ක්‍රිස්තුස් පෙන්වූ ප්‍රේමයට ඔබෙන් ඇත්තටම ප්‍රතිචාරයක් ඇද්ද?
1 ප්‍රේරිත යොහන් තම ස්වාමියාගේ ජීවිතය ගැන ගැඹුරින් කල්පනා කිරීමෙන් පසු මෙසේ ලිව්වා: ‘යේසුස් ලෝකයෙහි සිටියාවූ ස්වකීය සෙනඟට ප්‍රේමයෙන් සිට, අන්තිමය දක්වා ඔවුන්ට ප්‍රේම කළේය.’ (යොහන් 13:1) ක්‍රිස්තුස් ප්‍රේමය පෙන්වූ උතුම්ම ආකාරය ගැන සිහි කිරීම පවත්වන දවස්වල අපට කල්පනා කළ හැකියි. මිදීමේ මිලය කෙරෙහි අපි ඇදහිල්ල දැක්වීමෙන්ද, දේශනා සේවයෙහි ජ්වලිතව හවුල් වීමෙන්ද, යේසුස් වගේ “අන්තිමය දක්වා” විඳදරාගැනීමෙන්ද, ඔහු පෙන්වූ ප්‍රේමය අපි අගය කරන බව පෙන්විය හැකියි.—මතෙ. 24:13; 28:19, 20; යොහන් 3:16.
2 ක්‍රිස්තුස් පෙන්වූ ප්‍රේමයට ප්‍රතිචාරය දැක්වීම: යේසුස් මිනිසෙකු හැටියට පොළොව මත ගත කළ අවසාන සතියේදී ඉතාමත් ක්‍රියාශීලීව සිටියා. (මතෙ. 21:23; 23:1; 24:3) ක්‍රිස්තුස්ව අනුකරණය කරන අය හැටියට යෙහෝවාගේ සේවයෙහි ‘වීර්යය කිරීමට’ ඔහු පෙන්වූ ප්‍රේමය අපි තුළ පෙලඹවීමක් ඇති කරනවා. (ලූක් 13:24) අප්‍රියෙල් මාසයේදී වැඩි කාලයක් දේවසේවයෙහි හවුල් වීමට, යොදා තිබෙන විධිවිධානවලින් ඔබට ප්‍රයෝජන ගත හැකිද?
3 මේ අවුරුද්දේ ස්වාමීන්ගේ රාත්‍රි භෝජනය යෙදී තිබෙන්නේ අප්‍රියෙල් 19වන බදාදා සැන්දෑවෙයි. මෙම විශේෂ අවස්ථාවට කීදෙනෙක් විතර පැමිණේවිද? බොහෝදුරට පැමිණෙන සංඛ්‍යාව තීරණය වන්නේ අපි කරන දේවල් මතයි. ඔබ සිහි කිරීමට ආරාධනා කරන්න යන අයගේ නම් ලැයිස්තුවක් සකස් කර තිබෙනවාද? ඔබ සමඟ බයිබලය පාඩම් කරන අයවද, උනන්දුව දක්වන අයවද, නෑදෑයන්වද, ඔබ දන්න හඳුනන අයවද පාසැල් මිතුරන්වද ඒ ලැයිස්තුවට ඇතුළත් කළ හැකියි. ඔබ දැනටමත් ඔවුන්ව හමු වී, මෙහි වැදගත්කම පෙන්වා දෙමින් ඔවුන්ට සුහදව ආරාධනා කර තිබෙනවාද? සිහි කිරීමට දවස් කිහිපයකට කලිනුත් ඔබ ඔවුන්ට මතක් කිරීමක් කරන්න යනවාද? සිහි කිරීම පවත්වන ස්ථානයට පැමිණීම සඳහා ඔවුන්ට ඔබේ උපකාරය අවශ්‍යද? වැඩිමහල්ලන් දේවසේවයෙහි අක්‍රියාශීලී වී සිටින අයට ආරාධනා කරන්න යනවා. සිහි කිරීම පවත්වන්නේ සති අන්තයේ නොව, සතියේ දවසක සැන්දෑවකයි. මෙයින් එහි වැදගත්කම අඩු නොවන අතර, නොපැමිණීම සඳහා එය හේතුවක් කර නොගත යුතුයි.
4 සූදානම් වී පැමිණෙන්න: සිහි කිරීම සැමරීමට යන විට, අප හොඳින් සූදානම්ව සිටිය යුතු අතර, අපගේ මානසික ආකල්පයද සුදුසු තත්වයක තිබිය යුතුය. මෙය ඉතාමත් වැදගත්. මෙම අවස්ථාවේ බැරෑරුම්කම සිතට ගන්න කියා පාවුල් සෙසු ඇදහිලිවන්තයන්ට උපදෙස් දුන්නා. (1 කොරි. 11:20-26) ඔබේ පවුලේ පාඩමේදී යොහන් සුවිශේෂයේ 13 සිට 17වන පරිච්ඡේදය දක්වා කියවිය හැකියි. ඒ පරිච්ඡේද කියවීමෙන් පසු යේසුස්ගේ ජීවිත පූජාව තමාට බලපාන ආකාරය ගැන පවුලේ එක් එක් සාමාජිකයාට අදහස් දැක්වීමට ආරාධනා කළ හැකියි. ඒ වගේම සිහි කිරීමේ සතියට නියමිත බයිබල් කියවීමද අමතක කරන්න එපා!
5 මෙවන් දේවල් කිරීමෙන් ක්‍රිස්තුස් කෙරෙහි තිබෙන අපේ ප්‍රේමය තව තවත් වැඩි වෙනවා පමණක් නොව, එය අප්‍රියෙල් 19වනදාට පමණක් සීමා නොවී දිගටම පවතින්නද යනවා. ඔහු කෙරෙහි තිබෙන අපේ ප්‍රේමය සදාකාලයටම පෙන්වීමට අපි අදිටන් කරගනිමු! මේ අවුරුද්දේ පවත්වන සිහි කිරීම මෙම අධිෂ්ඨානය ශක්තිමත් කරගැනීමට අපට උපකාරවත් වේවි.