ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w01 1/1 2-3 පි.
  • යුද්ධයේ තුවාල

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යුද්ධයේ තුවාල
  • 2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • තුවාල වණවීම
  • යුද්ධයේ තුවාල සුව කිරීම
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යුද්ධ ගැන දෙවියන්ගේ අදහස මොකක්ද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යුද්ධ
    2017 පිබිදෙව්!
  • යුද්ධ වැළැක්විය නොහැකි ද?
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w01 1/1 2-3 පි.

යුද්ධයේ තුවාල

“යුද්ධයේදී කිසිම කෙනෙක් දිනන්නේ නැහැ” කියා පැවසුවේ IIවන ලෝක මහා සංග්‍රාමයේදී යුධ වැදුණු සොල්දාදුවෙක්. “ඉතුරු වෙන්නේ පරාජිතයන් විතරයි” කියා ඔහු පැවසුවා. බොහෝදෙනෙක් ඔහු සමඟ එකඟ වන බවට කිසිම සැකයක් නැහැ. යුද්ධයෙන් කිසිම ලාභයක් නැහැ. එහි අලාභය දරාගත නොහැකි තරම්. ජයගත්තත් පරාජය වුණත් දෙපක්ෂයම ලද පාඩුව මැනිය නොහැකියි. අවි ගැටුම් නැවතුණත් යුද්ධයේ බිහිසුණුකම දසලක්ෂ ගණන් ජනයාව දරුණු ලෙස තුවාල කර තිබෙනවා.

කිනම් ආකාරවලින්ද? ජනගහනයෙන් විශාල කොටසක් වනසා දමන්න යුද්ධයේ රුදුරු රාක්ෂයාට හැකි වී තිබෙන අතර, එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ අනාථ දරුවන් සහ වැන්දඹුවන් විශාල පිරිසක් මිහිමත තනිවීමයි. ඉතුරු වූ අය බියකරු අන්දමේ ශාරීරික තුවාල ලබා තිබෙනවා. එපමණක්ද නොව ඔවුන්ට ඇති වී තිබෙන මානසික කැළැල් මැකිය නොහැකි තරම් වී තිබෙනවා. දසලක්ෂ ගණන් ජනයා කර කියාගත නොහැකි තත්වයකට පත්වීම හේතුවෙන් අකමැත්තෙන් හෝ අනාථ කඳවුරුවල ලගින්න සිදු වී තිබෙනවා. යුද්ධයෙන් ඉතුරු වෙන එවැනි අයගේ හදවත්හි පැසවන වෛරය සහ සන්තාපය මොන වගේද කියා අපට සිතාගන්නවත් බැරි තරම්!

තුවාල වණවීම

නිරායුධකරණය සිදු වී, තුවක්කු බට නිවී, සොල්දාදුවන් යුධබිම් අතැර ගොස් සිටියත්, ඊට ගොදුරු වූ මිනිසුන්ගේ හදවත් තුළ යුද්ධයෙන් හටගත් තුවාල ඔවුන්ගේ මරණය දක්වාම වණ වෙවී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, ඊළඟට පැමිණෙන පරම්පරාවන් අතරද මුලිනුදුරා දැමිය නොහැකි ආකාරයේ බද්ධ වෛරයක් මුල් බැසගත හැකියි. මේ ආකාරයට එක යුද්ධයක තුවාල තවත් යුද්ධයක මූල හේතුව බවට පත් වෙයි.

උදාහරණයක් හැටියට, Iවන ලෝක මහා සංග්‍රාමය නීත්‍යනුකූල ආකාරයකට අවසන් කිරීමට 1919දී අත්සන් කළ වර්සයි ගිවිසුම ගැන සිතා බලන්න. එමගින් පැනවූ කොන්දේසි ජර්මානුවන් සැලකුවේ කෲර පලිගැනීමක් හැටියටයි. බ්‍රිටැනිකා විශ්වකෝෂය මේ ගැන පවසන්නේ මෙසේයි. ගිවිසුමේ කොන්දේසි “ජර්මානුවන් අතර වෛරයක් පැලපදියම් කළ අතර, එය පලිගැනීමට මඟ පෑදුවා.” වසර කිහිපයකට පසු, “සාම ගිවිසුම කෙරෙහි පැලපදියම් කරගෙන සිටි වෛරය හිට්ලර්ව පෙලඹුවේ” යුද්ධයටයි. මෙය IIවන ලෝක මහා සංග්‍රාමය සඳහා ප්‍රධානම හේතුවක් වුණා.

දෙවන ලෝක මහා සංග්‍රාමය පෝලන්තයෙන් ඇරඹී බෝල්කන් අර්ධද්වීපයද වෙළාගත්තා. එක්දහස් නවසිය හතලිස් ගණන්වල එම ප්‍රදේශයේ සිටි වාර්ගික කණ්ඩායම් විසින් තම තමන් අතර ඇති කරගත් තුවාල මඟ පෑදුවේ, 1990 ගණන්වල සිදු වූ බෝල්කන් යුද්ධයටයි. ජර්මානු පුවත් පතක් වන ඩයි සීට් දක්වන ආකාරයට “වෛරය පලිගැනීමටත්, පලිගැනීම වෛරයටත් හේතු වෙමින් මෙම ප්‍රවණතාව අපේ කාලය දක්වා පැවත ඇවිත් තිබෙනවා.”

එනිසා මනුෂ්‍යවර්ගයාට සාමයෙන් විසීමට නම්, යුද්ධයේ තුවාල නිට්ටාවටම සුව කළ යුතුයි. එසේ කරන්නේ කෙසේද? වෛරය සහ දුඃඛිතකම මකා දැමීමට අපිට කළ හැක්කේ කුමක්ද? එමෙන්ම යුද්ධයේ තුවාල සුව කළ හැක්කේ කාටද?

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

COVER: Fatmir Boshnjaku

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

U.S. Coast Guard photo; UN PHOTO 158297/​J. Isaac

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න