නිවේදන
◼ අප්‍රියෙල් සහ මැයි මාසවල ඉදිරිපත් කරන පොත් පත්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. නැවත බැලීම් කිරීමේදී උනන්දුවක් දක්වන අයට දායක ඉදිරිපත් කළ හැකියි. නිවාස බයිබල් පාඩම් පටන්ගැනීමේ ඉලක්කය ඇතුව දැනුම පොත හෝ ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කරන්න. ජූනි: දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? නමැති විවරණිකාව හෝ සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොත. බයිබල් පාඩම් පටන්ගැනීමට වෑයම් කරන්න. ජූලි: සභා පොත් පත් තොගයෙහි තිබිය හැකි පිටු 32ක ඕනෑම විවරණිකාවක්.
◼ ජූනි මාසයේ පටන්, 2001 දිස්ත්‍රික් සමුළු බැජ් කාඩ්පත් සභාවට ලැබෙන පොත් පත් තොගය සමඟ එවනු ඇත. එනිසා මේවා ඉල්ලුම් කිරීම අවශ්‍ය නැත. බැජ් කාඩ්පත් 25 බැගින් බන්ඩල කොට එක් එක් සභාවේ ප්‍රමාණය අනුව සපයනු ඇත. ප්ලාස්ටික් බැජ් කාඩ්පත් රඳවනයන් සභාවේ කැමති අයට ඉල්ලුම් කළ හැක.
◼ සියලුම මුලසුනභාර අවේක්ෂකයන්ගේ හා ලේකම්වරුන්ගේ ලිපිනයන් හා දුරකථන අංක පිළිබඳ අලුත්ම තොරතුරු ඇතුළත් වාර්තාවක් තබාගැනීමට සමිතියට අවශ්‍ය වී තිබේ. ලිපිනයෙහි වෙනසක් සිදු වන ඕනෑම අවස්ථාවක, ලේකම් විසින් Presiding Overseer/Secretary Change of Address (S-29) නමැති පෝරමය පුරවා මුලසුන භාර අවේක්ෂකගේ හෝ ලේකම්ගේ අලුත් ලිපිනය හැකි විගස සමිතියට එවිය යුතුය. තැපැල් සංකේත අංකයන්වල සිදු වන වෙනස්කම්ද මෙයට ඇතුළත් වේ.
◼ සභා ලේකම්වරුන් විසින් ස්ථාවර පුරෝගාමී සේවය සඳහා අයදුම්පත (S-205) හා උපකාරික පුරෝගාමී සේවය සඳහා අයදුම්පත (S-205b) යනුවෙන් නම් කර තිබෙන පෝරම අවශ්‍ය තරම් තබාගත යුතුයි. පොත් පත් ඉල්ලුම් කිරීමේ පොර්මය (Literature Request Form, S-14) මගින් ඉහත සඳහන් අයදුම්පත් ඉල්ලුම් කළ හැක. අඩුම තරමින් අවුරුද්දකටවත් ප්‍රමාණවත් සැපයුමක් තබාගන්න. ස්ථාවර පුරෝගාමී අයදුම්පත් නිවැරදිව සම්පූර්ණ කර තිබේද කියා නැවත පරීක්ෂා කර බලන්න. තමන් බව්තීස්ම වූ දිනය අයදුම්කරුවන්ට මතක නැත්නම්, ඔවුන් එම දිනය ආසන්න වශයෙන් එහි සටහන් කළ යුතුයි.
◼ ඇස් පෙනීමේ දුර්වලතා තිබෙන අයගේ ප්‍රයෝජනය සඳහා යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන I නමැති පොත විශාල අකුරුවලින් මුද්‍රණය කර තිබේ. පිටු 512කින් සමන්විත මෙම පොතෙහි පින්තූර නැත. මෙහි පිටුවක ප්‍රමාණය සඟරාවක පිටුවක ප්‍රමාණයට සමානය. එහි අකුරුවල ප්‍රමාණය මුරටැඹ සඟරාවේ පාඩම් ලිපිවල විශාල අකුරුවලින් යුත් සංස්කරණයේ තිබෙන අකුරුවලට සමානය. දැනට ලබාගත හැක්කේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි. වෙනත් භාෂාවලින් මුද්‍රණය කළ විට නිවේදනය කරනු ඇත. මෙය පොත් පත් ඉල්ලුම් පෝරමයේ සඳහන් කළ යුත්තේ Isaiah’s Prophecy I-Large Print ලෙසය.
◼ වසර 2001 ජූලි 30න් පටන්ගන්නා සතියේ සිට සභා පොත් පාඩම්වලදී අපි පාඩම් කරන්නේ යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන I නමැති පොතයි. මෙම පොතෙහි ප්‍රමාණවත් පිටපත් සංඛ්‍යාවක් නොමැති සභාවන් ප්‍රමාද නොකර මෙය ඉල්ලුම් කළ යුතුය.
◼ යම් කෙනෙක් විදේශීය සංචාරයක් යෑමට සැලසුම් කිරීමේදී, සංචාරය කිරීමට යන රටේ පවත්වන සභා රැස්වීම්වලට, චාරිකා එක්රැස්වීමකට හෝ දිස්ත්‍රික් සමුළුවකට යන්න බලාපොරොත්තු වන්නේ නම්, එම රැස්වීම් පවත්වන දිනයන්, වේලාවන් හෝ ස්ථාන ගැන විස්තර දැනගත යුත්තේ එම රටේ ශාඛා කාර්යාලයෙනි. විවිධ රටවල පිහිටි ශාඛා කාර්යාලවල ලිපිනයන් වාර්ෂික පොතේ අවසන් පිටුවේ සඳහන් වේ.
◼ වසර 2001 අප්‍රියෙල් 1 කලාපයේ පටන් පෘතුගීසි භාෂාවෙන් පළ වන මුරටැඹ සඟරාවේ ශ්‍රව්‍ය කැසට් පට ලබාගත හැක.