2002 වසර සඳහා දිව්‍යාණ්ඩු සේවා පාසැල් වැඩසටහන
උපදෙස්
2002 තුළදී දිව්‍යාණ්ඩු සේවා පාසැල පැවැත්විය යුතු පිළිවෙළ මතු දැක්වේ.
තොරතුරු මූලාශ්‍රය: ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනය (ඉංග්‍රීසියෙන්) [bi12], මුරටැඹ [w], “මුළු ලියවිල්ල”—විශ්වාසවන්තය, ප්රයෝජනවත්ය [bsi02], සාකච්ඡා කිරීම සඳහා බයිබල් විෂයන් [td] සහ මගේ බයිබල් කතන්දර පොත [my] යන පොත් පත් මත පදනම්ව මෙම පැවරුම් ලැබෙනු ඇත.
ගීතිකාව, යාච්ඤාව සහ කෙටි පිළිගැනීමේ ප්‍රකාශයක් සමඟින් නියමිත වේලාවට පාසැල ආරම්භ කළ යුතුයි. වැඩසටහනේ අඩංගු තොරතුරු කලින් සාරාංශ කිරීම අවශ්‍ය නැත. පාසැල් අවේක්ෂක සෑම කොටසකම ආරම්භයේදී කතාව හඳුන්වා දෙන විට, එහි තේමාව සඳහන් කරනු ඇත. පහත දැක්වෙන ක්‍රමය අනුගමනය කරන්න.
පැවරුම් අංක 1: විනාඩි 15යි. මෙය වැඩිමහල්ලෙකු හෝ සභා සේවකයෙකු විසින් හැසිරවිය යුතු අතර, එය මුරටැඹ හෝ “මුළු ලියවිල්ල”—විශ්වාසවන්තය, ප්රයෝජනවත්ය යන පොත මත පදනම් වනු ඇත. මුරටැඹ මත පදනම් වන විට, පුනරීක්ෂණයක් නොමැතිව විනාඩි 15කට පවත්වන උපදෙස් කතාවක් සේ මෙය ඉදිරිපත් කළ යුතුයි. “මුළු ලියවිල්ල” යන පොත මත පදනම් වෙද්දී, විනාඩි 10ත් 12ත් අතර කාලයක් තුළ පවත්වන කතාවක් හැටියට එය ඉදිරිපත් කළ යුතු අතර, අනතුරුව ප්රකාශනයෙහි තිබෙන මුද්‍රිත ප්‍රශ්න යොදාගනිමින් විනාඩි 3ත් 5ත් අතර කාලයකට සභාව සමඟ පුනරීක්ෂණය කළ යුතුයි. මෙහි පරමාර්ථය විය යුත්තේ, කරුණු පියවීම නොවේ. තොරතුරුවල ප්‍රායෝගික වටිනාකම අවධාරණය කළ යුතු අතර, සභාවට බෙහෙවින් උපකාරවත් වන දේවල් ඉස්මතු කොට දැක්විය යුතුය. දී ඇති තේමාව යොදාගත යුතුයි.
මෙම කතාව පැවරී ඇති සහෝදරයන් නියමිත කාල සීමාව තුළ එය නිම කිරීමට වගබලා ගත යුතුයි. අවශ්‍ය නම් හෝ කථිකයා උපදෙස් ඉල්ලා සිටී නම්, පෞද්ගලිකව උපදෙස් දීමට හැකියි.
බයිබල් කියවීමේ විශේෂාංග: විනාඩි 6යි. මෙය, සභාවේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන කරුණු බලපෑමෙන් යුතුව අදාළ කරමින්, වැඩිමහල්ලෙකු හෝ සභා සේවකයෙකු විසින් ඉදිරිපත් කළ යුතු කතාවකි. එයට තේමාවක් අවශ්‍ය වන්නේ නැත. මෙය, කියවීමට නියමිතව තිබෙන කොටසේ සාරාංශයක් පමණක් නොවිය යුතුයි. තත්පර 30ත් 60ත් අතර කාලයකදී, පවරන ලද පරිච්ඡේදවල කෙටි සාරාංශයක් දීමට හැකියි. කෙසේවුවත්, මෙහි පරමාර්ථය වන්නේ අදාළ තොරතුරු අපට වටින්නේ ඇයි සහ කෙසේද යන්න ඒත්තුගැන්වීමට සභාවට උපකාර කිරීමයි. ඉන්පසු වෙනත් පාසැල් තිබේ නම්, පාසැල් අවේක්ෂක විසින් ශිෂ්‍යයන්ව අදාළ ශාලාවලට යවනු ලැබේ.
