කුඩා දරුවන්ට විවෘත වරප්‍රසාදයක්
1 දැන් දෙමාපියන්ව සිටින බොහෝදෙනෙක්, තමන් සත්‍යය තුළ ඇති දැඩි වුණ කාලයේදී භුක්ති විඳි වරප්‍රසාදයක් සිහිපත් කරන්නේ මහත් සතුටිනුයි. සඟරා දිනයේදී සේවයේ හවුල් වීම ඒ වරප්රසාදයයි. මේ සේවය මුලින්ම සියලුම සභාවල ආරම්භ කළේ 1949දීයි. සතියකට දවසක් මුරටැඹ සහ පිබිදෙව්! සඟරා වීදිවල, ගෙවල්වල, කඩසාප්පුවල හා වෙනත් ස්ථානවල බෙදාහැරීමට සෑම කෙනෙකුවම දිරිගන්වනු ලැබුවා. සභාවේ සිටින වැඩිහිටි අයට වගේම තමන්ටද සඟරා සේවයේ හවුල් වීමට අවස්ථාව ලැබුණු නිසා, කුඩා ප්‍රචාරකයන් මහත් ආශාවෙන් එම සේවයෙහි හවුල් වීමේ දවස එන තෙක් බලා සිටියා. ඔබත් පොඩි කාලේ ආශාවෙන් සඟරා සේවයේ හවුල් වුණාද?
2 ඔබේ දරුවන්ව හවුල් කරගන්න: ගෙවැසියෙකු සමඟ ශුද්ධ ලියවිලි මත පදනම් වූ සාකච්ඡාවක් කරන්න නොහැකි කුඩා ළමයින්ට සඟරා ඉදිරිපත් කරන්න පුළුවන්. මේ සඳහා අවශ්‍ය වන්නේ වචන ස්වල්පයක් ඇතුළත් කරමින් සරල ඉදිරිපත් කිරීමක් පමණයි. සමහර අවස්ථාවල මුල් පිටුවේ තිබෙන පින්තූරය යොදාගනිමින් කෙටියෙන් යමක් පැවසීම ප්‍රමාණවත්. ගෙවැසියන් බොහෝදෙනෙක් අපේ කුඩා දරුවන් ඉදිරිපත් කරන සඟරා අදිමදි නොකර ලබාගන්නවා. බොහෝ අවස්ථාවලදී ඔවුන් මේ කුඩා දරුවන්ගේ තිබෙන අව්‍යාජභාවය හා යහපත් හැසිරීම ගැන ප්රශංසාත්මක ලෙස කතා කරනවා. කුඩා දරුවන්ට පොඩි උදව්වක් දෙනවා නම්, ඔවුන්ට මේ සේවය හොඳින් කරන්න පුළුවන්. මෙයාකාරයෙන් රාජ්‍ය ආරංචිය ව්‍යාප්ත කිරීමේ වැඩයට වටිනා අන්දමින් ඔවුන්ට දායක විය හැකියි. තමන්ගේ දරුවන් වයසින් වැඩෙනවා වගේම, සාක්ෂි දැරීමේ දක්ෂතා වර්ධනය කරගනිමින් ආත්මිකව වැඩෙනවා දැකීමද දෙමාපියන්ගේ ආශාව බව නොඅනුමානයි.
3 මැනුවෙල් ගෙයින් ගෙට සාක්ෂි දැරීම පටන්ගත්තේ වයස අවුරුදු තුනේදීයි. මතකයෙන් කෙටි ඉදිරිපත් කිරීමක් කරන්න දෙමාපියන් ඔහුට ඉගැන්වුවා. ඔහු සඟරා, විවරණිකා හා පත්‍රිකා හුඟාක් බෙදාහරිමින් දෙමාපියන් සමඟ ජ්වලිතව දේශනා සේවයේ හවුල් වෙනවා. ඔහු අවිධිමත් ආකාරවලින්ද සාක්ෂි දරනවා. දවසක් ඔහුගේ දෙමාපියන් ටිකක් විනෝද වෙන්න ඔහුත් එක්ක උද්‍යානයකට ගිය අවස්ථාවේදී, ඔහුටම හිතිලා එහි සිටිය මිනිසුන්ට පත්‍රිකා බෙදා දුන්නා. මැනුවෙල් කුඩා දරුවෙක් වුණත් ජ්වලිතව දේවසේවයේ හවුල් වෙනවා. මෙය ඔහුගේ දෙමාපියන්ට වගේම මුළු සභාවටම මහත් දිරිගැන්වීමක්.—හිතෝ. 22:6.
4 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිනදර්ශනය 2000හි, සෑම සෙනසුරාදාවක්ම “සඟරා දිනය” හැටියට නම් කර තිබෙනවා. දෙමාපියෙනි, මේ සේවා වරප්‍රසාදයේ හැකි ආකාරයෙන් නිතිපතා හවුල් වීමට ඔබේ දරුවන්ට උපකාර කරමින්, මේ වැඩයට නැවතත් උනන්දුවක් දක්වන්න කියා ඔබට නිර්දේශ කරන්න කැමතියි.