දානියෙල්ගේ අනාවැකිය නමැති පොත අධ්‍යයනය කිරීම
1 අප්‍රියෙල් 17න් පටන්ගන්නා සතියේ සිට සභා පොත් පාඩම්වලදී අපි පාඩම් කරන්න යන්නේ දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! නමැති පොතයි. බොහෝදෙනෙක් දැනටමත් සිත්ගන්නාසුලු මෙම පොත කියවා තිබෙනවා. කණ්ඩායමක් හැටියට මෙම පොතෙහි සඳහන් තොරතුරු සාකච්ඡා කිරීමෙන් ප්‍රයෝජන ලබාගැනීමට දැන් අපිට ප්‍රස්තාවක් උදා වී තිබෙනවා. බයිබලයෙහි අඩංගු එක් පොතක් වන දානියෙල් පොතෙහි ගැඹුරු කාරණා සතියක් සතියක් පාසා අධ්‍යයනය කරද්දී ඒ සෑම අවස්ථාවකටම පැමිණෙන්න කියා සියලුම ප්‍රචාරකයන්ට, උනන්දුව දක්වන අයට හා දරුවන්ට ආරාධනා කරන්න කැමතියි.—ද්වි. 31:12, 13.
2 පාඩම සඳහා කාලසටහන හා මඟ පෙන්වීම්: දානියෙල්ගේ අනාවැකිය නමැති පොත පාඩම් කිරීම සඳහා නියමිත සම්පූර්ණ කාලසටහන මෙම රාජ්‍ය සේවාවෙහි ඇතුළත් වෙනවා. මෙහි පිටපතක් ගෙන ඔබේ පොත තුළ තබාගන්න. සෑම සතියකම පාඩම් කරන පරිච්ඡේදය සහ ඡේද ගණන මෙන්ම බයිබලයෙහි දානියෙල් පොතෙන් සාකච්ඡා කරන වගන්ති ගණනද මෙම කාලසටහනෙහි දැක්වෙනවා. මෙම පොතෙහි සඳහන් සමහර තොරතුරු සලකා බලන ආකාරය හා එය කරන්නේ කවදාද කියා කාලසටහනෙහි සඳහන් පාදසටහන් මගින් පැහැදිලි කර තිබෙනවා. සාකච්ඡා කළ තොරතුරුවලට අදාළ දානියෙල් පොතේ වගන්ති, එම තොරතුරු සාකච්ඡා කළ සතියට නියමිත කොටසෙහි සඳහන් වෙනවා. සෑම සතියකම පාඩම අවසානයේදී එම වගන්ති යළි සලකා බලන්න කියා පාඩම මෙහෙයවන්නාව උනන්දු කරනවා. කාලය තිබෙන විදිහට, කණ්ඩායම හවුල් කරවාගනිමින් බයිබල් වගන්ති කියවන්නත් අදහස් දක්වන්නත් හැකියි. සමහර බයිබල් වගන්ති දීර්ඝ වශයෙන් පැහැදිලි කර තිබෙන නිසා එම වගන්ති ඊට පසු සතියේදීත් සාකච්ඡා කරන්න යනවා.
3 සෑම තොරතුරක්ම හොඳින් සූදානම් වන්න: සෑම සතියකම සලකා බලන තොරතුරු නියමිත කාලය තුළදී හොඳින් තේරුම්ගැනීමට හැකි වන අයුරින් කාලසටහන සකස් කර තිබෙනවා. මේ නිසා සතියට නියමිත කොටස ඉක්මනින් සාකච්ඡා කර අවසන් කිරීම අවශ්‍ය නැහැ. පාඩම් හතරක් කෙටියි. එනිසා ජූනි 5න් පටන්ගන්නා සතිය සඳහා නියමිත පාඩම අවසානයේදී පාඩම මෙහෙයවන්නාට දානියෙල් 2:1-40 දක්වා වගන්ති පුනරීක්ෂණය කළ හැකියි. ජූනි 26න් පටන්ගන්නා සතියේදී දානියෙල් 3:1-30 දක්වා ඔහුට පුනරීක්ෂණය කළ හැකියි. සැප්තැම්බර් 4න් පටන්ගන්නා සතියේදී 139වන පිටුවේ සඳහන් පින්තූර හා ශුද්ධ ලියවිලි පාඨවල සෑම තොරතුරක්ම සාකච්ඡා කළ යුතුයි. පිටු 188-189හි සඳහන් සටහන සාකච්ඡා කළ යුත්තේ ඔක්තෝබර් 2න් පටන්ගන්නා සතියට නියමිත පාඩමේදීයි.
4 සෑම සතියකම පාඩමට හොඳින් සූදානම් වීමෙන් හා සහභාගි වීමෙන් එයින් ප්‍රයෝජන ලබන්න. යෙහෝවාගේ දෘශ්‍යමාන සංවිධානය සමඟ ඇසුරු කිරීමටත්, යෙහෝවා ඔහුගේ විශ්වාසවන්ත ආලේප ලත් අය මගින් සපයන තීක්ෂ්ණ බුද්ධියෙන් හා අවබෝධයෙන් ප්‍රයෝජන ලැබීමටත් ඔබට ලැබී තිබෙන වරප්‍රසාදය අගය කරන්න. (දානි. 12:3, 4) නිතිපතා පොත් පාඩමට පැමිණෙන්න කියා අනිත් අයව කාරුණිකව දිරිගන්වන්න. ගරුබිය දනවන තොරතුරු ඇතුළත් දානියෙල් පොතෙහි අනාවරණය කර තිබෙන දෙවිගේ අනාවැකිමය වදන්වලට අපි සියලුදෙනාම අවධානය දෙමු.—හෙබ්‍රෙ. 10:23-25; 2 පේතෘ. 1:18ආ, 20.