සේවා රැස්වීම් වැඩසටහන
මාර්තු 13න් පටන්ගන්නා සතිය
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන.
විනා. 15: “අපි දේශනා කරන්නේ ශුභාරංචියි.” හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකින් ඉදිරිපත් කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න. දැනුම පොත දේවසේවයේදී ඉදිරිපත් කරන විට, එහි සඳහන් බලපෑමක් ඇති කළ හැකි තෝරාගත් ශුද්ධ ලියවිලිමය කරුණුවලට උදාහරණ සපයන්න.
විනා. 20: “අපිට 2000 අප්‍රියෙල් වාර්තාගත මාසයක් කළ හැකිද?” (ඡේද 1-11) ප්‍රශ්නෝත්තර. මෑත කාලවලදී සභාවේ වාර්තා වූ උපකාරික පුරෝගාමීන්ගේ ඉහළම සංඛ්‍යාව සඳහන් කරන්න. ඔවුන් වැඩි කාලයක් සේවයේ හවුල් වීමෙන් ලැබූ ප්‍රයෝජන ගැන යමක් පැවසීමට, එම සංඛ්‍යාවට ඇතුළත් වූ අයගෙන් කිහිපදෙනෙකුට ආරාධනා කරන්න. අප්‍රියෙල් මාසයේදී උපකාරික පුරෝගාමීන්ගේ නව ඉහළ සංඛ්‍යාවක් වාර්තා කිරීමේ ඉලක්කය සපුරාලීමට සියල්ලන්වම දිරිගන්වන්න. අපගේ දේව සේවය පොතේ 113-114 දක්වා පිටුවල සඳහන් සුදුසුකම් සලකා බලන්න. උපකාරික පුරෝගාමී සේවය කරන්න කැමති ප්‍රචාරකයන්ට රැස්වීමෙන් පසු අයැදුම්පතක් ලබාගත හැකියි.
ගීතිකාව 187 සහ අවසාන යාච්ඤාව.
මාර්තු 20න් පටන්ගන්නා සතිය
විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව.
විනා. 15: “මට කරන්න පුළුවන් මොනවද?” පොත් පාඩම් මෙහෙයවන්නෙක් උපස්ථායක සේවකයන් එක්කෙනෙකු හෝ දෙදෙනෙකු සමඟ ලිපිය සාකච්ඡා කරයි. ඔවුන් මුහුණ දෙන විවිධ තත්වයන් නිසා සමහර ප්‍රචාරකයන්ට කළ හැකි දේවල් සීමිතයි. එනිසා සභාවේ කටයුතුවලට තමන්ට හවුල් විය හැක්කේ සුළු වශයෙන් කියා ඔවුන්ට හැඟී යා හැකියි. ආත්මිකව ශක්තිමත් සභාවක් ඇති කිරීමටත් රාජ්‍ය කටයුතු වර්ධනය කිරීමටත් අපි සෑම කෙනෙකුටම හවුල් විය හැකි විවිධ ක්‍රම සලකා බලන්න. “අවසන් වාර්තාවකට හවුල්වීම” සඳහා සෑම කෙනෙකුටම දායක විය හැකි ආකාරය පෙන්වා දෙමින් සාකච්ඡාව අවසන් කරන්න.—අපගේ දේව සේවය පොතේ 108-10 පිටු බලන්න.
