ප්‍රශ්න පෙට්ටිය
◼ යමෙකුව යළි පිහිටුවා තිබෙන බව නිවේදනය කරන විට අත්පොළසන් දීම සුදුසුද?
යෙහෝවා දෙවි ඔහුගේ ප්‍රේමනීය කරුණාව නිසා පසුතැවිලි වන වැරදිකරුවන්ට නැවත ඔහුගේ අනුමැතිය ලබාගෙන ක්‍රිස්තියානි සභාවේ යළි සේවය කිරීමේ අවස්ථාව ලබා දීම සඳහා ශුද්ධ ලියවිලිමය විධිවිධානයක් සපයා තිබෙනවා. (ගීතා. 51:12, 17) අවංක පසුතැවිල්ලක් විදහාපෙන්වන අයව යළි පිහිටුවනු ලබන විට, අපි ඇත්තටම ඔවුන්ට ප්‍රේමය පෙන්වන බවට වූ හැඟීම ඔවුන් තුළ ඇති කිරීමට අපිව දිරිමත් කර තිබෙනවා.—2 කොරි. 2:6-8.
අපේ ඥාතියෙකුව හෝ මිතුරෙකුව යළි පිහිටුවනු ලැබීම ප්‍රීතියට හේතුවක් වුණත්, එම පුද්ගලයාව යළි පිහිටුවා තිබෙන බව සභාවේ නිවේදනය කරනු ලබන විට, එම අවස්ථාවේ වැදගත්කම අපි හැසිරෙන ආකාරයෙන් දැකිය යුතුයි. මේ කාරණයට අදාළව 1998 ඔක්තෝබර් 1 මුරටැඹ සඟරාවේ 17වන පිටුවේ මෙසේ සඳහන් කර තිබුණා: “කොහොමවුණත්, කෙනෙක්ව නෙරපීමට හෝ ඔහුව යළි පිහිටුවීමට හේතු වූ කාරණා, සභාවේ බොහෝදෙනෙක් දන්නේ නැති බව අප මතක තබාගත යුතුයි. ඊට අමතරව, පසුතැවිලි වූ අයගේ වැරැද්ද හේතුවෙන් පෞද්ගලිකවම බලපෑමට ලක් වූ හෝ දුක් විඳින, සමහරවිට දිගුකාලීන ප්‍රතිවිපාක අද්දකින ඇතැම් අය සභාවේ සිටිනවා විය හැකියි. එමනිසා, එවැනි කාරණා ගැන තියුණු ලෙස සංවේදී විය යුතුයි; එබැවින් යළි පිහිටුවීම සම්බන්ධ නිවේදනයක් කළ විට, එසේ කළ තැනැත්තාව ප්‍රසිද්ධියේ පිළිගන්නවා වෙනුවට පෞද්ගලිකව එසේ කිරීමට අපි වගබලා ගත යුතුයි.”
යම් කෙනෙක් ආපසු සත්‍යයට එනවා දකින විට අපි බොහෝ සේ ප්‍රීති වුණත්, ඔහුව හෝ ඇයව යළි පිහිටුවා තිබෙන බව නිවේදනය කරනු ලබන විට අත්පොළසන් දීම සුදුසු දෙයක් නොවෙයි.