පැවරුම් අංක 2: විනාඩි 5යි. මෙය සහෝදරයෙකු විසින් ඉදිරිපත් කළ යුතු අතර, නියමිත බයිබල් කොටස කියවිය යුතුය. මෙය ප්‍රධාන පාසැලට හා උපපාසැල්වලටද අදාළ වනු ඇත. කතාව ආරම්භයේදී සහ අවසානයේදී ශිෂ්‍යයාට කෙටියෙන් කරුණු පැහැදිලි කිරීමට හැකි වන පරිදි කියවිය යුතු කොටස සාමාන්‍යයෙන් කෙටි කර තිබේ. ඓතිහාසික තොරතුරු, අනාවැකි ඉටු වී ඇති ආකාරය හෝ ප්‍රතිපත්ති අදාළ වන ආකාරය කතාවට ඇතුළත් කළ හැකියි. හැඳින්වීමෙන් පසුව නියමිත සියලුම පද, එක දිගටම කියවිය යුතුයි. කියවීමට තිබෙන පද අනුපිළිවෙළකින් නොමැති විට, නැවතත් කියවීමට පටන්ගන්නා පදය සඳහන් කිරීමට ශිෂ්‍යයාට හැකි බව නොකිවමනාය.
පැවරුම් අංක 3: විනාඩි 5යි. මෙය සහෝදරියකට පවරනු ලැබේ. මෙම කතාව පදනම් වනු ඇත්තේ සාකච්ඡා කිරීම සඳහා බයිබල් විෂයන් නමැති පොත්පිංචය මතයි. ඔබේ ක්ෂේත්රයට අදාළ ඕනෑම පසුබිමක් තෝරාගත හැකි අතර සහභාගිවන්නන්ට ඉඳගෙන හෝ සිටගෙන සිටිය හැකියි. ශිෂ්‍යයා, පවරා ඇති තේමාව ගොඩනඟන ආකාරය කෙරෙහිත්, නිවැසියාට ශුද්ධ ලියවිලි මත තර්ක කරන්න උපකාර කරන ආකාරය කෙරෙහිත් පාසැල් අවේක්ෂක විශේෂ අවධානයක් යොමු කරනු ඇත. මෙම කොටස සඳහා පැවරුම ලබන ශිෂ්‍යයාට කියවීමේ හැකියාව තිබිය යුතුයි. පාසැල් අවේක්ෂක විසින් එක් සහයකයෙකු නම් කරනු ලැබුවත්, අමතර සහයකයෙකුවත් උපයෝගි කරගත හැකියි. මූලිකවම සැලකිල්ල දිය යුත්තේ, තෝරාගන්නා පසුබිමට නොව, කාවදින ලෙස බයිබලය උපයෝගි කරගන්නා ආකාරයටය.
පැවරුම් අංක 4: විනාඩි 5යි. මෙම පැවරුමේ විෂය පදනම් වනු ඇත්තේ මගේ බයිබල් කතන්දර පොත නමැති ප්රකාශනය මතයි. පැවරුම් අංක 4 සහෝදරයෙකුට හෝ සහෝදරියකට එසේ නැතහොත් බාලයන්ට පවරනු ලැබේ. සහෝදරයෙකුට පැවරූ විට, මෙය සැමවිටම කතාවක් ලෙස ඉදිරිපත් කළ යුතුයි. මෙම කොටස සහෝදරියකට පැවරූ විට, කරුණු ඉදිරිපත් කළ යුත්තේ පැවරුම් අංක 3හි සඳහන්ව ඇති පිළිවෙළටයි. ශිෂ්‍යයා සුදුසු තේමාවක් තෝරාගත යුතුයි.
බයිබලය කියවීමේ වැඩසටහන: සතිපතා බයිබලය කියවීමේ වැඩසටහන අනුගමනය කිරීමට සභාවේ සෑම කෙනෙකුවම දිරිගන්වනු ලැබේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ දවසකට පිටුවක් පමණ කියවීමයි.
සටහනක්: උපදෙස් දීම, නියමිත කාල සීමාව තුළ නිම කිරීම, ලිඛිත පුනරීක්ෂණය සහ පැවරුම් සූදානම් කිරීම පිළිබඳව අමතර කරුණු සහ උපදෙස් ලබාගැනීමට අවශ්‍ය නම් 1996 ඔක්තෝබර් මස අපගේ රාජ්‍ය සේවාවේ 3වන පිටුව බලන්න.
