තර්කණ හැකියාව දියුණු කරගත හැකි අයුරු
1 එක් විග්රහයකට අනුව, “තර්කණය” යන වචනයෙන් අදහස් කරන්නේ “යම් පුද්ගලයෙකුගේ ක්‍රියාවන්ට හා අදහස්වලට බලපෑමක් ඇති වන අයුරින් එම තැනැත්තා සමඟ කතා කිරීමයි.” දේවසේවයෙහි ඔබගේ ඵලදායීබව වැඩි කරගැනීම සඳහා ඔබට හමු වන අය සමඟ තර්කානුකූලව කතා කිරීමේ හැකියාව දියුණු කරගැනීම අවශ්‍යයි. (ක්‍රියා 17:2-4) නමුත්, මෙම දක්ෂතාව ඔබට දියුණු කරගන්න පුළුවන් කොහොමද?
2 මුල් පියවර වන්නේ මෙනෙහි කිරීමයි: බයිබල් සත්‍යයන් අධ්‍යයන කරන විට සලකා බලන කරුණු ගැඹුරින් සිතා බලන්නේ නම්, ඔබට එයින් ප්‍රයෝජන අත් වන බව නිසැකයි. ඔබ අධ්‍යයනය කරන කොටසේ සඳහන් දේවල් තේරුම්ගැනීමට තරමක් අමාරු බව පෙනේ නම්, ගවේෂණයක් කිරීමටත්, ප්‍රශ්නයට අදාළව සොයාගත් තොරතුරු මෙනෙහි කිරීමටත් කාලය ගන්න. කර තිබෙන පැහැදිලි කිරීම් පමණක් නොව, එම පැහැදිලි කිරීම්වලට පක්ෂව දක්වා තිබෙන ශුද්ධ ලියවිලිමය තර්ක පැහැදිලිව තේරුම්ගැනීමට උත්සාහ කරන්න.
3 දේවසේවය සඳහා සූදානම් වීමත් අවශ්‍යයි: ඔබට විවිධ පුද්ගලයන්ට සත්‍යය පැහැදිලි කර දිය හැකි ක්‍රම ගැන සිතන්න. අදහස් ප්‍රකාශ කිරීමට පෙලඹවීමක් ඇති කරවන උනන්දුව පුබුදුවාලන යෝග්‍ය ප්‍රශ්නයක් සූදානම් කරගන්න. අනතුරුව සාකච්ඡාව ශුද්ධ ලියවිලිමය කරුණකට සම්බන්ධ කරගනිමින් එය මත තර්කානුකූලව කතා කළ හැකි ආකාරය නිශ්චය කරගන්න. ඔබ පවසන දේවලට විරුද්ධව ඉදිරිපත් කළ හැකි දේවල් කලින් සිතා, ඒවා සාකච්ඡා කළ හැකි අයුරු සිතන්න. ඉදිරිපත් කරනු ලබන ප්රකාශනයෙන් සාකච්ඡාවට යෝග්‍යතම කරුණක් තෝරාගන්න.
4 යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරන්න: ශුද්ධ ලියවිලි යොදාගනිමින් බලපෑමෙන් යුක්තව තර්කානුකූලව සත්‍යය ඉගැන්වීම සම්බන්ධයෙන් හොඳම ආදර්ශය තැබුවේ යේසුස්ය. ඔහු ඉගැන්වූ ආකාරය විග්රහ කර බැලීම සඳහා ලූක් 10:25-37හි සඳහන් වාර්තාව සලකා බලන්න. මෙහිදී මතු දැක්වෙන ක්‍රියාමාර්ග හතර සැලකිල්ලට ගන්න: (1) ජනයා විසින් අසනු ලබන ප්‍රශ්නවලට උත්තර දීමේදී කෙළින්ම ශුද්ධ ලියවිල්ලට අවධානය යොමු කරවීම. (2) ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඔවුන්ට ආරාධනා කිරීම හා ඔවුන් බුද්ධිමත් ලෙස අදහස් දක්වන විට, ඒවා පැසසුමට ලක් කිරීම. (3) අසනු ලබන ප්රශ්නය හා ශුද්ධ ලියවිල්ල අතර තිබෙන සම්බන්ධය අවධාරණය කිරීම. (4) දෙනු ලබන උත්තරයෙහි සැබෑ හරය සවන් දෙන්නා තේරුම්ගනු ලබන බව සහතික වීම සඳහා සිත්ගන්නාසුලු නිදසුනක් යොදාගැනීම.—1987 ජූලි 1 මුරටැඹ සඟරාවේ 28-9 පිටුවල සඳහන් ඡේද 8-10 බලන්න.
5 අපිට ලැබී තිබෙන මෙවලම් භාවිත කරන්න: ශුද්ධ ලියවිලි ඇසුරෙන් තර්ක කිරීම (ඉංග්‍රීසියෙන්, rs) නමැති පොත ප්‍රකාශයට පත් කර තිබෙන්නේ ක්ෂේත්‍ර සේවයේදී යොදාගත හැකි අත්පොතක් ලෙසයි. එහි සඳහන් හැඳින්වීම්, සාකච්ඡාවට බාධා පැමිණවිය හැකි අයට කතා කළ හැකි ආකාර පිළිබඳ අදහස් හා තර්කානුකූලව ගොඩනඟා තිබෙන කරුණු, අපේ තර්කණ හැකියාව දියුණු කරගැනීම සඳහා උපකාරවත් වෙනවා. අපි දේවසේවයෙහි හවුල් වන සෑම අවස්ථාවකදීම අපි ළඟ තිබිය යුතු වටිනා මෙවලමකි තර්ක කිරීම පොත. බයිබල් විෂයන් සාකච්ඡා කරන විට මෙය භාවිත කිරීමට පසුබට නොවන්න. ශුද්ධ ලියවිලි ඇසුරෙන් තර්ක කළ හැකි ආකාරය සම්බන්ධයෙන් මතු දැක්වෙන අපගේ රාජ්‍ය සේවාවල පළ වූ ලිපිවල සඳහන් යෝජනා සලකා බලන්න.—km 5/98 පි. 4; 6/98 පි. 8; 8/98 පි. 10; 10/98 පි. 8.
6 ඔබේ තර්කණ හැකියාව දියුණු කරගැනීම මගින් දේශනා කිරීමේ හා ඉගැන්වීමේ වැඩයෙහි ඔබේ දක්ෂතාව තවත් වැඩි කරගත හැකියි. මෙමගින් ඔබටත් දේවසේවයේදී ඔබට හමු වන අයටත් මහත් ප්‍රයෝජන භුක්ති විඳිය හැකියි.