සේවා රැස්වීම් වැඩසටහන
අගෝස්තු 13න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 30
විනා. 13: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. අගෝස්තු 27න් පටන්ගන්නා සතියේ පවත්වන සේවා රැස්වීමේදී කරන සාකච්ඡාවට සූදානම් වීමක් හැටියට නව ලෝක සමාජය ක්‍රියාත්මක වෙයි නමැති වීඩියෝ පටය නැරඹීමට සියලුදෙනාවම දිරිමත් කරන්න. “නව විශේෂ එක්රැස්වීම් දින වැඩසටහන” නමැති කොටස සාකච්ඡා කරන්න. විශේෂ එක්රැස්වීම් දිනය පවත්වනු ලබන දිනය සඳහන් කර, මුළු වැඩසටහනටම පැමිණීමට සියලුදෙනාවම උනන්දු කරවන්න. අලුත් අයට හා බයිබල් ශිෂ්‍යයන්ට ආරාධනා කිරීමට ප්‍රචාරකයන්ව දිරිමත් කරන්න.
විනා. 17: “තව වැඩියෙන් කරන්න ඔබට වුවමනාද?”a ඔබ බලප්‍රදේශයේ වෙනත් භාෂාවක් කතා කරන අයට සාක්ෂි දැරීම සඳහා කළ හැකි දේවල් පිළිබඳ යෝජනා ඇතුළත් කරන්න. 1997 ජූනි 15 මුරටැඹ සඟරාවේ 26-9 දක්වා පිටු පදනම් කරගනිමින් කෙටියෙන් අදහස් දක්වන්න.
විනා. 15: “විවේකයට හිමි තැන.” පොත් පාඩම් මෙහෙයවන්නෙක් පාඩමෙන් පසු විවාහක යුවළක් සමඟ කතා බහ කරයි. මෑතක සිට ක්ෂේත්‍ර සේවයේදී හා සති අන්තයේ රැස්වීම්වලදී තමා ඔවුන් දෙදෙනාව දැක්කේ නැහැ කියා ඔහු කාරුණික ලෙස පවසයි. ඔවුන් නිවාඩුවක් ගත කරන්න ගොස් සිටි බව යුවළ පවසයි. සැමවිටම ආත්මික කාරණාවලට මුල් තැන දීමේ වැදගත්කම තේරුම්ගැනීමට යුවළට උපකාර කරමින් වැඩිමහල්ලා මෙම ලිපියේ මූලික තොරතුරු සලකා බලයි. යුවළ ඔවුන්ට ලැබුණු කදිම සිහිගැන්වීම් සඳහා අගය ප්‍රකාශ කරයි. ඉදිරියේදී තමන් වඩාත් වැදගත් දේවලට මුල් තැන දීමට කටයුතු කරන බවට යුවළ එකඟ වෙයි.—2000 ඔක්තෝබර් 1 මුරටැඹෙහි 19-20 පිටු බලන්න.
ගීතිකා අංක 68 සහ අවසාන යාච්ඤාව.
අගෝස්තු 20න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 33
විනා. 8: සභා නිවේදන. ගිණුම් වාර්තාව.
විනා. 15: “ඔබ ‘ප්‍රදර්ශනයක්’”b යෙහෝවාගේ සාක්ෂිකරුවන් කරන සේවය හා ඔවුන්ගේ හැසිරීම ගැන මිනිසුන් ප්‍රශංසාත්මක ලෙස පවසා තිබෙන දේ ගැන ප්‍රාදේශීය අද්දැකීම් සඳහන් කරන්න.—1998 මාර්තු 15 මුරටැඹ, 10 පිටුව සහ 1999 ජනවාරි 15, 32 පිටුව බලන්න.
විනා. 22: “ආචාර සම්පන්න පුරුදු—දේවභක්තික ජනයාගේ ලක්ෂණයකි.” මෙම කොටස මෙහෙයවන වැඩිමහල්ලා මුල් ඡේද පහ පදනම් කරගනිමින් විනාඩි පහක කතාවක් ඉදිරිපත් කරයි. අනතුරුව ඔහු ලිපියේ ඉතිරි කොටස තවත් වැඩිමහල්ලෙකු හා සභා සේවකයෙකු සමඟ සාකච්ඡා කරයි. රැස්වීම්වලදී අපේ අවධානය වෙනතකට යොමු කරවමින් අප ලබන ප්‍රයෝජන අඩුවීමට බලපාන නොසැලකිලිමත් පුරුදුවලින් මිදිය හැකි ආකාරය ගැන ඔවුන් කතා කරයි. අන් අය කෙරෙහි අපි ප්‍රේමනීය ලෙස සැලකිල්ල දක්වන විට, එකිනෙකා සමඟ අපේ ඇසුර ඇත්තෙන්ම දිරිගන්වනසුලු වන ආකාරය ඔවුන් විශේෂ කොට දක්වයි.—පිලි. 2:4.
ගීතිකා අංක 72 සහ අවසාන යාච්ඤාව.