වැඩසටහන
ජන. 7 බයිබල් කියවීම: දේශනාකාරයා 1-6
ගීතිකා අංක 59
අංක 1: දේශනාකාරයා පොතට හැඳින්වීම (bsi02 දේශනාකාරයා 1-8 ඡේ.)
අංක 2: දේශනාකාරයා 4:1-16
අංක 3: මිනිසුන්ට ගරු කළ හැක; නමුත් නමස්කාරය දිය යුත්තේ දෙවිට පමණි (td 29ආ)
අංක 4: amy 1වන කතන්දරය
ජන. 14 බයිබල් කියවීම: දේශනාකාරයා 7-12
ගීතිකා අංක 25
අංක 1: දේශනාකාරයා—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi02 දේශනාකාරයා 15-19 ඡේ.)
අංක 2: දේශනාකාරයා 8:1-17
අංක 3: අර්මගෙදොන්—දුෂ්ටකම නැති කිරීම සඳහා දෙවි කරන යුද්ධය (td 3අ)
අංක 4: my 2වන කතන්දරය
ජන. 21 බයිබල් කියවීම: සාලමොන්ගේ ගීතිකාව 1-8
ගීතිකා අංක 11
අංක 1: සාලමොන්ගේ ගීතිකාවට හැඳින්වීම සහ ප්‍රයෝජනවත් වීමට හේතු (bsi02 සාලමොන්ගේ ගීතිකාව 1-4, 16-18 ඡේ.)
අංක 2: සාලමොන්ගේ ගීතිකාව 5:1-16
අංක 3: අර්මගෙදොන්—දෙවිගේ ප්‍රේමයට පරස්පරවිරෝධී නොවේ (td 3ආ)
අංක 4: my 3වන කතන්දරය
ජන. 28 බයිබල් කියවීම: යෙසායා 1-6
ගීතිකා අංක 204
අංක 1: යෙසායා පොතට හැඳින්වීම (bsi02 යෙසායා 1-8 ඡේ.)
අංක 2: යෙසායා 2:1-17
අංක 3: බව්තීස්මය—ක්‍රිස්තියානි අවශ්‍යතාවකි (td 23අ)
අංක 4: my 4වන කතන්දරය
පෙබ. 4 බයිබල් කියවීම: යෙසායා 7-11
ගීතිකා අංක 89
අංක 1: යෙහෝවාගේ සංවිධානය අපිට අවශ්‍යයි (w00 1/1 30, 31 පි.)
අංක 2: යෙසායා 8:1-22
අංක 3: බව්තීස්මය—පව් සෝදාහරින්නේ නැත (td 23ආ)
අංක 4: my 5වන කතන්දරය
පෙබ. 11 බයිබල් කියවීම: යෙසායා 12-19
ගීතිකා අංක 177
අංක 1: ඔබ කෙබඳු පුද්ගලයෙක්ද? (w00 1/15 20-22 පි.)
අංක 2: යෙසායා 17:1-14
අංක 3: දෙවිගේ වචනය දේවානුභාවයෙනි (td 22අ)
අංක 4: my 6වන කතන්දරය
පෙබ. 18 බයිබල් කියවීම: යෙසායා 20-26
ගීතිකා අංක 225
අංක 1: යෙහෝවා සමඟ සමීප සබඳතාවක් වර්ධනය කරගන්න (w00 1/15 23-26 පි.)
අංක 2: යෙසායා 22:1-19
අංක 3: බයිබලය—අපගේ දවසට ප්‍රායෝගික මඟ පෙන්වීමකි (td 22ආ)
අංක 4: my 7වන කතන්දරය
පෙබ. 25 බයිබල් කියවීම: යෙසායා 27-31
ගීතිකා අංක 192
අංක 1: පීඩාකරන්නා මහත් ආලෝකයක් දකියි (w00 1/15 27-29 පි.)
අංක 2: යෙසායා 29:1-14
අංක 3: බයිබලය—සියලු ජාතීන්ට අයත් ජනයා වෙනුවෙන් ලියා ඇත (td 22ඇ)
අංක 4: my 8වන කතන්දරය
මාර්. 4 බයිබල් කියවීම: යෙසායා 32-37
ගීතිකා අංක 98
අංක 1: නොපසුබස්නා උත්සාහයෙන් ජයගන්න (w00 2/1 4-6 පි.)
අංක 2: යෙසායා 33:1-16
අංක 3: ප්‍රවේශනය කිරීමෙන් රුධිරයේ පරිශුද්ධ බව උල්ලංගනය වේ (td 36අ)
අංක 4: my 9වන කතන්දරය
මාර්. 11 බයිබල් කියවීම: යෙසායා 38-42
ගීතිකා අංක 132
අංක 1: මවකගෙන් ඔවදන් (w00 2/1 30, 31 පි.)
