දිව්‍යාණ්ඩු සේවා පාසැලේ පුනරීක්ෂණය
වර්ෂ 2001 ජනවාරි 1වනදා සිට අප්‍රියෙල් 23වනදා දක්වා සති සඳහා දිව්‍යාණ්ඩු සේවා පාසැලේ පියවනු ලැබූ තොරතුරුවල මූලාශ්‍ර භාවිත නොකර කරනු ලබන පුනරීක්ෂණයකි. වෙන් කරන ලද කාලය තුළ ඔබට හැකි පමණ ප්‍රශ්නවලට උත්තර සැපයීම සඳහා වෙනම කඩදාසියක් භාවිත කරන්න.
[සැ.යු: ලිඛිත පුනරීක්ෂණයේදී ඕනෑම ප්‍රශ්නයකට උත්තර සැපයීමට බයිබලය පමණක් භාවිත කළ හැකිය. ප්‍රශ්න සමඟ දක්වා ඇති යොමු සටහන් ඔබගේ පෞද්ගලික ගවේෂණය සඳහාය. මුරටැඹ සඟරාවට යොමු දක්වන සෑම අවස්ථාවකම පිටුව සහ ඡේදය දක්වා නොතිබෙන්න පුළුවන.]
පහත සඳහන් සෑම ප්‍රකාශයක්ම සැබෑද නැත්නම් බොරුද කියා ලකුණු කරන්න.
1. අපි හැඟීම්වලින් යටපත් වී බරපතළ වැරදි නොදකින තත්වයට පත් නොවිය යුතු වුවත්, අපට විරුද්ධව පව් කර තිබෙන කෙනෙක් පසුතැවෙන විට දයාවන්තව සමාව දෙමින් යෝසෙප්ගේ ආදර්ශය අනුකරණය කිරීමට අපට හැකියි. (උත්. 42:21; 45:4, 5) [w99 1/1 31 පි. 2-3 ඡේ.]
2. හුදෙක් පෙළපත් පිළිබඳ නාම ලේඛනයක් තිබෙනවා හැරෙන්න 1 ලේකම් පොතේ අඩංගු වන්නේ සාමුවෙල් හා රාජාවලිය පොත්වල අඩංගු තොරතුරු නැවත සඳහන් කිරීමක් පමණයි. [bsi00 15 පි. 1 ඡේ.]
3. ක්‍රිස්තියානි පියවරුන් තම පවුල්වල ආත්මිකත්වය සම්බන්ධයෙන් අවදිව සිටිය යුතුයි. දුරාචාර පොත් පත් හෝ අහිතකර සංගීතය වැනි, පවුලේ ආත්මික ශුභසිද්ධියට බරපතළ ලෙස තර්ජන වන දේවල් නිවසෙහි තිබේ නම්, ඔවුන් තීරණාත්මක පියවරක් ගත යුතුයි. [w95 9/15, 21 පි.]
4. දේවදූතයන්ටත් වඩා පහත් මනුෂ්‍යයෙක් බවට පත් වෙමින් ස්වර්ගික විෂයේ සිට පොළොවට පැමිණීමට වූ අද්විතීය පැවරුම පිළිගැනීම මගින් යේසුස් තම නිහතමානීකම පෙන්නුම් කළා. (පිලි. 2:5-8; හෙබ්‍රෙ. 2:7) [w99 2/1, 6 පි. 3 ඡේ.]
5. ෂීෂක් යූදා ආක්‍රමණය කර, ‘යෙහෝවාගේ ගෘහයේ තිබුණු වස්තුවද රජ ගෙයි තිබුණු වස්තුවද’ පැහැරගෙන ගිය බව පුරාවිද්‍යාවෙන් සනාථ වෙයි. (2 ලේක. 12:9) [සතියේ බයිබල් කියවීම; w88 2/1, 26 පි. 4 ඡේ. බලන්න.]
6. සැබෑ ක්‍රිස්තියානීන් තමන්ගේ විශ්වාසයන් ගැන අන් අය සමඟ සාකච්ඡා කරන විට, තමන්ට විරුද්ධ අයව කුපිත කිරීමට හෝ ඔවුන් සමඟ වාද විවාද නොකිරීමට වගබලා ගන්නවා. (2 තිමෝ. 2:24, 25) [w95 4/1, 6 පි.]
