‘මට කරන්න පුළුවන් මොනවද?’
1 ‘මට කරන්න පුළුවන් මොනවද?’ නිසැකවම වර්ෂ 1870 ගණන්වලදී චාල්ස් ටේස් රසල් සංවිධානය කළ බයිබලය අධ්‍යයනය කිරීමේ කුඩා කණ්ඩායමේ සාමාජිකයන්ගේ මනස්වල එම ප්රශ්නය තිබුණා. මුල් කාලයේ සිටි බයිබල් ශිෂ්‍යයන් ක්‍රමානුකූලව දෙවිගේ කැමැත්ත අවබෝධ කරගනිද්දී, අනිත් අයටත් දෙවිගේ අරමුණ ගැන දැනගැනීමට උපකාර කිරීම සඳහා තමන්ට කරන්න පුළුවන් මොනවාද කියා ඔවුන් කල්පනා කළ බවට සැකයක් නැහැ. ලොව පුරා සිටින මිනිසුන් වෙත ගොස්, තමන් ලබාගනිමින් සිටි බයිබල් දැනුම ඔවුන් සමඟ බෙදාගැනීම භාරදූර කාර්යයක් වුණා.
2 ඔවුන් එම අභියෝගයට සාර්ථකව මුහුණ දීම ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. කොහොමද ඔවුන් එය කළේ? එක් එක්කෙනා තම තමාගේ කොටස කළා. සමහරවිට එය නොවැදගත් යමක් ලෙස පෙනෙන්න ඇති. නමුත් ඔවුන් එය කළ නිසා, අද රටවල් හා දූපත් 234ක තිබෙන සභා 90,000ක පමණ රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කරන්නන් දශලක්ෂ හයකට ආසන්න පිරිසකගෙන් සමන්විත සංවිධානයක් හැටියට යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලොව පුරා ප්‍රසිද්ධ වී සිටිනවා.—යෙසා. 60:22.
3 ඔබේ පූර්ණ සහයෝගය ලබා දෙන්න: මේ අන්තිම දවස්වලදී සිදු කෙරෙන බවට යේසුස් පුරෝකථනය කළ අතිවිශාල වැඩයට අපි එක් එක්කෙනා යම් ආකාරයකින් හවුල් වීම ඉතාමත් වැදගත්. (මාර්ක් 13:10) මේ වැඩය සම්පූර්ණයෙන්ම වැඩිමහල්ලන්ගේ කරපිට දාන්න බැහැ. ඒ වගේම දේශනා කිරීමේ කටයුත්ත පුරෝගාමීන් පමණක් උර දිය යුතු වැඩක් නොවෙයි. ඇත්තෙන්ම සෑම කැප වූ ක්‍රිස්තියානියෙකුටම මේ වැඩයෙහි වැදගත් කොටසක් කරන්න තිබෙනවා. අපි සෑම කෙනෙකුටම දේශනා කිරීමේ ක්‍රියාකාරකම්වල යම් ආකාරයකින් හවුල් විය හැකියි. (1 තිමෝ. 1:12) අපිත් අනිත් අයත් මේ වැඩයෙන් ප්‍රයෝජන ලැබීම රඳා පවතින්නේ අපි එයට හවුල් වන ප්‍රමාණය මතයි.—1 තිමෝ. 4:16.
4 වෙනත් අර්ථවත් ආකාරවලින්ද අපි එක් එක්කෙනාට අපේ ක්‍රිස්තියානි සහෝදරත්වයට පූර්ණ සහයෝගය දැක්විය හැකියි. සභා රැස්වීම්වලට නිතිපතා පැමිණීමෙන් හා උද්යෝගයෙන් සහභාගි වීමෙන් අපිට සහයෝගය දැක්විය හැකියි. (ගීතා. 122:1, 8, 9) සභාව සදාචාරාත්මකව පවිත්‍රව තබාගැනීම සඳහා අපි එක් එක්කෙනාට අපේ කොටස කළ හැකියි. අපේ හැකියාව අනුව ලෝක ව්‍යාප්ත වැඩය සඳහා මූල්‍යමය වශයෙන් සහයෝගය දක්වන්නත් අපිට හැකියි.—කොලො. 3:12, 14.
5 ‘මට කරන්න පුළුවන් මොනවද?’ කියා ඔබ ඇසිය හැකියි. ඔබ පෞද්ගලිකව දරන වෑයම් එතරම් වැදගත් නැහැ කියා පෙනුණත්, ඔබ ඔබේ කොටස කරනවා නම්, එය ආත්මිකව ශක්තිමත්, ක්‍රියාශීලී සභාවක් ඇතිවීමට දායක වෙනවා. මෙසේ, යෙහෝවාගේ නාමය ගෞරවයට පත් කිරීමෙහිලා අපි සෑම කෙනෙකුටම ඉටු කරන්න තිබෙන වැඩකොටස ඉතාමත් වැදගත්!