සේවා රැස්වීම් වැඩසටහන
මැයි 8න් පටන්ගන්නා සතිය
විනා. 10: සභා නිවේදන සහ අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන.
විනා. 20: “‘දෙවිගේ වචනය පිළිපදින්නෝ’—යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුව 2000.” ලේකම් ප්‍රශ්නෝත්තර ක්‍රමයට අතිරේකයේ සඳහන් මෙම ලිපිය සාකච්ඡා කරයි. සිකුරාදා ඇතුළුව සමුළුවේ දවස් තුනටම යෑම සඳහා කල් වේලා ඇතුව නිවාඩු වෙන් කරවාගැනීමේ වැදගත්කම අවධාරණය කරන්න. සමිතියේ විධිවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කරන එක ගැන සහෝදරයන්ට ප්‍රශංසා කරන්න.
විනා. 15: “රාජ්‍ය ශාලා ඉදි කිරීමේ වැඩවල වර්ධනයට සහය වන්න ඔබට හැකිද?” ඡේද 1-5 දක්වා වැඩිමහල්ලෙක් ප්‍රශ්නෝත්තර ක්‍රමයට මෙහෙයවයි.
ගීතිකාව 201 සහ අවසාන යාච්ඤාව.
මැයි 15න් පටන්ගන්නා සතිය
විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව.
විනා. 20: අපි ගෝලයන් සාදමින් සිටිනවාද? 1996 පෙබරවාරි 15 මුරටැඹ සඟරාවේ 19-22 දක්වා පිටුවල සඳහන් තොරතුරු පදනම් කරගනිමින් සේවා අවේක්ෂක උපස්ථායක සේවකයන් එක්කෙනෙකු හෝ දෙදෙනෙකු සමඟ කරන සාකච්ඡාවක්. අපේ බල ප්‍රදේශයේ සිටින සුදුස්සන්ව සොයාගෙන, ඔවුන්ව ගෝලයන් කළ යුත්තේ ඇයි කියා ශුද්ධ ලියවිලිමය හේතු යොදාගනිමින් කැපීපෙනෙන්න සලස්වන්න. (මතෙ. 10:11) තමන් අවට සිදු වන දුෂ්ටකම් හා අභක්තික ක්‍රියා ගැන සුසුම්ලමින්, යෙහෝවා ඔහුගේ උදහස වගුරුවන්න කලින්, ඔහුව සෙවීමට නැඹුරුවාවක් දක්වන්නේ මොවුනුයි. (එස. 9:4; ශෙප. 2:2, 3) ‘සදාකාල ජීවනයට නිසි නැඹුරුවාවක් දක්වන අය’ සිටින්නේ මොවුන් අතරයි. (ක්‍රියා 13:48, NW) අපට දී තිබෙන බලපැවරුම වන්නේ, යේසුස් අණ කළ සියල්ල පැවැත්වීමට ජනයාට උගන්වමින් ඔවුන්ව ගෝලයන් කිරීමයි. (මතෙ. 24:14; 28:19, 20) ගෙයින් ගෙට සාක්ෂි දරන විට හෝ අවිධිමත්ව සාක්ෂි දරන විට හෝ වීදි සාක්ෂි දැරීමේ හවුල් වන විට හෝ ජනයාගේ උනන්දුව ඇවිස්සිය හැකි වුණත්, අපිට ගෝලයන් සාදන්න පුළුවන් වන්නේ නැවත බැලීම් හා බයිබල් පාඩම් කිරීමෙනුයි. මෙය කළ හැකි ආකාරය ගැන ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කරන්න.
විනා. 15: “රාජ්‍ය ශාලා ඉදි කිරීමේ වැඩවල වර්ධනයට සහය වන්න ඔබට හැකිද?” ඡේද 6-10 දක්වා වැඩිමහල්ලෙක් මෙහෙයවන ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකාව 203 සහ අවසාන යාච්ඤාව.
මැයි 22න් පටන්ගන්නා සතිය
විනා. 12: සභා නිවේදන. ප්‍රශ්න පෙට්ටිය සලකා බලන්න.
විනා. 20: ‘අවදිව සිටින්න.’ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. දවස හා පැය අපි දන්නේ නැති වුණත්, ආත්මිකව අවදියෙන් සිටීම හදිසි දෙයක් වීමට හේතු පැහැදිලි කරන්න.—1995 නොවැම්බර් 1 මුරටැඹෙහි 20වන පිටුව බලන්න.
විනා. 13: ඉදිරි මාස සඳහා ඔබේ සැලසුම් මොනවාද? ඉදිරි මාස කිහිපය තුළ තමන් කරන්න යන දේවල් ගැන පවුලක් සාකච්ඡා කරයි. දිස්ත්‍රික් සමුළුවේ දවස් තුනටම යන එක ගැනත් මාසයක් හෝ මාස කිහිපයක් උපකාරික පුරෝගාමී සේවය කරන එක ගැනත් ඔවුන් කතා කරයි. දර්ශනීය ස්ථානයක් බලන්න යෑමට හෝ විනෝදය සඳහා ප්‍රයෝජන ගෙන දෙන යම් දෙයක් කරන්න අවස්ථාවක් තිබිය හැකියි. තමන් සුපුරුදු පරිදි කරන දිව්‍යාණ්ඩු ක්‍රියාකාරකම් අතපසු නොකිරීමට ඔවුන් සියලුදෙනාම එකඟ වෙයි.