7. යමෙක් දෙවිට සේවය කළ යුත්තේ විපාකයක් ලැබෙන බවට කිසිදු අපේක්ෂාවක් නොමැතිවයි. [w99 4/15, 16 පි. 1 ඡේ.]
8. ගීතාවලිය 103:2හි වාර්තා කර ඇති පරිදි යෙහෝවාගේ “උපකාර” වෙත යොමු දැක්වීමේදී දාවිත්ගේ මනසේ තිබුණේ යෙහෝවාගේ භෞතික මැවිල්ලයි. [w99 5/15, 21 පි. 5-6 ඡේ.]
9. සාලමොන්, සෙරුබ්බාබෙල් හා හෙරොද් විසින් ගොඩනඟන ලද දේවමාළිගාවලින්ද, මෝසෙස් විසින් ඉදි කරන ලද මණ්ඩපයෙන්ද නියෝජනය කෙරුණේ එකම දෙයයි. [bsi01 6 පි. 16 ඡේ.]
10. පළමුවන ලේකම් පොතේ තිබෙන පෙළපත් නාමවලින් මුල් ක්‍රිස්තියානි සභාවට වැඩි ප්‍රයෝජනයක් ලැබුණේ නැහැ. [bsi00 19 පි. 23 ඡේ.]
මතු දැක්වෙන ප්‍රශ්නවලට උත්තර සපයන්න.
11. යෙහෝවා ආහබ්ගේ වංශය දැඩි ලෙස විනිශ්චය කළේ මන්ද? (1 රාජා. 16:31; 2 රාජා. 9:7, 26) [bsi00 14 පි. 34 ඡේ.]
12. මිනිසාගේ ගැටලුවලින් සමහරක් විසඳීමට ආණ්ඩුවලට හැකි වුවත්, වඩාත් හොඳ ජීවිතයක් අපට දීමට ඔවුන්ට නොහැකි වන්නේ මන්ද? [w95 11/15, 6 පි.]
13. යුදෙව් රජෙකු වූ උස්සියාගේ සිද්ධියෙන් බලය පිළිබඳව අපට උගත හැකි අගනා පාඩම කුමක්ද? (2 ලේක. 26:15-21) [සතියේ බයිබල් කියවීම; w99 12/1, 26 පි. 1-2 ඡේ.]
14. ආගමික චාරිත්‍රයක් ස්ථාපිත කරනවා වෙනුවට තම ගෝලයන්ගේ පාද සේදීම තුළින් යේසුස් අපට සැපයූ බලපෑමෙන් යුත් පාඩම කුමක්ද? (යොහන් 13:4, 5) [w99 3/1, 31 පි. 1 ඡේ.]
15. යෙසායාගේ කාලය පිළිබඳව 1 ලේකම් 14:8-17හි වාර්තා වී ඇති දේ සිත්ගන්නාසුලු වූයේ මන්ද? අදදින ක්‍රිස්තියානි ලෝකයද එය සැලකිල්ලට ගත යුතු වන්නේ මන්ද? (යෙසා. 28:21) [සතිපතා බයිබල් කියවීම; wSN91, 10/1 22 පි. 2-3 ඡේ.]
16. බොහෝ ඉශ්‍රායෙලිතයන්ගේ සිත් ඇදී ගියේ බාල් නමස්කාරයේ කුමන අංගවලටද? [w99 4/1, 29 පි. 3-6 ඡේ.]
17. යෙරුසලමේ ජල සැපයුම ආරක්ෂා කිරීමට හා වැඩි කිරීමට හෙසකියා සිදු කළ වැඩයෙන් අපට උගත හැකි ප්‍රායෝගික පාඩම කුමක්ද? (2 ලේක. 32:3, 4) [සතියේ බයිබල් කියවීම; w96 8/15, 6 පි. 1-2 ඡේ. බලන්න.]
18. දෙවිට සේවය කිරීම සඳහාත්, මිථ්‍යා නමස්කාරයට එරෙහිව ස්ථිරව සිටීම සඳහාත් යොෂියාගේ ආදර්ශය අදදින යෞවනයන්ට දිරිගැන්වීමක් විය හැක්කේ කෙසේද? (2 ලේක. 34:3, 8, 33) [සතියේ බයිබල් කියවීම; w90 8/1, 5 පි. 2 ඡේ. බලන්න.]
