අප්‍රියෙල් මාසයේදී ක්ෂේත්‍ර සේවය සඳහා දැරූ කදිම වෑයමක්!
ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර සේවයෙහි හවුල් වූ ප්‍රචාරකයන්ගේ ඉහළම සංඛ්‍යාව වාර්තා වුණේ පසුගිය අප්‍රියෙල් මාසයේදීයි. එම මාසයේදී ප්‍රචාරකයන් 3,231දෙනෙක් සේවයේ හවුල් වුණා. මේ සමඟම ක්ෂේත්‍ර සේවය සඳහා ඔබ දැරූ අමතර වෑයම්වල ප්‍රතිඵලයක් හැටියට තවත් කදිම වර්ධනයක් ලබා තිබෙනවා. මෙතෙක් වාර්තා වී තිබෙන උපකාරික පුරෝගාමීන්ගේ නව වාර්තාවක් වන 637ක් වාර්තා වී තිබෙන්නේ පසුගිය අප්‍රියෙල් මාසයේදීයි. විශේෂ සඟරා දිනයට සහෝදරයන්ගෙන් හොඳ සහයෝගයක් ලැබුණු අතර, අප්‍රියෙල් මාසයේදී සඟරා 93,677ක් බෙදාහරිනු ලැබුවා. මෙය එක මාසයක් තුළ බෙදාහැර තිබෙන සඟරාවල අලුත් වාර්තාවක්. යෙහෝවා ගැනත් ඔහුගේ ප්‍රේමනීය කරුණාව ගැනත් දැනගැනීමට ජනයාට උපකාර කිරීම සඳහා ඒ මාසයේදී පැය 79,909ක් යොදවා තිබෙනවා. නැවත බැලීම් හා බෙදාහැර තිබෙන විවරණිකාවලද නව වාර්තාවක් තබා තිබෙනවා.
මේ සෑම දෙයකින්ම අදහස් කරන්නේ කුමක්ද? මෙයින් අදහස් කරන්නේ ඔබ සියලුදෙනාම එක්ව යෙහෝවා සඳහා ඔබේ ප්‍රේමය හා ජ්වලිතය පෙන්වා තිබෙන බවයි. යෙහෝවාගේ නාමය වෙන කාලවලට වඩා වැඩියෙන් ප්‍රශංසාවට ලක් කර තිබෙනවා. යෙහෝවා බොහෝ සේ ආශීර්වාද කර තිබෙන බව මෙම ‘යහපත් ආරංචිවලින්’ පැහැදිලියි. (හිතෝ. 15:30) ඔබ අප්‍රියෙල් මාසයේදී කළාක් මෙන්, අපි වෙහෙස මහන්සි වී වැඩ කරන විට ‘ශුද්ධාත්මයේ ප්‍රීතිය’ අද්දැකිය හැකියි. (1 තෙස. 1:6) යෙහෝවා ඔබේ සේවයට දවසින් දවස දිගටම ආශීර්වාද කරත්වා!