සේවා රැස්වීම් වැඩසටහන
සැලකිය යුතුයි: අගෝස්තු මාසයේ සෑම සතියක් සඳහාම සේවා රැස්වීම් වැඩසටහනක් අපගේ රාජ්‍ය සේවාවෙහි පිළියෙළ කර තිබෙනවා. “දෙවිගේ වචනය පිළිපදින්නෝ” දිස්ත්‍රික් සමුළුවට යෑම සඳහා අවශ්‍ය පරිදි සකස් කිරීම් කරන්න සභාවන්ට හැකියි. සුදුසුයි කියා පෙනී යනවා නම්, සමුළුවට කලින් සතියේ පවත්වන සේවා රැස්වීමෙන් විනාඩි 15ක්, මේ මාසයේ අතිරේකයේ පෙන්වා දුන් උපදෙස් නැවත සලකා බැලීම සඳහා වෙන් කරන්න. සමුළුවේ උදෑසන හා දහවල් සෑම සැසිවාරයක්ම පටන්ගන්න කලින් වැඩසටහන පරීක්ෂා කර බලා, වේදිකාවෙන් ඉදිරිපත් කරයි කියා අපේක්ෂා කළ හැකි දේවල් මොනවාද කියා කලින් සිතා බැලීමට සෑමකෙනෙකුවම දිරිගන්වන්න. මෙසේ කිරීමෙන් වැඩසටහනට අවධානය දීම පහසු වෙයි. කෙටි නමුත් අර්ථවත් සටහන් ගන්න. සමුළුවෙන් පසු සති දෙකේ සිට හතරක කාලයක් සමුළු වැඩසටහනේ විශේෂාංග විනාඩි 30කට නැවත සලකා බැලීම සඳහා සේවා රැස්වීම් වැඩසටහනෙන් කාලය වෙන් කරන්න. මෙම කොටස් සුදුසුකම් ලත් සහෝදරයන් විසින් මෙහෙයවනු ලබන අතර, කෙටියෙන් අදහස් දක්වන්න කියා ඔවුන් සබයෙන් ඉල්ලා සිටින විට, එසේ කිරීම සඳහා සෑමකෙනාටම සූදානම් වී පැමිණිය හැකියි. සමුළුවෙන් ඉගෙනගත් දේවල් තමන්ගේ ජීවිතවලට අදාළ වන ආකාරය ගැනත්, ඒවා දේවසේවයේදී යොදාගත හැකි ආකාරය ගැනත් එම අදහස් දැක්වීම්වලට ඇතුළත් කළ හැකියි. කලින් තෝරාගත් කෙටි අද්දැකීම් එකක් හෝ දෙකක් ඉදිරිපත් කරන්නත් පුළුවන්. සේවා රැස්වීමේ මේ කොටස සිත්ගන්නාසුලු මෙන්ම වටිනා දේවල් ඉගෙනගත හැකි එකක් බවට පත් කිරීමට නම් සියලුදෙනාම හොඳින් සූදානම් වී පැමිණීම අවශ්‍යයි.
ජූලි 10න් පටන්ගන්නා සතිය
විනා. 12: සභා නිවේදන. “අප්‍රියෙල් මාසයේදී ක්ෂේත්‍ර සේවය සඳහා දැරූ කදිම වෑයමක්” නමැති මාතෘකාව යටතේ තිබෙන තොරතුරු සාකච්ඡා කරන්න. සහෝදරයන්ව පැසසුමට ලක් කරමින් දිරිමත් කරන්න. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. අප්‍රියෙල් මාසය සඳහා ශ්‍රී ලංකාවේ මෙන්ම සභාවේ ක්ෂේත්‍ර සේවා වාර්තාව ගැන අදහස් දක්වන්න. “අවසන් පිටුව බලන්න” යන කොටුවට අවධානය යොමු කරවා, සභා බලප්‍රදේශය තුළ හොඳ ප්‍රතිඵල අත් කරගත හැකි, එම කොටුවේ සඳහන් කර තිබෙන කලාපවලින් තෝරාගත් යෝජිත ඉදිරිපත් කිරීම්වලින් එකක් නිරූපණය කරන්න.
විනා. 15: “කථා නොකර සිටින්න අපට නුපුළුවන.” මිනිත්තුවකට වඩා අඩු කාලයකින් හැඳින්වීම ඉදිරිපත් කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න. දේශනා කිරීම සඳහා අපිට ලැබී තිබෙන පැවරුම අපි බැරෑරුම් ලෙස සැලකීමට හේතු අවධාරණය කරන්න. 1997 ජනවාරි 15 මුරටැඹ සඟරාවේ 23, 24 පිටුවලින් තෝරාගත් සාකච්ඡාවට අදාළ කරුණුද ඇතුළත් කරන්න.
