ඔවුන් නිර්භීතකම වඩවාගත්තා
දේශනා කිරීම සඳහා නිර්භීතකම වඩවාගැනීම සැමවිටම පහසු දෙයක් නොවෙයි. ඇත්තෙන්ම, මේ සඳහා තමා එක් අවස්ථාවක “පොරඇල්ලීමක්” කළ බව ප්‍රේරිත පාවුල් පැවසුවා. (1 තෙසලෝනික 2:2) දේශනා කිරීම ‘පොරඇල්ලීමට’ තරම් වටින දෙයක්ද? මෙමගින් නිසැකවම කැපීපෙනෙනසුලු අද්දැකීම් නොලැබුවත්, දෙවිගේ සෙනඟ තමන් නිර්භීතකම වඩවාගැනීම ගැන නිතරම සතුටින් සිටිනවා. ආදර්ශ කිහිපයක් සලකා බලන්න.
අට හැවිරිදි ටාරාගේ පන්තියේ ගුරුතුමිය, දෙවන ලෝක මහා යුද්ධයේදී යුදෙව් ගාල් කඳවුරුවල සිටි අයව හඳුනාගැනීම සඳහා එම කඳවුරුවල සිටි අයට කහ පැහැති දාවිත්ගේ තරුව පැළඳගෙන සිටීමට සිදු වූ බව පවසමින් සිටි අවස්ථාවේදී ඈ මහත් උනන්දුවෙන් සවන් දී ගෙන සිටියා. මේ වේලාවේදී නැඟිටල කතා කරනවද නැද්ද කියා ටාරා කල්පනා කළා. “මම ඇස් දෙක ඇරගෙනම යාච්ඤා කළා” කියා ඈ සිහිපත් කරනවා. එම ගාල් කඳවුරුවල යෙහෝවාගේ සාක්ෂිකරුවනුත් සිටි බවත්, ඔවුන්ට දම් පැහැති ත්‍රිකෝණාකාර ලාංඡනයක් පැළඳගෙන සිටින්න සිදු වූ බවත් ඈ අත ඔසවා පැවසුවා. ගුරුතුමිය එය අගය කරමින් ඇයට ස්තුති කළා. ටාරාගේ එම අදහස් දැක්වීම ගුරුතුමිය සමඟ තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ප්‍රස්තාව උදා කළා. පසුව ගුරුතුමිය ඇගේ මුළු පන්තියටම යෙහෝවාගේ සාක්ෂිකරුවන් නාට්සි හිංසාවන් හමුවෙහි ස්ථිරව නමැති වීඩියෝ පටිය (ඉංග්‍රීසියෙන්) පෙන්නුවා.
බටහිර අප්‍රිකාවේ ගිනියාවෙහි වෙසෙන බව්තීස්ම නොලත් යෞවන ප්‍රචාරිකාවක් වන ඉරෙන්ට ඕන වුණා ඇගේ දේවසේවයෙහි ප්‍රගතියක් ලබන්න. ඇගේ පාසැලේ සිටින අනිත් ශිෂ්‍යයන්ට මුරටැඹ සහ පිබිදෙව්! සඟරා බෙදා දෙන්න උත්සාහ කරන්න කියා ඈ සමඟ බයිබලය පාඩම් කළ මිෂනාරි සහෝදරිය ඇයව දිරිගැන්වුවා. ඇගේ පන්තියේ ළමයි සත්‍යයට හොඳ ප්‍රතිචාරයක් දැක්වූයේ නැති නිසා ඉරෙන්ට චකිතයක් දැනුණා. කොහොමවුණත්, මිෂනාරි සහෝදරිය දුන් දිරිගැන්වීමෙන් ශක්තිමත් වී, ඉරෙන් තීරණය කළා, වැඩියෙන්ම විරුද්ධත්වයක් එල්ල කළ බව පෙනී ගිය ශිෂ්‍යයාවට සාක්ෂිදරන්න. ඉරෙන්ව පුදුමයට පත් කරමින් ඒ ගැහැනු ළමයා හොඳ ප්‍රතිචාරයක් දක්වමින් මහත් ආශාවෙන් සඟරා ලබාගත්තා. අනිත් ශිෂ්‍යයාවන්ද එවැනිම හොඳ ප්‍රතිචාරයක් දැක්වුවා. ඉරෙන් කලින් මාස පහේම බෙදාහැරිය සඟරාවලට වඩා වැඩි සඟරා ගණනක් ඒ මාසයේදී බෙදාහැරියා.
