නව ලෝක සමාජය ක්‍රියාත්මක වෙයි—ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමක්
වර්ෂ 1954දී රූගත කරන ලද දර්ශන ඇතුළත් මේ වීඩියෝ පටය ඔබ නරඹන විට, පහත සඳහන් ප්‍රශ්නවලට උත්තර සොයාගැනීමට වෑයම් කරන්න. (1) මෙම චිත්‍රපටය මුලින්ම නිෂ්පාදනය කිරීමේ අරමුණ වූයේ කුමක්ද? එයින් ඉටු කරගැනීමට හැකි වූයේ කුමක්ද? (2) යෙහෝවාගේ සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කරන පොත් පත් මොනවාද? ඒවා කා සඳහාද? ඒවා ප්‍රකාශයට පත් කරන්නේ මන්ද? (3) මුරටැඹ සඟරාව 1954දී බෙදාහැරිය ප්‍රමාණය සමඟ අද බෙදාහරින ප්‍රමාණය සැසඳීමේදී පෙනී යන්නේ කුමක්ද? (4) මෑත වර්ෂවල සිට අපේ මුද්‍රණ කටයුතු නවීකරණය වී තිබෙන්නේ කෙසේද? (5) වර්ෂ 1953දී යැංකි ක්‍රීඩාංගණයේ පැවැත්වූ අන්තර්ජාතික සමුළුවේ ඔබේ සිත්ගත්තේ මොනවාද? (6) මේ වීඩියෝ පටයේ ඔබ දුටු ජංගම නිවාසපුරය (Trailer City) ඔබ විස්තර කරන්නේ කෙසේද? ඒ නගරයේ ඔබ දුටු විශේෂ දේවල් මොනවාද? (7) අපේ සේවය එක රටකට හෝ එක ජාතියකට සීමා වී නැති බව පෙනෙන්නේ කුමකින්ද? (8) යෙහෝවාගේ සංවිධානයේ සෑම කටයුත්තකදීම දැකිය හැකි ප්‍රේමනීය ස්වභාවය ඔබ දැක්කේ කිනම් ආකාරවලින්ද? (ගීතා. 133:1) (9) වර්ෂ 1950 ගණන්වල පැවති නව ලෝක සමාජයේ ක්‍රියාකාරකම්වල ඉතිහාසය ගැන තොරතුරු කවුරුන් අගය කරාවි කියාද ඔබ සිතන්නේ?