ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w16 ජූනි 3-5 පි.
  • යෙහෝවා දෙවි “ඔයා ගැන සැලකිලිමත්”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවි “ඔයා ගැන සැලකිලිමත්”
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දෙවි ඔයාට අවශ්‍ය දේවල් සපයනවා
  • ඕනෑ තරම් කාලේ දෙනවා
  • සමාව දෙන්න ලෑස්තියි
  • ඕනම කරන වෙලාවේදී ළඟින්ම ඉන්නවා
  • යෙහෝවා දෙවියන් සමාව දෙන විදිහ අසමසමයි!
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවඃවහන්සේ මෙන් ඔබත් සමාව දෙන්නෙහිද?
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “අපට යාච්ඤාකරන්ට ඉගැන්නුව මැනව”
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “එකිනෙකාට නොමසුරුව සමාව දෙමින් සිටින්න”
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w16 ජූනි 3-5 පි.
පලතුරු වත්තක ඇපල් පිරුණු පෙට්ටි කීපයක්

යෙහෝවා දෙවි “ඔයා ගැන සැලකිලිමත්”

යෙහෝවා දෙවි ඔයා ගැන ඇත්තටම සැලකිලිමත් කියලා ඔයාට නිසැක වෙන්න පුළුවන් ඇයි? ඒකට එක හේතුවක් තමයි බයිබලේම එහෙම කියලා තියෙන එක. 1 පේතෘස් 5:7 මෙහෙම කියනවා. “ඔහු ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න.” දෙවි ඔයා ගැන සැලකිලිමත් කියන්න ඔයාට තියෙන සාක්ෂි මොනවද?

දෙවි ඔයාට අවශ්‍ය දේවල් සපයනවා

සහෝදරියක් තවත් සහෝදරියකට තෑග්ගක් දෙමින්

යෙහෝවා දෙවි හොඳ යාළුවෙක් වගේ කරුණාවන්තයි, ත්‍යාගශීලියි

ඔයාගේ හොඳම යාළුවාට තියෙනවා දකින්න ඔයා කැමති හැම ගුණාංගයක්ම යෙහෝවා දෙවිට තියෙනවා. හොඳ යාළුවෝ එකිනෙකාට කරුණාවෙන් සලකනවා. දේවල් බෙදාගන්නවා. යෙහෝවා දෙවි හැම දවසකම මිනිසුන්ට මොන තරම් කරුණාවක් පෙන්නනවද! මොන තරම් ත්‍යාගශීලියිද! උදාහරණෙකට “ඔහු දුෂ්ටයන්ටත් යහපතුන්ටත් තම හිරු උදා කරවයි. ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි ලබා දෙයි.” (මතෙ. 5:45) හිරු එළිය, වැස්ස දීලා ‘කෑමට අවශ්‍ය තරම් ආහාරත්’ මිනිසුන්ගේ ‘සිතට සතුට ගෙන දෙන දේවලුත්’ දෙවි නොඅඩුව දෙනවා. (ක්‍රියා 14:17) පොළොවෙන් ඇති තරම් ආහාර ලබා දෙන්න දෙවි වගබලාගන්නවා. ඒ ආහාරවලින් හදාගන්න රසවත් කෑම වේලකින් අපි කොයි තරම් සතුටක් ලබනවද! ඒ හා සමාන සතුටක් අද්දකින්න පුළුවන් දේවල් තියෙන්නේ බොහොම ටිකයි.

එහෙමනම් අද හුඟක් අය බඩගින්නේ ඉන්නේ ඇයි? ඒ අද ඉන්න පාලකයන්ට බලයට සහ මුදලට තියෙන කෑදරකම නිසයි. කෑදරකම නිසා ඇති වෙලා තියෙන හැම ප්‍රශ්නයක්ම දෙවි ඉක්මනින්ම නැති කරනවා. ඔහු ඒක කරන්නේ පොළොවේ පාලනය දේවරාජ්‍යයට භාර දීලයි. එදාට කවුරුත් බඩගින්නේ ඉන්නේ නැහැ. ඒ දවස එන කල් දෙවි තම විශ්වාසවන්ත සේවකයන්ට අවශ්‍ය දේවල් දීලා රැකබලා ගන්නවා. (ගීතා. 37:25) දෙවි ඔයා ගැන සැලකිලිමත් කියන්න ඒක සාක්ෂියක් නෙමෙයිද?

