යෙහෝවාගේ නාමය මුළු පොළොවෙහි දැන්වීම
1 “පොළොවේ සීමාව දක්වා” සාක්ෂිකරුවන් වන්න කියා යේසුස් ඔහුගේ ගෝලයන්ට පැවසූ අවස්ථාවේදී, ඔහු අනුගමනය කිරීම සඳහා ඔවුන්ට ආදර්ශයක් තබා තිබුණා. (ක්‍රියා 1:8) ඔහු ජනයාව හමු වූ ඕනෑම තැනක, ඕනෑම වේලාවක මනුෂ්‍යවර්ගයා සඳහා වූ දෙවිගේ අරමුණ ගැන කතා කළා. යේසුස්ගේ ආදර්ශය අනුකරණය කරමින් විශ්වාසවන්ත දාස පන්තිය යෙහෝවාගේ නාමය ‘මුළු පොළොවෙහි දැන්වීමට’ විවිධ ක්‍රම භාවිත කරමින් සිටිනවා.—යෙසා. 12:4, 5.
2 මුල් කාලයේ යොදාගත් ක්‍රම: මුලදී පුවත්පත්වල දේශන පළ කරනු ලැබුවා; “මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යය” (ඉංග්‍රීසියෙන්) නිෂ්පාදනය කර දශලක්ෂ ගණනකට පෙන්නුවා; ශබ්ද විකාශන යන්ත්‍ර සවි කළ මෝටර් රථ යොදාගත්තා; ශබ්දවාහක තැටි විශාල වශයෙන් භාවිත කළා; ඒ වගේම, කාලයක් ගුවන් විදුලියද යොදාගත්තා; මේ හැම දෙයක්ම භාවිත කළේ ශුභාරංචිය දේශනා කිරීමටයි. නමුත් ජනයාව පෞද්ගලිකව හමු වී සාකච්ඡා කිරීම සැමවිටම ප්‍රධාන දෙය වී තිබෙනවා. මෙමගින් ජනයා තුළ තිබෙන උනන්දුව වර්ධනය කළ හැකියි. මේ නිසා, යෙහෝවාගේ නාමය සෑම තැනකම සිටින ජනයාට දැන්වීමේදී ගෙයින් ගෙට සේවය වඩාත් ඵලදායි ක්‍රමය බව සනාථ වී තිබෙනවා.—ක්‍රියා 5:42.
3 අපේ කාලයේදී යොදාගනු ලබන ක්‍රම: ලෝකය නිරතුරුවම වෙනස්කම්වලට ලක් වන අතර, බොහෝ තැන්වල මිනිසුන්ව ඔවුන්ගේ ගෙවල්වලදී සොයාගැනීම දුෂ්කරයි. ආත්මික දේවල් කියවීමට හා මෙනෙහි කිරීමට කාලය වැය කරන්නේ ටිකදෙනෙක් විතරයි. එනිසා, මේ තත්වයන්වලට අනුව අපේ දේවසේවය අපි සකස් කරගත යුතුයි. ගෙයින් ගෙට ගොස් බලප්‍රදේශය පියවනවාට අමතරව, මිනිසුන් ගැවසෙන තැන්වලට ගොස් අපේ බලාපොරොත්තුව ගැන කතා කිරීම සඳහා ‘නිතර සෑදී සිටීමට’ අපව දිරිගන්වා තිබෙනවා. (1 පේතෘ. 3:15) මෙයින් අදහස් කරන්නේ රැකියා කරන ස්ථානයේ සිටින අයට, තමන් සමඟ පාසැලේ ඉගෙනගන්න අයට, වීදිවල හා උද්‍යානවල සිටින අයට, සාප්පුවල සිටින අයට හා වෙනත් ඕනෑම තැනක හමු වන ජනයාට සාක්ෂිදැරීමට උත්සාහ කළ යුතු බවයි. යෙහෝවාගේ උපකාරය අපිට තිබෙන නිසා අපි දරන වෑයම්වලින් සාර්ථක ප්‍රතිඵල අත් කරගත හැකියි. ඔබ මිනිසුන්ව හමු විය හැකි තැන්වලට ගොස්, ඔවුන්ට සාක්ෂිදරනවාද?
4 යෙහෝවාගේ නාමය අපේ බලප්‍රදේශය පුරා සිටින මිනිසුන්ට දැන්වීමට තිබෙන ප්‍රස්තාවන් අපේ අතින් ගිලිහී යෑමට ඉඩ නොදීම සඳහා අපි එක් එක්කෙනා හැකි සෑම උත්සාහයක්ම දරමු. අවංක හදවත් ඇති අයව සත්‍යය වෙත ඇදගැනීම සඳහා අපි යෙහෝවාගේ උපකාරය පතමින්, අපේ සේවය සම්පූර්ණ කරද්දී අපිට ඉමහත් සතුටක් භුක්ති විඳිය හැකියි.—යොහන් 6:44.