අංක 2: යෙසායා 42:1-16
අංක 3: රුධිරය—හේතුව ජීවිත බේරාගැනීම වුවද, දේවනීතිය කැඩීම යුක්තිසහගත නොවේ (td 36ආ)
අංක 4: my 10වන කතන්දරය
මාර්. 18 බයිබල් කියවීම: යෙසායා 43-47
ගීතිකා අංක 160
අංක 1: අනතුරුදායක කලාපයෙන් ඉවත්ව සිටින්න! (w00 2/15 4-7 පි.)
අංක 2: යෙසායා 44:6-20
අංක 3: කාලගණිතය—(පො.යු.) 1914 අන්‍ය ජාතීන්ගේ කාලයේ අවසානය සනිටුහන් කරයි (td 6අ)
අංක 4: my 11වන කතන්දරය
මාර්. 25 බයිබල් කියවීම: යෙසායා 48-52
ගීතිකා අංක 161
අංක 1: යාච්ඤාවේ බලය (w00 3/1 3, 4 පි.)
අංක 2: යෙසායා 49:1-13
අංක 3: සභාව ආත්මිකයි; ක්‍රිස්තුස් මත ගොඩනඟා ඇත (td 40අ)
අංක 4: my 12වන කතන්දරය
අප්‍රි. 1 බයිබල් කියවීම: යෙසායා 53-59
ගීතිකා අංක 210
අංක 1: යෙහෝවාව සෙවීමට ඔබේ හදවත සූදානම්ද? (w00 3/1 29-31 පි.)
අංක 2: යෙසායා 54:1-17
අංක 3: සභාව පේතෘස් මත ගොඩනඟා නැත (td 40ආ)
අංක 4: my 13වන කතන්දරය
අප්‍රි. 8 බයිබල් කියවීම: යෙසායා 60-66
ගීතිකා අංක 111
අංක 1: යෙසායා—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi02 යෙසායා 34-39 ඡේ.)
අංක 2: යෙසායා 61:1-11
අංක 3: මැවීම—ඔප්පු කරන ලද විද්‍යාවට එකඟය; පරිණාමවාදය වැරදි බව ඔප්පු කරයි (td 27අ)
අංක 4: my 14වන කතන්දරය
අප්‍රි. 15 බයිබල් කියවීම: යෙරෙමියා 1-4
ගීතිකා අංක 70
අංක 1: යෙරෙමියා පොතට හැඳින්වීම (bsi02 යෙරෙමියා 1-5 ඡේ.)
අංක 2: යෙරෙමියා 2:4-19
අංක 3: මැවීමේ දවස් පැය 24ක දවස් නොවේ (td 27ආ)
අංක 4: my 15වන කතන්දරය
අප්‍රි. 22 බයිබල් කියවීම: යෙරෙමියා 5-8
ගීතිකා අංක 205
අංක 1: මිනිසාට පිහිට වන කෙනෙක් අවශ්‍ය මන්ද? (w00 3/15 3, 4 පි.)
අංක 2: යෙරෙමියා 7:1-20
අංක 3: යේසුස්ව ශාප ලද්දෙකු ලෙස වධ කණුවක එල්ලන ලදි (td 7අ)
අංක 4: my 16වන කතන්දරය
අප්‍රි. 29 ලිඛිත පුනරීක්ෂණය. බයිබල් කියවීම: යෙරෙමියා 9-13
ගීතිකා අංක 46
මැයි 6 බයිබල් කියවීම: යෙරෙමියා 14-18
ගීතිකා අංක 224
අංක 1: අපට පිහිට වීමට යේසුස් ක්‍රිස්තුස්ට හැකි අයුරු (w00 3/15 5-9 පි.)
අංක 2: යෙරෙමියා 17:1-18
අංක 3: කුරුසිය—ඊට නමස්කාර නොකළ යුතුයි (td 7ආ)
අංක 4: my 17වන කතන්දරය
මැයි 13 බයිබල් කියවීම: යෙරෙමියා 19-23
ගීතිකා අංක 73
අංක 1: නිහතමානිකම සමාදානයට අත්වැලක් (w00 3/15 21-24 පි.)
අංක 2: යෙරෙමියා 19:1-15
අංක 3: මරණයට හේතුව (td 25අ)
අංක 4: my 18වන කතන්දරය
මැයි 20 බයිබල් කියවීම: යෙරෙමියා 24-28
ගීතිකා අංක 140
අංක 1: හික්මවීමට අවනත වූ කදිම ආදර්ශයක් (w00 3/15 25-28 පි.)