19. බබිලෝනියෙහි රැඳී සිටි යුදෙව්වන් සියලුදෙනාම අභක්තිකයන් වුණාද? මෙයින් උගත හැකි ප්‍රායෝගික පාඩම කුමක්ද? (එස්රා 1:3-6) [සතියේ බයිබල් කියවීම; wSN 86 4/1, 25 පි. 1, 4 ඡේ. බලන්න.]
20. යෙහෝවා තම සෙනඟගේ මධුරස්වර ප්‍රශංසාවට සවන් දී සිටි බවටත්, ඒ ගැන සතුටු වූ බවටත් 2 ලේකම් 5:13, 14හි ඇති වාර්තාවේ අඟවන්නේ කුමකින්ද? [සතියේ බයිබල් කියවීම; w94 5/1, 10 පි. 7 ඡේ. බලන්න.]
පහත සඳහන් ප්‍රකාශ සම්පූර්ණ කිරීමට අවශ්‍ය වචන(ය) හෝ වාක්‍ය ඛණ්ඩය සපයන්න.
21. සෙසු ක්‍රිස්තියානියෙකුට උපදෙසක් දෙනවා නම්, එම උපදෙස මිනිස් _________________________ හෝ _________________________ මත නොව දිව්‍ය _________________________ මත පදනම් කරගැනීමට වගබලා ගත යුතුයි. (කොලො. 2:8) [w99 1/15, 22 පි. 1 ඡේ.]
22. යේසුස්ගේ ප්‍රාතිහාර්යයන්වලින් _________________________ කිරීමටද, _________________________ පෙන්වීමටද, _________________________ විදහාපෑමටද දිරිගන්වනු ලැබුවා. [w95 3/1, 8 පි.]
23. කුඩා පැළ මෝරා ඵල දැරීමෙන් වළක්වන්න කටු පඳුරුවලට පුළුවන් සේම, කෙනෙකුගේ ආත්මික වර්ධනය වළක්වන්න පාලනය කර නොගත් _________________________ හා _________________________ රැවටිලිකාරකමට හැකියි. (මතෙ. 13:19, 22) [w99 3/15, 22 පි. 5 ඡේ.]
24. තීරණ ගන්න සිදු වන විට හෝ සැක සහිත තත්වයකට මුහුණපාන විට, _________________________ වඩා වටිනා බොහෝ දේවල් තිබෙන බව මතක තබාගන්න. [w95 5/1, 30 පි.]
25. නමස්කාරය සම්බන්ධයෙන් සාලමොන් අසමත් වූ පැත්තෙන් සැබෑ ක්‍රිස්තියානියෙකු සාර්ථකත්වයක් ලබන්න නම්, ඔහු _________________________ හෝ _________________________ ඉවත ලා ‘මුළු හෘදයෙන් යෙහෝවාට ප්‍රේම කරන්න’ කියා _________________________ පැවසූ වචනවලට අනුකූල විය යුතුයි. (මතෙ. 22:37; 1 ලේක. 28:9) [සතියේ බයිබල් කියවීම; w86 6/1, 19 පි. 17-18 ඡේ. බලන්න.]
පහත දැක්වෙන එක් එක් ප්රකාශයන්හි නිවැරදි පිළිතුර තෝරන්න.
26. දෙවන රාජාවලිය 17:5, 6හි ඇති වාර්තාවෙන් විස්තර කෙරෙන්නේ (තිග්ලත්-පිලෙසෙර්; Vවන ෂල්මනෙසෙර්; ඒසර්-හද්දොන්) ඉශ්රායෙලයේ උතුරු දස ගෝත්‍ර රාජ්‍ය ආක්‍රමණය කළ ආකාරය හා අවුරුදු තුනක් සමාරිය වටලාගෙන සිටි ආකාරය මෙන්ම අවසානයේදී පො.යු.පෙ. (740දී; 607දී; 537දී) අෂූරිවරුන් සමාරිය අල්ලාගත් ආකාරය ගැනයි. [සතියේ බයිබල් කියවීම; w88 2/15, 27 පි. 1 ඡේ.]