විනා. 18: “සියල්ල වර්ධනයවීම පිණිස කරනු ලැබේවා.” වැඩිමහල්ලන් දෙදෙනෙක් එක්ව මේ ලිපිය සාකච්ඡා කරයි. සෑම ඡේදයක්ම හා සඳහන් කර තිබෙන සෑම බයිබල් පදයක්ම කියවන්න. මෙහි සඳහන් ප්‍රතිපත්ති කැපීපෙනෙන්න සලස්වන්න. ව්‍යාපාරික කටයුතු කරද්දී විචාර බුද්ධිය පාවිච්චි කිරීමේ තිබෙන අවශ්‍යතාව අවධාරණය කරන්න. 1997 මාර්තු 15 මුරටැඹ සඟරාවේ පිටු 18-19 සහ 22හි සඳහන් උපදෙස් නැවත සලකා බලන්න.
ගීතිකාව 15 සහ අවසාන යාච්ඤාව.
ජූලි 17න් පටන්ගන්නා සතිය
විනා. 15: සභා නිවේදන. ගිණුම් වාර්තාව. උනන්දුව දක්වන කෙනෙකුට දෙවිගේ නම දැන සිටීමේ අවශ්‍යතාව තේරුම්ගැනීමට උපකාර කිරීම සඳහා දිව්‍ය නාමය (ඉංග්‍රීසියෙන්) නමැති විවරණිකාව යොදාගත හැකි ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න.
විනා. 10: “නව චාරිකා එක්රැස්වීමේ වැඩසටහන.” ප්‍රශ්නෝත්තර ක්‍රමයට. ඊළඟ චාරිකා එක්රැස්වීම පවත්වන දිනය සඳහන් කර දවස් දෙකටම පැමිණීමට සියලුදෙනාවම උනන්දු කරන්න. බයිබල් ශිෂ්‍යයන්ට ආරාධනා කිරීම සඳහා විශේෂ වෑයමක් දැරීමට සියලුදෙනාවම දිරිගන්වන්න. මේ එක්රැස්වීමට පැමිණීම මගින් නිතිපතා සභා රැස්වීම්වලට පැමිණීම සඳහා ඔවුන් තුළ ආශාවක් ඇති වෙයි.
විනා. 12: “ඔබ පරිශුද්ධ දේවල් අගය කරනවාද?” වැඩිමහල්ලෙක් ඉදිරිපත් කරන කතාවක්. දිස්ත්‍රික් සමුළුවේ දවස් තුනටම පැමිණීමේ වැදගත්කම අවධාරණය කරන්න.
විනා. 8: “නුඹලා කරන සියල්ලම ප්‍රේමයෙන් කරනු ලැබේවා.” වැඩිමහල්ලෙක් කරන සාකච්ඡාවක්. සෑම ප්‍රචාරකයෙක්ම තමන්ව හඳුන්වා දීම සඳහා අවශ්‍ය ලියකියවිලි කලින්ම සූදානම් කරගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරන්න. සියලුම බව්තීස්ම ලත් හා බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් හැඳුනුම් පත් (s-65) ඉල්ලන විට ඒවා ලබා දීමට ලේකම්ට හැකියි.
ගීතිකාව 34 සහ අවසාන යාච්ඤාව.
ජූලි 24න් පටන්ගන්නා සතිය
විනා. 5: සභා නිවේදන.
විනා. 15: දෙවිගේ සේවකයන් හැටියට අපිවම නිර්දේශ කිරීම. උපස්ථායක සේවකයන් දෙදෙනෙක් 1998 දෙසැම්බර් 15 මුරටැඹ සඟරාවේ 19, 20 පිටුවල සඳහන් ශුද්ධ ලියවිලිමය උපදෙස් සලකා බලයි. උපස්ථායක සේවකයන් හැටියට තමන්ගේ වගකීම් මැනවින් ඉටු කිරීමේ තිබෙන වැදගත්කම ඔවුන් තේරුම්ගනිමින්, තමන්ගේ පැවරුම් ඉටු කිරීම සඳහා තමන්ට පෞද්ගලිකව කළ හැකි දේවල් සලකා බලයි. තමන් දේවසේවයෙහි යහපත් ආදර්ශයක් තැබීමේ වැදගත්කම තේරුම්ගනිමින් අනිත් අයට උපකාර කිරීමෙන් වැඩිමහල්ලන්ට සහය විය හැකි ආකාර ගැනත් ඔවුන් සාකච්ඡා කරයි. අපි ජීවත් වෙන කාලයේ හදිසිතාව තේරුම්ගෙන, ආත්මිකව වර්ධනය වීමේ අවශ්‍යතාව අගය කිරීමට සභාවට උපකාර කරන්න තමන්ට හැකි සෑම දෙයක්ම කරන්න ඔවුන් එකඟ වෙයි.