අංක 2: යෙරෙමියා 25:1-14
අංක 3: මළවුන්ගේ තත්වය (td 25ආ)
අංක 4: my 19වන කතන්දරය
මැයි 27 බයිබල් කියවීම: යෙරෙමියා 29-31
ගීතිකා අංක 42
අංක 1: අදදින දෙවිගේ ආත්මය ක්‍රියාත්මක වන්නේ කෙසේද? (w00 4/1 8-11 පි.)
අංක 2: යෙරෙමියා 30:1-16
අංක 3: මළවුන් සමඟ කතා කළ නොහැක (td 25ඇ)
අංක 4: my 20වන කතන්දරය
ජූනි 3 බයිබල් කියවීම: යෙරෙමියා 32-35
ගීතිකා අංක 85
අංක 1: සැනසීමට මඟ—යෙහෝවාගේ බලය (w00 4/15 4-7 පි.)
අංක 2: යෙරෙමියා 34:1-16
අංක 3: යක්ෂයා අදෘශ්‍යමාන පුද්ගලයෙකි, ආත්මයකි (td 30අ)
අංක 4: my 21වන කතන්දරය
ජූනි 10 බයිබල් කියවීම: යෙරෙමියා 36-40
ගීතිකා අංක 159
අංක 1: ප්‍රචණ්ඩකාරිත්වය ගැන ඔබට ඇත්තේ දෙවිගේ දෘෂ්ටියද? (w00 4/15 26-29 පි.)
අංක 2: යෙරෙමියා 37:1-17
අංක 3: මේ ලෝකයේ අදෘශ්‍යමාන පාලකයා යක්ෂයාය (td 30ආ)
අංක 4: my 22වන කතන්දරය
ජූනි 17 බයිබල් කියවීම: යෙරෙමියා 41-45
ගීතිකා අංක 26
අංක 1: ‘ඔබේ සිත ආරක්ෂා කරගන්න’ (w00 5/15 20-24 පි.)
අංක 2: යෙරෙමියා 41:1-15
අංක 3: භූතයෝ කැරලිකාර දේවදූතයෝය (td 30ඇ)
අංක 4: my 23වන කතන්දරය
ජූනි 24 බයිබල් කියවීම: යෙරෙමියා 46-49
ගීතිකා අංක 15
අංක 1: පරිපූර්ණ ජීවිතයක්—හුදු සිහිනයක් නොවේ! (w00 6/15 5-7 පි.)
අංක 2: යෙරෙමියා 49:1-13
අංක 3: පොළොව සඳහා දෙවිගේ අරමුණ (td 20අ)
අංක 4: my 24වන කතන්දරය
ජූලි 1 බයිබල් කියවීම: යෙරෙමියා 50-52
ගීතිකා අංක 100
අංක 1: යෙරෙමියා—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi02 යෙරෙමියා 36-39 ඡේ.)
අංක 2: යෙරෙමියා 50:1-16
අංක 3: පොළොව—කිසිදා විනාශයට හෝ ජනහානියට ලක් නොවෙයි (td 20ආ)
අංක 4: my 25වන කතන්දරය
ජූලි 8 බයිබල් කියවීම: විලාප ගී 1-2
ගීතිකා අංක 8
අංක 1: විලාප ගී පොතට හැඳින්වීම (bsi02 විලාප ගී 1-7 ඡේ.)
අංක 2: විලාප ගී 1:1-14
අංක 3: බොරු අනාගතවක්තෘවරු ගැන පුරෝකථනය කර තිබිණ; ප්‍රේරිතවරුන්ගේ කාලයේදීත් සිටියහ (td 24අ)
අංක 4: my 26වන කතන්දරය
ජූලි 15 බයිබල් කියවීම: විලාප ගී 3-5
ගීතිකා අංක 145
අංක 1: විලාප ගී—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi02 විලාප ගී 13-15 ඡේ.)
අංක 2: විලාප ගී 3:1-30
අංක 3: ආත්මික සුවය නිත්‍ය ප්‍රයෝජන ගෙන දෙයි (td 43අ)
අංක 4: my 27වන කතන්දරය
ජූලි 22 බයිබල් කියවීම: එසකියෙල් 1-6
ගීතිකා අංක 94
අංක 1: එසකියෙල් පොතට හැඳින්වීම (bsi02 එසකියෙල් 1-6 ඡේ.)
