ගොස් තිබෙනවා නම්, අපේ සංවිධානයේ ඇති එකමුතුකම හා එය ජාත්‍යන්තරව ව්‍යාප්ත වී තිබෙන ආකාරය මුල් වතාවට දැකීමෙන් ඔහු තුළ ඇති වූ හැඟීම විස්තර කිරීමට ආරාධනා කරන්න. එහෙම නැත්නම් වර්ෂ 1994 වාර්ෂික පොතේ පිටු 7-9 දක්වාද 1995 වාර්ෂික පොතේ පිටු 8-11 දක්වාද සඳහන් හද උණුසුම් කරවන අද්දැකීම් ඉදිරිපත් කරන්න. (වාර්ෂික පොත් සිංහලෙන් නැත.) දෙසැම්බර් මාසයේදී අප සාකච්ඡා කරන්නේ පොළොවේ සීමාවන් දක්වා නමැති වීඩියෝ පටය ගැනයි.

ගීතිකා අංක 47 සහ අවසාන යාච්ඤාව.

ඔක්තෝබර් 29න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 164

විනා. 12: සභා නිවේදන. ඔක්තෝබර් මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කරන්නේ ඕනෑ කරන්නේ විවරණිකාව හෝ දැනුම පොතයි. මෙම කෙටි ඉදිරිපත් කිරීම නිරූපණය කරන්න. “ආර්ථික ගැටලුවලින් පීඩා විඳින මේ කාලයේ හුඟදෙනෙකුට ජීවිතය ගැටගහගන්න එක එච්චර ලෙහෙසි නැහැ. හැමකෙනෙකුටම සාධාරණය ඉටු වෙන ආකාරයෙන් ආර්ථික ගැටලු විසඳන්න මිනිස් ආණ්ඩුවලට පුළුවන් කියලා ඔයා හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ සඳහන් මේ පොරොන්දුවෙන් මහත් දිරිගැන්වීමක් ලබන්න පුළුවන් බව මම අද්දැකලා තියෙනවා.” ගීතාවලිය 72:12-14 කියවන්න. ඉන් අනතුරුව ඕනෑ කරන්නේ විවරණිකාවෙන් හෝ දැනුම පොතෙන් සාකච්ඡාවට ගැළපෙන කොටසක් ගැන අදහස් දක්වා එම ප්‍රකාශන දෙකෙන් එකක් ඉදිරිපත් කරන්න.

විනා. 15: සභා අවශ්‍යතා.

විනා. 18: “ඔබ ආත්මික ආහාර කොතරම් හොඳින් අනුභව කරනවාද?”a ආත්මික ආහාර අනුභව කිරීමේ යහපත් පුරුදු දිගටම පවත්වාගැනීම සඳහා අප දැඩි පරිශ්‍රමයක් දැරිය යුතු වීමට හේතු ගැනත් එසේ කරන ආකාරය ගැනත් පැහැදිලි කිරීමට 1997 අප්‍රියෙල් 15 මුරටැඹ සඟරාවේ පිටු 28-31 දක්වා සඳහන් තොරතුරු මත අමතර අදහස් දැක්වීමට සබයට ඇරයුම් කරන්න.

ගීතිකා අංක 181 සහ අවසාන යාච්ඤාව.

නොවැම්බර් 5න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 167

විනා. 10: සභා නිවේදන.

විනා. 18: රැස්වීම් සඳහා පවුලක් හැටියට සූදානම් වීම. රැස්වීම්වලට හොඳින් සහභාගි වීම සඳහා පවුලේ සෑම කෙනෙකුටම සූදානම් විය හැකි ආකාරය ගැන පියෙක් ඔහුගේ පවුලේ අය සමඟ සාකච්ඡා කරයි. ඔවුන් 1999 ජූලි 1 මුරටැඹ සඟරාවේ 20වන පිටුවේ 9වන ඡේදයේ සඳහන් මඟ පෙන්වීම් යොදාගනිමින් පවුලේ අය මේ සතියේ මුරටැඹ පාඩමේදී අදහස් දැක්වීමට සූදානම් වෙයි. (1) පවුලේ සෑම කෙනෙක්ම පිළිතුරු දීම සඳහා ප්‍රශ්නයක් හෝ දෙකක් තෝරාගනියි. (2) අදාළ ඡේද සලකා බැලීමෙන් පසු ඔවුන්ගේ පිළිතුරු තමන්ගේම වචනවලින් සකස් කරගනියි. (3) ඔවුන් ප්‍රධාන ශුද්ධ ලියවිලි පාඨ තෝරාගෙන, ඒවා විෂයට අදාළ වන ආකාරය සාකච්ඡා කරමින් ඒවායින් උගත හැකි පාඩම් ගැන තමන් අදහස් දැක්වීමට යන ආකාරය සඳහන් කරයි. මුරටැඹ පාඩමට සහභාගි වීමට පවුලේ සියලුදෙනාම මහත් ආශාවෙන් බලා සිටියි.

විනා. 17: “පරමාර්ථය කුමක්ද?”b සභා රැස්වීම්වලට පැමිණීමේ ප්‍රයෝජන තේරුම්ගැනීමට ශිෂ්‍යයන්ට උපකාර කිරීමේ වැදගත්කම අවධාරණය කරන්න. හොඳින් සූදානම් කළ නිරූපණයක් මගින් එය කළ හැකි ආකාරය පෙන්වන්න. මේ සඳහා දැනුම පොතේ 17වන පරිච්ඡේදයේ 6-8 දක්වා ඡේද යොදාගන්න.

ගීතිකා අංක 186 සහ අවසාන යාච්ඤාව.

[Footnote]

a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න