ගීතිකාව 83 සහ අවසාන යාච්ඤාව.
මැයි 29න් පටන්ගන්නා සතිය
විනා. 12: සභා නිවේදන. මැයි මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දැමීමට සෑමදෙනාටම මතක් කරන්න. ජූනි මාසයේ බෙදාහරින පොත් පත් ගැන කෙටි ඉදිරිපත් කිරීමක් නිරූපණය කරන්න. ඕනෑ කරන්නේ විවරණිකාවේ 13වන පාඩම යොදාගනිමින් බයිබල් පාඩමක් ඉදිරිපත් කළ හැකි ආකාරය පෙන්වන්න.
විනා. 15: “පරිශුද්ධ සේවයේ ප්‍රීතිය භුක්ති විඳිය හැකි අයුරු.” කතාවක්. දේවසේවයේ නිරත වීමෙන් ප්‍රීතිය භුක්ති විඳීම සඳහා අපට තිබෙන හේතු සාකච්ඡා කරන්න.—95 1/15 මුරටැඹෙහි 10-20 දක්වා පිටු බලන්න.
විනා. 18: විපාකදායී බයිබල් කියවීම. පාසල් ගුරුපොතේ 20-1 දක්වා පිටුවල ඇති 6-7 ඡේදවල තොරතුරු මත පදනම් වූ කතාවක් හා නිරූපණයක්. බයිබල් කියවීමේ විශේෂාංග සඳහා මූලාශ්‍රය වන සතිපතා බයිබල් කියවීමේ වැඩසටහන, දිව්‍යාණ්ඩු සේවා පාසැලේ කොටසක්. (1999 දෙසැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ 5වන පිටුව බලන්න.) මේ සතියේ බයිබල් කියවීමේ කොටස පවුලක් විසින් සලකා බලන ආකාරය නිරූපණය කරන්න. ඔවුන් සිත්ගන්නාසුලු කරුණක් දෙකක් සොයාගෙන, සමිතියේ ප්‍රකාශන යොදාගනිමින් අමතර පර්යේෂණ කරයි. බයිබල් කියවීම වඩාත් අර්ථාන්විතව කළ හැකි ආකාරයත් “සැබෑවේ වචනය හරි ආකාර [පහදා දීමේ]” හැකියාව වර්ධනය කරගැනීමට එය ඉවහල් වන ආකාරයත් පෙන්වා දෙන්න.—2 තිමෝ. 2:15.
ගීතිකාව 95 සහ අවසාන යාච්ඤාව.
ජූනි 5න් පටන්ගන්නා සතිය
විනා. 5: සභා නිවේදන.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 15: “කුඩා දරුවන්ට විවෘත වරප්‍රසාදයක්.” කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. 1996 දෙසැම්බර් 1 මුරටැඹ සඟරාවේ 13 පිටුවේ 15 ඡේදයේ සඳහන් අද්දැකීම් ඉදිරිපත් කරන්න. සඟරා බෙදාහැරීමෙහි හවුල් වීමෙන් තමන් ප්‍රීතිය භුක්ති වින්ද ආකාරය ගැන පැවසීමට දරුවන්ට ආරාධනා කරන්න. දරුවන් එක්කෙනෙකුව හෝ දෙදෙනෙකුව යොදාගනිමින් ගෙයින් ගෙට සඟරා බෙදාහැරීම ගැන සරල ඉදිරිපත් කිරීමක් නිරූපණය කරන්න. සෑම සතියකම සඟරා සේවයේ හවුල් වෙද්දී තමන්ගේ දරුවන්වද රැගෙන යෑමට දෙමාපියන්ව දිරිගන්වන්න.
විනා. 15: “‘සුදුසුද කියා පරීක්ෂා කිරීම’—කොහොමද?” වැඩිමහල්ලෙක් ඉදිරිපත් කරන කතාවක්. සභාවේ උපස්ථායක සේවකයන්ව පත් කිරීම සම්බන්ධයෙන් ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් විධිවිධානය සලකා බලන්න. (මුරටැඹ 91 2/1 පිටු 14-16 බලන්න.) පත් කිරීම සඳහා ඔවුන් සපුරාලිය යුතු සුදුසුකම් පෙන්වා දෙන්න. (අපගේ දේව සේවය පොතේ 55-7 දක්වා පිටු බලන්න.) උපස්ථායක සේවකයන්ට තම සේවය පිරිනැමිය හැකි විවිධාකාර මාර්ග පෙන්වා දෙන්න. මේ වරප්‍රසාදය අත් කරගැනීමට සහෝදරයන්ව දිරිමත් කරන්න.
ගීතිකාව 82 සහ අවසාන යාච්ඤාව.