අංක 2: එසකියෙල් 4:1-17
අංක 3: දෙවිගේ රාජ්‍යය නිත්‍ය ශාරීරික සනීපය ගෙන දෙයි (td 43ආ)
අංක 4: bmy 28වන කතන්දරය
ජූලි 29 බයිබල් කියවීම: එසකියෙල් 7-12
ගීතිකා අංක 221
අංක 1: යහපත් ආදර්ශවලින් ප්‍රයෝජන ලබන්න (w00 7/1 19-21 පි.)
අංක 2: එසකියෙල් 10:1-19
අංක 3: නූතන ඇදහිල්ලෙන් සුව කිරීම් දිව්‍ය අනුමැතිය තිබෙන බවට සාක්ෂියක් නොවේ (td 43ඇ)
අංක 4: my 29වන කතන්දරය
අගෝ. 5 බයිබල් කියවීම: එසකියෙල් 13-16
ගීතිකා අංක 106
අංක 1: දුරාචාර ලෝකයක් තුළ පවා ඔබට නිර්මලව සිටිය හැකියි (w00 7/15 28-31 පි.)
අංක 2: එසකියෙල් 13:1-16
අංක 3: අන්‍ය භාෂාවලින් කතා කිරීම තාවකාලික සැපයුමක් පමණි (td 43ඈ)
අංක 4: my 30වන කතන්දරය
අගෝ. 12 බයිබල් කියවීම: එසකියෙල් 17-20
ගීතිකා අංක 214
අංක 1: අධිකාරියට ගෞරවය දිය යුත්තේ මන්ද? (w00 8/1 4-7 පි.)
අංක 2: එසකියෙල් 17:1-18
අංක 3: ස්වර්ගයට යන්නේ 1,44,000ක් පමණි (td 44අ)
අංක 4: my 31වන කතන්දරය
අගෝ. 19 බයිබල් කියවීම: එසකියෙල් 21-23
ගීතිකා අංක 86
අංක 1: මතභේදයක් පැනනැඟුණු විට ඔබ කටයුතු කරන්නේ කෙසේද? (w00 8/15 23-25 පි.)
අංක 2: එසකියෙල් 22:1-16
අංක 3: නිරය—ගිනිමය වධ හිංසා ලැබෙන ස්ථානයක් නොවේ (td 15අ)
අංක 4: my 32වන කතන්දරය
අගෝ. 26 ලිඛිත පුනරීක්ෂණය. බයිබල් කියවීම: එසකියෙල් 24-28
ගීතිකා අංක 18
සැප්. 2 බයිබල් කියවීම: එසකියෙල් 29-32
ගීතිකා අංක 40
අංක 1: ආත්ම පරිත්‍යාගය මොනවටද? (w00 9/15 21-24 පි.)
අංක 2: එසකියෙල් 30:1-19
අංක 3: ගින්න විනාශයේ සංකේතයකි (td 15ආ)
අංක 4: my 33වන කතන්දරය
සැප්. 9 බයිබල් කියවීම: එසකියෙල් 33-36
ගීතිකා අංක 49
අංක 1: දෙවි වෙත ළංවීමට ඔබට හැකි අන්දම (w00 10/15 4-7 පි.)
අංක 2: එසකියෙල් 33:1-16
අංක 3: පොහොසතා හා ලාසරුස්ගේ කතාව සදාකාලික වධ හිංසා ඇති බවට සාක්ෂියක් නොවේ (td 15ඇ)
අංක 4: my 34වන කතන්දරය
සැප්. 16 බයිබල් කියවීම: එසකියෙල් 37-40
ගීතිකා අංක 34
අංක 1: සාර්ථකත්වය මනින්නේ කුමකින්ද? (w00 11/1 18-21 පි.)
අංක 2: එසකියෙල් 39:1-16
අංක 3: උපන් දින, නත්තල, මුල් ක්‍රිස්තියානීන් පැවැත්වූයේ නැත(td 16අ)
අංක 4: my 35වන කතන්දරය
සැප්. 23 බයිබල් කියවීම: එසකියෙල් 41-45
ගීතිකා අංක 50
අංක 1: මුළු හදින්ම දෙවිට සේවය කරන්න (w00 11/15 21-23 පි.)
අංක 2: එසකියෙල් 42:1-20
අංක 3: cනමස්කාරයේදී, පිළිම, රූප භාවිතය දෙවිට නින්දාවකි (td 18අ)
අංක 4: my 36වන කතන්දරය
සැප්. 30 බයිබල් කියවීම: එසකියෙල් 46-48
ගීතිකා අංක 112
අංක 1: එසකියෙල්—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi02 එසකියෙල් 29-33 ඡේ.)