27. බබිලෝනියේ වහල්භාවය පටන්ගත් පසු යෙරුසලමේ සිදු වූ සිද්ධීන් ගැන විස්තර කිරීමෙන්, පොතේ ලේඛකයා (දානියෙල්; එසකියෙල්; යෙරෙමියා) බව 2 රාජාවලිය 25වන පරිඡේදයේ වක්‍රාකාරව යොමු දක්වන අතර ලියා අවසන් කළේ පො.යු.පෙ. (580; 537; 455) බවද අඟවයි. (2 රාජා. 25:27) [සතියේ බයිබල් කියවීම; bsi00 3 පි. 3 ඡේ. බලන්න.]
28. නික්මයාම 4:11 පෙන්නුම් කරන ආකාරයට, ‘ගොළුවෙක් හෝ බිහිරෙක් කරන්නෙත්, පෙනීමට සලස්වන්නේ හා අන්ධ බවට පත් කරන්නෙත්’ යෙහෝවා දෙවියි. එහි අදහස ඔහු (ජනයාගේ ආබාධයන්වලට වගකිව යුතුයි; සේවා වරප්‍රසාද සඳහා විවිධ අයව නම් කරනවා; මිනිසුන් තුළ ශාරීරික ආබාධ තිබෙන්ට ඉඩහැර තිබෙනවා) කියන එකයි. [w99 5/1, 28 පි. ඡේ. 2]
29. දෙවන ලේකම් 36:17-23හි සඳහන් වූ වසර 70ක කාලපරිච්ඡේදය අවසන් වුණේ පො.යු.පෙ. (537; 607; 677) දීයි. [bsi00 26 පි. 35 ඡේ.]
30. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට (තමන් සතු ද්‍රව්‍යමය හා ධනසම්පත්; දෙවිගේ ආත්මයේ බලය; සහයෝගය දක්වන බොහෝ ආණ්ඩුවලින් ලැබී ඇති උපකාර) මගින් මනුෂ්‍ය ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයෙන් මිලියන ගණන් ජනයා වෙත ගොස් නිවෙස්වලදී හෝ වෙනත් ආකාරවලින් දේවරාජ්‍යය පිළිබඳ දේශනා කිරීමට හැකි වී තිබෙනවා. (සෙක. 4:6) [w95 8/1, 29 පි.]
මතු දැක්වෙන ශුද්ධ ලියවිලි පද පහත සඳහන් ප්‍රකාශ සමඟ ගළපන්න.
ගීතා. 119:69; හිතෝ. 25:11; රෝම 12:2; රෝම 12:3; 1 පේතෘ. 3:15.
31. අපේ සිතුවිලි වෙනස් කර දිව්‍යමය සත්‍යයන්ගෙන් මනස් පුරවාගැනීමට කැමැත්තෙන්ම වෑයම් කළ යුතුයි. [w99 4/1, 22 පි. 2 ඡේ.]
32. උපදෙස් දෙන විට සුදුසු වචන තෝරාගැනීම වැදගත්. [w99 1/15, 23 පි. 1 ඡේ.]
33. දැඩි විරුද්ධවාදීන් අප වෙතට එල්ල කරන ප්රහාරයන් නිසා දෙවිට අප කරන සේවයට ඉන් බාධා ඇතිවීමට අප ඉඩ නොදිය යුතුයි. [w95 4/1, 27 පි.]
34. ක්‍රිස්තියානියෙක්, තමා බයිබල් සත්‍යයන් බෙදාගන්නේ, පුරුද්දක් ලෙස ගෙයින් ගෙට දේවසේවයේ යෙදෙන විට හෝ තමා වේදිකාවේ කතාවක් ඉදිරිපත් කරන විට පමණක්යයි කිසිවිටකත් තර්ක කරන්ට යන්නේ නැත. [w95 3/1, 7 පි.]
35. අප ගැන අවංක තක්සේරුවක් කිරීමටත්, දෙවිගේ ඇස් හමුවේ අපේ වටිනාකම ගැන ඕනෑවට වඩා වැඩියෙන් සිතීමෙන් අපව වැළැක්වීමටත් බයිබලයට හැකියි. [w95 7/15, 32 පි.]