විනා. 10: “දෙවිව ගෞරවයට පත් කරන යහපත් හැසිරීමක් පවත්වාගන්න.” වැඩිමහල්ලෙක් පවුලක් සමඟ මේ ලිපිය සාකච්ඡා කරයි. ප්‍රසිද්ධ ස්ථානවල සිටින විට නිසි පිළිවෙළ, යහපත් ගතිපැවතුම්, පිරිසිදුකම ඇතුව සිටීමේ හා බාහිර පෙනුමෙන් හා හැසිරීමෙන් ආදර්ශවත්ව සිටීමේ අවශ්‍යතාව ඔවුන් සලකා බලයි.
විනා. 15: “පරිශුද්ධ ප්‍රකාශයන්ට කන් යොමන්න.” ප්‍රශ්නෝත්තර ක්‍රමයට. සෑම සැසිවාරයක්ම පටන්ගන්න අවස්ථාවේදී අපි සෑමකෙනෙක්ම අසුන්ගෙන සිටිය යුතු වීමට හේතු අවධාරණය කරන්න.
ගීතිකාව 54 සහ අවසාන යාච්ඤාව.
ජූලි 31න් පටන්ගන්නා සතිය
විනා. 15: සභා නිවේදන. ජූලි මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දමන්න සියලුදෙනාටම මතක් කරන්න. මේ මාසයේදී විවරණිකා බෙදාහරින විට අද්දුටු ප්‍රීතිමත් අද්දැකීම් ගැන පැවසීමට සබයට ආරාධනා කරන්න.
විනා. 12 සභා අවශ්‍යතා.
විනා. 18: “ඔබ යෙහෝවාගේ ඉවසීම අගය කරනවාද?” ප්‍රශ්නෝත්තර ක්‍රමයට. යෙහෝවාගේ බොහෝ ඉවසිලිවන්තකම ගැන සාකච්ඡාවට අදාළව අදහස් දක්වන්න.—තීක්ෂ්ණ බුද්ධිය, (ඉංග්‍රීසියෙන්, it) 2වන කාණ්ඩයේ 263-4 දක්වා පිටු බලන්න.
ගීතිකාව 75 සහ අවසාන යාච්ඤාව.
අගෝස්තු 7න් පටන්ගන්නා සතිය
විනා. 10: සභා නිවේදන.
විනා. 17: “ඔබ ලැජ්ජාශීලී පුද්ගලයෙක්ද?” ප්‍රශ්නෝත්තර ක්‍රමයට. වර්ෂ 1997 වාර්ෂික පොතේ (ඉංග්‍රීසියෙන්) 43-4 දක්වා පිටුවල සඳහන් දිරිගන්වනසුලු අද්දැකීමක් ඉදිරිපත් කරන්න.
විනා. 18: ඔබේ අනාගතයට නැණවත්ව මුහුණ දෙන්න. වැඩිමහල්ලෙක් විසින් ඉදිරිපත් කරන කතාවක්. තමන් ආදරය කරන අය සමඟ සන්තෝෂවත් අනාගතයක් භුක්ති විඳින්න යෞවනයන් ආසයි. මෙය ස්වභාවික ආශාවක් වුණත්, තමන්ගේ අනාගතය සාර්ථක එකක් කරගන්න නම් ඔවුන් දෙවි දී තිබෙන උපදෙස් අදාළ කරගත යුතුයි. (හිතෝ. 19:20) විරුද්ධ ලිංගයේ අය කෙරෙහි සිත ඇදී යෑම යොවුන් වියේදී අද්දකින ප්‍රබල හැඟීමක්. හැඟීම් පාලනය කරගත්තේ නැත්නම්, ප්‍රතිඵල විනාශකාරි විය හැකියි. නහඹර වියේ පසු වන අය විරුද්ධ ලිංගයේ අය සමඟ චිත්තවේගීව බැඳී සිටීම හා සමීප ඇසුරක් පවත්වමින් ප්‍රේම සම්බන්ධතා ඇති කරගැනීම සම්බන්ධයෙන් බොහෝ ප්‍රශ්න පැනනඟියි. යෞවන අය අසති පොතේ 231-5 දක්වා පිටුවල සඳහන් උපදෙස් නැවත සලකා බලන්න. යෞවනයන් දෙවිට තමන්ගේ මුළු යුතුකම ඉටු කිරීමේ වැදගත්කම පෙන්වා දෙන 1999 නොවැම්බර් 15 මුරටැඹ සඟරාවේ 18-23 දක්වා පිටුවල සඳහන් මූලික කරුණු විශේෂ කොට දක්වන්න. මෙම උපදෙස් ගැඹුරින් කල්පනා කර, යම් ප්‍රශ්න තිබෙනවා නම් තමන්ගේ දෙමාපියන් සමඟ ඒවා සාකච්ඡා කිරීමට නහඹර වියේ පසු වන අයව දිරිගන්වන්න.
ගීතිකාව 101 සහ අවසාන යාච්ඤාව.