අංක 2: එසකියෙල් 46:1-15
අංක 3: dපිළිම නමස්කාරය ඉශ්රායෙල් ජාතියට මාරාන්තික විය (td 18ආ)
අංක 4: emy 37වන කතන්දරය
ඔක්. 7 බයිබල් කියවීම: දානියෙල් 1-4
ගීතිකා අංක 10
අංක 1: දානියෙල් පොතට හැඳින්වීම (bsi02 දානියෙල් 1-6 ඡේ.)
අංක 2: දානියෙල් 1:1-17
අංක 3: “සාපේක්ෂ” (බෙදුණු) නමස්කාරයට අවසරයක් නැත (td 18ඇ)
අංක 4: my 38වන කතන්දරය
ඔක්. 14 බයිබල් කියවීම: දානියෙල් 5-8
ගීතිකා අංක 191
අංක 1: ඔබ සැමවිටම ‘ප්‍රඥාවන්තයන්’ කියන දේවල් විශ්වාස කළ යුතුද? (w00 12/1 29-31 පි.)
අංක 2: දානියෙල් 5:1-16
අංක 3: වෙනත් ආගම් සමඟ එකතු වීම දෙවි අනුමත නොකරයි (td 1අ)
අංක 4: my 39වන කතන්දරය
ඔක්. 21 බයිබල් කියවීම: දානියෙල් 9-12
ගීතිකා අංක 108
අංක 1: දානියෙල්—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi02 දානියෙල් 19-23 ඡේ.)
අංක 2: දානියෙල් 10:1-21
අංක 3: “හැම ආගමක්ම හොඳයි” යන්න සැබෑවක් නොවේ (td 1ආ)
අංක 4: my 40වන කතන්දරය
ඔක්. 28 බයිබල් කියවීම: හොෂෙයා 1-14
ගීතිකා අංක 23
අංක 1: හොෂෙයා පොතට හැඳින්වීම සහ ප්‍රයෝජනවත් වීමට හේතු (bsi02 හොෂෙයා 1-8, 14-17 ඡේ.)
අංක 2: හොෂෙයා 4:1-19
අංක 3: දෙවිගේ නම (td 32අ)
අංක 4: my 41වන කතන්දරය
නොවැ. 4 බයිබල් කියවීම: යෝවෙල් 1-3
ගීතිකා අංක 166
අංක 1: යෝවෙල් පොතට හැඳින්වීම සහ ප්‍රයෝජනවත් වීමට හේතු (bsi02 යෝවෙල් 1-5, 12-14 ඡේ.)
අංක 2: යෝවෙල් 1:1-20
අංක 3: දෙවිගේ පැවැත්ම (td 32ආ)
අංක 4: my 42වන කතන්දරය
නොවැ. 11 බයිබල් කියවීම: ආමොස් 1-9
ගීතිකා අංක 80
අංක 1: ආමොස් පොතට හැඳින්වීම සහ ප්‍රයෝජනවත් වීමට හේතු (bsi02 ආමොස් 1-6, 13-17 ඡේ.)
අංක 2: ආමොස් 1:1-15
අංක 3: දෙවිගේ ගුණාංග (td 32ඇ)
අංක 4: my 43වන කතන්දරය
නොවැ. 18 බයිබල් කියවීම: ඔබදියා 1-යෝනා 4
ගීතිකා අංක 96
අංක 1: ඔබදියා පොතට හා යෝනා පොතට හැඳින්වීම සහ ප්‍රයෝජනවත් වීමට හේතු (bsi02 ඔබදියා 1-5, 10-14 ඡේ.; යෝනා 1-4, 9-12 ඡේ.)
අංක 2: ඔබදියා 1:1-16
අංක 3: සැවොම එකම දෙවිට සේවය නොකරති (td 32ඈ)
අංක 4: my 44වන කතන්දරය
නොවැ. 25 බයිබල් කියවීම: මීකා 1-7
ගීතිකා අංක 138
අංක 1: මීකා පොතට හැඳින්වීම සහ ප්‍රයෝජනවත් වීමට හේතු (bsi02 මීකා 1-8, 16-19 ඡේ.)
අංක 2: මීකා 1:1-16
අංක 3: යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මූලාරම්භය (td 33අ)
අංක 4: my 45වන කතන්දරය
දෙසැ. 2 බයිබල් කියවීම: නාහුම් 1-හබක්කුක් 3
ගීතිකා අංක 137
අංක 1: නාහුම් පොතට හා හබක්කුක් පොතට හැඳින්වීම සහ ප්‍රයෝජනවත් වීමට හේතු (bsi02 නාහුම් 1-7, 11-12 ඡේ.; හබක්කුක් 1-5, 12-14 ඡේ.)