ඕනෑ තරම් කාලේ දෙනවා

සහෝදරයෙක් කතා කරද්දී අනිත් සහෝදරයා හොඳින් අහගෙන ඉන්නවා

යෙහෝවා දෙවි හොඳ යාළුවෙක් වගේ ඕනෑ තරම් කාලේ දෙනවා

හොඳ යාළුවෙක් ඕන වෙලාවක ඔයා වෙනුවෙන් කාලේ දෙන්න ලෑස්තියි. ඔය දෙන්නා කැමති දේවල් ගැන පැය ගාණක් වුණත් කතා කරකර ඉඳියි. ඔයාගේ හිතේ දුක කියද්දී එයා හොඳට ඇහුම්කන් දෙනවා. අපේ දෙවි යෙහෝවාත් ඒ වගේ කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? අපි යාච්ඤා කරද්දී ඔහු ඒවා ආසාවෙන් අහගෙන ඉන්නවා. “නොකඩවාම යාච්ඤා කරන්න” කියලා අපිට දිරිගන්වන්නේ ඒ නිසයි.—රෝම 12:12; 1 තෙස. 5:17.

ඔයාගේ යාච්ඤා අහන්න කොයි තරම් වෙලාවක් ගත කරන්න දෙවි කැමතිද? ඒකට උත්තරේ මේ සිද්ධියෙන් පැහැදිලියි. නියෝජිතයන්ව තෝරගන්න කලින් යේසුස් “මුළු රාත්‍රිය පුරාම දෙවිට යාච්ඤා කළා.” (ලූක් 6:12) ඒ යාච්ඤාවේදී ඔහු ගෝලයන් හුඟදෙනෙකුගේ නම්, එයාලගේ හොඳ පැති, දුර්වල පැති ගැන කියන්න ඇති. 12දෙනෙකුව තෝරගන්න දෙවිගෙන් උදව් ඉල්ලන්න ඇති. පහුවදා හිරු උදා වෙද්දී නියෝජිතයන් හැටියට තමන් තෝරගත්තේ ඒ සඳහා සුදුසුම අය කියලා යේසුස්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. “යාච්ඤා අසන තැනැත්තා” වන දෙවි කැමතියි අපි අවංකව කරන හැම යාච්ඤාවක්ම අහන්න. (ගීතා. 65:2) කෙනෙක් එයාගේ හිතේ තියෙන වේදනාව ගැන පැය ගාණක් තිස්සේ යාච්ඤා කළත් ‘කොයි වෙලේ මේ යාච්ඤාව ඉවර වෙයිද’ කියලා දෙවි කවදාවත් හිතන්නේ නැහැ.

සමාව දෙන්න ලෑස්තියි

සහෝදරයන් දෙන්නෙක් අතට අත දෙමින්

යෙහෝවා දෙවි හොඳ යාළුවෙක් වගේ සමාව දෙන්න ලෑස්තියි

හොඳම යාළුවන්ට වුණත් එකිනෙකාට සමාව දෙන්න අමාරු අවස්ථා තියෙනවා. ඒ නිසා කාලයක් තිස්සේ හොඳම යාළුවෝ විදිහට හිටපු අය වුණත් තරහා වෙන්න පුළුවන්. ඒත් යෙහෝවා දෙවි එහෙම නැහැ. බයිබලේ උනන්දු කරන්නේ අවංක හදවත් ඇති හැමෝටම ‘මුළු හදින්ම සමාව දෙන’ යෙහෝවා දෙවිගෙන් සමාව ඉල්ලන්න කියලයි. (යෙසා. 55:6, 7) ලෝභ නැතුව දෙවි සමාව දෙන්නේ ඇයි?

