ඇදහිල්ලෙහි ස්ථිරව සිටීමට අපිට උපකාරවත් විය හැකි දේවල් මොනවාද?
1 අපි යෙහෝවාගේ සංවිධානය සමඟ ඇසුරු කරන්න පටන්ගත්දා සිට අප ලබා තිබෙන ආත්මික ප්‍රගතිය අපේ ප්‍රීතියට හේතු වී තිබෙනවා. එහෙත් දිගටම ‘ඇදහිල්ලෙහි මුල් ඇද ගොඩනඟනු ලැබ, ස්ථිරව පිහිටා සිටීම’ සඳහා තව තවත් ආත්මිකව වර්ධනය වීම අවශ්‍යයි. (කොලො. 2:6, 7) බොහෝදෙනෙක් ආත්මිකව ප්‍රගතියක් ලබා තිබුණත්, සමහර අය ‘ඇදහිල්ලෙහි ස්ථිරව සිටීමට’ අසමත් වීම නිසා ඉවතට ගසාගෙන ගොස් තිබෙනවා. (1 කොරි. 16:13) අපව මෙවන් තත්වයකට පත්වීම වළක්වාගත හැකියි. ඒ කෙසේද?
2 ආත්මික කටයුතුවල නිතරම නියැලීම: යෙහෝවාගේ සංවිධානය තුළ යහපත් ආත්මික දින චර්යාවක් පවත්වාගන්න. සංවිධානය අපගේ ආත්මික අවශ්‍යතා බහුල ලෙස සපුරාලනවා. සභා රැස්වීම්, එක්රැස්වීම් හා සමුළු ආත්මික වර්ධනය හා ස්ථාවරත්වය තව තවත් ඉහළ නංවාගැනීමට අප තුළ පෙලඹීමක් ඇති කරනවා. මෙම සැපයුම්වලින් ප්‍රයෝජන ගැනීමට නම් අපි නිතරම එම රැස්වීම්වලට යා යුතුයි. (හෙබ්‍රෙ. 10:24, 25) බයිබලය හා දෙවිගේ වචනයේ අඩංගු දැඩි ආහාර සපයන මුරටැඹ සහ පිබිදෙව්! සඟරා සහ සමිතියේ අනිකුත් ප්‍රකාශන නිතිපතා කාලසටහනකට අනුව කියවනවා නම්, අපේ ආත්මිකත්වයේ මුල් ගැඹුරට විහිදී ගොස් තව තවත් ශක්තිමත් වේවි. (හෙබ්‍රෙ. 5:14) ආත්මික ඉලක්ක තබා ඒවා ඉටු කරගැනීමට ක්‍රියාශීලිව වැඩ කිරීමෙන් කල්පවතින ප්‍රයෝජන භුක්ති විඳිය හැකියි.—පිලි. 3:16.
3 මේරූ අයගේ උපකාරය: සභාවේ සිටින ආත්මික මේරූ අය සමඟ වැඩි කාලයක් ඇසුරු කිරීමට වෑයම් කරන්න. අපිව ආත්මිකව ශක්තිමත්ව තැබීම සඳහා ප්‍රධාන වැඩකොටසක් ඉටු කරන වැඩිමහල්ලන් සමඟ කිට්ටු ඇසුරක් පවත්වන්න. (1 තෙස. 2:11, 12) ඔවුන් දෙන සෑම උපදෙසක්ම හා යෝජනාවක්ම සතුටින් පිළිගන්න. (එපී. 4:11-16) ඇදහිල්ලෙහි ස්ථිරව සිටීම සඳහා අනිත් අයට උපකාර කිරීමට උපස්ථායක සේවකයන්ද උනන්දුවක් දක්වන නිසා ඔවුන්ගෙන්ද ඔබට දිරිගැන්වීම් ලබාගත හැකියි.
4 දේවසේවය දියුණු කරගැනීම සඳහා ඔබට උපකාර අවශ්‍යද? වැඩිමහල්ලන්ට කතා කර, උපකාරය ඉල්ලන්න. සමහරවිට ඔවුන් ඔබව පුරෝගාමීන් අනිත් අයට උපකාර කරයි කියන වැඩසටහනට ඇතුළත් කළ හැකියි. ඔබ අලුතින් බව්තීස්ම වූ කෙනෙක්ද? අපගේ දේව සේවය පොත අධ්‍යයනය කර, එහි සඳහන් දේවල් ක්‍රියාවට නැංවීමෙන් ආත්මික මේරූභාවය කරා ළඟාවීමට ඔබට හැක. ඔබ දෙමාපියෙක්ද? නිතිපතා ඔබේ දරුවන්ගේ ආත්මිකත්වය ශක්තිමත් කිරීමට කටයුතු කරන්න.—එපී. 6:4.
5 ඇදහිල්ලෙහි මුල් ඇද ස්ථිරව පිහිටා සිටීමෙන්, යෙහෝවා සමඟ කිට්ටු සබඳතාවක් පවත්වමින් අපේ සහෝදරයන් සමඟ ප්‍රීතිමත් ඇසුරක් භුක්ති විඳිය හැකියි. එමගින් සාතන්ගේ ප්‍රහාරවලට එරෙහිව සිටීමටත් සදාකාලික අනාගතයක් පිළිබඳ අපේ බලාපොරොත්තුව ශක්තිමත්ව තබාගැනීමටත් අපට හැකියි.—1 පේතෘ. 5:9, 10.