අංක 2: නාහුම් 3:1-19
අංක 3: යේසුස් දෙවිගේ පුත්‍රයා හා පත් කරන ලද රජ (td 34අ)
අංක 4: my 46වන කතන්දරය
දෙසැ. 9 බයිබල් කියවීම: ශෙපනියා 1-හග්ගයි 2
ගීතිකා අංක 146
අංක 1: ශෙපනියා පොතට හා හග්ගයි පොතට හැඳින්වීම සහ ප්‍රයෝජනවත් වීමට හේතු (bsi02 ශපනියා 1-6, 10-12 ඡේ.; හග්ගයි 1-7, 13-16 ඡේ.)
අංක 2: ශෙපනියා 2:1-15
අංක 3: fගැළවීම සඳහා යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කිරීම අත්‍යවශ්‍යය (td 34ආ)
අංක 4: gmy 47වන කතන්දරය
දෙසැ. 16 බයිබල් කියවීම: සෙකරියා 1-8
ගීතිකා අංක 1
අංක 1: සෙකරියා පොතට හැඳින්වීම (bsi02 සෙකරියා 1-7 ඡේ.)
අංක 2: සෙකරියා 6:1-15
අංක 3: යේසුස් විශ්වාස කිරීම පමණක් මදිය (td 34ඇ)
අංක 4: my 48වන කතන්දරය
දෙසැ. 23 බයිබල් කියවීම: සෙකරියා 9-14
ගීතිකා අංක 176
අංක 1: සෙකරියා—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi02 සෙකරියා 23-27 ඡේ.)
අංක 2: සෙකරියා 9:1-17
අංක 3: දෙවිගේ රාජ්‍යය මනුෂ්‍යවර්ගයා සඳහා කරන දේ (td 35අ)
අංක 4: my 49වන කතන්දරය
දෙසැ. 30 ලිඛිත පුනරීක්ෂණය. බයිබල් කියවීම: මලාකී 1-4
ගීතිකා අංක 118
[Footnote]
a කාලය ඇත්නම්, නිවැසියා පවසන දේවලට හා ඔහු නඟන ප්‍රශ්නවලට ප්‍රතිචාරයක් දක්වමින් ශිෂ්‍යයා ක්ෂේත්රයේ අවශ්‍යතාවලට අවධානය දිය යුතුයි.
b කාලය ඇත්නම්, නිවැසියා පවසන දේවලට හා ඔහු නඟන ප්‍රශ්නවලට ප්‍රතිචාරයක් දක්වමින් ශිෂ්‍යයා ක්ෂේත්රයේ අවශ්‍යතාවලට අවධානය දිය යුතුයි.
c කාලය ඇත්නම්, නිවැසියා පවසන දේවලට හා ඔහු නඟන ප්‍රශ්නවලට ප්‍රතිචාරයක් දක්වමින් ශිෂ්‍යයා ක්ෂේත්රයේ අවශ්‍යතාවලට අවධානය දිය යුතුයි.
d කාලය ඇත්නම්, නිවැසියා පවසන දේවලට හා ඔහු නඟන ප්‍රශ්නවලට ප්‍රතිචාරයක් දක්වමින් ශිෂ්‍යයා ක්ෂේත්රයේ අවශ්‍යතාවලට අවධානය දිය යුතුයි.
e කාලය ඇත්නම්, නිවැසියා පවසන දේවලට හා ඔහු නඟන ප්‍රශ්නවලට ප්‍රතිචාරයක් දක්වමින් ශිෂ්‍යයා ක්ෂේත්රයේ අවශ්‍යතාවලට අවධානය දිය යුතුයි.
f කාලය ඇත්නම්, නිවැසියා පවසන දේවලට හා ඔහු නඟන ප්‍රශ්නවලට ප්‍රතිචාරයක් දක්වමින් ශිෂ්‍යයා ක්ෂේත්රයේ අවශ්‍යතාවලට අවධානය දිය යුතුයි.
g කාලය ඇත්නම්, නිවැසියා පවසන දේවලට හා ඔහු නඟන ප්‍රශ්නවලට ප්‍රතිචාරයක් දක්වමින් ශිෂ්‍යයා ක්ෂේත්රයේ අවශ්‍යතාවලට අවධානය දිය යුතුයි.