අගෝස්තු 27න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 40
විනා. 10: සභා නිවේදන. අගෝස්තු මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. සැප්තැම්බර් මාසයේදී එළිදරව්ව එහි උච්චාවස්ථාව නමැති පොත ඉදිරිපත් කළ හැකි ආකාරය ගැන යෝජනාවක් දෙකක් කෙටියෙන් සඳහන් කරන්න.—1994 මාර්තු අපගේ රාජ්‍ය සේවාවේ 6 පිටුවේ සඳහන් උදාහරණ බලන්න.
විනා. 15: “නිර්භීතව හා නැණවත්ව ශුභාරංචිය ඉදිරිපත් කිරීම.”c මෙම කොටස හැසිරවිය යුත්තේ සේවා අවේක්ෂක විසිනි. කුඩා කණ්ඩායම් වශයෙන් ක්ෂේත්‍ර සේවයේ හවුල් වීමේ අවශ්‍යතාව අවධාරණය කරන්න.
විනා. 20: “නව ලෝක සමාජය ක්‍රියාත්මක වෙයි—ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමක්.” සබය සමඟ සාකච්ඡාවක් හා සම්මුඛ සාකච්ඡා. සපයා තිබෙන ප්‍රශ්න සාකච්ඡා කිරීමෙන් පසු, මෙම වීඩියෝ පටය සකස් කිරීමට කලින් පෙන්වූ මුල්ම චිත්‍රපටය නරඹා තිබෙන කෙනෙකුව හෝ 1950 ගණන්වලදී පැවැත්වූ ජාත්‍යන්තර සමුළුවට ගිය කෙනෙකුව සම්මුඛ සාකච්ඡාවට කැඳවන්න. මේ සමුළුව ගැන ඔවුන්ගේ මතකයේ තිබෙන දේවල් ගැනත්, ඔවුන්ගේ ආත්මිකත්වයට ඇති වූ බලපෑම ගැනත්, තමන් සිටින්නේ සැබවින්ම යෙහෝවාගේ සංවිධානයේ බවට තමන් තුළ ඇති වූ නිසැකකම ගැනත් අදහස් දැක්වීමට ඔවුන්ට ආරාධනා කරන්න. ඔක්තෝබර් මාසයේදී දිව්‍ය ඉගැන්වීම් මගින් එක්සත් වී (United by Divine Teaching) නමැති වීඩියෝ පටය ගැන සාකච්ඡා කෙරේ.
ගීතිකා අංක 74 සහ අවසාන යාච්ඤාව.
සැප්තැම්බර් 3න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 80
විනා. 8: සභා නිවේදන.
විනා. 17: “ක්‍රිස්තියානි ඇසුර කොතරම් වැදගත්ද?”d 1996 ජනවාරි 15 මුරටැඹ සඟරාවේ 22 පිටුවේ සඳහන් “සභාව තුළින්” යන උපමාතෘකාව යටතේ තිබෙන කරුණුද ඇතුළත් කරන්න.
විනා. 20: යමෙක් මෙහෙම කිව්වොත්. සාකච්ඡාවක් සහ නිරූපණ. අපි දේවසේවයේ හවුල් වෙද්දී අප බලාපොරොත්තු නොවූ ආකාරයේ ප්‍රශ්න මිනිසුන් අපෙන් අසනවා. නැත්නම් යම් දේවල් පවසනවා. මෙවන් අවස්ථාවලදී අපෙන් අසන ප්‍රශ්නවලින් පිට පනින්නේ නැතිව හා සාකච්ඡාව නතර කර දමන්නේ නැතිව ඔවුන්ට උත්තර දෙන්න අප වෑයම් කළ යුතුයි. බොහෝ අවස්ථාවලදී මිනිසුන් පවසන දේවල් කිහිපයක් ගැන සඳහන් කර, ප්‍රචාරකයන් ඒවාට ප්‍රතිචාරය දක්වන ආකාරය නිරූපණය කරන්න. උදාහරණයක් හැටියට, මිනිසුන් මෙසේ පවසන්න පුළුවන්. ‘මම දෙවි කෙනෙක්ව විශ්වාස කරන්නේ නැහැ.’ ‘මෙහෙ ඉන්න අපි ඔක්කොම බෞද්ධ/හින්දු/මුස්ලිම්.’ ‘මේ සමාජයේ දියුණුවට ඔයාලා යමක් කරන්ට උත්සාහ කරන්නේ නැත්තේ ඇයි?’ දේවසේවයේදී බලාපොරොත්තු නොවූ විදිහට මිනිසුන් අසන දේවලට උත්තර දීම සඳහා අපගේ රාජ්‍ය සේවාවේ හා රීසනිං පොතේ (සිංහලෙන් නැත) සඳහන් යෝජනා ක්‍රියාත්මක කරන්න සියලුදෙනාවම දිරිගන්වන්න.
ගීතිකා අංක 121 සහ අවසාන යාච්ඤාව.
[Footnote]
a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
d හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.