ඒ දෙවිට මිනිසුන් ගැන තියෙන පුදුමාකාර ආදරේ නිසයි. ඔහු මිනිසුන්ට කොච්චර ආදරේද කියනවා නම් එයාලව පාපයෙන් බේරගන්න තමන්ගේ එකම පුතාව එව්වා. (යොහ. 3:16) ඒත් ඒ පූජාවෙන් ඊටත් වඩා දෙයක් වෙනවා. තමන් ආදරේ කරන අයට කිසිම බාධාවක් නැතුව සමාව දෙන්න දෙවිට පුළුවන් වුණේ ඒ පූජාව නිසයි. බයිබලේ මෙහෙම කියනවා. ‘අපි අපේ පාප පිළිගත්තොත් දෙවි අපේ පව්වලට සමාව දෙනවා. මන්ද ඔහු විශ්වාසවන්ත මෙන්ම ධර්මිෂ්ඨ කෙනෙක්.’ (1 යොහ. 1:9) සමාව දෙන්න දෙවිට තියෙන කැමැත්ත නිසා හැමදාටම දෙවිගේ යාළුවෙක් වෙලා ඉන්න අපිට පුළුවන්. දෙවි අපිට පෙන්නන ඒ සැලකිල්ල නිසා අපි මොන තරම් සහනයක් අද්දකිනවද!

ඕනම කරන වෙලාවේදී ළඟින්ම ඉන්නවා

සහෝදරියක් දුකෙන් ඉන්න සහෝදරියකව සනසවමින්

යෙහෝවා දෙවි හොඳ යාළුවෙක් වගේ ඕනම කරන වෙලාවේදී ළඟින්ම ඉන්නවා

හොඳ යාළුවෙක් ඔයා අමාරුවේ වැටුණ වෙලාවක ඔයාට උදව් කරන්න පුළුවන් හැම දේම කරනවා. යෙහෝවා දෙවිත් ඒ වගේ නේද? දෙවිගේ සේවකයෙකුගේ “පය පැටලුණත් ඔහු සම්පූර්ණයෙන්ම ඇද වැටෙන්නේ නැත. මන්ද යෙහෝවා දෙවි ඔහුගේ අත අල්ලාගෙන සිටින්නේය” කියලයි බයිබලේ කියන්නේ. (ගීතා. 37:24) දෙවි ඔහුගේ සේවකයන්ට විවිධ විදිවලින් උදව් කරනවා. මේ අද්දැකීම බලන්න.

ජාතික කොඩියට ආචාර කළේ නැති නිසා යෞවනියකට ඉස්කෝලේ ළමයින්ගෙන් ලොකු පීඩනයක් ආවා. උදව් ඉල්ලලා යාච්ඤා කළාට පස්සේ එයාගේ විශ්වාසය ගැන කියන්න එයා තීරණය කළා. පන්තියට වාර්තාවක් ඉදිරිපත් කරන්න එයාගේ වාරේ ආවම එයා තෝරගත්තේ කොඩියට ආචාර කරන එක ගැන කතා කරන්නයි. ‘බයිබල් කතන්දර’ පොතේ තියෙන ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝ ගැන සිද්ධිය කොඩියට ආචාර නොකර ඉන්න එයාට උදව් වුණේ කොහොමද කියලා එයා පැහැදිලි කළා. “යෙහෝවා දෙවි ඒ 3දෙනාව බේරගත්තේ රූපයට නමස්කාර කළේ නැති නිසයි” කියලා එයා කිව්වා. ළමයි 11දෙනෙක්ම ‘බයිබල් කතන්දර’ පොතක් ලබාගන්න කැමති වුණා. හොඳ සාක්ෂියක් දෙන්න අවශ්‍ය ශක්තිය සහ ප්‍රඥාව යෙහෝවා දෙවි දුන්නා කියලා තේරුණාම එයාට දැනුණේ පුදුම සතුටක්.

යෙහෝවා දෙවි ඔයා ගැන සැලකිලිමත්ද කියලා පොඩි හරි සැකයක් හිතට ආවොත් ගීතාවලිය 34:17-19; 55:22; 145:18, 19 වගේ කොටස් ගැන හොඳට හිතන්න. යෙහෝවා දෙවිගේ සැලකිල්ල අද්දැකලා තියෙන්නේ කොහොමද කියලා කාලයක් තිස්සේ දෙවිට සේවය කරන අයගෙන් අහන්න. දෙවිගේ උදව් අවශ්‍ය කරන ඕනෑම වෙලාවක ඒ ගැන දෙවිට කියන්න. යෙහෝවා දෙවි “ඔයා ගැන සැලකිලිමත්” කියලා එතකොට ඔයාටත් ස්ථිර වෙයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න