විනා. 20: “අපිට 2000 අප්‍රියෙල් වාර්තාගත මාසයක් කළ හැකිද?” (ඡේද 12-18) ප්‍රශ්නෝත්තර. පෞද්ගලිකව දන්නා හඳුනන කෙනෙකුට සිහි කිරීමට පැමිණීම සඳහා ආරාධනා කරන ආකාරය කෙටියෙන් නිරූපණය කරන්න. 2000 දිනදර්ශනය ගෙන, අප්‍රියෙල් මාසය සේවය සඳහා යොදාගත හැකි ආකාරය සලකා බලන්න. සභා මට්ටමින් පිළියෙළ කර ඇති ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම් ගැන විස්තර සපයන්න. අප්‍රියෙල් මාසයේදී වැඩි කාලයක් දේවසේවයෙහි හවුල් වීමට හැකි වන පරිදි ප්‍රායෝගික කාලසටහනක් සකස් කරගැනීමට සෑම කෙනෙකුටම මතක් කරන්න. මෙමගින් සභාවේ සෑම ප්‍රචාරකයෙකුටම දේවසේවයෙහි හවුල් වීමේ ඉලක්කය සපුරාගත හැකියි. හැකි සෑම කෙනෙකුටම උපකාරික පුරෝගාමී සේවය කිරීමට දිරිගන්වා, රැස්වීමෙන් පසු අයැදුම්පතක් ලබාගත හැකි බව පවසන්න.
ගීතිකාව 65 සහ අවසාන යාච්ඤාව.
මාර්තු 27න් පටන්ගන්නා සතිය
විනා. 10: සභා නිවේදන. මාර්තු මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දැමීමට සියල්ලන්වම දිරිගන්වන්න. අප්‍රියෙල් මාසයේ උපකාරික පුරෝගාමී සේවය කරන අයගේ නම් නිවේදනය කරන්න. අයැදුම්පතක් ඉදිරිපත් කිරීමට තවමත් ප්‍රමාද නැති බව පැහැදිලි කරන්න. අප්‍රියෙල් මාසය සඳහා සැලසුම් කර තිබෙන ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම්වල සම්පූර්ණ කාලසටහන ඉදිරිපත් කරන්න. මේ සති අන්තයේ දේවසේවයෙහි හවුල් වීමෙන් අප්‍රියෙල් මාසය සඳහා කදිම ආරම්භයක් දීමට සියලුදෙනාවම දිරිගන්වන්න. අප්‍රියෙල් මාසයේදී අපි ඉදිරිපත් කරන්නේ මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල තනි කලාපයි. අලුත් කලාපවලින් තෝරාගත් ලිපියක් කැපීපෙනෙන්න සලස්වා, ඉදිරිපත් කිරීම් සඳහා යොදාගත හැකි යෝග්‍ය කරුණු එයින් ගෙනහැර දක්වන්න. සෑම කෙනෙකුම ඕනෑ කරන්නේ විවරණිකාවේ පිටපත් ළඟ තබාගෙන, එය යොදාගනිමින් උනන්දුව දක්වන අය සමඟ බයිබල් පාඩම් පටන්ගැනීමට උත්සාහ කළ යුතුයි.
විනා. 13: “උපකාර ඉල්ලන්න.” වැඩිමහල්ලෙක් විසින් ඉදිරිපත් කරන කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. කලින් කලට අපි එක් එක්කෙනා යම් ආකාරයක උපකාරයක් අවශ්‍ය කරන තත්වයකට පත් විය හැකි ආකාරය පැහැදිලි කරන්න. එක් එක්කෙනා තම තමාගේ බර ඉසිලිය යුතු බව ඇත්තයි. (ගලා. 6:5) කෙසේවෙතත්, ඇතැම් තත්වයන්වලට සාර්ථකව මුහුණ දීමට අපිට නොහැකි වන විට, සභාවේ සිටින ආත්මිකව මේරූ අයගේ උපකාරය ඉල්ලා සිටීමට අපි පසුබට නොවිය යුතුයි. අනිත් අය තමන්ට ලබා දුන් කාරුණික උපකාරය මගින් තමන් දිරිගැන්වීමක් ලැබූ ආකාරය පිළිබඳව තමන්ගේ අද්දැකීම් ඉදිරිපත් කිරීමට සබයට ආරාධනා කරන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 12: 2000 වාර්ෂික පොතෙහි තොරතුරු සලකා බලන්න. සබය සමඟ සාකච්ඡාවක්. වාර්ෂික පොතේ 31වන පිටුවෙහි සඳහන් “1999 මුළු එකතුව” නමැති තීරුවෙහි කැපීපෙනෙන තැන් කෙටියෙන් අවධානයට යොමු කරන්න. “පාලක මණ්ඩලයෙන් ලිපියක්” යනුවෙන් 3-5 දක්වා පිටුවල සඳහන් තොරතුරුද සාකච්ඡා කරන්න. මෙහි දී තිබෙන දිරිගැන්වීම් තමන් ක්‍රියාත්මක කරන්න යන ආකාරය ගැන අදහස් දැක්වීමට සබයෙන් ඉල්ලා සිටින්න.