පිබිදෙව්! සඟරාවල තිබෙන අධ්‍යාපනික වටිනාකම පෙන්වා දීමට පාසැලක විදුහල්පතිනිය වෙත එළඹීමට ට්‍රිනිඩෑන්ඩ්හි වැඩිමහල්ලෙකුට සෑහෙන්න චකිතයක් දැනුණා. කොහොමවුණත් ඔහු නිර්භීතකම වඩවාගත්තා. ඔහු මෙසේ පවසනවා: “මම විදුහලට ඇතුල් වෙද්දී යාච්ඤා කළා. හිතුවටත් වඩා විදුහල්පතිනිය කතා කරන්න කැමැත්තෙන් සිටිය එක ගැන මට අදහගන්නත් බැරි වුණා.” “අද යෞවනයාට ඇත්තේ කෙබඳු අනාගතයක්ද?” යන මාතෘකාවෙන් යුත් පිබිදෙව්! සඟරාව ලබාගත් අතර, පන්තියේ උගන්වද්දී ඒක යොදාගන්නා බව පැවසුවා. එදා සිට ඈ විවිධ කලාපවලින් සඟරා 40ක් ලබාගෙන තිබෙනවා.
යොවුන් වියේ පසු වන විට වෝන්ට දේශනා කිරීම අමාරු දෙයක් කියා නිතරම හැඟුණා. “මට බයක් දැනුණා, මගේ අත්වලින් දහඩිය දැමුවා; හෙමින් කතා කරන්නේ නැතුව මම කියාගෙන කියාගෙන ගියා.” කොහොමවුණත්, ඔහු පූර්ණ-කාලීන සේවකයෙක් වුණා. ඒත් ඔහුට හැම අවස්ථාවකදීම නිර්භීතව සාක්ෂිදරන්න හැකි වුණේ නැහැ. ඔහු රැකියාවක් සොය සොයා ගිය දවසේ ඒ සඳහා ඔහු ගත් හැම උත්සාහයක්ම අසාර්ථක වුණා; “අඩුම තරමින් මොකක් හෝ සාර්ථකත්වයක් අත් කරගන්න” කියා ඔහු දුම්රියේ සිටි කෙනෙකුට සාක්ෂිදරන්න සිතාගත්තා. ඒත් තමන් ළඟ සිටිය වැදගත් පෙනුමක් තිබුණු ව්‍යාපාරිකයන් දැකීමෙන් ඔහුට බයාදු ගතියක් දැනුණා. ඔහු කොහොමහරි තමා ළඟ වාඩි වී සිටිය වයසක කෙනෙකුට කතා කරන්න නිර්භීතකම වඩවාගත්තා. එහි ප්‍රතිඵලය දිගු සාකච්ඡාවක් ඇතිවීමයි. “යෞවනයෙක් වුණත් ඔබ හොඳ ප්‍රශ්න අහනවා” යයි පවසමින් “ඔබ දේවධර්මාචාර්යවරයෙක්ද?” කියා ව්‍යාපාරිකයා පැවසුවා. වෝන් මෙසේ උත්තර දුන්නා: “නැහැ, මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්.” “ආහ් දැන් මට තේරෙනවා” කියා සිනහ මුසු මුහුණින් ඔහු පැවසුවා.
මේ හැම සාක්ෂිකරුවෙක් වගේම තවත් බොහෝදෙනෙක් දේශනා කිරීමට තමන් නිර්භීතකම වඩවාගත් එක ගැන සතුටු වෙනවා. ඔබත් එසේ කරනවාද?
[25වන පිටුවේ පින්තූරය]
ටාරා
[25වන පිටුවේ පින්තූරය]
වෝන්