ගීතිකාව 195 සහ අවසාන යාච්ඤාව.
අප්‍රියෙල් 3න් පටන්ගන්නා සතිය
විනා. 10: සභා නිවේදන සහ ක්ෂේත්‍ර සේවයේ අද්දැකීම්. සභා බලප්‍රදේශයේ මෑතකදී ලැබූ අද්දැකීම්වලින් තෝරාගත් කිහිපයක් ඇතුළත් කරන්න. මෙම අද්දැකීම් මගින්, දේවසේවයෙහි හවුල් වීමට අනිත් අයට දිරිගැන්වීමක් ලැබෙනවා.
විනා. 17: “දානියෙල්ගේ අනාවැකිය නමැති පොත අධ්‍යයනය කිරීම.” ප්‍රශ්නෝත්තර. බයිබලයේ දානියෙල් පොත අධ්‍යයනය කිරීමෙන් අපිට ප්‍රයෝජන ලැබිය හැකි ආකාර ගැන කෙටියෙන් අදහස් දක්වන්න. (දානියෙල්ගේ අනාවැකිය පොතේ පළමුවන පරිච්ඡේදයේ ඡේද 15-17 දක්වා බලන්න.) නිතිපතා සභා පොත් පාඩමට පැමිණීමට සියලුදෙනාවම දිරිගන්වන්න.
විනා. 18: බරපතළ වැරදි මම වාර්තා කළ යුතුද? මෙම තොරතුරුවල බැරෑරුම්කම කාවද්දමින් වැඩිමහල්ලෙක් විසින් විශේෂයෙන් යෞවනයන්ට ඉදිරිපත් කරන කතාවක්. යෞවනයන්ට හානි පමුණුවන ගැටලු බොහොමයක් අද සමාජයේ පවතිනවා. සදාචාරය පිරිහීම, ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිවීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සහ අධිකාරිත්වය හොබවන අයට නිසි ගෞරවය නොදැක්වීම එම ගැටලු අතර තිබෙනවා. තමන්ගේ වැරදි හැසිරීම් රටාව සඟවාගනිමින් සමහර යෞවනයන් දෙබිඩි ජීවිතයක් ගත කරනවා. මුළු සභාවේම ආත්මික ශුභසිද්ධියට මෙමගින් තර්ජනයක් එල්ල වෙනවා. සමහරු බරපතළ වැරදි කර, ඒවා සඟවා තබාගැනීමට උත්සාහ කරනවා. සභාවේ සිටින සහෝදරයෙක් හෝ සහෝදරියක් දෙවිගේ නීති බරපතළ ලෙස කඩ කර තිබෙන බව ඔබ දැන සිටිනවා නම්, ඔබ කළ යුත්තේ කුමක්ද? ලෙවී කථාව 5:1හි සඳහන් ප්‍රතිපත්තිය සලකා බලන්න. (1997 අගෝස්තු 15 මුරටැඹ සඟරාවේ 27-30 දක්වා පිටු බලන්න.) යෞවන අය අසති පොතේ 68-9 දක්වා පිටුවල තිබෙන තොරතුරුද බලන්න. මෙවන් තත්වයකදී යමෙක් කළ යුතු දෙය පැහැදිලි කරන්න.
ගීතිකාව 68 සහ අවසාන යාච්ඤාව.